Saturday, April 30, 2016

කහ රෙදිකාරයෝ

සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතුය.එම මාර්ගය අනුගමනය කල යුතුය.ගමේ ගොඩේ කථාවට අනුව තාත්ත වගේ නැති වුන්ට තාත්තගේ දරුවන් යැයි කියනු නොලැබේ.ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ.ඉදින් ඔවුන්ට කිව හැක්කේ කහ රෙද්දක් පොරොවා ගත්ත වුන් කියාය.රෙද්දක් පොරොවා ගන්නවාට වඩා ඔබට එයින් කලිසමක් හා කමිසයක් මසා ඇඳ ගැනීම වඩාත් පහසු වනු ඇත..වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?බැදී සිටින්නේ ඇලී සිටින්නේ ලෞකික වස්තූන්ට නොවේද?බුදුන් වහන්සේ භික්ෂූන්ට මුදල් භාවිතය අකටයුත්තක් යැයි දේශනා කර ඇති බව නොදන්නේද?නැති නම් බුද්ධ දේශනාව ගනන් ගන්නේ නැතිද?කාමසුකල්ලි කානු යෝගය බැහැර කල බව නොදන්නේද?උගෙන නැතිද?අන්‍යාගමිකයන් හදන්නේ කුමකටද?ඔවුන්ට ගරහන්නේ කුමකටද?උන්ට පාඩුවේ ඉන්ට දෙන්නෑ නැතිද?බුදු රජානන් වහන්සේ එසේ කල එක අවස්තාවක් පෙන්වන්න.බුද්ධ දර්ශනය විනාශ කරන්නෑ ඔබලාය.කරන්න යැයි අනුදැන වදාල දේ නොකරති....නොකරන්නයැයි අනුදැන වදාල දේ කරති...බුද්ධ දේශනා පඩේකටවත් ගනන් නොගන්නේ නුඹලාය.මහණ වෙන්ඩ පටන් ගත් තැන සිටම.නිකාය ලෙස භෙද වන්නේ නුඹලාය.දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නොව හාමුදුරු වේශයෙන් සිටින කහරෙදි කාරයෝය.මෙය ලීවේ බොග දමන්න්ට පැමිනි ඔබ වැනි කහ රෙදි කාරයන්ටය.ලෞකික සතුට සොයන ඔබට හැකිනම් පිළිතුරු දෙන්න නැතිනම් පලා යන්න....

23 comments:

  1. //වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?//
    රසිකට තද වෙලා මොකෝ..?
    තියෙනවනෙ පුතා. මේ කියන ජාති අපිට තියෙනවද..? බැංකුවක් කැඩුවොත් හරි, මහා පරිමාණෙන් ලෝකෙ පරණම රස්සාවට බැස්සොත් හරි මිසක් අපිට මේවා උපයගන්න පුලුවන්ද..? කහ රෙද්ද තමයි ඉල්ලම. (සියලු සංඝ සමාජය වෙත අදාල නොවන වග කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. ඔවුන් පැමිනෙන්නේ අත හැරීමටය...ඉතින් මේ වැලද ගැනීම් කුමකටද??අප කුමන වුර්තියක් හෝ සිදුකර මේවා ලබාගත්තත් සංඝයා වහන්සේලාට ඒවා ඔවුන්ගේ කරගෙන පාවිච්චි කිරීම අවශ්‍යද??

      Delete
  2. //බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතය.//

    මා ශ්‍රාවකයා මා මෙන්ව විය යුතුය පවසා නැත.

    රසික මල්ලි, ඔය තර්කය වැරදි, පයා එහෙම බලාපොරොත්තු වෙන නිසයි ඔයාට ඕක තදට දැනෙන්නේ, මල්ලි ඇලීම දෙආකාරයි, බෞතිකවත් ඇලෙන්න පුළුවන්, මානසිකවත් ඇලෙන්න පුළුවන්, ඉතින් පරිබෝජනය කරන්නා එහිම ඇලෙනම් හේ මළ මුත්‍රා ගොඩක සිට එයම වලන්දමින් සිටින්නෙකු වැනිය. බුද්ධ දර්ශණය එසේමය, එය සර්පයෙකු වැනිය, විසඝෝර නයෙකු වැනිය, වලිගයෙන් අල්ලා ගතහොත් ඌ උබව කණු ඇත, ඔබ හිසෙන් අල්ලා බලන්න. දහමේ තර්කයන්ද එසේමය, ඔබ තර්කය අල්ලාගෙන ගෙන සිටින තාක් ඔබට සත්‍ය වටෙහෙනු නැත. ධර්ම තර්ක තර්ක කරන්නන්ට කාලය කා දමන්නන්ට හොඳ මන් පෙත්ය. දර්ශණය ඇත්තේ ඔබම සොයා ඔබම අත් දැක ගැලවීම ඔබේ කර ගනු පිණිසය. පාලි පාට අද තියෙන දෑ බුදුන් වදාළ දෑමද සැක සහිතය. එයට අනෙකුත් පුහුදුන් දනගේ දෑ අදහස්ද එකතු වී තිබිය හැක.(රන්කරඩුව පොතේ කරඬුව බර වීම හා එහි ලියවැල් රටා එකතු වීමෙන් බටුවන්ගල රාහුල හිමි කියන්නට උත්සාහ කරන්න ඇතායි මා සිතන්නේ එයය, එය විටෙක මිනිස් සිතක් ලෙස ගෙන ඒ සිතම ක්ලේශයන්ගෙන් බර වීමක් ලෙසද ගත හැක)

    දෙව්දත් ඉල්ලීම් වලදී බුදුන් මැදි පිළිවෙතක් අනුගමනය කලේ තමාගේ තෝරාගැනීම හුදු තමාගේම වන නිසාය. බුදු දර්ශණය හුදු පන්සල් වඩා ගන්නටද ඒ ආකාරයට වෙනස් කරගෙන පවතී, සසර කෙළවර කරගන්නුන්ට එලෙසින් පවතී. ඔබට ඔබවත් හිමි නැති ලොවක ඔබ කහ සිවුරක් දාගත්තවුන් මෙසේ විය යුතුයි නගනා තර්කය තුලින් ඔබ ඔවුන් කෙරේ බලාපොරොත්තු තබන බව මිසක අන් කුමක්ද යන්න ඔබ ඔබේ සිතෙන්ම විමසා බලන්න.

    බුදු දර්ශණය සසර ගඟෙන් එගොඩ වීමට මිස එගොඩ වීම පසෙක ලා යම් දිනක එගොඩ වෙමියි සිතමින් ඒ පහුර කර ගසාගෙන පහුරෙහි අගය අනෙකන්ට පෙන්වමින් පහුරට සම්මාදන් එකතු කරන්නන් සිටින කලෙක ඔවුන් උන් මෙසේ විය යුතුය කියන්නේ කෙලෙසද? මන්ද ඔබට ඔබවත් සැබවින්ම හිමි නැත. ඇත්තේ යම් කාලයක හට ගැනීමක්, පැවතීමක් හා නැතව යාමක්ම පමණි.

    ලිපිය සාමාජීය වශයෙන් හොඳ තර්කයක් නැගුවද ආගමික වශයෙන් එහි තර්කයක් නැත. සියල්ල සමාජය භික්ෂුවගෙන් බලාපොරොත්තුව වන චරිතයක් ඇත, ඉන් පරිබාහිරයට යන්නෝ භික්ෂුවක් නොවේය යන තර්කයට බස ගැනීම නිසාමය. භික්ෂුවට සමාජයෙන් එන පීඩනය දෙසද බැලිය යුතුය. භික්ෂුවටද පෘතක්ජන භික්ෂුවක ලෙස යම් යම් ආශාවන් තිබිය හැක . භික්ෂුවද නව ලොවට යා යුතුය. භික්ෂුව සමාජ කටයුත්තේදී හෝ ඔහුගේ පරිහරනයන්හිදී මෙසේ විය යුතුය යන්න අපට පැවසිය නොහැක. (අපි සිව්පසයෙන් උපස්ථාන කරනවානම් භික්ෂුවට බැරිද අපි කියන විදියට ඉන්න තර්කයක් පන නගී.) එත් ඔබ කියන විදියටටම ඔහු සිටිය යුතුද? ඔහු හෝ ඔවුන් ඔවුන් තෝරාගත් මාවත් තුල යනු ඇත. ඔබද එලෙසින් ඔබ තෝරාගත් මගක යනු ඇත. ඔබ ඔබේ මාවතේ සිට මුන් මෙසේ විය යුතුයයි තර්ක කල යුතුද?

    තර්කය ගෙන බලමු,

    භික්ෂුව, බුද්ධ දර්ශණය හා සමාජය තුල භික්ෂු චරිතය.

    අතීදයේ සිටම රටට ජාතියට දේශපාලන සමාජමය ගැටළු පන නගින විට භික්ෂුව ඒ සඳහා මැදිහත් වූ අයුර ගැන අමුතුවෙන් උදාහරණ ගත යුතු නැත. උන් වහන්සේලා තමාගේ කාර්යාවලිය කුමක්දැයි අවබෝධ කොට ගෙන එය සිදුකලා ලෙස මට හැඟෙ. එක උදාහරණයක් එනමුදු ගනු කැමැත්තෙමි, ථෙරපුත්තාභය හිමි රට වෙනුවෙන් යුද වැදුනෙකි, නමුත් යලි මාවතට පිවිස සසරින් ගලවුනහ. සියුලු තෝරා ගැනීම් කාලය සමග උන් වහන්සේම කල අතර අද ගැටලුව ඒ තෝරා ගැනීම පිලිබඳවය. සමහර විටක උපාසක අම්මලාගෙන්ද ඒ තෝරා ගැනීම් සඳහා නිසි අනුබල ලැබෙන බව ඔබ අප කාත් කවුරුත් දන්නා දෙයකි. එහෙයින් සියල්ල ඇත්තේ තෝරා ගන්නීම තුලමය.
    කහ සිවුර කලිසම් කර හෝ කමීස කර අන්දනවාද යන්න නොව තෝරා ගත්තවුන්ට උන් තෝරා ගත මාවත් වල යන්නට හැර සෙස්සන්ට නිවැරදි මාවතක් තෝරා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම පමණය. මන්ද අපිට අනුන් වෙනුවෙන් තෝරා දීම් කල නොහැක.

    ReplyDelete
    Replies
    1. //බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතය.//

      මා ශ්‍රාවකයා මා මෙන්ව විය යුතුය පවසා නැත.
      ,,,/////මා එහිදී අදහස් කලේ දර්මය තුල හැසිරීමෙදී ඔවුන් වෛරය,ක්‍රෝදය,පළිගැනීම තුලින් බැහැර විය යුතු බවයි.සංඝයාට බුදුන් මෙන් විය යුතුයැයි අදහස් කලේ එයයි..ඒසේ නොනැතිව මේ අකුශල මූලයන් තබාගෙන කෙසේනම් නිවානය ලබා ගනිමුද?

      නොඇලී පරිභජනය කරන සංඝයා වහන්සේලා නොසිටීයැයි මා නොකියමි...සිටිනු ඇත...එහෙත් බහුතරය එහිම ඇලී පරිභෝජනය කරත්...බෞතික අබෞතික කියා වෙනසක් නොමැත.ජාතිය,ආගම මේ හැමෙකක් තුලම ඇත්තේ ඔවුන්ගේ ඇලීම්ය...

      මා කහ සිවුරක් දරා ගත්ත වුන් මෙසේ විය යුතුයැයි තර්ක නගන්නේ නැත...ඔවුන් දර්ශනයක ගමන් ගන්නේ නම් අහි වූ ක්‍රියා පිලිවෙත් තුල ජීවත් විය යුතුය.ඔවුන් පිළිබඳව මාගේ බලා පොරොත්තුවක් නැත.


      //අතීදයේ සිටම රටට ජාතියට දේශපාලන සමාජමය ගැටළු පන නගින විට භික්ෂුව ඒ සඳහා මැදිහත් වූ අයුර ගැන අමුතුවෙන් උදාහරණ ගත යුතු නැත.////

      මෙයද කාර්යය ???

      නිකායන් ලෙස බෙදුනු මහා නායක හිමි වරුන්ද කරනුයේ රුවිතෙට යාමකි

      Delete
  3. ආයෙ කියවලා පස්සෙ කොටන්නම්...

    ReplyDelete
    Replies
    1. //ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ//

      සියයට සියයක් එකඟ වෙනවා ඒ කතාවට .... හැබැයි රසික මෙවැනි පැත්තක් තියෙනවා . සෑම ක්‍රියාවකටම සිතමයි මුල් වෙන්නෙ . සිතින්මයි හටගන්නෙ. සමහරවිට වනවාසී කාමසුකල්ලිකානුයෝගයෙන් මිදුණ ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් කයෙන් ඒ දේවල් වලින් මිදුණට සිතින් මිදුණ නැති . සමහරවිට පන්සලක ගිහියන්ට සමීපව ඉන්න ගමන් සිත වැටෙන්න නොදී ඉන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ....

      බුදු දහම සර්පයකු වගේ .... නැට්ටෙන් ඇල්ලුවොත් දෂ්ඨ කරනවා. නියම තැනින් අල්ලගන්න ඕන ....

      හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනෙ මේ ශාසනය අතුරුදන් වෙන්නෙ පිටකෙනෙක් නිසා නෙමෙයි ඇතුළෙ අය නිසාමයි කියලා .... එයට කරුණු තමයි මේ සැකසෙන්නෙ.

      Delete
    2. //හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනෙ මේ ශාසනය අතුරුදන් වෙන්නෙ පිටකෙනෙක් නිසා නෙමෙයි ඇතුළෙ අය නිසාමයි කියලා .... එයට කරුණු තමයි මේ සැකසෙන්නෙ.//
      අනිවාරයෙන්ම......

      Delete
  4. ඇත්ත, ඇත්ත. ලියනවනම් වෙනම බ්ලොග් එකක් පිරෙන තරමට තියෙනවා. ඒ තරමට පිරිහිලා. අර 'ලේ පාට හීන' කිව්වා වගේ සියලුම හාමුදුරුවන්ට මෙය අදාල නැති බවත් කියන්න ඕනෙමයි.

    ජය වේවා !

    ReplyDelete
  5. බුදුහාමුදුරුවො කාශ්‍යප හාමුදුරුවන්ට කීව ශාසනය විනාස කරන්නට බාහිර බලවේග නොඑන බවක් සහ බුද්ධ ශාසනය විනාශ වන්නේ සංඝයා වහන්සේගේ අතින්මයි කියල.
    එය සත්‍යක් බව පේනව නෙව. මං ඕ ගැන කතා කරන්න වත් කැමති නෑ...
    ඒත් හාමුදුරුවො ඇවිත් බ්ලොග් ලීව කියල බිඳෙ නසීලයක් නෑ. බං.

    ReplyDelete
    Replies
    1. ඇලීම,බැදීම දුරු කරන්ඩ හදන්නන් කොහොමද සිවිල් සමාජයට නැවත පැමිනීම තුලින්ම ඒ ව නැති කරන්නෙ...ඔවුන් සිය අදහස් හැටියට දර්ම කාරනා විග්‍රහ කරනවද...

      Delete
  6. රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
    රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
    ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
    අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!

    ජාලයේ දුටු කවියකි.
    මා ලියූ එකක් නොවේ!

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්..අපූරු කවියක්.....

      Delete
  7. මේ පැත්ට අදයි ආවේ.

    භික්ෂුසංස්ථාව තුල ගැටලුකාරි තත්වයන් එදා බුදුන් වහන්සේ වැඩ හිදිද්දිම ටිකින් ටික මතුවෙලා තිබුනා. මල්වතාවට බරපතල අර්බුධයක් ඇති වුනේ ඝෝෂිතාරාමේදි. බුදුන් වහන්සේගේ අවවාද පවා නොසලකා හරින තත්වයක් ඒ වෙනකොට ඇතිවෙලා තිබුනා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ඒ තත්වේ තවත් වැඩි වුනා. ඒකනේ සංඝායනා පවා තියන්න උනේ. පහරාද සූත්‍රදේශනාවේදි බුදුන් වහන්සේම කියනවා විනය නොසලකා හැරීම තුල භික්ෂුව සසුනෙන් බැහිර පුද්ගලයෙක් බවට පත්වෙනවා කියන එක. හරියට මහමුහුදෙන් කුනු රොඩු වෙරලට ාගාඩ ගහනවා වගේ. මම භික්ෂු විනය ගැන ලියපු ලිපියක් තියනවා. Tමෙතනින් ගිහින් ඒක බලන්න

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචං........
      ගැටලුව මචන් එය තව දුරටත් සිදුවීමයි..නොනවත්වා නොකඩවා එය සිදුවේ නම් එම ශාවකයන්ගෙන්....සාසනයෙන් ඇති ඵලක් තෙබේද....මහා ලොකුවට කෑ ගසිමින් ශාශනය රකිනවායැයි උදම් අනන උන්ම මෙසේ හැසිරීමයි....
      බ්ලොග් එක පැත්තටම ගිහින් බලන්නන්...ලිංකුව දාල නෑ...

      Delete
    2. උඩ T අකුරට ලග ඉදලා තියෙන්නේ ලිංක් එක. ලේසියට යටිනුත් දාන්නම්..

      http://manomandira.blogspot.com/2016/01/blog-post_14.html

      Delete
  8. උන් ඕනෙ මල දානයක් කරගත්තට කමක් නෑ පිරිත් බණ සිංදු පෙරහැර කටින අරක මේක ඔක්කොම කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් නොදානවනම්.
    (අනිත් ආගම් වලටද අදාලය)

    ReplyDelete
    Replies
    1. අම්මෝ...... පරා අපායෙ යයි ඈ...

      Delete
  9. එක කහරෙද්දක් මැරිලා දැං මිනියටත් වලි...
    ඊට පස්සෙ කහරෙද්දෙ දේපල වලටත් වලි...

    ReplyDelete
    Replies
    1. කහරෙදි ගිහියිනෙ බං....

      Delete