Friday, February 3, 2017

ශ්‍රී ලංකාව සැබෑවටම නිදහස්ද?





ශ්‍රී ලංකාව නෛතිකව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව හෙටට වසර 69 කි.


ඒ නිදහස ලැබූ දා සිට අද දක්වා ගෙවී ගියා වූ කාල පරාසය තුල අප රටක් ලෙස ලඟා කරගත්තේ මොනවාද?දිනා ගත්තේ මොනවාද?සැලකිය යුතු තරමේ කිසිවක් නැත,බාගවිට ශ්‍රී ලංකාව සුද්දාටම යටත්ව තිබුනා නම් ආර්ථිකමය හා සමාජීය වශයෙන් අප මීට වඩා ඉහල ස්ථරයක සිටීමට තිබිණි.


අප සෑම වසරකම රටක් ලෙස නිදහස් උළෙල මහා ඉහලින් සමරති.එහෙත් අපට එය සැමරීමට අයිතියක් ඇද්දැයි අප අපෙන්ම විමසිය යුතුය.අප රට තවමත් පරාදීනය.බටහිට රාජ්‍යන්ගේ අතකොලුය.ආගම් වාදී හොරුන්ගේ ගුබ්බෑයම්ය.කොටින්ම කීවොත් ශ්‍රී ලංකාව යනු කුණු ගොඩකි.අප රටේ අපටම කියා ආවේනික ධනාත්මක ආර්ථිකමය හෝ සමාජීමය දර්ශනයක් නැත.ඇත්තේ පාලකයාගෙන් පාලකයාට,ආගමිකයාගෙන් ආගමිකයාට,ජාතිකයාගෙන් ජාතිකයාට, වෙනස් වන්නා වූ අස්ථාර දර්ශනයකි.,එය දර්ශනයකටත් වඩා සිතිවිල්ලකි.ඔවුනොවුන් තම තමාගේ යැපීම හා අභිවුර්ධිය උදෙස සකසා ගත් යාන්ත්‍රනයකි.ඒවා කිසිසේත්ම බහුජන හිතාය හෝ බහු ජන සුඛාය වූයේ නැත.

අප රටට රටක් ලෙස නිවහල්ව තීරණ ගත හකිද?මිනිසුන් ලෙස එකමුතුව තීරණ ගත හැකිද?ව්‍යවසායකින් ලෙස ශක්තිමත් ආථිකමය ව්‍යුහයක් ගොඩ නැගිය හකිද?එසේ නොහැකි වන්නේ මන්ද?අප රටට ස්වාදීන ලෙස පැවැත්මක් නැද්ද?

කවුරුන් කෙසේ කීවාද සුද්දා අප රට පාලන කරන සමයේ අපරටේ තත්වය වර්ථමානයත වඩා සැබැවිම්ම යහපත් විය.

පුරා වසර 69 අප රටක් ලෙස කළ කාර්යයක් නැත.කළ එකම කාර්යය නම් රටේ සම්පත් විනාශ කරගැනීමත් , විනාශ කිරීමට උඩගෙඩි දෙන පාලකයන්ගේ මුහුණු වරින් වර වෙනස් කර ගැනීමත්ය.චීනය,ජපානද ඔවුන්ගේම ආර්ථිකමය රටාවක් ගොඩ නගාගෙන ඇත,සිංගප්පූරුවද වර්තමානයේ ඉංදියාවද ඔවුනොවුන් ආර්ථිකමය බලවත් භාවය ප්‍රදර්ශනය කරමින් සිටී.එහෙත් ලංකාව දවසින් දවස වලපල්ලට යමින් සිටී.,කෙසේ වෙතත් ලංකාව ලෝකෙන් උතුම් රටය.නිර්මල බුදු දහම ට හිමිකම් කියන එකම රටය.මහා සභ්‍යත්වයක් හා සංස්කෘතියකට උරුමකම් කියන රටය,...එහෙත් එහෙව් රටට වසර 69 කට පසුත් දෙපයින් සිට ගැනීමට නොහැකිය.

රට පුරාම ජාතික කොඩි දමා මේ වන විට මහත් අභිමානයකින් සියල්ලෝ ම නිදහස සමරන්නට සූදානම් වෙති.ඇතැමෙකු ඒවා තම තමන්ගේ අන්තවාදී අදහස් ඉලක්ක කර ගනිමින් යොදා ගනිති.මුන් එකෙක් වත් රටක කරන සෙතක් නැති බව දන්නේ සුලුතරක් පමනි.එය නොදන්නා තාක් මේ පරිදිම තවත් වසර සියයක් ගිය තැන පවා නිදහස සැමරිය හැකිය.ලාංකිකයෝ ලැජ්ජා නැති පිරිසකි.වසර 69ක් පුරා තමන්ට ලඟ කරගැනීමට නොහැකිවූ සාර්තකත්වය අමතක කර ලැජ්ජා නැතිව එය අභිමානයෙන් සමරති.

මේ නිදහස් සැමරුම් උළෙලවල් වනාහි නොහැකියාවන් පිළිබිඹුකිරීම්ය."අපි තොපෙන් නිදහස් වී මෙච්චර කල් ගියත් තොපේ බැලමෙහෙවර කං කර වුන්ය",'තොපේ වහල්ලුය...උබලාගේ කුණු කන්දල් සේරෝම දමන කුණු බක්කිය අපේ රටයි...'

මෙය නම් කළ යුත්තේ අභිමානවත් නිදහස් සැමරුම ලෙස නොව විළි ලැජ්ජා නැති නිදහස් සැමරුම ලෙසය
.

5 comments:

  1. හරියට හරි. අර මාතලන් කියනවා වාගේ, මේක සුද්දා අපෙන් නිදහස් වෙච්ච දිනය.

    ReplyDelete
    Replies
    1. සුද්ද අපේ රට දාල නොගිය නම් සිංගප්පූරුවට එහෙම ඇපත් නෑ

      Delete
    2. //උබලාගේ කුණු කන්දල් සේරෝම දමන කුණු බක්කිය අපේ රටයි...'//....
      එකඟයි. සැබෑ නිදහසක් යනු සිහිනයක්ද?

      ජයවේවා!!!

      Delete
    3. සැබෑ නිදහස් ලඟා කර ගැනීමට,අප මුලින්ම සැබෑ දේශපාලකයන් තෝරාගත යුතුය..

      Delete