Saturday, November 30, 2019

විකල්පය ජාජබයට බිලිවූයේද?


ජනතා විමුක්ති පෙරමුණ විසින් විකල්පයේ අපේක්ෂාව වසර ගණනකට නැවත පැළ නොවෙන ලෙසට කාබාසිනියා කර දමා අවසන්ය. දැන් මේ පොළොවේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් පැළවීමට තරම් තෙතමනයක් නැත. තිබූ තෙතමනය අනුර කුමාර දිසානායක උරා බීවේය.



විකල්පය කාබාසිනියා කර දැමීමේ වගකීම ජාතික ජන බලවේගය පිට පටවනවාට වඩා ජවිපෙට පැටවීම වඩා සාධාරණ වන්නේ අනුර කුමාර ප්‍රමුඛ එම වසඟකාරී ව්‍යාජය විසින් සාපේක්ෂව අඩු වුවත් විනාශකාරී සහ ප්‍රෝඩාකාරී මඟකට ජන බලවේගය රැගෙන යාමට පෙරමුණ ගත් නිසාය. ජාජබ බිහිවන්නේ ජවිපේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස වුවත් ජාජබ ජවිපේ ව්‍යාජ මායාකාරී සමාජවාදී රෙද්ද පොරවාගෙන සිටියේ නැත. ඔවුන් ඒ වෙනුවට ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක අවශ්‍යතාවට වඩා ප්‍රබල ලෙස මතුකරමින් සිටියේය. කිසියම් හෙයකින් අනුර කුමාර ජාජබයේ අපේක්ෂකයා නොවන්නට ජාජබ එයටම අනන්‍ය වූ බලපෑම් සහගත මඟකට පිවිසීමට හැකියාවක් තිබුණි.

ජවිපෙ ගොඩවූයේ විකල්පයේ වේදිකාවටය, ඔවුන් තමන්ව හඳුන්වාගනු ලැබුවේ විකල්පය ලෙසය. එහෙත් ජවිපෙ විකල්පය ලෙස හඳුනා ගන්නවාට වඩා, වඩා සාධාරණ හඳුනා ගැනීමක් වන්නේ විකල්ප ලේබලය ඇලවූ ප්‍රධාන ධාරාවේ දේශපාලනයක් ලෙස හැඳින්වීමය. ජවිපය අනෙක් ප්‍රධාන දේශපාලන ධාර දෙකෙන් වෙනස් වන්නේ පිටකවරයෙන් පමණි. ජවිපෙය නියෝජනය කරන්නේ සමාජවාදී මඟක් යැයි පැවසුවද ඔවුන් යන්නේ ලිබරල් මඟක බව මේ නිමාවූ ජනාධිපතිවරණය දෙස බැලීමෙන් තහවුරු වේ. ඔවුන් 2005 දී මහින්ද රාජපක්ෂ සමඟ එකතු වී ඔහුව යුද්ධයකට උනන්දු කරවූවේය. ඉන්පසු 2010 දී ෆොන්සේකාට සහ එජාපයට සහය විය, නැවත 2015 දී මෛත්‍රී ප්‍රමුඛ එජාපයට සහය විය. එසේ හෙයින් 2019 දී ඔවුන්ගේ ඉදිරිපත් වීම පෙනෙන්නේ වැස්සට එළියට දැමූ යකඩයක ගාණටය.

ජවිපය විසින් සිදු කළේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් ගිලිහී යමින් විකල්පයක් සොයමින් සිටි ජනතා බලවේගයක් රවටා ඔවුන් වෙත ගෙන්වා ගැනීමය. ඊට ජවිපෙ තමන්ගේ මූලික ප්‍රතිපත්තීන් පවා බිමින් තබන්නට කටයුතු කළේය.

එසේම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහිද විකල්ප දේශපාලන බලවේගයක් හරහා ජනතාව ඉල්ලූ රැඩිකල් දේශපාලන ඉදිරි දැක්මක් නොවීය. (පොදුවේ මෙය විකල්ප මුහුණුවරින් ඉදිරිපත් වූ බොහෝ පිරිසකට පොදුය.) ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනද අනෙකුත් පක්ෂ දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශන බඳු විය. එහෙත් එය අනෙක් දෙකට සාපේක්ෂව ප්‍රායෝගික වුවද, ඊට ජනතාව පිනවනවාට වඩා ඵලදායී දර්ශනයක් කෙරෙහි අවධානය යොමුකළ නොහැකි වී ඇත. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකටම මෙය පොදුය. ඒවා විසින් මූලික වශයෙන් මතුපිට කවරය වෙනස් කිරීම් පමණක් යෝජනා වී තිබුණි. එය පුස් කෑ පාන් පෙත්තක් පුස් ගසා දමා කෑමට සූදානම් කර ගැනීමක් බඳුය.

උදාහරණයක් ලෙස ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, කෘෂිකර්මාන්තය යටතේ කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ ස්ථාවර වෙළෙඳපොළක් මඟින් ගොවි ජනතාවට උසස් ජීවන තත්ත්වයක්” අරමුණු ලෙස සඳහන් කර සිටී. එහෙත්, ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික දත්ත පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ මෙරට කෘෂි නිෂ්පාදනයන් හරහා ගොවි ජනතාව නගා සිටුවිය නොහැකි බවයි.

එසේම ජල කළමනාකරණය යටතේ “කන්න දෙකකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස සැපයීම සඳහා මෙතෙක් ප්‍රතිසංස්කරණය නොවූ මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම” දක්වන අතර “වසර 03 තුළ එල්ලංගා පද්ධතීන් හා කුඩා වැව් දහසක් ප්‍රතිසංස්කරණයට” ලක් කිරීමද සඳහන් කරයි. මහා පරිමාණ ලෙස ජලය භාවිත කර ගොවිතැන් කිරීම ඛේදවාචකයක් වන විට ජවිපෙ සිදු කරන්නේ එය තවත් ප්‍රවර්ධනය කිරීමකි.

ජාජබ මෙය නොදන්නවා යැයි සිතිය නොහැකිය. ඔවුන්ට විකල්පය ස්ථිර සාර ලෙස පැළ කිරීම පිළිබඳව සැබෑ උවමනාවක් පැවතියාට වඩා බලය පිළිබඳව පොලා පනින උවමනාව ඉදිරි මැතිවරණයකදී ස්වකීය ඡන්ද පදනම ඉහළ දාගැනීම උදෙසා විකල්පය බිල්ලට ගත්තේය.

එසේම විකල්පය ඛේදවාචකයක් වීමට ජවිපෙ ලොකු කෑල්ල ගත යුතු වුවත් ඔවුන් ඊට තනිව වගකිව යුතු නොවේ. රට පුරා ස්වයංජාත ව්‍යවස්ථාවක් රැගෙන ගොස් අවසාන මොහොතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පැනගිය නාගානන්දද, අජිත් කොලොන්නේ සහ ගාමිණී විජේසිංහ පෙන්වා අවසාන මොහොතේ විදේශ තානාපති සාකච්ඡාවකින් පසු මහේෂ් සේනානායක ජනාධිපති පොර පිටියට යොමු කළ සර්වෝදය හෙවත් දේශෝදයේ වින්‍යා ආරියරත්නද, එක්සත් වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරයේ ගාමිණී ගුණවර්ධනද වගකිව යුතුය.

එසේම බලාපොරොත්තු අතහැරගත යුතු නැත, වියළි පොළොවට විකල්පයේ වර්ෂාව ඇද වැටිය හැකිය. එවිට වල් පැළ ගලවා අලුතින් භූමිය අස්වැද්දවීමට ජාජබයට හැකිවනු ඇත.

(2019.11.24 රාවය)

18 comments:

  1. උඩින් පල්ලෙන් ලියපු මෝඩ ලියවිල්ලක් නේද ?
    ලංකාවේ දේසපාලන පොරපිටියේ මේ මේවෙනකොට මාකට් වෙන දේවල්, ජාතිවාදී ආගම්වාදී තත්වයන්, පාස්කු ප්‍රහාරය සහ ඊට පසු තත්වය, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ව්‍යාපාර වල ක්‍රියාකාරිත්වය, චන්දදායකයන්ගේ මට්ටම මේ කිසි දෙයක් ගැන සැලකීමකින් තොරව ගෙදර ගෑනි එක්ක තරහා වෙලා වගේ, ජවිපෙ එක්ක ටිකක් තරහට වගේ ලියපු හදිස්සි අතාර්කික ලිපියක් වගේ.........

    ජනපතිවරණයේ ඉදිරිපත් වුනු එකම විකල්පය ජවිපෙ නොවෙයි, අති ආකර්ශනීය විශේෂ බලකායේ හමුදාපති තුමාට පවා චන්ධ 50 000ක් නැති වීමේ තත්වය උඩ.......අලුත් විකල්පයක් නෙවෙයි අලුත් ජනතාවක් පත්කරගන්න ඕන රටක රටේ ඉන්න මොදයන්ටම හරියන ජාතියේ මෝඩ ලියවිල්ලක්.........!!!

    ReplyDelete
    Replies
    1. මා හරි උගතා මා හරි ජගතා හිතන මරිමෝඩ ජවිපෙ වහලුන් වන අමුම මැටි මීහරක් රැලද මැදමුලන ගංකබර පොල් රැවුලා ගේ පොල්ලෙලි වහල් හරක් කල්ලිය වගේම අමුම අමු මන්ද බුද්ධික රට මීහරක් රැලක්. නමුත් වාසනාවට ජවිපෙ මීහරක් රැල සංඛ්‍යාවෙන් අල්පයක් වන අතර තව තවත් වේගයෙන් ක්‍ෂය වෙලා යනවා. හැබැයි ප්‍රශ්නයක් වන්නේ මේ වගේම මැදමුලන මීහරක් වහල් හැත්ත ක්ෂණිකව ක්‍ෂය කර දැමීමට අසීරු කාර්යයක් වීම. හැබැයි ඉතින් බය ගොතයයි උගෙ අයියා වටේ ඉන්න හරක් රැලයි ටිකෙන් ටික කඩේ ගිය උන්ට උන්ව එපා කරවනවා. ඒත් ඒ වේගය හොඳටම මදි....

      Delete
    2. @ AnonymousDecember 1, 2019 at 7:09 AM

      // මා හරි උගතා මා හරි ජගතා හිතන මරිමෝඩ ජවිපෙ වහලුන් වන අමුම මැටි මීහරක් රැලද මැදමුලන ගංකබර පොල් රැවුලා ගේ පොල්ලෙලි වහල් හරක් කල්ලිය වගේම අමුම අමු මන්ද බුද්ධික රට මීහරක් රැලක්. //

      ජවිපෙත් මෝඩ වහල්ලු, මහින්දගේ උනුත් මෝඩ වහල්ලු........තෝ තමා හරි උගතා.........

      මා හරි උගතා මා හරි ජගතා කියලා හිතන් ඉන්නේ තෝම තමා..........හා....හා......

      පල කාලකන්නියෝ යන්ඩ..........මහින්දගේ උන් කෙසේ වෙතත් ජේ.වී.පී එකේ ඉන්නේ උගතුන් තමයි.........තෝ වගේ මානසික රෝගියෙක්ට ද දැන් අපි උගතා කියන්න ඕන.......හෑ......හෑ......හෑ........අංගොඩ පලයන් ගොනා.......

      Delete
  2. මේ මොහොතේ ජවිපෙට ජනාධිපතිවරණයක් ජය ගැනීමේ මොනම හැකියාවක් හෝ නැත.එවැනි පසුබිමක ජනාධිපතිවරණයට ඉදිරිපත් විම මොනම හෝ තර්කයකින් සාධාරණීය කර ගත නොහැක.මෙවැනි තියුණු තරඟයක් ඇති වන විට ඡන්ද දායකයා තුන් වන පාර්ශවය අමතක කර දමනවා.ජවිපෙ මෙය තේරුම් ගත යුතුව තිබුනා.ජවිපෙ කර ගත්තේ සිය දිවි හානිකර ගැනීමක්.මෙය හොඳින් බලාගත හැකි වන්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීයි.ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පාර්ළිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූවානම් ජවිපෙට තිබූ තත්වය ආරක්ෂා කර ගැනීම හෝ වර්ධනයක් අත් පත් කර ගත හැකිව තිබුනා.මාගේ නිගමනය නම් ඉදිරි පාර්ළිමේන්තු මැතිවරණයේ දී ජවිපෙ බරපතල ලෙස හෝදා පාළු වන බවයි.

    ReplyDelete
    Replies
    1. උබ කියන විදියට JVP එකට තියන හොදම ක්‍රමය චන්දයකට ඉදිරිපත් නොවී සිටීම.........මාරු චන්ද දායකයෝ බන් උබලා.......ඉතින් කොහෙද රට හදන්නේ.......

      Delete
    2. විපුල,

      ඔක්කොම හරක් නම් එකපාර පන්නන්න වෙන්නෙ නෑ. අපි අකමැති උනත් ගෝඨාට ජනාධිපතිවරණයේදී ලැබුණු ජන්ද පදනම තියාගන්න නම් දිස්තිරික්කයකින් හොඳ අපේක්ශකකයෝ අඩුම තරමේ 2,3 දෙනෙක්වත් දාන්න වෙයි. රැඩිකල් බලුකායෙ කාලකණ්ණි මී හරක් ජෙප්පො බැන්නට ඔය උන් දැන් මරලා දාන්න වගේ වෛර කරන මී හරක් බයියොම තමයි උන්ගෙ 39(41)ක් පාර්ලිමේන්තුවට උඩින්ම පත් කරල යැව්ව. අන්න ඊට අනුරූප දෙයක් වෙනවනම් හොඳයි. ඒ කියන්නේ චාරයක් නැති අවස්ථාවාදීන් වන ජවිපෙ වගේ කාලකණ්ණි හරක් නැති අලුත් විකල්ප කණ්ඩායම් වලට බලය ලබා ගැනීම සඳහා බුද්ධිමත් ජනතාව කටයුතු කළ යුතුයි.

      Delete
    3. @ AnonymousDecember 1, 2019 at 9:02 PM

      // අන්න ඊට අනුරූප දෙයක් වෙනවනම් හොඳයි. ඒ කියන්නේ චාරයක් නැති අවස්ථාවාදීන් වන ජවිපෙ වගේ කාලකණ්ණි හරක් නැති අලුත් විකල්ප කණ්ඩායම් වලට බලය ලබා ගැනීම සඳහා බුද්ධිමත් ජනතාව කටයුතු කළ යුතුයි. //

      කවුද යකෝ මේ අලුත් බුද්ධිමතා......
      උබ කියන බුද්ධිමත් විකල්පය රටේ ජාතික ප්‍රශ්න වලදි කොහෙද බන් හිටියේ.......
      රටේ අන්තිම දශක දෙක තුන ඇතුලත වත් කිසිම ජාතික ප්‍රශ්නයකදී කැපවීමක් නොපෙන්නපු, ජනතාව වෙනුවෙන් ඉස්සරහට නාපු කොහේ ඉන්න බුද්ධිමත් විකල්පයක් ගැනද බන් උබ කියන්නේ........උබේ සිහින ලෝකේ ද උන් ඉන්නේ.......වෙන්ඩ පොෂ් මානසික රෝගියෙක්ද කොහෙද මූ......

      Delete
    4. මම අදහස් කරේ ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වීම වැරදියි කියන එක නෙමේ.මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලොකු හානියක් කර ගත්තා කියන එකයි.මගේ උපකල්පනය හරිද වැරදිද කියලා ලබන මැතිවරණයෙන් පස්සේ බලා ගන්ඩ පුළුවනි.ඇනෝ ඊට පස්සේ අපි නැවතත් හමු වෙමු.

      Delete
    5. @ විපුල අබේසිංහ

      චන්ද අඩුවෙයි කියලා මැතිවරණ ප්‍රතිපල වලට බයේ හැංගිලා ඉදලා, එකපාරටම ජන්දෙට ඇවිල්ලා බලය ලබාගත්ත පක්ෂ ගැන ලෝක දේශපාලනේ අපි නම් අහලා නෑ. තත්වයන්ට මුහුණ නොදී පරදී කියලා බයේ දේසපාලනය මග ඇරලා ඉන්න දේසපාලන ව්‍යාපාර කොහොමද රටක් ඉස්සරහට අරගෙන යන්නේ.........මාර දේසපාලන යෝජනා මේවා.........

      එහෙම එකක් තියනවා නම් කියන්න.

      // මගේ උපකල්පනය හරිද වැරදිද කියලා ලබන මැතිවරණයෙන් පස්සේ බලා ගන්ඩ පුළුවනි.ඇනෝ ඊට පස්සේ අපි නැවතත් හමු වෙමු.//

      ලබන චන්දේ වෙනකන්ච ඉන්න ඕන නෑ හලෝ.........ජන්ද ප්‍රතිපලෙන් හානියක් කරගත්තේ ජේවීපී එක නෙවෙයි, ජනතාව........ දැන්බැ චන්දේ ප්‍රතිපල ටික ටික දැනෙනවා නේ ජනතාවට .බැදුම්කර හොරු එහෙම ඇල්ලුවා නේ.........විල්පත්තුව කපපු උන් ඇල්ලුවා නේ.........

      Delete
    6. ලඟ ලඟම එන කුණාටුවක් ගැන පන් ගහකුයි පොල් ගහකුයි කතා උනාලු.පොල් ගහ වීරයෙක් වගේ කිවිවලු මම නම් ඔය එකකටවත් බය නෑ කියලා.පන් ගහ කිවිවලු එහෙම නෙමේ අපි පොඩ්ඩක් ෂේප් එකේ ඉඳලා බේරෙන්ඩ බලමු කියලා.පොල් ගහ පිලිගත්තෙම නෑලු.සිංහ සෙයියාවෙන්ම හිටියලු.කුණාටුව ඉවරවෙලා බලද්දී පොල් ගහ දෙකට මැද්දේන් කැඩිලා වැටිලලු.ඒත් කුණාටුවේ ශක්තිය ගැන අවබෝධයක් තිබුන ඒ හින්දම නම්‍ය ශීලි උන පන් ගහ කුණාටුවෙන් පස්සේ ආයෙත් කෙලින් වෙලා වෙනදා වගේම හිටියලු.දේශපාලන උපක්‍රම කියන්නෙයි බය කියන්නෙයි එකක් නෙමේ දෙකක්.සමහර වෙලාවට එඩිතර වෙන්නේ මෝඩ කමට.ඇනෝ හිතන්ඩ ඔයාට පස් දෙනෙක් ගහන්ඩ එනවා කියලා.ඔයාට කරන්ඩ තියන හොඳම දේ තමයි පැනලා දුවන එක.ඒක බය නෙමේ.උපක්‍රමශීලී වීම.නමුත් ඔයා පැනලා දුවන්නේ නැතිව බොරු වීරයෙක් වෙන්ඩ ගියොත් වෙන්නේ අම්බානක ගුටි කන්ඩ.ඒක ඔයාගේ එඩිතර කම නෙමෙයි මෝඩ කම.අවුරුදු පනහකට වැඩිය වයස ගිය පක්ෂයක් ලක්ෂ පහක් ඡන්ද ගන්ඩ බැරි උනේ ඇයි කියන එක මහ ඡන්දෙන් පස්සෙවත් නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලන්ඩ.

      Delete
    7. @ විපුල අබේසිංහ

      කොහෙද යන්නේ මල්ලේ පොල් නේද ........ලෝක දේසපාලන ව්‍යාපාර ගැන කතා කරනකොට පොල් ගහකුයි පන් ගහකුයි ගැන කතාකරනවා.....
      ඔයා තාම මොන්ටිසෝරි කතා කියා කියා මොන්ටිසෝරි මානසිකත්වයේ නේ ඉන්නේ........

      දේසපාලන උපක්‍රමයක් විදියට චන්ද මගෑරලා ඉදලා රාජ්‍ය බලය ගත්ත ලෝක දේශපාලන ව්‍යාපාරයක් නම් කරන්න ඔයාට පුලුවන්ද ?

      මේක නිර්භීතකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි......එකම ධනපති කදවුර දෙකට බෙදීගෙන ජනතාව ගොනාට අන්දනකොට අපි ලබන පාර දෙනවා බැටේ කියලා හැංගිලා ඉන්න දේශපාලන ව්‍යාපාර කොකොමද ජනතාවට වග කියන්නේ.........ජේවීපී එක ජනතාවට වගකියන පක්ෂයක් නම් මැතිවරණයට ඉදිරිපත් විය යුතුමයි.........මොකද අවුරුදු 71 ප්‍රධාන පක්ෂ දෙක එකම නාට්‍යය රගපාන නිසා හැමදාම ඔය කියන විදියට ජවිපෙට වෙන්නේ ලබනපාර චන්දේ දිනනවා කියකිය ගෙදරට වෙලා ඉන්න..........එතකොට ප්‍රධාන පක්ෂ 2 ට ගති නොවුණු මතය නියෝජනය කරන්නෙ ඔයාද.........අවුරුදු 50ක් ගියත් ජේවීපී එකට චන්ද නැත්තේ ඇයි කියන එකට උත්තරය තමා අවුරුදු 71ක් ගිහිල්ලත් රට එන්න එන්න හිගන තත්වෙට පත් වෙන්නේ කියලා හිතන එක..........එතකොට පෙනේවි දුෂිත දේසපාලුවෝ සහ මෝඩ ජනතාව තමා හේතුව කියන එක..........

      Delete
    8. අපි දෙන්නගෙන් කාට මොන්ටිසොරි යන්ඩ වෙයිද කියලා මහ ඡන්දෙන් පස්සේ තීරණය කරමු.වයස අවුරුදු 50 ගිහිල්ලත් සියයට පහක් ඡන්දේ ගන්ඩ බැරිව ගියේ ඇයි කියලා හොයන්නේ නැතිව ලෝක දේශපාලනය ගැන විග්‍රහ ඉදිරිපත් කිරීම තමා ජවිපෙ හැමදාම කරේ.

      Delete
  3. මම නම් හිතන්නේ ජනතා බලවේගය (ජනතා විමුක්ති පෙරමුණේ තවත් දේශපාලන වෙළඳ ව්‍යාපාරයක්) කියන විගඩම ඔය කරන 2.50 ගොන් පාට් නතර කර ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර සන්ධාන ගතවී ඉදිරි මහමැතිවරණයේදී එකටම ඡන්දේ ඉල්ලලා ශක්තිමත් විපක්ෂයක් සාදා රාජපක්ෂ කල්ලියේ ජඩ වැඩ පාලනය කර පස්සේ රාජපක්ෂ කල්ලිය පසුකාලීනව පරාජයට පත්කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවා රට දියුණු කිරීමට ක්‍රියා කිරීම කල යුතුම වූ ඓතිහාසික කටයුත්තක් බවට මේ මොහොතේ පත් ව ඇති බව. නැත්නම් අන්තිමට රාජපක්ෂ කල්ලියේ අන්තවාදී බලවේග 2/3 නොව 5/6ක බලවත් ආණ්ඩුවක් හදල රටම කාලකන්නි කරලා දමාවි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ලොක්කෝ කොහොම හිතනවාද දන්නේ නෑ.........නමුත් චන්ද දායකයෙක් වසයෙන් අපිට කියන්ඩ තියෙන්නේ උබට පිස්සු කියලා.......2.50 සෙල්ලම කරන්නෙ ජවිපෙ නෙවෙයි රනිල්ගේ UNP එකයි. එක නොතේරෙනවා කියන්නේ බොරුවක් නේ.
      හොරු අල්ලනවා කියලා බලයට ආපු UNP එක මහින්දලා එක්ක නිදි වැද්ද නිසා නේද දැන් රාජපස්ස කල්ලිය 2/3 හදාගන්න මට්ටමට ඇවිත් ඉන්නේ.........එකට වග කියන්න ඕන හිරේ ඉන්න ඕන රාජපස්ස කල්ලිය හුරතල් කර කර අවුරුදු 5ක් රට කාපු 2015 ජනවරමට සෝහිත හාමුදුරුවන්ට පවා කොකා පෙන්නප්ර් රනිල් ඇතුළු UNP ය.......තමුන්ම අවුරුදු 5ක් හුරතළ කොර කොර ඉදලා, බලයට පත් කරගන්න පාර කපපු රාජපස්ස කල්ලියන් රට බේරගන්න ජවිපෙට UNP එක්ක එකතු වෙන්න ලු...........හුකැස්........

      Delete
    2. AnonymousDecember 1, 2019 at 7:18 AM

      Spot on ! Can't disagree with you mate. But on the other hand, JVP seems to be filled with extremely pessimistic and old fashioned useless rascals, like till win, Wijith the drunken, etc. They loose their voters too often in a rapid way. Therefore UNP should change their strategies and should contest in another way with different presenting to the general public. Need to revise & regroup as soon as possible.

      Delete
  4. ජෙවිපෙට මෙම ජනාධිපතිවරනයේදී ගැනීමට තිබු හොඳම තීරණය සජිත්ට සහය දීමයි. නැතිනම් ජන්දයට ඉදිරිපත් නොවී 2015 මෙන් කටයුතු කිරීමයි.

    එසේ කරා නම්,

    1) සජිත් දිනුවොත්,

    මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ශක්තිමත් විපක්ෂයක් සැදීමේ අරමුණින් ජෙවිපෙට එජාප පාක්ෂිකයන්ගේ චන්දය ලබා ගැනීමට පවා තිබුනා. මොකද ගෝටා නමැති මිනීමරුවා පැරදවීමට සජිත්ට ජන්දය දෙන බොහෝ දෙනෙක් ඉන් පසු එන පාර්ලිමේන්තු ජන්දේදී ජෙවිපෙට චන්දය දීමට සුදානම්ව සිටි නිසා

    2) ගෝටා දින්නා නම්,

    ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා.

    හැබැයි ජෙවිපේ ජනාධිපතිවරනේදී කරේ ගෝටාගේ පාලනයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ, එයාට් කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ මැතිවරණ ප්‍රචාරණයක්. මොකද ජෙවිපේ බය උනා ගෝටා එනවට බයේ මිනිස්සු සජිත්ට ජන්දේ දෙයි කියලා.

    හැබැයි ජෙවිපේ ගනන් බැලීම වැරදි. දැන් සමහර රාජපක්ෂ විරෝධී පිරිස් හිතන්නේ ජවිපෙ බැසිල් රාජපක්ෂ විසින් හරි සජිත් විරෝධී රනිල් හිතවාදීන් විසින් හරි මිලදී ගෙන ඇත කියලා. ඊලග පාර්ලිමේන්තු ජන්දෙන් ආසන 4 ක් වත් ගනීද කියලා ෂුවර් නැහැ. අධිතක්සේරුවෙන් හිටපු ජෙවිපෙට ලැබෙන්න ඕනි ප්රතිඵලය ලැබී තියෙනවා කියලා මට හිතෙනවා...

    ReplyDelete
  5. // ජෙවිපෙට මෙම ජනාධිපතිවරනයේදී ගැනීමට තිබු හොඳම තීරණය සජිත්ට සහය දීමයි. නැතිනම් ජන්දයට ඉදිරිපත් නොවී 2015 මෙන් කටයුතු කිරීමයි. //

    සජිත් දින්නා නම් - ඌ ගෝටා මහින්දව බේරනවා.......

    ගොට දිනන - ඌ රනිල් සජිත්ව දැන් බේරනවා......

    UNP එක දැන් කන් කෙදිරි ගාලා වැඩක් නෑ නේ බන්........හිරේ ඉන්න තරම් චෝදනා තිබුණු මහින්ද, ගෝටා, නාමල්, බැසිල් කල්ලියට නීතිය ක්‍රියාත්මක කරා නම් අද උන් ජනාධිපති අගමැති කමේ නෙවෙයි පොල් ලෙලි තල තල තමා ඉන්න වෙන්නේ........

    හිරේ පොල් ලෙලි තලන්න ඕන උන්ව අවුරුදු 5ක් නීතිය ක්‍රියාත්මක නොකර හුරතල් කර කර හිටපු UNP උන් නිසයි මුන් රජ උනේ........

    2015 කරපු මහජනතාවට, සෝභිත ස්වාමින්වහන්සේට කරපු අමු බලු වැඩේ ඇහින් දැකපු එකෙක්ට කට ඇරලා කියන්න බෑ ආයේ UNP එක දිනවමු කියලා........

    රනිල් කරපු සේවයට තමා මහින්දලා පාර්ලිමේන්තුව විසුරුවලා කෝප් එකට කෙලලා රනියව බේරුවේ..........

    උබල වගේ උන් ගේ මොලේ පොඩි වැඩියි බන් මේවා තේරුම් ගන්න.........

    ReplyDelete
  6. // ගෝටා දින්නා නම්,

    ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා. //

    යකෝ ගෝටා රෙජීම් එක පැසිස්ට් නම් මොකද ආණ්ඩු කරපු අවුරුදු 5 දී උන්ට තිබුන චෝදනා වලට නීතිය ක්‍රියාත්මක නොකර හුරතල් කර කර හිටියේ........ඒ නිසා නේද රෙජීම් එක බලයට ආවේ.......එකේ සම්පුර්ණ වගකීම අවුරුදු 5ක් රෙජීම් එක හුරතල් කරපු UNP ආණ්ඩුවේ නේද.......????

    ReplyDelete