Wednesday, March 30, 2016

පූජා


වියලුණු ගත, ඉරිතැලුණු පොළොව සිපගෙන හමන සිහිල් සුළං රැලි ලොකු පෙර නිමිත්තක්..ජනෙල් කවුලුවෙ යකඩ කූරු අතරින් පෙනෙන අහස් කුස එක පාට්ටම ඒකාලෝකමත් වෙන්නෙ වැස්ස අරන් එන්ඩ පාර කියන අකුණු පාරවල්, හින්ද...ඒ අතරෙ අතරින් පතර ඇහෙන ගෙරවිලි හඬවල් නම් හිතට පුංචි සතුටක් ගේනව...දවස් ගානක් තිබ්බ ඌෂ්නෙ පහවෙලා යද්දි හිතට සතුට නොදැනුනා නම් පුදුමයි...ඔය කොච්චර උනත් මම පුංච් කාලෙනන් ගොරවනකොට හුගක් බයයි..ඒ වෙලාවට අම්ම ලඟට ගිහින් තුරුලු වෙනව...අම්ම ලඟට ගිහින් තුරුලු වෙන්නෙ ඔය කවුරුත් කියනව වගේ "ගෑණු ළමයි ගොඩාක්ම සමීප අම්මට" හින්ද නෙවෙයි...තාත්තෙක් හිටියනන් කොහොම හරි තාත්ත ලඟ තුරුලු වෙනව....හැබැයි තාත්තෙක් හිටියෙ නෑ කියල මට දුකක් දැනුනෙ නෑ...ඒ ඇයි දන්නෑ...සමහර විට තාත්ත ගැන නොදන්න හින්ද වෙන්ඩ ඇති...නැත්තන් තාත්තගෙ අඩුව අම්මම  පුරවන්ඩ ඇති...එහෙම පිරෙව්වනන් ඒකට ගොඩක්ම උදව්වෙන්ඩ ඇත්තෙ සෝමෙ දාස මාම..කොහොම උනත් මට මගෙ අතීතෙ සුන්දරයි......
                                 අතේ එල්ලිල ...කොන්ඩ කරල් දෙක පද්ද පද්ද ඉස්කෝලෙ ගිය අතීතෙ...ආය හවසට අම්මගෙ අතේ එල්ලිල කොන්ඩ කරල් දෙක පද්ද පද්ද ගෙදර එන අතීතෙ...අතර මගදි අයිස් පැකට්,..කඩ චෝරු කන අතීතෙ...ගෙදර ඇවිත් ආය කන්ඩ ඉල්ලල අඬන අතීතෙ...හරිම සුන්දරයි...,ආයෙත් ඒ පරණ තැන් වලට යන්ඩ තියනවනන් කොච්චර දෙයක්ද!....හැබැයි මට ඒ තැන් වලට යන්ඩ තිබ්බ දරු පැටියෙක් හිටියනන්....අතේ එල්ලන් ඉස්කෝලෙ යන්ඩ....සැර කරන්ඩ...කණ මිරිකන්ඩ.....තුරුල කරන් ඉබින්ඩ...ලස්සනනන....දරු පැටියෙක්...අහසෙ හිනැහෙන අකුණු වගේ හිනැහෙන....සීතල සුලං වගේ කතා කියන....මේ අදුර වගේ හැමදාම ලඟින් ඉන්ඩ පුංචි එකෙක්..                              
              පුංචි එකෙක් හදා ගන්න එක මට එච්චර දෙයක් නෙවෙයි....කීදෙනෙක් එක්ක දවසකට ඉන්නවද....සුටුස් ගාල දරුවෙක් බඩේ..ඒ උනාට එහෙම කරන්න කැමති මොකාද...පුක දෙන *සියෙකුට ළමයෙක් හදල දෙන්ඩ....තමන්ගෙ ගෑනිව කාල කාල පඩිපෙල් වගේ ළමයි හදල තව හදන්ඩ...."අඩුම ගානෙ මල්ලි උඹවත් කැමතිද??...!!!!!!!.....නෑ නෙ?.."බඩුවක් කවද්ද ළමයෙක් හැදුවෙ නේද?..."හැබැයි මල්ලි මාත් ගෑණියක්...".                                      
                                             ළමයි ගැන මතක් වෙද්දි අර පාහරයමයි මතක් වෙන්නෙ...සුගත්....කීවෙනන් කොහොමද....ලුණුයි බතුයි කන්ඩ..!!!!..මගුලෙ ලුණුයි බතුයි...මම බඩ කියල දැන ගත්තම බත් තියා ලුණුවත් නෑ...පාහරය....                                                                                                  
      ඒකට බයින්ඩත් බෑ..මොකද තනි අතින් අප්පුඩි ගහනවයැ....මගෙත් අමාරුව තිබ්බනෙ...කොහොම හරි ඌ තමා මට මේ රස්සවට පාර කැපුවෙ....මේකත් ඒ හැටි නරක් නෑ....ඉදල හිටල එන එක සක්කිලියො දෙතුන් දෙනෙක් හැරුනහම....අප්පේ උන් කොහොම ඉන්නවද මන්ද...එහෙම එකෙකුට අහු උනොත්නන් ඉවරයි.....මටනන් ඊළග දවසෙ වැඩක් වත් කරගන්ඩ අමාරුයි...    
        තාම වැස්සෙත් නෑ...විදුලි කොටනව ,ගොරවනව..ජනෙල් කූරු අස්සෙන් රිංගන සීතල සුළං රැලි මට වර්ථමානයේ ඉන්ඩ තහන්චි දානව....අතීතෙට බලෙන්ම අරන් යනව...             
                         එදත් ආව මේ වගේ හුලඟ....
 හැබැයි යකඩ කූරු ගැහුව ජනේලෙකින් නෙවෙයි....ලස්සන්ට ඇරපු අපෙ ගෙදර ජනේලෙන්...ඒ ජනේලෙ හරි ආසයි හුළං එනවට...එයා යකඩ කූරු ගහගෙන නෑ...හැබැයි ඒ හුළං හරි මූසලයි...මටත් ඒක පාසෙ දැනුනෙ..අම්ම පපුව අතගගා කෙදිරි ගාද්දි දැනුන....අම්ම ඉස්පිරිතාලෙට ගෙනියද්දි දැනුන...අම්ම මලාට පස්සෙ දැනුන....හැබැයි අම්ම වලදාද්දි දැනුන්නෑ....එතකොට පොඩි සතුටක් දැනුන....ඇයි දන්නෑ..                                          
               උසස් පෙළත් ඒ එක්කම නැවැත්තුව...නෑදෑයො හිටියට උන් මෙලෝ රහක් නෑ...මාසයක් ඉස්කෝලෙ යැව්ව...පස්සෙ රස්සා ගැන කියවන්ඩ පටන් ගත්ත...කොහොම හරි දැන් අපේ ගේ උන්ට,මම කුලියට.....එක අතකින් උන්ගෙත් වරදක් නෑ...තනි මට මොකටද ගෙයක්...අනික මට ගෙයක් තිබ්බ කියල ගෙදර ඉන්න එකක්යැ...කොහොම හරි අන්තිමට මම ගාමන්ට් රස්සාවක් හොයා ගත්ත....හැකියාවට රැකියාවක් නම් නෙවෙයි.....මාස ගානක් අමාරුවෙන් අමාරුවෙන් මහන්සි වෙලා පුරුදු වෙලා හොයා ගත්ත එකක්......ගාමන්ට් රස්සාවත් ඒහැටි ගැලපුනෙනෑ....උදේ ඉදන් හවස් වෙනකන් මහන්සි වෙලා හම්බෙන්නෙ තුට්ටු දෙකයි....නයිටක් ගැහුවොත් නම් ගාන ටිකක් වැඩිකර ගත්තැහැකි...ඒ උනාට මට එතන එච්.ආර්. එක වැඩිය දිරෙව්වෙ නෑ..අපි නැහෙනව....උන් ආතල් ගන්නව....මාස තුනයි ආය ගෙදර...                                          
            සතියයි දෙකයි ආය කුණු කුණුව....ඒත් මං මොනව කරන්ඩද ??ඔහේ හිටිය,මාස තුනට ගත්ත පඩියෙනුයි...සුගත්ගෙනුයි ජීවත් උනා..මම...... මම....,එයාට ආදරේ කරා මගේ අම්මට වගේම...මට වගේම...........ඒ කාලේනන් හරි සුන්දරයි අපි, එයාට නිවාඩු දවස් වලට ඇවිදින්ඩ යනව..ඔහේ යනව...ආදරෙන් අත්දෙක අල්ලන්...අපි වැඩියෙන්ම ගියෙ වැව රවුමෙ..එතන එහා පැත්තෙ තියන ළමා උද්‍යානය එයා කැමතිම තැන...ඒකාලේ එතන හිටිය පොඩි දරුවෙක්...අම්මයි දරුවයි හිගා කනව...එයා අයිස් ක්‍රීම් දෙකක් අරගෙන එකක් මට දීල අනික ඒ දරුවට දෙනව...අපි දෙන්න ඒකක් කනව...
අපි හිතෙන හිතෙන දේවල් කරා...එයා මගේ මම එයාගෙ...කොහොම හරි මට එයාගෙන් බඩක් ආව..ඒ කියන්නෙ ළමයෙක්..හැබැයි මම ඒක එයාට කීවෙ මම දැනගනත් සති කිහිපයකට පස්සෙ....එදා ඉදන් එයා මාව මඟ ඇරිය...ටිකෙන් ටික..ආදරේ අඩුව දැනුන..ඒත් එයා මට කවදාවක් කීවෙනෑ දරුවව නැති කරන්ඩ කියල...ඒ වෙනුවට එයා මගෙන් ඈ වෙන්ඩ උත්සහ කලා........                                                                  
             ගෙදරින් හෙන කලබලේ...සුගත්ව හොයනව....බයිනව බයිනව...ඉවරයක් නෑ...මගේ කටේ සැර නැත්තන් මාව පන්නල............සක්කිලියො!..                                         
                                      අන්තිමට මම සුගත් වෙනුවෙන් ඉන්න එක නැවැත්තුව...මට තේරුන ගෑණු-පිරිමි මම දිහා අමුතු විදිහට බලනව කියල...උන් හරියට ශුද්ධ වන්තයො වගේ...යකෝ මම අම්ම කෙනෙක් ...සැමියෙක් නැති....... ඉතින් මොකද මට ප්‍රශ්නයක් නැත්තන් උනට තියන ප්‍රශ්නෙ මොකක්ද?ටිකෙන් ටික බඩ මෝරද්දි උන්ගෙ ප්‍රශ්න මගෙ ප්‍රශ්න උනා..උන් මං උනා...උන් උන් උනා...වැරදි කාරය බඩේ ඉන්න එකා...ඒක තීරනයයි...තෝ ආපු තැනටම පල...            
                                                               එලෙව්ව ඌව එලෙව්ව ආපහු...අතින් විස්සයි ඉතුරුව ඇගෙන්....අපි අසරණයි කියල දැන ගත්තහම උන් එන්නෙ බුදියගන්ඩ...සක්කිලියො!,,..අලුගෝසුවො!!...හැබැයි උන් සුගත් තරන් අසහන කාරයො නෙවෙයි....දැම්ම පැද්දුව එච්චරයි...එතැනින් ඉවරයි..                                
                     දැන්නම් හුළං සැර අඩුයි...විදුලි කෙටුවත් ගෙරවිල්ල අඩුවෙලා..වැස්ස නැද්ද...රැවැට්ටුවද....                                              
                                
ඔය අතරෙ මට ගෙවල් ළග රෙස්ට් ටුවරන්ට් එකක වැඩක් හම්බෙනව...එතන හොදයි...පඩිත් හොදයි..කට්ටත් නෑ...හවස් වරුවෙ ගෙදර ගිහෑකි...හැබැයි බොසා නන් හෙන පැණිය...හැබැයි හොදයි...අවංකයි....මෝඩයි...මට බැල්ම දාද්දි මාත් උකුලු මුකුලු දානව...මොකද මුහුදෙන් දිය දෝතක් ගත්තට දැනෙනවයැ...කොහොම හරි අන්තිමට බොසාගෙ ඩ්‍රිවරය ඉස්සර උනා...          
                                                              ඔන්න ඔතන තමා මගෙ ජීවිතේ වෙනස් උන තැන...ඒ ඩ්‍රයිවර් මට අලුත් හෝටලයක රස්සාවක් අරන් දුන්න...එතන ටික කාලයක් වැඩ කරකර ඉද්දි කොහොම හරි මේ රස්සාවට වැටුන..                          
                                 මේක නරකම නෑ...අසහන කාරයො නැත්තන්...මට පොඩි කාලෙ ගෑණියෙකුගෙයි කෙල්ලෙකුගෙයි වෙනස අම්ම කියල තිබුනට ඊට වැඩි දෙයක් කියල දීල තිබ්බෙ නෑ...හැම දෙයක්ම දැනන් හිටියෙ නෑ..මේතරම් දේවල් සමාජෙ ගැන...හැබැයි අවුලක් නෑ...මේ රස්සාව මරු...මමනන් කාටවත් එපා කියන්නෑ...කවුරු කොහොම කීවත් හැමෝටම ඕනෙ සල්ලිනෙ.....මටත්,අපි හැමෝටම........
සල්ලි බුග් බුග් ගාන්නෙත් නෑ...
                                                                                   
         ආයෙත් අකුණක් ගැහුව...,මේ පාරනන් හයියෙන් ගෙරෙව්ව.....දැන්නන් වහී වගේ....                                                              
                                                                                     
                                                                                   
                                                                                    
විශේෂයි;-"කළාව හා කළාත්මක නිමාණ යනු, බහුතර සත්‍ය හා බහුතර පරිකල්පණය මත නිර්මානය වන්නා වූ සත්‍ය හා මැවීම අතර සංවාදයකි..."
එය තමා දකින විඳින හා ලබන සමාජ බලපෑම් මත පාඨකයා සත්‍ය හා අසත්‍ය ලෙස නිගමන වලට එලැබේ..

Monday, March 28, 2016

ජීවිතේ මඳ හසක්

හමන සුළි සුලගක සිහිලැල්ල වීලා
ගලන මඳ පවනක හස රැල්ල වීලා
ගෙවෙන හැම මොහොතකම ආදරය දීලා
ඉන්න මගෙ පණ කෙන්ද නුඹ මගෙම වීලා
                                                      
ඇද වැටෙන වැහි බිඳක කරුනාව වීලා
ගලා යන ගං තෙරක ප්‍රේමයත් දීලා
ආදරේ ඇති හදක සෙවනැල්ල වීලා
ජීවිතේ ලඟ ඉන්න මඳ හසක් දීලා
                                                                                  
ආදරේ නොහදුනන ප්‍රේමියෝ බොහෝ ඇති
ආදරේ නොමදකින ප්‍රේමියෝ බොහෝ ඇති
නුඹ වගේ සැප හොයන ප්‍රේමියෝ බොහෝ ඇති
මා වගේ ලඟ ඉන්න ප්‍රේමයෝ ලොවේ නැති
                                                                                   
 මඳු විතක,මීවිතක ආදරේ රැදෙන්නැති
තව ටිකක් රැළි නගන සව් කොළෙක බැදෙන්නැති
ඒ හිංද මම නුඹට ප්‍රේමයෙක් ටිකක් දුනි
දුක් නොවී ලඟ ඉන්න ඒ වගේ නුඹත් වටී   
                                                                        
ප්‍රේමයක් වගේ ඇති පතිවතක් මට එපා
මහ උසට ඉතිරෙන්න ආදරෙත් මට එපා
පුංච් හිත බිඳ දමන විරහවත් මට එපා
ප්‍රේමයක් ඇර කිසිත් නුඹෙන් මට දෙනු එපා

Tuesday, March 22, 2016

නැගෙන බිඳු සේ නුඹ මැවේ

              ආදරේ රැයෙ සීතලේ මේ
              ආදරේ සුව මට දැනේ
           ඒනිසා තොල සිප ගැනේ
                                                                                  
                                                                                     
            රණ හංස යුවලක ආදරේ
                    ඇති අමිල සුව
                    මට තව දැනේ
                                                                                
                                                                                
             කරුවලේ නුඹ යන වෙලේ
                       තනිය නැහැ
                  නෙත් නුඹ වෙතේ
                                                                                
                                                                           
               ප්‍රේමයේ කදුලැලි ඇතේ
              රාගයෙත් අග දුක ඇතේ
           හදවතේ මගෙ නුඹ ඇතේ
                                                                                   
                                                                                     
                 ජීවිතේ ඇති සැනසුමේ
             සැනසුමක් දෙන මඳු විතේ
            නැගෙන බිඳු සේ නුඹ මැවේ

Sunday, March 20, 2016

බ්ලොග්කරනය හා සම්මාන

බ්ලොග්කරනය,එහෙම නැත්තං බ්ලොග් ලිවීම තවමත් ශ්‍රී ලාංකිකයන්ට නවමු දෙයකි..නැතිනම් අලුත් දෙයකි...ඉතින් ඒ හේතුවෙන් බ්ලොග් ජනතාව අතර තවන පැතිර නැතුවා සේම නිසි ඇගයුමක් ඇගයුම් ලැබිය යුතු බ්ලොග් කරුවන්ට ලැබීනැත..රාජ්‍ය සාහිත්‍ය උළෙලවල් පැවැත් වූවද බ්ලොග් කරුවන්ට අවදානයක් නොලැබී යයි..එවන් වූ කාල සීමාවක නෙලුම්යාය නමින් සම්මාන උළෙලක් ආරම්භ කෙරිනි...                                                                      
                 
කළා කරුවන් ඇගයිය යුතුද?ඒ කුමක් නිසාද?......................කළා කරුවන් යනු සමාජයට රසවත් පණිවිඩ බෙදන්නන් පිරිසකි...නැතහොත් සමාජය හැඩ ගස්සවන්නන් පිරිසකි...ඒ අතරිනුත් බ්ලොග් කරුවන් විශේෂය මක්නිසාද යත් ඔවුනට බ්ලොග්කරනයෙන් වැටුපක් නොලැබේ..හුදෙක් කිසිදු දීමනාවක් හෝ නොලැබේ...එහෙත් ඔවුන් බ්ලොග් ලියයි.....මා වැනි සුලුතරය හැරුනු විට බ්ලොග් ලියන බහුතරය රැකියාවල නිරත වන්නන් වෙයි...ඔවුන් බ්ලොග් ලිවීම කරනුයේ මැදියම් රැයේ හෝ ලැබෙනා සුලු විවේකයේදිය  ........ඉඳින් ඔවුන් කරන්නේ කැපවීමක් නොවේද??ඔවුන් සිය ලේඛන හැකියාව හරහා සමාජය අමතයි........කාලීන ප්‍රශ්න සාකච්චාකරයි......විශේෂිතම දෙයනම් ඔවුන් වචනයට සීමා නොවී සැබෑ සමාජ සේවයේ නිරතවෙයි....අගය කලයුත්ත අගය කල යුතුය එසේ නොකරන්නන් කුහකයන්ය...
යමෙක් කුමක් හෝ කාර්යයක නිරත වේ නම් එයට යම් සැලකිල්ලක් ලැබේ නම් ඔහු එය නොකඩවා සිදුකරයි.......එය යහපත් දෙයක් වේවා අයහපත් දෙයක් වේවා................එහෙත් එසේ සැලකිලක් නොලැබේ නම් එය නොකඩවා කරගෙන නොයයි.....බ්ලොග්කරුවන්ටද එය පොදුවූ කාරනාවකි...ඉතින් මෙසේ නෙලුම් යාය නමින් සම්මාන උලෙලක් පැවැත්වීම බ්ලොග්කරුවන්ට සැලකිල්ලක් දැක්වීමකි.....අගය කිරීමකි....ඉඳින් එය අගය කලයුතු නොවේද?                                                                
          මා දකින පරිදි නෙලුම් යාය කාලීන අවශ්‍යතාවකි....බ්ලොග්කරනය පිලිබද ජනතා අවදානය යොමුවීම අවම වූවත් සිදු කරන්නා වූ මහඟු සමාජසත්කාරයකි.....බ්ලොග්කරුවා දිරිමත් කරන්නකි......කුලෑටි බ්ලොග්කරුවන් අවදිකරන්නකි....
මා ප්‍රසස්ත ගයන්නෙකු නොවේ....හොද පවසනවා සේම වැරදි ඇත්නම් ඒ වැරදි පෙන්වීමද මා යුතුකමක් සේ සලකයි.....ඉඳින් සකස්කරගත යුතුයැයි මා සිතන,පුප්පවා ගතයුතු පොහොට්ටු කිහිපයකි....

1.දේශපාලන සම්භන්ධතාවයන්(උළෙලට දේශපාලඤයින් සම්භන්ද කර ගැනීම) හැකිතරම් අවමකිරීම හෝ හැකිනම් එය නැවැත්වීම.
2.බ්ලොග්ලිවීම නැවැත්වූ පැරණි බ්ලොග්කරුවන් නැවත බ්ලොග්ලිවීමට සම්භන්ද කරගැනීමට වැඩපිලිවෙලක් සකසා ගැනීම.
3.විවේචකයන්ගේ විවේචනයට බදුන්වන කරුනු කාරනා පිලිබඳ සැලකිල්ලක් දක්වා ඒවා සම්භන්දයෙන් ක්‍රියාත්මක වීම.
4.බ්ලොග්කරනය ජනතාව අතරට ගෙනයාමට පලදයී වැඩපිලිවෙලක් ආරම්භ කිරීම.
5.ජයග්‍රාහකයන් හා ජග්‍රහනය ලැබූ නිර්මානවල එකතුවක් එලිදැක්වීම.(මුද්‍රනයක් ලෙස).

මේ කරුනු ඉදිරිපත් කරන්නේ හුදෙක් නෙලුම්යාය දියුණුවම පතන්නෙකු බැවිනි....
ඉතින් අපි පිපෙන්නට ඉඩ හරිමු

                 නෙලුමට ඔහුට රිසිසේ...

Saturday, March 19, 2016

විකුනන ආදරය

විකුනන ආදරය ඒ මොකක්ද??ආදරය විකුනනව මුට පිස්සුද??
වර්ථමානයේ හා අතීතයේ මෙන්ම අනාගතයේ ද ආදරය පැවතෙන්නකි පැවතුනකි හා පැවැත්වෙන්නකි....ඉතින් මේ තරම් කාලයක් ආදරය පැතිර ආවේ කෙසේද??එයට පිලිතුර නම් හැගීම්...අප විඳින,ලබන හැගීම්...හැගීම් ඇතිවන්නේ කුමක් නිසාද?අවශ්‍යතාවයන් සපුරා ගැනීමට...අවශ්‍යතාවයන් සපුරා ගන්නේ කෙසේද??හැගීම් පිනවීම තුලින්...
එසේනම් ආදරය විකිනෙන්නේ  කෙසේද??එසේ විකිනෙන්නේ කවර දා සිටද??මිනිසා ආදරය යන හැගීම දැනුනු දා පටන් ආදරය විකිනේ....සියලු සතුන් විරුද්ද ලිංගිකයන් හා ආකර්ෂනය වන්නේ මූලිකවම වර්ගයා බෝකිරීමේ අභිලාශයෙනි..ඉතින් එහිද ඇත්තේ වෙලදාමකි...මුදල් නොව භාන්ඩ නොව සිතිවිලි හුවමාරුවකි...ඉතින් එය වෙලදාමකි..වෙළෙන්දා හා පාරිබෝගිකයා දෙපාර්ශවය විසින්ම නියෝජනය කරයි...
                          
හුදෙක් පාරීභෝගිකයා තෘප්තිමත් කරන බව පෙන්වුවද තෘප්තිමත් වීවට වැඩි උත්සහයක් දරනුයේ වෙළෙන්දාමය....
ප්‍රේමය වෙනුවෙන් සියදිවි නසාගන්නා වුන් දැක,අසා ඇතිවාට සැක නැත...බොහෝ විට ඔවුනට හේතුවන්නේ නිවසින් වෙනත් අයෙකු හා විවාහ වීමට බලපෑම් කිරීමයි(ඝෘජුව හෝ වක්‍රාකාරව මෙයට සම්බන්දයක් දරයි)...මෙවැනි හේතු හැරුනු විට වෙනත් හේතු වලට සියදිවි නසා ගන්නා පෙම්වතුන් මා දැක නැත...වෙනත් අයෙකු හා විවාහ වීමට සිදුවීම හේතුවෙන් ජීවිතය නැති කරගන්නේ අනෙකාගෙන් තමාට ලැබෙන විදීම නොමැතිවීම හේතුවෙනිල්..එය ශාරීරික,මානසික වැනි ඕනෑ ආකාරයක් ගනී.
            මව්-පිය-දූදරු සබඳතා බලන්න ඒ තුලද ඇත්තේ අතිශය සියුම් වෙළද සබ්බදතාවයකි....දූ දරුවන්ගෙන් මව් පියන් බලා පොරොත්තු වෙන දේවල් සේම මවු පියන්ගෙන් දූ දරුවන් බලා පොරොත්තු වෙන දේවල්ද ඇත...දෙපිරිසම යමක් බලා පොරොත්තු වන පාරිභෝගිකයන්ය....දෙපිරිසම යමක් ලබාදෙන වෙළන්දන්ය..
                                     එහෙත් ආදරය තුල භෞතික වෙලදාමක් සිදුවේද??සිදුවේ එහෙත් බහුතරය තුල නොවේ..සුලුතරය තුලය.
              මෙය ආරම්භ වූයේ මෙරටට එල්ල වූ බටහිර විදේශ ආක්‍රමන සමගය...ඒ සමග ආ ආගම්,ඇදහිලි හා විශ්වාසයන් මුදලට මුල්තැනක් ලැබීම හේතුව ලෙස දැක්විය හැකිය...කෙසේ හෝ එදා සිට අද දක්වාම ආදර වෙලදාම සිදුවේ...භෞතික හා අභෞතික යන මාද්‍ය දෙක තුලම....මතුවටත්...

Wednesday, March 16, 2016

තිරිහන් පෙම

උපැස් යුවල හිස රදවා සිටින වෙලේ
මුකුලු සිනා මට පාලා ඇයයි ගියේ
මසිතෙ රැදුනු සෙනෙහේ පවසමිද කෙසේ
බැරිද සොදුර ඇරලන්නට කවුලු සිතේ



සිනා පිරුනු නුඹෙ මුවගට බැදුනු සෙනේ
තරුණ කලා මා නුඹ දුටු පළමු දිනේ
ආල කලා මා නුඹහට පහස දැනේ
ඇයිද කුමරි නුඹ මගෙ සිසුවියක් වුනේ



නුඹේ සුවද නුඹේ රුවට ප්‍රේම කලා මම
මුකුලු සිනා පාන නුඹේ මුව කමලට මම
මල් විසිනුමු රැලිති ගවුම සැගවු නුඹේ වත
සරසවියෙදි දුටුවා මම මා පෙම් බැදි සිත









ෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..(ගොඩක් දෙනාට) දන්න කවුරු හරි ඉන්නවනන් කියනවද ඒකට හේතුව හා කල යුත්ත







Tuesday, March 15, 2016

පාරිශුද්ධ

කන්‍යාවිය...අපිට අනුව, පාරිශුද්ද කාන්තාවයි..ඉතින් ඒ පාරිශුද්ධ කන්‍යාව පිලිබදව අපි පොඩි කතිකාවක් පටන් ගනිමු...     
                    "කන්‍යාව අම්මෝ..එක 18+ වචනයක්නෙ" ඔය අපේ බහුතරක් දෙනාගෙ සංකල්පය.කුමක් හේතුවෙන් එය 18+ වූවේද?                                                        
                  මා සිතන අයුරින් අපේ රටේ ඇති සංවෘත ලිංගික කතිකාව එයට හේතුවයි.                          
                     උපන්දා සිට ලංකාවේ දරුවන්ට ලිංගික යන වචනය ඇහෙන්නටවත් නොලැබේ.මෙහි ප්‍රදානතම ගැටලුව වන්නේ මොවුන් සමාජය තුලින් මේ වචනය උගන්නා විට එය පිලිබව දැඩි කුතුහලයක් ඇතිවීමයි...කුතුහලයේ අභාග්‍ය සම්පන්න බවනම්,ලැබෙනා ඕනෑම අවස්තාවකින් හරි හෝ වැරදි වේවා..අත්දැකීම් ලබාගැනීමට උත්සාහ දැරීමයි...මේ සිද්දිය බලන්න ඔබ හොදින් අත්විද ඇති....3-4 වසර වල ළමුන් සිය විරුද්ධ ලිංගිකයන් ප්‍රතික්ශේප කරයි.....පවුලේ සහෝදරයෙක් හෝ සහෝදරියක් නැතිනම් තත්වය වඩා හොදින් දැක ගත හැකිය...මෙසේ සිදුවන්නේ ඇයිද??විමසා බැලීම වටී...1-2වසර යනු ළමයා සමාජයට....පුද්ගල සබදතා වලට නිරාවරනය වන සමයයි....ඉතින් ඔවුනට කෙලි සෙල්ලමින් එහා දෙයක් හැගෙන්නේ නැත..                                                
                                ඉන්පසු 3-4-5 යනු පුද්ගල සබදතා තේරුම් ගන්නා...විග්‍රහ කරගන්නා සමයයි..ඉතින් ඔවුනට යහලු මිත්‍රයින් හැරුනු විට අනෙකුත් විරුද්ධ ලිංගිකයන් අමුතු භාන්ඩයක් බවට පත්වෙයි..බස් රථයකදී කොල්ලෙක් කෙල්ලෙක් සමගත් කෙල්ලෙක් කොල්ලෙක් සමගත් වාඩිවී යාමට පවා මැලිකමක් දක්වයි..ඔවුන්ට සිතෙන්නේ පිරිමි සිටින්නේ ගැහැනුන්ට ප්‍රේම කිරීමටත්....ගැහැනු සිටින්නේ පිරිමින්ට ප්‍රේම කිරීමට බවත්ය.....ඉතින් ඔවුහු මගහරිති...ඉතින් මේ ප්‍රේම කිරීමට  විතරක් සංකල්පය, කාලයක් ගතවන තැන ලිංගික ක්‍රියාවලට පමනක් බවට පත්වේ...ගැහැනු දරුවන් පිරිමි දරුවනුත්...පිරිමිදරුවන් ගැහැනු දරුවනුත්..අතර විශ්වාසය බිද වැටී තිබීම මෙයට හේතුවයි....සම එහෙම නැත්නම් සිය වර්ගයේම ලිංගිකයන් සමග පමනක් විශ්වාසය යන කරුන ගොඩනැගේ..ඉතින් වර්තමාන විවාහක පවුල් වල මේ අවිශ්වාසය ආරම්භ වන්නේ මෙන්න මෙතනනි....විස්වාසය සිය යහලුවාවය...පිරිමියා වේවා ගැහැනිය වේවා...                                                      
                            ඉතින් කන්‍යාව ...,පිරිමියා විසින් (බහුතර) කන්‍යාවක් සිය විවාහයට පතන්නේ මන්ද...වෙනත් පිරිමියෙකු සමග නිදා නොමැති බව විශ්වාස කිරීමයි...ඉතින් ඔහු වෙනත් පිරිමියෙකු හා නිදාසිටි ගැහැනියක් බැහැර කරන්නේ මන්ද...මා මුලදී පැවසූ කරුන මතකද?කුඩා කල ගැහැනිය බැහැර කිරීම..ඇයව ප්‍රතික්ශේප කිරීම හා කොන්කිරීම මෙයට හේතුවයි...මා සිතන පරිදි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට විවාහයට ප්‍රථම ලිංගිකව එක්නොවී විසීම තුලින්  කිසිදු හව් හරනක් නොලැබේ...සහ එය කොතරම් සදාරනීකරනය කල හැකිද??                          
                                   මෙසේ කුඩා කල සිටම ලැබෙන දැනෙන හා විදින ක්‍රියාකාරකම් මත පිරිමියාත් ගැහැනියත් ඔව්නොවුන් දකිනුයේ ලිංගික භාන්ඩ ලෙසය...එතකොට ආදරේ කරන්නෙ.....ඔව් ඔව් ආදරේ කියන්නෙ වෙනමම හැගීමක්...(ලිංගික කර්තව්‍යන්ට ආදරය අදාල නොවන නිසා එක සම්බන්ද කර නොගනිමි.....සයනයේදී...එහෙම නැතිනම් එක්වීමේදී අනෙකා ගැන පමනක් සිතන අයෙකු සිටීද??ආදරයේදී නම් සිටිත්..එහෙත් ලිංගික එක්වීමකදී........ලිංගික එකතුවීමකට ආදරය උවමනා නම් මෙලොව ගණිකාවන් කියා කොඨ්ටාශයක් නොමැති වේවි....)එතකොට ඔවුන් හරිය මොකද සෙකන්හෑන්ඩ් භාන්ඩයක් ගන්නවට වැඩිය බ්‍රෑන්ඩ් නිව් ඒව ගන්ඩනෙ කට්ටිය කැමති...හැබැයි මානුශීයව සිතා බලන කල...කන්‍යාවක් නොවන පමනින් ඔවුන් විවාහයකට නොසුදුසුද??එසේ වන්නේ කෙසේද??මගේ තර්කය නම් ගණිකාවකට පවා විවාහවී සතුටින් ජීවත් විය හැකි බවයි.....
                                                           සහ කන්‍යාවක් විවාහයකට ඉල්ලීම කොතරම් සාදාරනද?ඔබ සිතන්න ඔබට නිරුවත් ලස්ස රූසපුවක් හිමි ලනාවක් හා තනිවන්නට ලැබෙනවා කියා...ඔබට එයින් ලිංගික හැගීමක් පහල නොවේ නම් ඔබ සිත දියුනු කල මහා උත්තමයෙක්ය...නැතිනම් ලිංගික දුබලයෙක්ය....ක්‍රියාවට යෙදවීම හා නොයෙදවීම එයට අදාල නැත...ඉතින් එහිදී ක්‍රියාවක් වූවා කියා වරදක්ද නැත....ඉතින් ගැහැනියක්ද සරාගී පිමියෙකු හා යහනක තනිවූ විට සිදුවන ක්‍රියාවද මෙයමය...සිදුවිය යුත්තේ කර්තෘ මාරුවීමය..ඉතින් දෙපිරිසේම ක්‍රියාවලිය සමානය..හුදෙක් එක් පිරිසක් පමනක් වාරණයට යොමුකිරීම සාදාරනද???                                                       
                        මෙහිදී මතුවන ප්‍රධානතම කරුන නම් කුහකත්වයයි...ඊරිසියාවයි...අප සමාජය පුර්ෂ මූලික බැවින් පිරිමියා හඩගා කන්‍යාවක් ඉල්ලයි ගැහැන්නිය නිහඩව පාර්ශුද්ද පිරිමියෙකු ඉල්ලයි..ඩිම්බයකින් හා ශුක්ක්‍රානුවකි නිශ්පාදනය වන මිනිසා ශුක්‍රානුවක් නිසා අපිරිසිදු වන්නේ ඇයිදැයි නොතේරේ...                         
                                         මේ ගෝත්‍රික ක්‍රියා පිලිවෙත අප සම්මාජයේ තවමත් දක්නට ඇත්තේ නිහඩ ගැභැනිය නිසාය...ගැහැනියකට හැකියාව තිබිය යුතුය ස්වයං තීරන ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට......තනියෙන් ගැහැනියක් වශයෙන් පිරිමියෙකුට ගැති නොවී ජීවත් වීමට.....එවිට පිරිමින්ට කිසිවිටක ගැහැනිය සිය හිතුමතයේ භාවිතා කිරීමට හැකියාව නොමැති වීයයි...එවිට ගැහැනියට සමාජය තුල ස්වාදීනත්වයය ලැබෙයි....ආධිපත්ය පිරිමියා හා සමව පැතිර වීමට හැකියාව ලැබෙයි...ඉතින් එවිට කන්‍යාවක් ලෙස විවාහ වනතුරු හැගීම් ගුලිගසා තබා ගත යුතුද......තම සිතිවිලි ක්‍රියාවට නැන්වීමට අවස්තාව නොලැබේද??යධම් බිද දමා නැගිටීමට අවස්තාව නොලැබේද??                                                              
                       අනෙක් කරුන නම් ගැහැනියකට මුලින්ම චොදනා කරනුයේ තවත් ගැහැනියක් විසිනි....ඒ ඇය ලබන්නා වූ විදවන්නා වූ ඊර්ශියාව හේතුවෙනි.....සමාජය විසින් ඇයට එසේ හැසිරීමට නොදෙන්නා බැවින් හැසිරවෙන්නා වූවන් ගැන ඇති ඊර්ශියාව හේතුවෙනි..එය ගැහැණියකගේ වචනයෙන්ම මෙසේය""ඔයා එයත් එක්ක ඉන්නව කියද්දි මට හරියට ඊරිසියා හිතුන අනේ""                                                                         
            ලංකාවේ මීට දින කිහිපයකට ඉහතදී කුලියාපිටියේදී සිදුවූ ගැටලුව ඔබට මතක ඇතුවාට සැක නැත.... පියා ඒඩ්ස් සෑදී මිය ගියවිට  දරුවා පසල් පැමිනෙනවාට විරුද්ධ වීම...ඒ සියල්ලටම හේතුව කුමක්ද??ලිංගික අධ්‍යාපනය නොමැතිකම නොවේද?ලිංගික සංප්‍රේශන රෝග පිලිබද නොදැනුවත් භාවය නොවේද??පාසල් අධ්‍යාපනය තුල වඩාත් හරවූ ලිංගික අධ්‍යාපනයක් නොලැබේ...සංවුත අපේ සමාජය තුලනම් මවහෝ පියාගෙන් නම් එය බලා පොරොත්තු වීම මහා මෝඩකමකි....ඉතින් දරුවා ඒ පිලිබද දැනුමක් ලබාගන්නේ කොහෙන්ද..සමාජයෙනි...තමා ඇසුරුකරන....පුද්ගලයන්ගෙනි...ඉතින් ඒ ලැබෙන වැටහීම හරි වේවා වැරදි වේවා ඔහු බාරගනී..අනාගතය..මුලු ජීවිතයම ඔහු ගොඩනගා ගන්නේ එම දැනුම හා අධ්‍යාපනය මගිනි...ඉතින් ඒ කුලියාපිටියාවනුත් ක්‍රියාත්මක කරනුයේ අපෙන්ම......ලබාගත් දැනුම නොවේද??ඉතින් මෙය ගුරා උගන්වා ඉගැන්වූව ශිෂ‍යා පිලිපදින විට ඔහුට චෝදනා කිරීමක් නොවේද....                                               
                                     අනෙක් කරුනනම් මේ ඉහල යන ළමා අපචාර පාලනයට ඇති හොදම විසදුමනම් මේ ලිංගික අධ්‍යාපනය දරුවාට ලබාදීමයි...දැනුමින් සන්නද්ධ දරුවා පොලබවා ගැනීමට හා රවටා ගැනීමට ඇති හැකියාව බොහෝසෙයින් අඩුය....                                   
                                         ඉතින් තව දුරටත් කන්‍යාවන් අවශ්‍යද....ලිංගික වහලුන් ලෙස තමාටම පමනක් වෙන්කරගත් කන්‍යාවන්.....ලිංගික නිදහසක් නැති...හැගීම් සිරකරගත්...                                
                                                                                     
                                                                                       
                         නැතිනම් අවසානය...
       https://media.giphy.com/media/l4KhYmlrmOd8xNFeM/giphy.gif

Saturday, March 12, 2016

හිමිදිරි මිතුරා

පාන්දරකදි පාර අයිනෙදි
හමුවුනා මට හිතවතෙක්
බැබලුනා ඔහු මට පෙනෙන්නට
විසිරි අදුරට රිදවමින්
                                                                                     
එකෙකු දෙන්නෙකු ඔහුව පසුකර
ඉගිල ගියවද නොසැලෙමින්
තව සිටී ඔහු විරජමානව
විසිරි අදුරට රිදවමින්
                                                                                     
කොහොම නම් නුඹ ඔතන ඉන්නෙද
මහා සීතත් පරයමින්
මම ඇසූවිට සිනැහුනා ඔහු
විසිරි අදුරට රිදවමින්
                                                                                       
මගේ ගමනට පියමැන්න මම
ඔහුව එතැනම සිටියදින්
නැවත එනවිට එතැන නැහැ ඔහු
පලා ගොස් ඔහු සිටි තැනින්
                                                                                      
සිනහ විය මට හිරු කුමරුවන්
මා ඔහුගෙ දෙස බැලු හෙයින්
එකෙකු එන්නේ තවෙකු තැලුමට
මනු සමාජය සිහි ගන්වමින්

Friday, March 11, 2016

තිස්සමහාරාමෙ දාඩිය

මෙය මා ලිවීම ගන්නේ දැඩි කල කිරීමකිනි..මගේ රට.....මගේ ජනයා...මගේ ජාතිය....මගේ ආගම පිලිබද දැඩි පසුතැවීමකිනි..කනගාටුව නම් කුලියාපිටියේ සිද්දිය සිදුවී උනුහුම පහව යන්නටත් පෙර ඊටත් වඩා තුච්ච වැඩක් සිදුවීමයි..දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙයට රිජුවම වගකිව යුත්තන් වන්නේ විදුහල්පති හා ගුරුවරුන්ය....                                                                
   කාරනාවනම් ගදය ශරීරයෙන් හමන්නා වූ දාහය ගදය...නව තැනකින් අසූචි වැගිරෙන මේ කුනු කයේ ගද සාමාන්‍ය කරුනක් බව ඔබද පිලිගන්නවා ඇත..ඉතින් ඒ දාහය ගදට හැකිවේද අහිංසක දරුවන් දෙදෙනෙකුගේ පාසල් ගමන නැවැත් වීමට....    
 එක්කෝ තිස්සමහාරාමෙ අදාල පාසලේ ගුරුවරුන්ට අනෙක් ලමයිට දාඩිය දාන්නැතුව ඇති..මේ අසරනය දෙදෙනා පමනක් මේ ගැටලුවට මුහුන දෙනවා විය හැක....                                                                 
                    අපේ පාසල් කාලයේ ද මුහුන නොසෝදා කබ පිටින් පාසල් පැමිනි ලමුන් නොසිටියා නොවේ..එහෙත් අපෙ ගුරුවරුන් කලේ වතුර කරාමයක් ලගට ඔහුව රැගෙන ගොස් මුහුන සේදීමය....මට අද වාගේ ඒ සිද්දිය මත ඇත...මාගේ ගුරුවරයාට ගෞරවයක් ලෙස එය මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි....පාසල පොල්ගහවෙල බර්නදෙත් ආදර්ශ මහා විද්යාලයයි...මා ඒ වන විට සිටියේ පාසලේ දෙවන ශ්‍රේණියේය....ගුරුතුමිය මැණික්ගේ ගුරුමෑණියන්...උදෑසන ඇය අපගේ ශාරීරික පිරිසිදුතාව නිරීක්ශනය කරයි...නියපොතු කපා තිබීම,දත් මැද තිබීම,මුහුන සෝදා තිබීම..ඇයගේ නිරීක්ශනයට ලක්වේ...නියපොතු නොකපා සිටියෙකු අසු උවහොත් ඇය කරනුයේ සිය අට්බෑගය අතදමා නිය කපනය ගෙන ආදරයෙන් ඔහුගේ නියපොතු කැපීමයි...කෙසේ වෙතත් අපගේ පංතියේ සෑම දෙනාම පිරිසිදුව පැමිනෙති...එක් දිනක් මුහුන සෝදා නැති ලමයෙකු ඇයගේ පරීක්ශා කිරීම් අතර තුර හමුවිය...ඔහුසමග මොනවාදො කතා කල ඇය ඔහුව අතින් අල්ල පංතියෙන් ඉවතට ගියේය.....දැල් ගසා තිබු ජනේලයේ තිර රෙද්ද ඈත් කල මා එදෙස බලවිට දුටුවේ ඒ ලමයාගේ මුහුන සෝදන මගේ ගුරුතුමියයි..
ඉතින් අපට සිටියේ ඒ සා ගුරුවරුන්ය ඇත්තෙන්ම ඔවුන් ගැන නිහත්මානී ආඩම්බරයක් ඇත.                                                  
                     
ඉතින් නැවත සිද්දිය දෙසට යමු...අර අහින්සකයන් දෙන්නා පාසලේ සිටිනුයේ වෙනමම මුල්ලකට දමාය...අනෙක් ලමයින්ගෙන් කොන්කරය..හේතුව කුමක් වේවා කොතරම් අප්‍රසන්න හේතුවක් වේවා ගුරුවරයෙකුට හෝ විදුහල්පතිට මෙසේ ඔවුනට පාසල් නොපැමිනෙන ලෙස පැවසිමට ඇති අයිටිය කුමක්ද?                                                                              
            තිස්සමහාරාමයේ ජනජීවිතයේ කටුකත්වය ඔබ නොදන්නවායැයි මම නොසිතමි..දැඩි ආර්තික දුශ්කරතා ඒ පලාත්වල ඇති ලොකුම ගැටලුවයි...ඉතිම් ඒ ගැටලුවෙන් ගොඩ ආහැකි හොදම විසදුම අධ්‍යාපනය නොවේද?ගුරුවරුන් මෙතරන් නපුරු මක්නිසාද...කුරිරු මක් නිසද...කුහක මක් නිසද...දරුවන් දෙදෙනෙකුගේ අනාගත එලියවන නිසාද???ගුරු ගෞරවය විනාශ කරන්න්නේ නුඹලාය..
                        
මේ දරුවන් දෙදෙනාගේ මව හා පියා කරන්නේ කුලීවැඩ...ඔවුන් සිය ජල අවශ්‍යතාව සපුරා ගනේ අසල කඩේ මහතෑලගෙ ළිදෙනි...එහෙත් ඔවුන් සවසත නාකියා පිරිසිදු වෙති..පිලිවෙලකට සිටිති...ඉතින් තවත් මොන කතාද...ගේ වටේ ලිං තියාගේන දවස් ගනන් නාන්නැතුව සිටිනා අපේම බ්ලොග් කරුවන් කීවක් සිටිත්ද(හික්).ඉතින් මේ දරුවන් කෙතරම් පිරිසිදුද??..                                                                       
                                මේදරුවන් දෙදෙනාගේ වැඩිමහලු සහෝදරයාද මානසික ආබාදයකින් පෙලෙන බව දැන ගන්නට ලැබී ඇත.....දෙමාපිය කෙතරම් පීඩනකින් ජීවත් වනවා ඇත්ද....
                   අනෙක් කරුන මේ දරුවන් දෙදෙනා කොතරම් මානසික ආගාදයකට වැටී සිටිනවා ඇද්ද...මොවුන්ට දැනට පාසල අප්‍රසන්න තැනක් ලෙස පෙනෙනවා සහතිකය.....හිරිමල් වියේ සිටින මේ දරුවන් යෞවනයට එලබෙන මෙවැනි කාල සීමා වලදී ගුරු දෙමාපියාදීන්ගේ වගකීම විය යුත්තේ ඔවුන්ව ආරක්ශාකිරීම විනා බැහැර කිරීම නොවේ....
මේ ගුරුවරුන් මෙතැනට තල්ලු කර දැමුවේ කවුද?අපම නොවේද...අපේ සමාජයමනෙවේද?එහෙත් සිදුවන්නේ කුමක්ද?ඔවුන්ට cඕදනා කිරීමයි...සමාජයක් ලෙස එක්ව ඔවුනට cඕදනා කිරීමයි...සිනහ සීමයි...ඉතින් ඔවුන් හැදෙන්නේ කවදාද...කුලියා පිටියටත් සිදුකලේ මෙයම නොවේද??සිනහ සුනි...සිංහ ලේ කාරයන් බොරුවට ගොරවත්...සිංහල එකෙකු කරදරයක වැටුනහම එක සිංහ ලේ කාරයෙක්වත් නැත...ඉන්නේ සුලුජාතිකයන්ය.....මා හටනම් ආඩම්බර ඔවුන් ගැනය...රටක් ලෙස එකමුතුව ජීවත් වන්නන්ය....
                මේ දරුවන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැත මක්නිසාද යත් අනුකම්පාවෙන් ගද නැතිවන්නේ නැත අවශ්ය වන්නේ ගද දැනෙන නහයවල් වලට තමන්ටද දහඩිය දමන බව මතක් කර දීමයි....
                       ඔය දාඩිය ගදයි ගදයි ගාන උදවිය රතිකෙලියේදී මුගුරන දාඩිය සුවද ඇති..ඇද තෙම්මෙනකන් කොට්ට පෙගෙනකන්...අම්මේ ඉතින් නේද??එවුන්ට උදේට ඉස්කෝලෙට දුවගෙන එද්දි පොඩි ලමයිට දමන දාඩිය උහුලන්න්නට බරිය....හරි ගදය....ඩර්ටිය..මොක්කද උන්න්ට සෙන්ට් නැත...ඇත්තේ ගොවි සුවදයි...නැතිනම් සැබෑ මානව පුසුඹයි..සුකුරුත්තන් නැත ඇත්තේ අවි‍යාජත්වයයි..          
                          
                       අවසානයට මෙසේ කියන්නම්......ආඩම්බරයි නගේ උඹලගෙ දාඩිය සුවද ගැන..                                            
                                                                                  
                                                                                   
                                                                                      
නිමිත්ත මෙයයි...
                     උපුටා ගැනීම
                                     //
පියුමියි, මයුමියි... නිවුන් දරුවෝ. ඉගෙන ගන්නේ තිස්සමහාරාමය ප්රදේශයේ කුඩා පාසලක 8 වසරේ...
පාසලෙන් විදුහල්පති සහ පන්තිභාර ගුරුතුමා කීවලු නැවත පාසල් එන්න එපා කියලා. හේතුව මේ දෙන්නා ලඟ "ගඳයිලු" පිරිසිදු නැහැල්ලු. මේ කතාව අපට කීවේ දරුවන්ගේ අම්මා.
මේ ඡායාරූපය ගත්තේ මම. අද මම මේ ගෙදරට වියළි ආහාර ද්රව්ය අඩංගු පාර්සලයක් පරිත්යාග කලා. මේ අයගේ අයියා මානසික ආබාධයකින් කුඩා කල සිටම පෙළෙන කෙනෙක්.
දරුවෝ දෙන්නත් එච්චරම සමාජශීලී අය නෙවෙයි කියලා මට හිතුනේ. සමහර විට මම දැක්කහම බය වුණාද දන්නෙත් නැහැ. හරි ලස්සන හිනාවක් දෙන්නටම තියෙන්නේ. මටනම් දෙන්නා වෙන් කරලා අඳුරගන්නත් අමාරුයි. දැන් පාසලෙන් කියන කතාව ඇත්තක්ද බලන්න මාත් මෙයාලට ලං වුණා. ඒ දරුවෝ ගාව එහෙම අප්රසන්න දුගඳක් හැමුවේ නැහැ.
මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕන නිසා මම මෙහෙම ඇහුවා අම්මගෙන් කෙලින්ම. "ඇයි එහෙම කියන්නේ කියලා දන්නේ නැතිද, මෙයාලා උදේට ඉස්කෝලේ යනකොට නාන්නේ, මූණ හෝදන්නේ නැතිද?"
"හැමදම ඉස්කෝලෙ ඇරිලා ආවහම නානවා, උදේටනම් නාන්නේ නැහැ. අපිට බොන්න වතුර ටිකක්වත් නැහැ. අර කඩේ මහත්තයලගේ ගෙදරින් තමා උදේට වතුර කෑන් එකක් අරන් එන්නේ, මෙයාලා ලඟ එහෙම ගඳක් එන්නේ නෑ, ඒත් පන්තියේ මේ දෙන්නව අනික් ළමයින්ගෙන් වෙන් කරලා වෙනම මුල්ලකට දාලා තියෙන්නේ, සර්ලා ඉස්කෝලේ එන්න එපා කියලා බනිනවලු. ඉතිං දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා මහත්තයා"//.   
        
//සැ.යු : මෙහි සඳහන් නම් සත්ය නම් නොවන අතර මෙය මේ දරුවන්ගේ මවගේ ප්රකාශයක් පදනම් කරගෙන දමන ලද පෝස්ට් එකක් බවත් නිරවද්යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට මාහට පාසලට ගොස් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොලැබුණ බවද, ඒ සඳහා මාහට නීතිමය අවසරයක් නොමැතිබවද කරුණාවෙන් සළකන්න.
Photo Credit : Danesh Maduranga Edirisooriya (All rights Reserved)
Personally Visited by Danesh Maduranga Edirisooriya (Founder, Managing Director - SamajaSathkara.lk)///.                                          
                   උපුටා ගැනීම අවසන්..
                       https://m.facebook.com/photo.php?fbid=965540020150008&id=100000820578834&set=a.209961979041153.47065.100000820578834&refid=52&_ft_=og_action_id.965540053483338%3Atop_level_post_id.965540046816672%3Atl_objid.965540046816672%3Athid.100000820578834&__tn__=E

Thursday, March 10, 2016

වීම වීම හා පුනරාවර්තී චක්‍රය...2 තිස්සමහාරාමය

කාන්තා දිනය ගැන ලිපියක් ලියන ගමන් මුහුනු පොත පැත්තෙ ගියෙ මිතුරෙක්ගෙන් ආව පනිවිඩයකට පිලිතුරක් යවන්න..ඒ අතරෙදි දැක්ක මේ දෙහරිම දුක්කිතයි...මම කලින් ලීව ලිපිය ""වීම වීම හා පුනරාවර්තී චක්‍රය"" කියන ලිපියේ මාතෘකාවටම මේක හොද උදාහරනයක්..
              උපුටා ගැනීම මුහුනුපොතේ Dunesh Madhuranga Edirisooriya ගෙ ලිපියකින් ලිපිය බලන්ඩ පුලුවන් මේ ලින්ක් එකෙන් https://m.facebook.com/?hrc=1&refsrc=http%3A%2F%2Fh.facebook.com%2Fhr%2Fr&_rdr#!/story.php?story_fbid=965540046816672&id=100000820578834 ඉස්සල්ලම ලිපිය බලල ඉන්ඩ.                            
                              කුලියාපිටියේ සිද්දිය උණු කැවුම්වාගෙ මාකට් වෙන කාලෙක මේ වගේ සිද්දියක් වීම තුලින් පේන්නෙ ලැජ්ජා නැතිකම.සාමාජයේ තියන පලි ගැනීම..හරියට මේ සිද්දිය ගැන කියන්ඩ විස්තර නොදන්නා නිසා වැඩිපුර මේගැන ලියන්නෑ..පුලුවන්න හැමෝම දැනුවත් කරන්ඩ එතකොට මොකක් හරි සාදාරනයක් සිද්දවෙයි..අපේ නෙලුම් යායෙ කට්ටියටහ් කියන්ඩ..දීර්ග ලිපියක් පසුව ලියමි

උනා දෙයක් මේවගේ

හීං සීරුවට නිදිමත ඇවිදින් ඇස්දෙක පියවෙනවා
ඒ අතරෙම නුඹ නොකියා ඇවිදින් සිත මත වැතිරෙනවා
 කංපෙති අස්සේ හීන් කෙදිරියට සිත මගෙ කකියනවා
ආදර ගගුලේ පිහිනන්නට නුඹ ඇරයුම් ගෙන එනවා


ඔබෙ අත පටලා මල් පිරි මල්ගොමු පසුකර මා යනවා
මාදැක පරවුනු පිපුනු නෙලුම් මල් නුබ දැක හිනැහෙනවා
මල්පැණි සොයනා චූටි කුරුල්ලන් බැණ බැණ ලතැවෙනවා
නොදන්න ගානට හිනැහි හිනැහි නුඹ පෙම්බස් මුමුණනවා


නෙක නෙක මල් පිපි සීතල දිය ඇති නිපැහැ නිසල විලයි
නෙක නෙක හැඩ ඇති කිතුල් රැහැන වැනි ලස්සන නුඹෙ වරලයි
ආදර බස් ඇති නාදල් පැහැ ඇති පොපියන ඔබෙ දෙතොලයි
මල්ගොමු මැද්දේ පිපුණු හොදම මල නුඹ වග මට පවසයි


හිරිගඩු පිපෙනා සීතල රෑකදි නුඹ මට හමුවූවා
උණුහුම රැදි තිබු ලස්සන ඔය වත සුරලොව පැවසූවා
ජීවන ගමනේ නොමැකෙන මතකය නුඹ, කරගන්නට සිත් වූවා
සුන්දර නුඹ සිටි මා දුටු සිහිනය රැයෙහිම නිම වූවා



                                            

Wednesday, March 9, 2016

වීම වීම හා පුනරාවර්තී චක්‍රය


මේ ලිපිය මීට දින කිහිපයකට පෙර ලිවීමට අදහස් කරත් මේ දක්වා කල්තැබුවේ ඇත ඇති සැටියෙන් එලිවෙන තුරු හා කතාන්දර නිමාවකට පත්වන තුරුය..                                                    
                        මාතෘකාව ඒඩ්ස්                             
         අප නොදුටු ඒඩ්ස් නොවන ඒඩ්ස්...
 මුලින්ම මා මෙසේ උදාහරනක් තුලින් ලිපිය පටන් ගමි...                      කන්‍යාභාවය විවාහයකට මෙරටදී කොතරම් වැදගත් කමක් ලැබෙනවාද...එයට මනමාලිටත් වඩා වැදගත් තැනක් ලැබෙනු සහතිකය.කන්‍යාවක් නොවන ගැහැනුන් සලකන්නේ මහා පාපතරයින් ලෙසය...ඔවුන් මහා වැරද්දක් කලා ලෙසය...එක් ප්‍රදේශයක් නොව ලංකාවේ සියලුම ප්‍රදේශ වල සිදුවන්න මෙයය.නැන්දම්ම්මා සලකනුයේ ඇය වෛයිශ්‍රාවක ලෙසය..පවුලේ අනෙක් අයගේ සැලකීමද ඊට දෙවනි නැත..කෙසේ හෝ වර්තමානය වනවිට මෙහි යම් වෙනසක්(සමාජ තත්වමය දියුනුවක්)දක්නට ලැබේ..                                    
                     දෙවන උදාහරණය...         ලංකාවේ පෙම් යුවලක් අතින් අල්ලා යෑම..කරට අත දමාගෙන යාම..මුකුලු කිරීම..ජාතික අපරාදයකි,කිස් එකක් දුන්නොත්නම් මරණ දණ්ඩනය ලබාදිය හැකි වරදකි...මෙහි උච්චතම අවස්තාව පසුගියදා රගදැක්විනි..මේ කුහකකම රටක් වශයෙන් අපෙ බොහෝ ජනයාට උරුම වූවකි..                                                           
                    
ඉහත උදාහරණ දෙකින් පැහැදිවූ දෙයක් ඇද්ද එය නම්,අපේ යාවත් කාලීන නොවීමයි..කුහක ගති පැවතුමයි..සමාජ රාමුවයි..                                                                        
      කුලියාපිටියේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද..ඔවුන් එච් අයි වී පිලිබද දැනුවත් නොවීමද..නැත සිදුවූයේ එය නොවේ..ඔවුනට අඩුම තරමේ එය දැන ගැනීමටවත් අවශ්‍යතාවයක් නොතිබීය. ඔවුන් සෙව්වේ සමාජ රාමුවයි දරුවා කොටු කල හැකි සමාජ රාමුවයි...අති පාරිශුද්‍ය ජනතාවගේ රාමුවයි..පිවිතුරු..ලිංග දැක නොමැති..අහක් බලගෙන චූකරන විශිශ්ට සමාජ තත්වයයි...ඇත්තෙන්ම එය රමණීයයි..                                                        
                         සුපුරුදු ඒ ක්‍රියාවලියයි...සියල්ලන්ම කිරීමට කැමති ක්‍රියාවලියයි..ඔවුන් හැදුවේ ඒ මහා වීරකම කර සමාජය සමග සිනහ වීමටය..ආතල් එකක් ගැනීමටය...පාරිශුද්ද කුලියාපිටිය රටටම පෙන්වීමටය...වැරැද්ද ඔවුන්ගේ නොවේ..වැරැද්ද අපෙ සමාජයේය...මහා ලොකුවට අප සුදනන් වීමට අවශ්‍ය නැත කුලියාපිටිය බැණ මහා සාන්තුවරුන් වීම අවශ්ය නැත....කුලියාපිටියට හූ...කියන ඇතැමුන් සිය දරුවා වතුර බොන කෝප්පේ වතුර උගුරක් ඒ දරුවාට දෙන්නේ නැත...දුන්නත් දෙන්නේ..වෙනත් කෝප්පෙකය...හැකිනම් නොදීසිටී...අපි එකෙක් අඩන විට සිනහ වීමට හපන්ය...සහජයෙන්ම දක්ෂය...                         
       අපි සිනහ වූයෙමු...මුලු කුලියාපිටියටම සිනහ වූයෙමු..පුලුවන් තරම් සිනහ වූයෙමු......
       අම්මේ ඒ පොඩීකාගේ තාත්ත පිං අත්විය යුතුය...සිය දරුවන්ට පසලක් නැති තාත්තලාගේ යුතුකම වන්නේ ඒඩ්ස් හදා ගැනීමය...පාසලක් සහතිකය...මක් නිසාදයත් පාසල් යාමට නොහැකි අහිංසක දරුවන් අපේ රටේ නැත...කිසිදු කුඩා දරුවෙකු හිගානොකයි...සියල්ලන්ම පාසල් වලය...තවත් දෙයක් ඇත..ඒ දරුවා නුවර පාසලට ඇතුල කරගත්තේ පාසලේ කීර්තිය වැඩිකර ගැනීමට නොවේය.සියල්ල සිදුවන්නේ මනුස්සකමටය...ප්‍රේමණීයත්වයටය...ආඩම්බරය සැබැවින්ම ආඩම්බරය...සමාජ ජාලවල ඇඩ්මින්ලාට අනුව ලංකාවේ පාසක් නැති එකම දරුවා ඔහුය..     
අවසාන වශයෙන් මා ඔහුගේ පියාට නිවන්සුව පතමි......."ස්තූති තාත්තෙ"...පොඩි එකා දවසක කියනු නියතය...

Monday, March 7, 2016

මීයා..


මහා සුවදැති
ශේවේත පැහැ ඇති
පොල් කැබැල්ලක්
කුසගිණ්නට
අනර්ඝයි.....
ලොවම අමතකව
කුසය පුරවා ගැනුමට
කඩා ගත් සැනින් කැබැල්ලක්
හිරවුනි කූඩුව තුල


                                                                                    
අනේ මිනිසුනි
තොපිනෙ තිරිසන්
කෑම පෙන්වා
උගුල් සදනා

Sunday, March 6, 2016

ආදර භීතිකාවක්....

ආදරය යනු කුමක්ද?ලෝකයේ සෑම පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් විද ඇති ඒ වින්දනය,හැගීම කුමක්ද?දන්නා පරිදි එයට තවමත් පැහැදිලි නිර්වචනයක් නොමැත.                                  
      මේ ලෝකයේ ආදරය ව්ව්ධ ලෙස කැටි වී ඇති ආකාරයක් දක්නට ලැබේ.මව්පිය,ස්වාමිභාර්යා,සහෝදර සහෝදරී,යහලු මිත්‍ර ලෙස පෙම් යුවලවල් හා ඛංඩායම් ලෙස කැටි ගැසෙමින් ආදරය වෙන්ව පවතී.                                       
                       කෙසේ හෝ වේවා ආදරය කරන ලබා ගන්නා වූ අයවලුන්ගෙන් බහුතරය තමාට පමනක්(ස්වයං) ආදර කරන පිරිසකි.තමා ආදර කරන මව පියා වේවා යහලු මිත්‍රයා වේවා ස්වාමි භාර්යාව වේවා ඕඅනෑම තමා ආදර කරනවා යැයි පවස ප්‍රතිවාදියාගෙන් ක්ෂනික පලිගැනීමට ඔවුනට හැකිය.එසේනම් එය ආදරයද තේරුම් ගැනීමට නොහැකි තත්වය එයයි.සුලු දෙයකට පවා ඔවුන් සමග ගැටෙන ඔවුන් තමන් ආදරය කරනවායැයි පසති.මව් පිය,යහලු මිත්‍ර,සහෝදර සහෝදරී මේ ඕනෑම සබදතාවයකට මෙය ආදේශ කර බලන්ඩ ඔබටම එය වැටහේවි.                                                               
                  තමාට ආදර කරන්නා තමාට ආදර නොකරයි නම් ඒසේ ආදරය නොකිරීම තුලින් ඔහු හෝ ඇය හෝ පිරිස තෘප්තියක් ලබයි නම් මා සිතන පරිදි සිදුවීමට ඉඩ දිය යුත්තේ එයයි.අප ඔවුනට සැබැවිම ආදරය කරනවානම් ඔවුනගේ තෘප්තිමත් සතුට අප නැති කලයුතු නොවේ.                                                 
     මා සිතන පරිදි ආදරය යනු, උත්තරීතර හැගීමකි.එක පිදීමකි,ලබාගන්නා විසින් නැවත පිදිය යුතු යැයි සම්මත නොවන පිදීමකි.            
              එසේ නොමැතිනම් ආදරය යනු මිනිසාට සමාජයේ ජීවත් වීමට ලැබෙන මුක්කුවකි.එය ජීවිතය පවත්වා ගෙන යාමට ලැබෙන්නා වූ තල්ලුවකි.විදීමකි,විදවීමකි.පාලනයෙන් තොර හැගීමකි එය වනාහි හේතුවකි.වර්ගයා බිහි කිරීමෙහි ලා,බිහි කරවූවන් පවත්වාගෙන යාමෙහි ලා,පවත්වාගෙන යන වූවන් රැක ගැනීමෙහි ලා,රැක ගත්ත වූවන්ගෙන් නැවය්ත වර්ගයා බෝ කිරීමෙහි ලා වූ යාන්ත්‍රනයකි.පෙලඹ වීම හා ආශාව ඉපැද්දවීමයි.                                                           
                       මා සිතන පරිදි ආහාර යන වචනයට සමාන පදයක් ලෙස ආදරය යන වචනය භාවිතා කල හැකිය ජීවිතය හා ජීවත්වීම  සමග ආහාර වල ඇති සම්බන්ධතාවය ආදරය හා ජීවත්වීම තුල ඇත.ආහාර නොමැතිව යම් කාලයක් ජීවත්විය හැකි සේම ආදරය නොමැතිවද යම් කාලයක් ජීවත්විය හැක.එහෙත් එයට ඇත්තේ යම් සීමාවකි.ඉන්පසු සිදුවන්නේ විනාශ වීමයි.හුදෙක් මා මෙහිදී සදහන් කරනුයේ තම ජීවිතයට ආදරය කිරීමයි.ජීවිතයට ආදරයක් නොමැතිනම් ඒ ජීවිතයේ පැවැත්මද ස්තිර නොවේ.ඇත්තේ මියයාමයි.මරණයයි.        
                    එසේ නම් ආදර භීතිකාව යනු කුමක්ද?අප සමාජයේ නම් ආදරය කිරීම ඇතැම් අවස්තාවල මහා පාප කාරී ක්‍රියාවක් බව හුවාදක්වයි.ආදරය භීතිකාවක්ද?හුදෙක් නොතේරුම් ගැනීම,වටහා නොගැනීම හා නොලැබීම වැනි වූ කරුණු මත පදනම්ව මිනිසුන් විසින් ගොඩ නගා ගත් සන්කල්පයක් බිය ලෙස මගේ පරිකල්පනයට අනුව වේ.එසේ නම් ආදරය භීතිකාවක් වන්නේ එය නොලැබූවන්ටද?එහෙත් මා දැක
ඇති අයුරින් ආදරය භීතිකාවක් කොටගෙන ඇත්තේ ආල කරන පුද්ගලයින්මය ආල කර ගොඩනගා ගන්නා පුද්ගල සබදතා තුල ජීවත් වන පුද්ගලයින්මය.එමත නැහීමද,තමාට එය දුකක් බව දැන දැන ආදේශකයන් නොසෙවීමද දැන දැන විසීමද භීතිකාවක්මය.                                                
                     කෙසේ හෝ වේවා මේ ආදර භීතිකාව නොදැක ආදරය පමනක් දකින තාක් ආදර භීතිකාවක් නොවන්නෙමය.
                                                                   

Friday, March 4, 2016

නරලොව උසාවිය (තෙවන හා අවසන් දිනය...)

තේජසින් බබලන යම රජු මහා ආසනයකට වී,රුවින් අලංකෘත ,දැකුමින් ප්‍රිය උපදවන, රාග වඩවන, අඩක් විලි වැසුනාවූ යම පාලිකාවන් දෙදෙනෙකු දෙපසින් තබාගෙන සිය රම්ය වූ ශරීරස්කන්දයට පවන්සලා ගන්නා අතර,යම් නඩුවක් විභාග කරනු දක්නට ලැබිනි.
මහ රජුට ප්‍රසස්ති ගායනා කර මම ද පසෙකට වී නඩුව නැරඹීමට අවස්තාව ලබා ගතිමි.
දකුණු පස සිංහලෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද දෙමළෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන් කොට තිබිනි.ඔවුන්ගේ ඛාංඩය විශාල වූ අතර උවුන්ගේ අත ගිණි අවි ද පයට පාවහන්ද හිසට හිස් වැසුම්ද කයට අනර්ඝවූ යුධ ඇදුම්ද විය.


අනෙක් පස දෙමළෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද සිංහලයෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන්ව තිබිනි.ඔවුනගේ ඛාංඩය ද තරමක් විශාල වූ අතර ඇතැම් දෙනාගේ අත ගිණි අවිද,ඇතැමෙක්ගේ අතේ කඩු කිනිසිද,පොලු මුගුරුද විය.සුලුතරයකට පාවහන් තිබූ අතර සැලකිය යුතු තරමේ පිරිසක් හිස් වැසුම් රහිතව සිටියේය.එහෙත් ඔවුනගේ බහුතරය කැපී පෙනෙනුයේ සිවිල් වැසියන් මෙන් සිවිල් ඇදුමින් සැරසී සිටි හෙයිනි.


දකුණු පස:-
             
මහා බිය ඇති රුධිර වැගිරෙන
දශක තුනකට නොඅඩු දිග ඇති
මහා යුද්ධය ජය ගතිමි අප
කුමට කැදවුම් ලදද මේ ලෙස


                                                        අනෙක් පස:-
                                               දශක තුනක ම සිටිය මුත්
                                               නැහැනෙ ලැබුනේ අපේ අයිතින්
                                               අවිය ගති ඒ නිසා දෑතට
                                               ජාති ආලෙන් තෙද වැදීගෙන


දකුණු පස:-
                   බෝධි පූජා රට වටා
                   සෙත් පතා ඇත අපහට සදා
                   රටක් බේරන ලෙස සිතා
                   අරුන්; මැරුවා එකිනෙකා
                                                      
                                                        අනෙක් පස:-
                                               අවිය හුරු නැති අපේ දෑතට
                                               අවිය ගත්තේ අප ගැන සිතා
                                               මොවුන් හැදුවේ අප මරන්නට
                                               අයිතීන් ඉල්ලූ නිසා


දකුණු පස:-
                    එකම රටක් ලෙස
                   ඉන්නට නොහැකිව
                   වෙනමම පාලනයක්
                   කුමකට දෙම්දෝ
              
                                                        අනෙක් පස:-
                                                 එකම රටක් ලෙස
                                                ඉන්නට හැකිවේ
                                                අපට අපේ කම
                                                ලැබුනේ නම්


දකුණු පස:-
                    අප වෙමු මහා ජාතිය
                   තොපි වෙයි අපගේ සුලු ජාතිය
                    සිටිනු වහලුන් ලෙස
                    කුමකටද තොපිට බල
                                                        අනෙක් පස:-
                                                  වනසා දමන ලෙස සිංහලේ
                                                  ලැබිනි අණ අප වෙත මලේ
                                                  සිටිය හොත් අප තොපෙ බලේ
                                                  නැතැයි වැටහෙයි අපෙ බලේ


දකුණු පස:-
                   රටක් රැකුමට එක්ව අප සැම
                   යුධ වැදුන හෙන් අප මේසේ
                   වැරදි නැති අප
                   කුමට කැදවූයේ මේසේ
                                                        අනෙක් පස:-
                                                    රටක් කුමටද නිවහල්ව නැති
                                                    අපේ ජාතිය යට්ට ගොස් ඇති
                                                    ජාති ආලෙන් සටන් වැදුනෙමි
                                                    කුමට කැදවූවේ අප මෙසේ


එක් විටම සිය හුස්නෙන් බැස ගත් යම රජු
          "නඩුව හෙටට කල් තබමි"
    පවසා,ඉක්මනින් සභා ගැබෙන් පිටත් විය.
ඔහුගේ මණරම් වූ සේවිකාවන්ද එතුමා අනුගමනය කරමින් එතුමා පසුපසම ගමන් ගතීය.
     දෙපිරිස මුහුනෙන් මුහුන බලා වියරු ලෙස සිනහ විය.
මා සිටි තැනින් නැගිට ගත්තේ යලි මෙහි නොපැමිනේ යැයි ස්ථිර අධිටනිනි.