Monday, February 29, 2016
නරලොව උසාවිය
පෙරදි පල කරලත් ඩිලීට් වීම හේතුවෙන් නැවත පල කරමි
...........
උතුමානෙනි,
කැරකිලා සතර අත
විපලිතව සිහිසුන්ව
ඇද වැටුනි මඩ ගොඩක
පිට කරල මගෙ හුස්ම
ඇහෙයි දැන් ලග ලගම
බූට් බිම වදින හඩ
පාව ගොස් නැරබීමි
පණ නොමැති මගේ කය
ජාතියේ මුර දේවතාවෙකු
මගේ හිස අද්දරින්
පටලවා හිසකේ ඔහු අතේ
ඇදන් යයි බිමදිගේ
ඔහු දෑත තැවරුනු
මගේ රත් ලේ පාර
පිසදමා රෙදි කඩින්
විසිකලා ඔහු ඉවතකට
උතුමානෙනි,
වියරු වූ තවත් එක්
උසස් එක් නිල දරුවෙක්
පාදයක් ඔසවාල
පහරදුනි මල කදට
දෑස් බැද තවත් එක්
මා වැනිම තරුණයෙකු
විප්ලවය කල වරදට
සිටවූවා මාසිටි තැනම
අහෝ!! ඒ කැදවුම්කරු නොවෙද?
සරසවියෙ අපි එකට අකුරු කල....
පෙර ලෙසම උණ්ඩයක්
රක්ත ලේ දවටගෙන
ඔලුකට්ට කුඩු කලා
ප්‍රාණයද බිදදමා
(1972 දිනක.....)
නරලොව උසාවිය (දෙවනි දිනය)
උතුමානෙනි,
මරණයේ වේදනා හඩ,
පුපුරු ගසන වෙඩි හඩ,
හුරුව තිබුනි මට
බොහෝ කල් සිට
එගොඩත් මෙගොඩත්
දැනුනි ලේ උනුසුම
එකම ලෙස
නොවෙනස්ව
උතුමානෙනි,
පැතිරුනා මහ මූසල
බවක්
වෙනදාටත් වැඩියෙන්
එදා
මෙගොඩ පිරිස අඩු වෙද්දි
එගොඩ පිරිස වැඩි වෙද්දි
ඇසුනා බියෙන් ගැහෙනා
හදක්
පදුරකට මුවාවී
කවුරුන්දැයි ඒ.. ,
බලන්නට
සිතුනත් හිස ඔසවා
නිසලව සිටියෙමි මම
වෙඩි හඩට බියවීල
එක්විටම මහා නිහැඩියාවක්
වාතය කපා ඇසුනා හඩක්
ගිණි බටයෙන් නිකුත්වූ
මූණිස්සමක්....
දැනුනා මහ බරක්
ඇසුනි ජය ගෝශා හඩක්
දැනුනා මට තුඡ්ච
ලේ රසක්....
කට මදක් විවරව
මුහුනෙන් අඩක් ගැලවී
තිබුනත් විරූපී ලෙස
දුටුවෙමි
මහා රුදුරු
නොමිනි හිසක්
පණ නොමැති
සිරුරක
(නන්දිකඩාල්,
පාපෝචාරණය)
මරණයේ වේදනා හඩ,
පුපුරු ගසන වෙඩි හඩ,
හුරුව තිබුනි මට
බොහෝ කල් සිට
එගොඩත් මෙගොඩත්
දැනුනි ලේ උනුසුම
එකම ලෙස
නොවෙනස්ව
උතුමානෙනි,
පැතිරුනා මහ මූසල
බවක්
වෙනදාටත් වැඩියෙන්
එදා
මෙගොඩ පිරිස අඩු වෙද්දි
එගොඩ පිරිස වැඩි වෙද්දි
ඇසුනා බියෙන් ගැහෙනා
හදක්
පදුරකට මුවාවී
කවුරුන්දැයි ඒ.. ,
බලන්නට
සිතුනත් හිස ඔසවා
නිසලව සිටියෙමි මම
වෙඩි හඩට බියවීල
එක්විටම මහා නිහැඩියාවක්
වාතය කපා ඇසුනා හඩක්
ගිණි බටයෙන් නිකුත්වූ
මූණිස්සමක්....
දැනුනා මහ බරක්
ඇසුනි ජය ගෝශා හඩක්
දැනුනා මට තුඡ්ච
ලේ රසක්....
කට මදක් විවරව
මුහුනෙන් අඩක් ගැලවී
තිබුනත් විරූපී ලෙස
දුටුවෙමි
මහා රුදුරු
නොමිනි හිසක්
පණ නොමැති
සිරුරක
(නන්දිකඩාල්,
පාපෝචාරණය)
Wednesday, February 24, 2016
හැම සැරේම
දෙන්නම් සුර සැප නුබට
දෙනවානම් ඔබේ මනාපය මට
කිසිදා නොකරන්නෙමි අමතක
සහෝදර සහෝදරිය හිතවත මිතුර
ගමේ ඉස්කෝලෙ ට
කෝ දැන් විදුලි ය
දෙන්නෙමි නොපමාව මම
සහෝදර සහෝදරිය හිතවත මිතුර
කැඩුනු මේ පාරට
දැම්මේ නැත තවමත් තාර
දෙන්නකො අපටත් බලය
දමමි තාර පිට තාර
ඇත මෙහි සෙනග
බැහැ ගනින්නට හිස් ගොඩ මෙතන
බී ඇතැමුන් මදුවිත උගුර
හූ කියමින් නටමින් මෙකල
බඩගින්න අමතක වේ
දරුවන් හාමතින් මොරදේ
උයන මුට්ටිය මැස්සෙ සැතපේ
කන්ඩ නැතිමුත් ඇමති ජයවේ
Sunday, February 21, 2016
ආයාචනාව
හරිත පැහැදැන් පලා ගොස් ඇත
සිටුන් වැනි ගස් නිවස්ත්‍රව ඇත
පොලෝ තලයම ඉරි තැලී ඇත
මහා දිය තිබු වැව් කුසය තුල මඩට බිලිවූ දිය පොදක් ඇත
ස්වාමීනී ඇයි තවත් නිහඩව
නුඹේ අඹුවට කදුලු උවමන
දසත පැතිරුනු නුඹේ හදවත
උනු නොවන්නේ නැතිද සෝකව
මෑණියන් මත සිටින දරුවන්
ඇදුම් නොමැතිව සොවින් ලතැවෙයි
එකෙකු දෙන්නෙකු ඉවස නොහැකිව
කුසය සිරකොට මෑණි සිපගයි
ස්වාමීනී,ස්වාමීනී අසනු මැන මේ ශෝක ගීතය
කුසය නැති මුත් පොත්ත තිබෙනා නරපනුන් ගයනා ගීතය
නුඹේ අබුවට කලත් වින්නැහි
දෙන්න මොවුනට නුබේ ප්‍රේමය
හඩනු මැන මහ සයුර කළඹා
හඩනු මැන මහ පොළොව සනහා
හඩනු මැන සිය දරු රැකුමට
හඩනු මැන මේ නරුන් රැකුමට
අනේ දෙවියනි මේ බලාපන්
වතුර නැහැ දැන් මේ බලාපන්
ගගන තලයත් නොසැලකූවත්
අනේ දෙවියනි මේ බලාපන්
රනින් කරවූ පිලිම දෙන්ඤයි
මැණික් එබවූ කරඩු දෙන්ඤයි
කසී සලුවෙන් වස්ත්‍ර දෙන්ඤයි
අපට සලකා වතුර දෙන්ඤයි
නරපනුවො හැම යකා නැටුවට
ගගන තලයම සොවින් කම්පව
අනේ දෙවියනි නුඹත් සන්තොස
වසන්තයෙ ඉගි දෙන්න අපහට
සිටුන් වැනි ගස් නිවස්ත්‍රව ඇත
පොලෝ තලයම ඉරි තැලී ඇත
මහා දිය තිබු වැව් කුසය තුල මඩට බිලිවූ දිය පොදක් ඇත
ස්වාමීනී ඇයි තවත් නිහඩව
නුඹේ අඹුවට කදුලු උවමන
දසත පැතිරුනු නුඹේ හදවත
උනු නොවන්නේ නැතිද සෝකව
මෑණියන් මත සිටින දරුවන්
ඇදුම් නොමැතිව සොවින් ලතැවෙයි
එකෙකු දෙන්නෙකු ඉවස නොහැකිව
කුසය සිරකොට මෑණි සිපගයි
ස්වාමීනී,ස්වාමීනී අසනු මැන මේ ශෝක ගීතය
කුසය නැති මුත් පොත්ත තිබෙනා නරපනුන් ගයනා ගීතය
නුඹේ අබුවට කලත් වින්නැහි
දෙන්න මොවුනට නුබේ ප්‍රේමය
හඩනු මැන මහ සයුර කළඹා
හඩනු මැන මහ පොළොව සනහා
හඩනු මැන සිය දරු රැකුමට
හඩනු මැන මේ නරුන් රැකුමට
අනේ දෙවියනි මේ බලාපන්
වතුර නැහැ දැන් මේ බලාපන්
ගගන තලයත් නොසැලකූවත්
අනේ දෙවියනි මේ බලාපන්
රනින් කරවූ පිලිම දෙන්ඤයි
මැණික් එබවූ කරඩු දෙන්ඤයි
කසී සලුවෙන් වස්ත්‍ර දෙන්ඤයි
අපට සලකා වතුර දෙන්ඤයි
නරපනුවො හැම යකා නැටුවට
ගගන තලයම සොවින් කම්පව
අනේ දෙවියනි නුඹත් සන්තොස
වසන්තයෙ ඉගි දෙන්න අපහට
Subscribe to:
Posts (Atom)