Wednesday, March 15, 2017

ලංකට්



තනිකම කියන්නෙ හරි අපූරු දෙයක්.වෙලාවකට කම්මැලියි,වෙලාවකට,ප්‍රේමනීයයි,වෙලාවකට ගුප්තයි..ඒත් වෙලාවකට පිස්සු වගේ.ඒ උනාට මම තනිකමට ආදරෙයි.වෙන මොකවත් හින්ද නෙවෙයි තනිකම තමයි මගෙ ජීවිතේට ලස්සන ගෙනාවෙ.ආදරය කරන්ඩ ඉගැන්නුවෙ....කොට්න්ම වෛර කරන්ඩ ඉගැන්නුවෙත්.

අහ්..ආදරෙයි වෛරෙයි එකම තැනකින්?..


ඔව්..ගොඩක් මෝඩ මිනිස්සු හිතන් ඉන්නෙ ආදරේ තියන තැන වෛරය නෑ කියල..එක්කො ඒ ගොල්ලන්ගෙ මෝඩකම නැත්තන් අත්දැකීම් නැතිකම..

එහෙමත් නැත්තන්....

එහෙමත් නැත්තන් තනිකර කුම්මැහිකම..

මට තේරෙන්නෙ නෑ.....

තේරුන් ගන්ඩ උත්සහ ගන්ඩත් එපා..තේරුන් ගත්තොත් පිස්සෙක් වෙයි........හරියට ............ හරියට..නෑ නෑ.......... කවුරුත් වගේ නෙවේ..එහෙම තේරුම් ගත්ත කාටවත් මේ සිස්ටම් එක ඇතුලෙ ඉඩක් නෑ..එහෙම උන් උපන් ගෙයිම මරල දානව...ඉතින් උදාහරනෙකටවත් ගන්ඩ එකෙක් නෑ.

එහෙම හිටියත් වැඩක් වෙන්නෙ නැතිවෙයි......

ඒ මොකද?

නෑ උට වෙන්නෙ හුස්ම හිරවෙල මැරෙන්ඩ.....

හරියට ඔයාට වෙන්ඩ යනව වගේ...........

හුස්ම් හිරවෙල මැරෙන එක හරි රොමෑන් ටික්..

රොමෑන් ටික්??

ඔව්..එතකොටයි තේරෙන්නෙ කොච්චර හුස්මට ප්‍රේම කරල තියනවද කියල..

ඒත් මැරුණ ට පස්සෙ මොකටද ප්‍රේම කිරිල්ලෙන්..

මෝඩය..මැරෙද්දි තමයි ප්‍රේම කරන්ඩ ඕනෙ..හැබැයි එහෙම කරන්ඩ පුලුන්...අර උපන් ගෙයිම මරල දාපු උන්ට විතරයි.. 

                                   ..................................................................


අර හුලඟ පේනවද??

හම්ම්ම්...

අර අර ඒක අපි දිහාවට එනව..

මම කැමතියි ඔයාව කසාද බඳින්ඩ..

ඒ උනාට හුලඟ්ෆ කැමති වෙන්නෙ නැති වෙයි...

ඒත්....එහෙනන් අපි හුලඟව කසාද බඳිමු..

මෝඩ වැඩක්..

ඇයි?
හුලඟ කැමති නෑ බැඳෙන්ඩ ..හුලඟ කැමති පාවෙන්ඩ..නිදහසේ තනියම...

                                            .................................................


ඔයා කෙල්ලෙකුට ආදරය කරලම නැද්ද?

නෑ..

ඇයි?..

උන් අපේ ජාතියෙ නෙවේ...උන්ට නෑ නෙ එල්ලෙන කුට්ටමක්..අපේ කට්ටිය මට පොඩි කාලෙ ඉඳන් කියල දීල තියෙන්නෙ තමන්ගෙ ජාතිය රැක ගන්ඩ කියල....

13 comments:

  1. ඇවිදින් බොහෝ කලකට පසු බ්ලොග් මැද්දේ
    ලියමින් පුරුදු තාලෙට බිඳ නිස්සද්දේ
    තියමින් කොමෙන්ටුව මම යමි නෑ සද්දේ
    රකිමින් හිඳිද්දී කෝ ද්වී ජාතික යුද්දේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..............

      ජයවේවා!!!

      Delete
  2. ලංකට් එකෙයි තනිකමෙයි සම්භන්දය මොකක්ද බං?

    ReplyDelete
    Replies
    1. තනියම ඉද්දි ලංකට් අඳින්නෙ නෑ..නිව්ටල් ඉන්නෙ

      Delete
  3. සමනළ සිහිනයක් දෝ මේ..........
    හිකිස්...

    ReplyDelete
    Replies
    1. රං සමනලයෙක් මගෙ කනට කොඳුරලා ගියා...

      Delete
  4. ලංකට් ....දැක්ක ගමන් හිතුනේ ජෝක් එකක් කියලා එත් එහෙම නෑ

    ReplyDelete
  5. ප්‍රේමය තනි උනාම තමයි වටිනාකම වැඩිම.. මොකද ඒක තමන්ගෙ විතරමයි.. කිසිම අඩුවක් නරකක් නෑ..

    ReplyDelete
  6. අප්පොච්චියේ..., කල්ප කාලාන්තරෙකට පස්සේ ඇවිත් යන්න ආවම , ගොඩවෙච්චි ගමන් දැක්ක පින්තුරේට ගැස්සුනා බොල.

    ReplyDelete