Monday, December 16, 2019

ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන්ගේ යෝජනා සහ ග්‍රාමීය ආර්ථිකයේ උභතෝකෝටිකය.


ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය බොහෝ කාලයක පටන් ශ්‍රී ලංකාව තුළ පැවතිය ද එය අවභාවිත වීම ආරම්භ වූයේ 2004 වර්ෂයේ දී පමණය. ඒ සඳහා මූලික හේතුවක් වූයේ 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරටට ලැබුණු ආධාර, ක්ෂුද්‍ර මූල්‍ය ණය කටයුතු සඳහා යොදවා ගැනීම හරහා ය.

Friday, December 6, 2019

ක්ෂුද්‍ර මූල්‍ය උගුලට බිලිගත් වැලිඔයේ ජීවිත


රසික ගුණවර්ධන

පිළලයකින් ගසක් විනාශ කරන්නේ යම් සේද, එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළලයක් වී ගම්මාන විනාශ කරමින් සිටින්නේය. එහෙත් මේ වන තෙක් කිසිඳු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු මේ පිළලය විනාශ කොට ගම්මාන වල ජීවිත රැක ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඒ හෙයින් මේ පිළලය ගම් නියම්ගම් පුරා පැතිර යමින් සරුවට වැඩෙමින් පවතී.

Saturday, November 30, 2019

විකල්පය ජාජබයට බිලිවූයේද?


ජනතා විමුක්ති පෙරමුණ විසින් විකල්පයේ අපේක්ෂාව වසර ගණනකට නැවත පැළ නොවෙන ලෙසට කාබාසිනියා කර දමා අවසන්ය. දැන් මේ පොළොවේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් පැළවීමට තරම් තෙතමනයක් නැත. තිබූ තෙතමනය අනුර කුමාර දිසානායක උරා බීවේය.