Monday, May 30, 2016

පුංචි ඇස් දෙක



"ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?"

පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ.

"අහ්..යනව යනව....කවුරු හරි එනකල් හිටියෙ..."

නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක හිනාවුනු කල්ප එහෙම කීව.

වෙනදට යාලුවො ටික එනකන් කඩේ ගාව හිටියත් අද කඩේ වහල හිංද පංතිය ලඟට ආව.

"එහෙනන් යං ඉතින්"

නිමේෂට බෑ කියන්ඩත් බෑ පංති යන්ඩත් බෑ.
...
 කල්ප පංතිය පැත්තට හැරුනට එන්නෙ නෑ කියල නිමේෂ දැක්ක.

"ඇයි?"

"නෑ මට අද සල්ලි ගේන්ඩ බැරි උනානෙ....ඔයා යන්ඩ.."

"අයියෝ මැට්ටො අද මාසෙ පලවෙනිද අද සල්ලි ඕනෙ නෑ..."

අන්තිම තුරුම්පුවත් සුං...

දොරෙන් ඇතුලු වෙලා නිමේෂ දකුණු පැත්තෙ ඉස්සරහින් ඉඳ ගද්දි කල්ප මැද හරියෙන් ඉඳ ගත්ත.පැය ගානක් පාඩම අහගෙන හිටියත් කල්පට දෙයක් තේරුනෙ නෑ..හරියටම කීවොත් තේරුම් ගන්ඩ උනන්දුවක් තිබ්බෙ නෑ.කොහොම හරි අන්තිමට පංතියෙ ඉන්ටවල් එකත් ලැබුන.ඒ එක්කම කල්ප බෑග් එක එල්ල ගත්තෙ පතියෙන් යන්ඩ.

ඉස්සරහින් ගියොත් යන්ඩ වෙන්නෙ සර්ගෙ කාමරේ ඉස්සරහිං ඒක හින්ද යන්ඩ හොඳම තැන කැන්ටිම පැත්තෙන්..

"කොහෙද ඔය යන්නෙ බෑග් එකකුත් එල්ලගෙන"

"මම මේ...... කෑම එක කන්ඩ යනව..."

"ඔහෙ කොහෙද යන්නෙ....."

"අර එහා පැත්තෙ හෝල් එකට..."

"එහා පැත්තෙ.....?""එහා පැත්තෙ කොහෙද හෝල් එකක් තියෙන්නෙ....."අර අරකට යනව....ඒකෙ එච්චර කට්ටිය නෑ...."................."හැබැ

යි බලාගෙන ඈ.."

"ඒ මොකද.."

.."ප්‍රේම වන්තියො දිහා බලාගෙන ඉඳල  දිව හැපෙයි...."

"යනව යන්ඩ.."


තරහෙන් පුපුර පුපුර ගියපු කල්ප පංතියෙන් වාඩි උනා.

"ෂික්...මටත් පිස්සු...මම මොකටද ඒකි කියන කියන ඒව අහගෙන ඉන්නෙ.."
...................................................................................

අන්තිම පැය දෙකත් ගෙවිල ගියා.පංතිය ඉවර වෙලා එලියට එද්දි නිමේෂ එලියට වෙලා බලාගෙන ඉන්නව.කල්ප නිමේෂව දැක්කත් දැක්කෙ නැති ගානට අහක බලාගෙන ගියා.

"කල්ප...කල්ප"

නිමේෂ පිටිපස්සෙන් ඇවිත් කතාකරා.

"මේ....ඔයා ගිය සතියෙ පංති ආවද?.."

"නෑ....මම ගිය සතියෙයි..ඊට ඉස්සල සතියෙයි පංති ආවෙ නෑ..."

"අයියෝ..කල්ප...මට ගිය සතියෙ නෝට් එක ලියාගන්ඩ බැරි උනානෙ..."

"එහෙනන් කාගෙන් හරි ඉල්ලල ලියා ගන්ඩ..."

අඩි කිහිපයක් කල්ප ඉස්සරහට ගියත් නිමේෂ කල්ප එක්කම ආව.

"මේ......ඔයා කොහොමද නෝට් එක නැතුව ලබන සතියෙ exam එක ලියන්නෙ.."

"මොන exam ද මම ලබන සතියෙ පංති එනවයැ..."එහෙම කියන්ඩ හිතුනනත් කල්ප කට වහගෙන හිටිය.

"ආ.....ඒක තමා මාත් මේ කල්පනා කරේ.."

"එහෙනන් මම යාලුවෙක්ගෙන් පොතක් ඉල්ලගෙන නෝට් එක ලියා ගන්නන්..."

"හ්ම්..."

"මේ...ඕනෙනන් මම ඔයාගෙ නෝට් එකත් ලියල දෙන්ඩද?"

"මේ මොන මළ ඉලව්වක්ද.."සිතිවිලි කල්පහෙ හිතේ පුපුරු ගහනව.

"හ්ම්.."
......................................................................................................

"මේ ඔයා සීසන්ද?"

"නෑ...නෑ...මම මේ සැරේ ගත්තෙ නෑ..."

සීසන් එක ලඟ තිබ්බත් කල්ප එහෙම කීවෙ නිමේෂ ලඟ සීසන් තියන හිංද ...එතකොට නිමේෂව මඟ ඇරල යන්ඩ පුලුවන්නෙ.

"අයියෝ...මටත් මේ සැරේ සීසන් ගන්ඩ බැරි උනානෙ..."එපා වෙනව අප්ප සීසන් ගත්තනන් හරි ලේසයි.."

දැන් ඉතින් බස් එකේ යනකල් කනක් ඇහිල යන්ඩ වෙන්නෙ නෑ..

"ආ..මේ මම අරකෙ යනව..මට පරක්කු වෙනව.."

"පොඩ්ඩක් ඉන්ඩ මාත් එනව.."

කල්ප යමින් තිබුන බස් එකට දුවගෙන ගිහිල්ල එල්ලුන..කල්ප එල්ලුන ගමන් බස් එක නතර කරා..ඒ එක්කම නිමේෂත් ඇවිල්ල බස් එකට නැග්ග.

"කල්ප පොඩ්ඩක් ඉන්ඩ මට උඩට යන්ඩ"නිමේෂ කල්පව පල්ලෙහ පඩියට දාල උඩට ගොඩ උනා.

"ආපෝ මේකෙ හරි සෙනඟ නේද?"

"හ්ම්.."

"අද යාලුවෙක්වත් හම්බුනෙ නෑ...මේ කොහෙවත් යන කෙල්ල හිංද.."

කල්ප පල්ලෙහ පඩියට වෙලා නිමේෂට හිතින් දොස් කියනව.

"මල්ලි පොඩ්ඩක් උඩට ගොඩවෙන්ඩ"

ඉස්සරහ දොරෙන් දුවගෙන ආපු කොන්දොස්තර පිටිපස්සෙ දොරේ එල්ලෙන ගමන් කීව.කල්ප එක පඩියක් උඩට නැග්ග.නිමේෂ කල්පගෙ මූනෙ ගෑවෙන තරන් ලංවෙලා.

"පොඩ්ඩක් උඩට යනවකො"කල්ප නිමේෂගෙ මූනදිහා බලමින් කීව.

"ඇවිල්ල බලනවකො ඉඩ තියනවද කියල"..නිමේෂ පුංචි ගෙරවිල්ලක් දැම්ම.

"ඔය නැගපු අය ටිකට් ගන්ඩ...!"

"අනේ කල්ප මටත් එක්ක ගන්ඩකො!...පර්ස් එක බෑග් එකේ"

"ඈ........ ඔයාටත් නැගලද!!!......"

"ඈ....මොකක්ද?....??...හයියෙන් කියනවකො...ඇහෙන්නෑ..."

"නෑ නෑ...හරි.."

"මොකක්ද?"

"හරි බං හරි...ගන්නන් ගන්නන්!!.."

උඩටවත් ගොඩවෙන්ඩ ඉඩ නොතිබ්බ බස් එකේ ටිකකින් සෙනග හොඳටම අඩු උනා.නිමේෂ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා හිටපු තැන ලඟින්ම කල්පත් වාඩි උනා.

"මේ ලබන සතියෙ එද්දි පේපර් ටිකක් කරල එන්ඩ...මේ සැරේ පාඩම් හතර පහකින් පේපර් එක හදනව කීව.."
           
"හ්ම්.."

"කෝ පොත..."

.....................................................................................................................................................

"කෝ මේකෙ තියෙන්නෙ අද නෝට් එක විතරයිනෙ.."

"ඔව්...ඔය අලුත් පොතක්..."

නිමේෂගෙ නිල් පාට ඇස් පොත පුරා පීනද්දි හරි අපූරුයි.සුදු පාට චූටි ඇඟිලි පොතේ පිටු පුරා හරි කඩිසරව ඇවිදිනව.කැරලි ගැහුනු කාල වර්ණ කොන්ඩය විටින් විට ඇයට බාදා කරත් ඇය ඒවා ආදරයෙන් පිටුපසට කරන්නෙ වැරැද්දක් කරහම ලමයිට අවවාද කරන අම්ම කෙනෙක් වගේ.

නිල් පාට බ්ලව්ස් එක.,නිල් පාට නිය ආලේපන,නිල් පාට ඔරලෝසුව.,නිල් පාට සෙරෙප්පු.,නිල් පාට බෑග් එක.හරිම පිළිවෙලයි.හරිම චාම්.

ජනෙල්ලෙන් හමාගෙන එන සුල්ං රැලි කැරලි ගැහුනු කොන්ඩෙ අරගෙන යන්ඩ හදන්නෙ හරි ආදරෙන්.කොන්ඩෙ ඔක්කොම එකට එකතු කරල ගහල තියන නිල්පාට කොන්ඩ කට්ට සුලඟ එක්ක ඔච්චම් කරනව.හරි ප්‍රිය මනාප පෙනුමක් තියන නිමේෂව මේ කැරලි කොන්ඩෙ තවත් ප්‍රිය මනාප කරනව.
 "හරි මම ලියල ගෙනත් දෙන්නන්.."

"ආ....මේ....ඔයා ඉස්සල සති දෙකේම ආවෙ නෑ කීව නේද?මේ පේපර් එක ෆොටෝ කොපි කරගන්ඩ...,මතක ඇතුව ඕක ලබන සතියෙ ගේන්ඩ ඈ.."

පොත්ටික බෑග් එකට දාගත්ත නිමේෂ නැගිටල බෙල් එක ගැහුව...

"මම යනව ඈ...බායි!..."

"හරි...."

බස් එකෙන් බැහැපු ගමන් නිමේෂ දුවගෙන ගියෙ ෆාමසිය ඇතුලට.
...................................................................................................
 "කෝ පුතා පොත්.."

"ළමයෙක් ඉල්ල ගත්ත නෝට් එක ලියා ගන්ඩ.."

"ඔයාගෙ පොත......"

"ඔව්..."

"හ්ම්........""හ්ම්........"

වෙනදා පොත අතේ අරන් නිවසට ගොඩවෙන කල්ප අත්දෙක වන වන එන හැටි දැකපු අම්ම පොත් ගැන ඇහුව.

වෙනදාට වඩා කලියෙන් ඇදට ගියෙන් නින්ද ඔහුගේ අසලකටවත් නොපැමිනේ.උඩු බැලිව වැතිරුනු කල්ප කල්පනා කරන්නට විය.

"නිමේෂ මොකද මට පංතියෙන් යන්ඩ නොදුන්නෙ..."
"පංතිය ඉවර වෙලා මම එනකන් හිටියෙ මොකද"
"මගෙන්න නෝට් එක ඉල්ලුවෙ මොකද"
"මට ටිකට් ගන්ඩත් කීව"
 නිමක් නැති සිතුවිලි වලාවක් ඇතුලෙම කල්පට නින්ද ගිහිල්ල තිබුන.
..........................................................................................................
 "පාඩන් කරන්නැද්ද...ඊයෙත් පංති ගිහින් ආපු ගමන්ම නිදාගත්ත...දැන්වත් ඇහැරෙන්ඩ ලමයො..."
                              

"උදේම ඇහැරල වැඩ කරන එක හොඳයි...නැගිටින්ඩ ඉතින්...!!.....මම තේ ඒකක් හදන්ඩද?

සීතල වතුරෙන් මූන හෝදගෙන තේ එකත් බීල වාඩි උනේ පාඩම් කරන්ඩ.

මේසෙ ඉස්සරහ ජනෙල්ලෙ ඇරියහම වෙල් යාය මැදින් ඈත පේනව....වෙල්යායෙ කොනෙන්ම තිබෙන පාරෙ පාන්දරට වාහන ඇදිල යද්දි හරි ලස්සනයි.ත්‍රී වීල්,බයික්,කාර්,වෑන් අඳුර ගන්නෙ ඒවගෙ ලයිට් වල උස අනුව්.ඝන අන්ධකාරය මැදින් ලයිට් එලි ඇඳිල යද්දි අපූරු සිතුවමක් වගේ.
                              
      පිණි බිංදුත් එක්ක හුරතල් වෙලා එන සීතල සුළඟ සීතලයි වගේම හරි තෙත්.අළුයම හිංද තාම හිරු නැඟිල නෑ.ඒ අවසරයෙන් හඳ එළිය එක්ක පිණි බිංඳු තාමත් සෙල්ලං කරනව.
..................................................................................................
 සතියක් ගෙවිල ගියේ හරිම හෙමිහිට.වෙනදටත් කලියෙන් ලෑස්ති උනු කල්ප පංතිය ලඟට ගියා.ඒත් ඇත්තටම මොකටද පංති ආවෙ කියල කල්පට තේරුමක් නෑ.ටික වෙලාවකින් නිමේෂත් පංතියට ආව.කල්ප එක්ක පොඩි හිනාවකින් කතා කරපු ඇය පංතියට ගිහින් ඉඳ ගත්ත.පංතිය ඉවර වෙනකන් ඇගිලි ගනිමින් හිටපු කල්පට පංතිය තිබුනු පැය තුන ඉතා වෙහෙස කර උණා...

"අද කලින් ඇරිය නේද?"

"හ්ම්..."

"අනේ සොරි!....මම එද්දි පරක්කු උනා....ඔයා මොකේද නෝට් එක ලියා ගත්තෙ...."

"ආ.....හරි හරි....මම කොලේක ලියා ගත්ත....මම පස්සෙ පොතේ ලියා ගන්නන්..."

"ආ..ඔක්කොම ලීව ඇ..."
.......................................................................................................
 ..........."අයියෝ වහිනව......"...."ඔයා ලඟ කුඩයක් නැද්ද....."..."මොකක්ද අනේ කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ එපෑ....."......
                              

......."අර....අර..අතෙන්ට යන්..."

"මම එන්නන් ඔයා යන්ඩ ඔයා ලඟ කුඩයක් තියනවනෙ...."

"..මේ අර පේපර් එකල් ලීවද"...

"ඔව්....."...ඇයි.... කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ ඕනෙ..?."

"ආපෝ...ඒක දන්නැද්ද?...."

"දන්නවනන් අහනවද?...."

"ඇයි වැස්සෙ කෙල්ලෙක්වත් සෙට් උනොත් කුඩේ දාගෙන යන්ඩ...."

"ආ....එහෙනන් මෙයා කුඩ ගේන්නෙ වැස්සෙ යන කොල්ලො දාගෙන යන්ඩ...."

"ඔව්....පව්නෙ...වැස්සට තෙමිල ලෙඩ උනොත්....."

"අනේ මෙයාගෙ අනුකම්පාව......"
...............................................................................................
 "අයියෝ...මේ වැස්ස ඉවර වෙන්නෙත් නෑ..."

"ඇයි මොකද හදිස්සිය....."

"හවස පංති අනේ..."

"එහෙනන් ඔයා යන්ඩ...."

"මේ වැස්සෙ ගියොත් තෙමෙන්ඩ වෙන්නෙ..."
"ඇයි ඔය කුඩයක් තියෙන්නෙ...."

"කුඩේ එක අතකින් ඉහල ගත්තහම පොත් බෑග් එක තෙමෙනව.....බෑග් එක ඉස්සරහට කරල අල්ල ගන්ඩත් ඕනෙනෙ..."

"එහෙනන් වැස්ස ඉවර වෙනකන් ඉන්ඩ වෙනව..."

"පරක්කු වෙනව අනේ...."

"මේ ඔයාට බැරිද කුඩේ ඉහලගෙන එන්ඩ..."

"එතකොට අපි දෙන්නටම තෙමෙන්ඩ වෙනවනෙ....."

"කමක් නෑ...පොත් ටික තෙමෙන් නැතුව තියෙයිනෙ...."

"එතකොට මගෙ පොත් ටික...."

"කෝ දෙන්ඩ මම බෑග් එකට දා ගන්නන්..."

"මාකට් එක පැත්තෙන් යන්ද....?රවුමෙන් ගියොත් තව තෙමෙනව..."

"අද වහලද දන්නෑ...ඉරිදනෙ...."

"නෑ...පොඩි ගේට්ටුව ඇරල තියෙන්නෙ..."
.............................................................................................................

"අයියෝ වැස්සත් වැඩි කරා....තෙමෙනව අනේ!..."

ඔවුන් මාර්ගය දෙසට හැරෙත්ම වැස්ස තවත් වැඩිකලේය.තනිව යාහැකි කුඩයක් වූ එය දෙදෙනෙකුට යාමට ප්‍රමානවත් නොවීය.

"එහෙනන් මෙතන නැවතිලා යමු..."

"බෑ......පරක්කු වෙනව..."

ගමන නැවැත්වීමට නිමේශාගේ කැමැත්තක් නොවීය...කතාවක් බහක් නොමැතිව දෙදෙනා ඉදිරියට පිය මැන්නේය.

කල්පගේ දකුණු අත නිමේෂාගේ උරසට උඩින් යැව්නි.නිමේශා කල්ප දෙසට තුරුලු විය.අනෝරා වර්ෂාව නොනවත්වා ඇද හැලෙයි.නිමේෂාගේ තුරුලේ කල්පටත් කල්පගේ තුරුලේ නිමේෂාටත් උණුසුමක් දැනුනි.

නිමේෂාගේ කිචි කිචියට නැවතීමේ තිත තබලාය.කල්පද ගොලුවත රකී.කුඩය හා වැහි බිඳු ගැගෙන හඬත් දෙදෙනාගේම කකුල් වලින් පොළොව තෙරපෙම හඬත් ඇරුනු විට වෙනත් ශබ්දයක් නොනැගේ.


 මතු සබැදේ....

Sunday, May 22, 2016

මගේ වෙසක්

මේ අවුරුද්දෙ වෙසක් මාසෙ ආරම්බ වෙද්දිම අපේ ජනතාව දැඩි නියං කාලගුනයකින් පීඩාවින්ද..ඒ නියගය අවසන් උනේ දැඩි වර්ශාපතනයක් එක්ක...ඒ  වර්ශාපතනය හිංද අවතැන් වුනු අපේම ජනතාව අති විශාලයි...අවුරුදු ගානක් තමන් හරි හම්බ කරගත්ත දේපල ක්ෂනයකින් විනාශවෙලා යද්දි දැනෙන හැගීම කෙබඳු වෙන්නට ඇත්ද?කොතරම් අසරණ බවක් දැනෙන්නට ඇත්ද?
                                            එදා උදේ මමයි "දුමී" බ්ලොග් එක කරන දුමින්ද අයියයි කතාකරකර හිටියෙ කොහොමද අපි මේ අපේ සමාජයේ අපේම මිනිසුන්ට උපකාර කරන්නෙ කියල......අපි දෙන්නගෙ පොඩි අදහසක් තියනව සමාජසේවා සංවිදානයක් පවත්වාගෙන යන්ඩ....ඒ ගැන තමා එදා දවසම අපි කතා කරේ...පල්ලෙහෙයි කමෙන්ට් කරද්දි දුමින්ද අයිය ඒක සනාත කරයි...
                                             අරණායක නාය යාම කොයි කවුරුත් දන්නවනෙ...ඒදා මම ගෙදර එද්දි ඔය විස්තරේ දන්නෙ නෑ .. කාල බීල ටීවී එක ඉස්සරහින් ඉඳගද්දි අම්ම කීව කෑගල්ල පැත්තෙ නාය ගිය කථාවක්...හැබැයි මට ඒගැන එච්චර සැලකිල්ලක් තිබ්බෙ නෑ...ඒත් ප්‍රවෘත්ති වලින් ඒගැන ප්‍රචාරය වෙද්දි දැනුනු හැගීම විස්තර කරන්ඩ ඇත්තටම අමාරුයි.
                       
මට එතකොටම මතක් උනේ දුමින්ද අයියව...එයාටත් කතා කරල මේ වැඩේ කරන්ඩ වැඩ කටයුතු සැලසුම් කරා.... එවලේ ඉදන් මම දන්න හැමෝටම කථාකරල විස්තරේ කීව....ඒ අතරින් මගේ මිත්‍ර "ළහිරු" ක්ෂනිකවම ප්‍රතිචාර දැක්වීම ඇත්තටම හයියක් උනා....ඔහු මාත් එක්ක පැය ගනනක් මේ ගැන කථිකා කරා..කොහොම හරි අපෙ සංවාදය නිමා උනේ ඔහු කොහොම හරි මේකට  මේකට සම්භන්ද වෙනව කියන පොරොන්දුව මත....
ඊට පස්සෙ මම අපේ සහෝදර බ්ලොග් කරුවන් ටික දෙනෙකුට විතරක් මේ විස්තරේ කීව මොකද....අනිත් අයට මාත් එක්ක සම්භන්ද වෙන්ඩ බැරිතරම් දුරක මම හිටපු නිසා....
අපේ මහේෂ් අයිය උදේම කථා කරා කතා...එයා ඒ වෙනකොට හිටියෙ පොළොන්නරුවෙ...(මතක විදිහට) මළගෙදරකට සහභාගි වෙලා...අජිත් අයියත්...සුමිත් (කමිය) ප්‍රතිචාර දැක් වුවා...ශ්‍රී ප්‍රභා (ලේ පාට හීන) අක්කත් කොළඹ හිරවෙලා ඉඳල දැකපු ගමන් ප්‍රතිචාර දැක්වූව...ඔයාල හැමෝටම ස්තූතියි....

                            කොහොම හරි දුමින්ද අයිය ගොඩක් වෙහෙස වෙලා ආධාර එකතු කරා....ගමේ ගොඩක් දෙනෙකුත් ආධාර කරා...චමින්ද අයිය....එඩ්න ඇන්ටිගෙ හස්බන්ඩ් අංකල්...ගොඩාක් අය උදව් කරා...ඒ අතරෙම මතක් කරන්ඩ ඕනෙ "චාරුක" සහ ඔහුගේ "පියාණන්ව" ඔවුන් තමයි ප්‍රවාහන අධාර දුන්නෙ....අපේ පියත් සහභාගි උනා....වාහනයේ රියදුරු ලෙස....ටැන්කූ වේවා ......
 
අපි අපේ ප්‍රථම ආධාර බෙදීම ආරම්භ කරල ආව....එහිදී දැනගත්ත වැදගත් දෙයක් උනේ ඔවුන්ට කාන්තා යට ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අවශ්‍යතාවක් තිබෙන බවයි....අපි එහි ගෙන ගිය සනීපාරක්ෂක තුවා එකසිය විසි ගනන හැරුනු විට වෙනත් ඒවා තිබ්බෙ නෑ.....ඒ ගැන අජිත් අයියට කිව්වහම ඔහු මුදල් ආධාර දෙන්ඩ එවලේම ඉදිරිපත් උණා....ප්‍රභා අක්කත් ද්‍රව්‍යමය ආධාර දෙන්ඩ ඉදිරිපත් උනා...බොහොම ස්තූතියි.....
 
ඒත් පසුව කඳවුරට කතාකරහම දැනගත්ත ආධාර ද්‍රව්‍ය ඕනෑවටත් වැඩියෙන් ඇති බව....ඉතින් මම අජිත් අයියට දැනුම් දුන්න මේ ගැන...ඔහුගේ ආධාරය වෙනත් ස්ථානයකට ලබාදෙන ලෙස....ඒත් ප්‍රභා අක්ක කතා කරනකන් ඒ ගැන ඇයට දැනුම් දෙන්ඩ බැරි උනා සොරි වෙන්ඩ ඕනෙ අක්කෙ...
කියන්ඩ අමතක උනා....සොරි වෙන්ඩ ඕනෙ....අපේ දුමින්ද අයිය යන්ඩ කලින් දවසෙ දර පලන්ඩ ගිහින් පොරොව ඔලුවෙ වැදිල....ඒ හින්ද ඔහුට සහබාගි වෙන්ඩ බැරිඋනා...ඒත් ඔහු හැමවෙලේම මට කතාකරල අවශ්‍ය උපදෙස් දීල දිරිමත් කලා බොහොම ස්තූතියි අයියෙ......ඒ වගේම විශාල ආධාර ප්‍රමානයක් එකතු කරල දුන්න..දුමින්ද අයියගෙ උපදෙසක් මත පොඩි අයට සෙල්ලම් බඩු වගයකුයි බැලුම් වගයකුයි අරන් ගියා ගියා..තව ඉතුරු උන සල්ලි වගේකින්(අම්ම දුන්න) ටොෆී වගයක් අරන් ගියා...මේ හැම එකක්ම බෙදල දෙද්දි පොඩි එවුන්ගෙ මූනු වල ඇතිවුනු සතුට වචනෙන් විස්තර කරන්ඩ බෑ..


මනුසයො එක එක කථා කීව...මොකද ඒ වෙනකොට ඔය ආධාර දීම් ගැන එච්චර කතා තිබ්බෙ නැති හින්ද...අනෙක් ප්‍රශ්නෙ දැම්මෙ අපේ මව් තුමිය....පාඩම් නොකිරීම හා A/L ගනන් නොගන්නවා කියා.....ඒත් පස්සෙ ෆුල් සප් එකක් දුන්න...ටැන්කූ වේවා..."රුවින්දයත්" අපිත් එක්ක ගියා.උටත් ටැන්කූ වේවා!

කොහොම හරි මගේ බලාපොරොත්තුවක් තියනව විභාගය ඉවර උනහම ආය ඒ පැත්තෙ ගිහිල්ල ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලන්න...සහ සමාජසේවා සංවිදානයක් පටන් ගන්ඩ..

සුදු පාට අත් කොට එකක් ඇදන් ඉන්නෙ "ළහිරු" සුදු අත් දිග "රුවින්ද" රතු අත්කොට "චාරුක" අනෙක "මම" අනෙත් කෙනා අපෙ අප්පච්චි..




 




රසිකයා.

Tuesday, May 17, 2016

විජයග්‍රහණ සැමරුම

ජාතිකත්වය කරපින්නා ගත්තවුන්ට යුද්ධය යනු අමුතු වචනයක් නොවන බව මාගේ හැගීමයි....මක්නිසාදයත් ඔවුන් ජාතිකත්වය තුල වෛරය...හිංසනය වපුරන්නන් වන බැවිනි..අප රටේ සිවිල් යුද්ධ අවසන් වී බොහෝ කාලයක් ගතව ඇතත් තවමත් යුද්ධය නැවත වැපිරීමේ අවශ්‍යතාවයක් ඔවුනට ඇත....දෙමළු,ඕකා කොටියා ඔවුන් නොකියන ඔවුනගේ නිගමනය බව සැබෑය....

මදකට සිතන්න....ඔබ යම් රටක සුලුතරය වී බහුතරයෙන් පීඩා විදිනවා කියා....ඔබ කුමක් කරන්නෑද??....හරි මේක උන්ගේ රට කියා කට වහගෙන සිටිනවද...අයිතීන් දිනා ගැනීමට උත්සහ කරනවාද....අයිතීන් ලබා ගැනීමට උත්සහ කරනවා නොවේද?....ඉතින් දෙමල ජනාද කලේ එයම නොවේද?තමන්ට හිරිහැර පීඩා සිදුවන විට ඔවුන් ඉදිරියට ඒම සිදු නොවේද?....මෙයදුටු දමිල අන්තවාදීන් මොවුන් යුද්ධයක් කරා උසි ගැන්වුවේය...එහෙත් බහුතර දෙමල ජනයාගේ අවශ්‍යතාවය එය නොවීය....ඔවුනට අවශ්‍ය වූයේ ඒ අහිවූව ලබා ගැනීමය.......නායකයන්ට රැවටුනු ඔවුහු යුද්ධ කලහ....මිනිසුන් මැරුවේය...මා මෙහිදී කිසිඳු අවස්තාවක යුද්ධ කිරීම සාදාරනී කරනය හෝ....එල්ටීටීය සාදාරණී කරනය නොකරමි.....ඔවුන් අප මැරුවේය....අප ඔවුන් මැරුවේය....ජඩ වැඩකි..

මේ රජයේ හමුදාවක සේවය කල සහෝදරියකගේ අදහසකි...
                            ""යුද්ධය නිමා විමට පෙර සිට හමුදා සේවයෙ නියුති කෙනෙකු ලෙස මා මේ යුද්ධය ජයග්රාහන කර නොව යුද්ධය නිමාවට පත් කරා ලෙස දකිමි.තවද මේය සැමරැමක් නොව සිහි කිරීමක් ලෙස දකිමි.යුද්ධ සමයේ ඒ බිහිසුනු මරණාසන්න අවස්තාවට ගොස් ඒ මොහොතේ සිතට දැනෙන දේ අත්විදපු කෙනෙකු ලෙස මේ රටට සාමය ගෙනෙන්න මියැදුනු සහෝදර සෙබලුන්ගේ හිත් වල ඒ මොහොතේ තිබු සිතුවිලි මගෙ හදවතට දැනුන අවස්තාවක් මටද ඇත.අපි කිසි දිනක ගරිල්ලා ක්රම ඉගෙන ගත්තේ නැ.අපට කිසි විටෙක පුහුණු විම් තුල එල්.ටී.ටි ඊ සංවිධානය පිළිබඳ වෛරය ගෙනෙන වීඩියෝ පටවත් ඔවුන් කෙරෙහි කෙන්ති ඇති කරන දෑ පෙන්නුවේ නැ.හැම විටම මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිස්සුන්ට සිරිමක්වත් නොකර ඔවුන්ව ආරක්ෂා කල යුතු බව සිහි තබා ගත යුතු බව උගන්වන ලදි.එහෙත් අපේ ප්රතිවාදීන් ලෙස යුද්ධ කර අය ගේ මනස තුල ඔවුන්ගේ උපදේශකයින් තැබුවේ සිංහලයින් පිළිබඳ වෛරයක් පමණි.වෙනස එතනයි.අද ඔය සංහිදියාවක් ගැන කතා කරන බෙහෝ පිරිස් හිතලා බලන්න.අදටත් ජිවත්ව සිටින ඔවුන් සංහිදියාවේ දෑත් දිගු කරනවා වෙනුවට කතා කරන වචනයක් තුල තිබෙන්නේ වෛරයකු පමණි.""

මෙහි ඇති පැහැදිලිම කරුන නම් යුද්ධයට හේතුව වෛරය බවයි....එහෙනන් කල යුත්තේ වෛරයට බෙහෙත් කිරීම නොවේද.....යුධ සැමරුම් පැවැත්වීමෙන් වෛරයට සහනයක් ලැබේද??
                   ....මෙසේ සිතන්න ඔබේ හිතවතෙකු කවුරුන් හෝ මරා දමා ඔහුවමරා දැමීම වසරක් පාසා සමරනවා කියා....ඔබට කුමක් සිතේද?දැනේද?.....ඔබ තුල පැවති වෛරය සංසිදේද?...ඔවුන් කෙරෙහි ප්‍රමය හටගනීද?..............එසේ හෙයින් යුද්ධය සැමරීමෙන් පලක් තිබේද?
                              










                  අනෙක් කරුන නම් සිහි කිරීමයි.....යුද්ධයක් අවසන් වීමක් යනු ජීවිත බොහෝ ප්‍රමාණයක විනාශයෙන් ලඟා කරගන්නා වූ දෙයකි..ඉතින් සැමරීමක් නොව සුසුම් හෙලීමක් නම් කල හැක.....
                      කථිකාව ඇත්තේ යුද්ධය අවසන් වූ පසුවය...අවසන් වූ යුද්ධය සැමරීම ගෝත්‍රික සංකල්පයක් යැයි මාගේ හැගීමයි......මහා ජාතිය ලෙස අප යුද විජයග්‍රහනය සමරමින් පාටි දානවා නම් පරාජිතයන්ටද එය සැමරීමට අවස්ථාවක් දිය යුතුය...
                              ඔවුන්ද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ අපද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ...එසේ නම් දෙපිරිසම ඔව්-නොවුන් වෙනුවෙන් සටන් කලහ......එසේ සටනක් නැවත ඇතිවිය යුතු නොවේ....එසේනම් අප කලයුත්තේ කුමක්ද?ඇතිවිය හැකි හේතූන්ට ප්‍රතිකාර කිරීම නොවේද?
                              
                ප්‍රතිකාර කර ඒ හේතූන් විනාශ කිරීම නොවේද? ඒවා නැවත හට නොගන්නා ලෙස සුව කිරීම නොවේ ද?උදාහරනයක් ලෙස කකුලේ කට්ටක් ඇනුනා යැයි සිතන්න උඩින් කට්ට ගලවා හරි කට්ට අයින්කරා කියා උදම් අනන විට ඇතුලේ කෑල්ලක් තුබුනොත් කකුල පැසවනවා නොවේද....ඒ ඇතුලේ ඇති කට්ටද අයින්කල පසු උදම් ඇනීම කල යුතුය...




[රසිකයා]

Wednesday, May 4, 2016

බ්ලොග් එකට නිවාඩුවක්..

හිතෙන හිතෙන හැම මගුලම
කුරුටු ගාන...                                                         
කුරුටු ගාන ඒව අනිත් උනට
කියන.....                                                                    
කන්ඩ නැතත් ගානක් නැති පාලු මකන
මකන....                                                                       
බ්ලොගය මගේ ජීවිතයයි සදා
රකින...                                                                      
                                                                                  
හැමදෙන හට හරි පණ්ඩිත කථා
කියන......                                                                 
සියල්ල දත් මහ පණ්ඩිත සේ
හැසිරෙන....                                                                
මෝඩ කමට බොහෙත් නැතුව තව
ලතැවෙන....                                                                     
මං තාමත් ඇට බිජ්ජෙකි උ.පේ.
කරන...                                                                 
                                                                                
සමා වෙලා ඔබ හැමදෙන මේ
අහන්න...                                                                  
විභාගයට අගෝස්තුවේ ඇත
ලියන්න...                                                                    
පාඩම් වැඩ ගොඩ ගැහිලා ඇත
කරන්න....                                                     
ඒක හිංද මාස තුනක්
නිවාඩු දෙන්න...