Wednesday, March 15, 2017

ලංකට්



තනිකම කියන්නෙ හරි අපූරු දෙයක්.වෙලාවකට කම්මැලියි,වෙලාවකට,ප්‍රේමනීයයි,වෙලාවකට ගුප්තයි..ඒත් වෙලාවකට පිස්සු වගේ.ඒ උනාට මම තනිකමට ආදරෙයි.වෙන මොකවත් හින්ද නෙවෙයි තනිකම තමයි මගෙ ජීවිතේට ලස්සන ගෙනාවෙ.ආදරය කරන්ඩ ඉගැන්නුවෙ....කොට්න්ම වෛර කරන්ඩ ඉගැන්නුවෙත්.

අහ්..ආදරෙයි වෛරෙයි එකම තැනකින්?..

ඔව්..ගොඩක් මෝඩ මිනිස්සු හිතන් ඉන්නෙ ආදරේ තියන තැන වෛරය නෑ කියල..එක්කො ඒ ගොල්ලන්ගෙ මෝඩකම නැත්තන් අත්දැකීම් නැතිකම..

එහෙමත් නැත්තන්....

එහෙමත් නැත්තන් තනිකර කුම්මැහිකම..

මට තේරෙන්නෙ නෑ.....

තේරුන් ගන්ඩ උත්සහ ගන්ඩත් එපා..තේරුන් ගත්තොත් පිස්සෙක් වෙයි........හරියට ............ හරියට..නෑ නෑ.......... කවුරුත් වගේ නෙවේ..එහෙම තේරුම් ගත්ත කාටවත් මේ සිස්ටම් එක ඇතුලෙ ඉඩක් නෑ..එහෙම උන් උපන් ගෙයිම මරල දානව...ඉතින් උදාහරනෙකටවත් ගන්ඩ එකෙක් නෑ.

එහෙම හිටියත් වැඩක් වෙන්නෙ නැතිවෙයි......

ඒ මොකද?

නෑ උට වෙන්නෙ හුස්ම හිරවෙල මැරෙන්ඩ.....

හරියට ඔයාට වෙන්ඩ යනව වගේ...........

හුස්ම් හිරවෙල මැරෙන එක හරි රොමෑන් ටික්..

රොමෑන් ටික්??

ඔව්..එතකොටයි තේරෙන්නෙ කොච්චර හුස්මට ප්‍රේම කරල තියනවද කියල..

ඒත් මැරුණ ට පස්සෙ මොකටද ප්‍රේම කිරිල්ලෙන්..

මෝඩය..මැරෙද්දි තමයි ප්‍රේම කරන්ඩ ඕනෙ..හැබැයි එහෙම කරන්ඩ පුලුන්...අර උපන් ගෙයිම මරල දාපු උන්ට විතරයි.. 

                                   ..................................................................


අර හුලඟ පේනවද??

හම්ම්ම්...

අර අර ඒක අපි දිහාවට එනව..

මම කැමතියි ඔයාව කසාද බඳින්ඩ..

ඒ උනාට හුලඟ්ෆ කැමති වෙන්නෙ නැති වෙයි...

ඒත්....එහෙනන් අපි හුලඟව කසාද බඳිමු..

මෝඩ වැඩක්..

ඇයි?
හුලඟ කැමති නෑ බැඳෙන්ඩ ..හුලඟ කැමති පාවෙන්ඩ..නිදහසේ තනියම...

                                            .................................................


ඔයා කෙල්ලෙකුට ආදරය කරලම නැද්ද?

නෑ..

ඇයි?..

උන් අපේ ජාතියෙ නෙවේ...උන්ට නෑ නෙ එල්ලෙන කුට්ටමක්..අපේ කට්ටිය මට පොඩි කාලෙ ඉඳන් කියල දීල තියෙන්නෙ තමන්ගෙ ජාතිය රැක ගන්ඩ කියල....

Friday, February 3, 2017

ශ්‍රී ලංකාව සැබෑවටම නිදහස්ද?





ශ්‍රී ලංකාව නෛතිකව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්ව හෙටට වසර 69 කි.


ඒ නිදහස ලැබූ දා සිට අද දක්වා ගෙවී ගියා වූ කාල පරාසය තුල අප රටක් ලෙස ලඟා කරගත්තේ මොනවාද?දිනා ගත්තේ මොනවාද?සැලකිය යුතු තරමේ කිසිවක් නැත,බාගවිට ශ්‍රී ලංකාව සුද්දාටම යටත්ව තිබුනා නම් ආර්ථිකමය හා සමාජීය වශයෙන් අප මීට වඩා ඉහල ස්ථරයක සිටීමට තිබිණි.

අප සෑම වසරකම රටක් ලෙස නිදහස් උළෙල මහා ඉහලින් සමරති.එහෙත් අපට එය සැමරීමට අයිතියක් ඇද්දැයි අප අපෙන්ම විමසිය යුතුය.අප රට තවමත් පරාදීනය.බටහිට රාජ්‍යන්ගේ අතකොලුය.ආගම් වාදී හොරුන්ගේ ගුබ්බෑයම්ය.කොටින්ම කීවොත් ශ්‍රී ලංකාව යනු කුණු ගොඩකි.අප රටේ අපටම කියා ආවේනික ධනාත්මක ආර්ථිකමය හෝ සමාජීමය දර්ශනයක් නැත.ඇත්තේ පාලකයාගෙන් පාලකයාට,ආගමිකයාගෙන් ආගමිකයාට,ජාතිකයාගෙන් ජාතිකයාට, වෙනස් වන්නා වූ අස්ථාර දර්ශනයකි.,එය දර්ශනයකටත් වඩා සිතිවිල්ලකි.ඔවුනොවුන් තම තමාගේ යැපීම හා අභිවුර්ධිය උදෙස සකසා ගත් යාන්ත්‍රනයකි.ඒවා කිසිසේත්ම බහුජන හිතාය හෝ බහු ජන සුඛාය වූයේ නැත.

අප රටට රටක් ලෙස නිවහල්ව තීරණ ගත හකිද?මිනිසුන් ලෙස එකමුතුව තීරණ ගත හැකිද?ව්‍යවසායකින් ලෙස ශක්තිමත් ආථිකමය ව්‍යුහයක් ගොඩ නැගිය හකිද?එසේ නොහැකි වන්නේ මන්ද?අප රටට ස්වාදීන ලෙස පැවැත්මක් නැද්ද?

කවුරුන් කෙසේ කීවාද සුද්දා අප රට පාලන කරන සමයේ අපරටේ තත්වය වර්ථමානයත වඩා සැබැවිම්ම යහපත් විය.

පුරා වසර 69 අප රටක් ලෙස කළ කාර්යයක් නැත.කළ එකම කාර්යය නම් රටේ සම්පත් විනාශ කරගැනීමත් , විනාශ කිරීමට උඩගෙඩි දෙන පාලකයන්ගේ මුහුණු වරින් වර වෙනස් කර ගැනීමත්ය.චීනය,ජපානද ඔවුන්ගේම ආර්ථිකමය රටාවක් ගොඩ නගාගෙන ඇත,සිංගප්පූරුවද වර්තමානයේ ඉංදියාවද ඔවුනොවුන් ආර්ථිකමය බලවත් භාවය ප්‍රදර්ශනය කරමින් සිටී.එහෙත් ලංකාව දවසින් දවස වලපල්ලට යමින් සිටී.,කෙසේ වෙතත් ලංකාව ලෝකෙන් උතුම් රටය.නිර්මල බුදු දහම ට හිමිකම් කියන එකම රටය.මහා සභ්‍යත්වයක් හා සංස්කෘතියකට උරුමකම් කියන රටය,...එහෙත් එහෙව් රටට වසර 69 කට පසුත් දෙපයින් සිට ගැනීමට නොහැකිය.

රට පුරාම ජාතික කොඩි දමා මේ වන විට මහත් අභිමානයකින් සියල්ලෝ ම නිදහස සමරන්නට සූදානම් වෙති.ඇතැමෙකු ඒවා තම තමන්ගේ අන්තවාදී අදහස් ඉලක්ක කර ගනිමින් යොදා ගනිති.මුන් එකෙක් වත් රටක කරන සෙතක් නැති බව දන්නේ සුලුතරක් පමනි.එය නොදන්නා තාක් මේ පරිදිම තවත් වසර සියයක් ගිය තැන පවා නිදහස සැමරිය හැකිය.ලාංකිකයෝ ලැජ්ජා නැති පිරිසකි.වසර 69ක් පුරා තමන්ට ලඟ කරගැනීමට නොහැකිවූ සාර්තකත්වය අමතක කර ලැජ්ජා නැතිව එය අභිමානයෙන් සමරති.

මේ නිදහස් සැමරුම් උළෙලවල් වනාහි නොහැකියාවන් පිළිබිඹුකිරීම්ය."අපි තොපෙන් නිදහස් වී මෙච්චර කල් ගියත් තොපේ බැලමෙහෙවර කං කර වුන්ය",'තොපේ වහල්ලුය...උබලාගේ කුණු කන්දල් සේරෝම දමන කුණු බක්කිය අපේ රටයි...'

මෙය නම් කළ යුත්තේ අභිමානවත් නිදහස් සැමරුම ලෙස නොව විළි ලැජ්ජා නැති නිදහස් සැමරුම ලෙසය
.

Wednesday, January 25, 2017

යුගාන්ත ගින්න



ඕෂෝ..ගැහැණුන්ට පෙබරවාරි 14 ප්‍රේමණීයව සැමරිය හැක්කේ කෙසේද?





එයට ඇත්තේ වැතිරීමේ මාර්ගය පමණි...ඔවුනොවුන් නොහදුනනා අයවලුන් සමඟද,හදුනන අයවලුන් සමගද.....යුගාන්ත ගින්නෙන් දැවී අලුවී යා යුතුය.ඉක්බිති ඒ තුනු පාසයෙන් වඩවඩාත් සතුටට පත්වන,විසී කැරුමේ සාමාර්ථයෙකු වන ප්‍රද්යුම්න දෙවි තෙමේ,අබිනන්දිතව .තවත් තුනු පායාසයන් වෙනුවෙන් ද්වි පද ගීද,සිව් පද ගීද,පංච පද ගීද කියමින් තුටු වෙති.

Thursday, October 13, 2016

මෝටර් බයිසිකලෙන් ශමීර කියන්නේ මොකක්ද?


සූර් වෙච්ච එවුන්, රික්වෙස්ට් එක ප්ලේ කරන්ඩ බැරි සංගීත කාරයෝ,මිනී මැරුමක්,සල්ලි නොදී පැනල යන හයර් එකක්.අසංතුලිත ක්‍රියාවලියක් සංතුලනය පවතින්නෙ ඒවා ක්‍රියා කරවීම මත නෙවෙයි.ඒවා ක්‍රියාත්මක වීම මතයි.

දුවල දුවල හැති වැටුනහම වතුර උගුරක් බොන්ඩත් ටික වෙලාවක් ඉන්ඩ ඕනෙ.වාණිජමය පමණක් ඉලක්ක කරගත්තු චිත්‍රපට බලල බලල නැවත කියවීමකට එන්ඩ ටික දවසක් ඉන්ඩ වෙනව.ඒ හිඳීම බොහෝ අවස්තාවන් උත්පාදනය කරනව.මෝටර් බයිසිකලුත් එහෙම උත්පාදනය වූවක් ද?

මුඩුක්කුවක කොල්ලෙක්ගෙ ආදර කතාවක් මෙච්චර කොල්ලො බලන්නෙ මොකද?මොකක් පිරිමහ ගන්ඩද?මොකක් ලබා ගන්ඩද?ඇත්තටම මුඩුක්කුවක ජීවත්වෙන එදාවේල හොයා ගන්න සංගීත කාරයෙක්ගෙන් ඉගෙන ගන්ඩ ලබාගන්ඩ විඳින්ඩ දෙයක් වර්ථමාන තාරුණ්‍යය තියනවද?.,බලන හැම එකාටම මේක තමන්ගෙ කතාවක් වෙනව ඒ කතාවෙ උවමනාවෙන් හරි බැරිවීමකින් හරි මඟ හැරුනු දේ හෝල් එකට ඇවිල්ල හොයනව.මේ කථාව ඒ තාරුණයේ කථාව ද?.ඉතින් ඇයි මේ තාරුණය තමන්ගේ කථාව මෙය ලෙස ප්‍රකාශ කරන්නේ.එසේ නම් මෙය හතර පැත්තකින් වට කරපු සමාජයේ තාරුණයට අහිමි කරවූවේ හරස්කඩක්ද?

එහෙත් සහතිකවම කිව හැකි කාරනාව නම් මේ කතාව ගතානු ගතික වැඩිහිටියන්ගේ චොයිස් එක නොවන බවයි.කපල් ලව් කරනව දැක්කහම නහුතෙට තදවෙන මහා සංස්කෘතික ජීවීන්ගේ කතාව නොවන බවයි,ශමීර සිය කතාව පුරාවටම පහර එල්ල කරන්නේ ඉහත සඳහන් පුද්ගලයන්ටය.

ආදරයේ ප්‍රකාශන මාධ්‍යන් බහුල නැත.විරලය.හැබෑටම විරලය,නැති නම් ප්‍රකාශන මාධ්‍ය ආදරය පමණක්මය.ආදරයේ ප්‍රකාශන මාධ්‍ය "වන් ඇන්ඩ් ඔන්ලි" ය.චුම්බනය,සංසර්ඝය,කෝපය,ඝට්ටනය ආදරයේ ප්‍රකාශන නොවෙත්.ඒවා ආමර්ථයේ ප්‍රකාශනයන් ය.චුම්බනය හා සංසර්ඝය තමා පිනවීමටය.කෝපය හා ඝට්ටනය තමා සමඟ රඳවා තබා ගැනීමටය.ඉතින් ආදරයෙන් තොර ආදරයක් ඇත්තේම නැත.අප සමාජයේ ආදර පරිත්‍යාගශීලීන් විරලය,ආමාර්තකාමීන් බහුලය.ඒ හෙයින් මෝටර් බයිසිකලයේද ආදර පරිත්‍යාගශීලීන් විරලය.ආමාර්ථකාමීන් බහුලය.සමාජයේ මෙන්ම ශමීරගේ කථාවේද සැබෑවටම ආදරය කරන්නේ මව පුතාටත් පුතා මවටත් පමණි.ප්‍රේමවන්තයෝද,ප්‍රේමවන්තියෝද,යහලුවෝද ඇතුලු අනෙකුත් සෑම දෙනාම කරන්නේ ආමාර්ථ ප්‍රකාශනයන්ය.ඉතින් ශමීර මෝටර් බයිසිකලයෙන් කළේ සමාජය විලිවසාගෙන සිටින රෙද්ද ඔසවා නිරුවත පෙන්වීමය.

පෙම්වතා මුඩුක්කුවේ අයෙකු වෙද්දී පෙම්වතිය මධ්‍යම පාන්තික ජීවියෙකු වෙයි.ඉතින් මුඩුක්කුවා ජීවියාට ආදරය කරයි.ජීවියා මුඩුක්කුවාට පෙරලා ආදරය කරයි.අර මුලින් කියපු කතාව උන්ට නොවන සෙට් එකට අනුව ඔහු විසින් ඇය රවටාගෙන සිටී.ඒ සමජාතීය ආමාර්ථය මත සිටගෙනය,කරපින්නාගෙනය.ඇය ගෙදරට බොරු කියා ඔහු හමුවීමට පැමිනෙයි.මවට හොරෙන් ඔහුට දුරකථන ඇමතුම් දෙයි.ඉතින් මේවා දකිද්දී ගතානු-ගතික වැඩිහිටියන්ට ඩෝප් ය.හිරිඔතප් බිඳීම කතාවය.කපල් එක ෆිල්ම් එකක් බැලීමට යයි,පාර්ක් එකට යයි.බත් කවයි.රූම් යයි.මේවා දකිද්දී මහා සංකෘතික ජීවීන්ට ඩෝප්ය.රූම් එකට ගිහින් බොත්තමින් බොත්තම ගලවා තන් දෙකවත් මිරිකපු නැති එකට අර පෙර කී බහුතර පිරිමියාටත් සුලුතර ගැහැණියටත් ඩෝප් ය.එ වුන් ආදරයේ ප්‍රකාශන මාධ්‍යක් ලෙස සංසර්ඝය තෝරා ගන්නා බැවිනි.ඔහෙත් ඔවුන් දන්නා නොපිළිගන්නා කථාවක් වෙයි.මේ තමාගේ හා අනෙකාගේ ක්‍රියාවලිය බවයි.ඔහු බොත්තම ගලවා නැවත බොත්තම දමන්නේ ඇයි ? ඒය නම් ආමාර්ථකාමී ප්‍රකාශන තුල ආදරේ පුංචි ශිලක් තිබෙන බැවිනි.මේ සියල්ලන්ටම මෝට බයිසිකල් කතාවක් කියයි "යකෝ තොපි ලව් කරන්ඩ දෙන්නැති හින්දනෙ රූම් යන්නෙ."පාර් එකේ කතාකරන්ඩ නොලැබෙන තැන,ප්‍රේම කරන්ඩ නොලැබෙන තැන,චුම්බනයකට බාධා පැමිනෙන තැන ඔවුහු කතා කරන්ඩ යන්නේ රූම් එකටය..එහෙත් එහි කතා කරන්ඩ අවස්තාවක් ඇත්තේ නැත.අවස්තාව ඇත්තේ වැතිරෙන්නටය.

ඉතින් අපි ආමාර්තකාමී ආදරයකට වැතිරෙමු.

බහුජන ආමාර්ථය තුලින් කථාව අරබන හා කතාව අවසාන කරන මෝට බයිසිකල් අපූරු සමාජ පැතිකඩකි