Tuesday, December 1, 2015

ඇග මස්...

නොවිදිමි සුවක් ඒ වැතිරෙන           ඇසිල්ලේ
නොපතමි තවත් මෙය කරනට         නිදැල්ලේ
සැමියා දමාගොස් දරුවන්                තනිවන්නේ
ඇග මස් පුදාලයි දරුවන් මම           රැක ගන්නේ



රුපියල් වලට මා මගෙ වත             විකුනන්නේ
වයසත් අඩු නිසා ඉල්ලුම මට         වැඩිවන්නේ
කාමය වරදවා මාමේ                     හැසිරෙන්නේ
පුංචි මගේ දරුවන් මෙය නෑ          දන්නේ



මසකට වරක් පෝයට පංසල්       යන්නේ
බුදු හිමි ලග වැද වැටිලා දුක         පවසන්නේ
මසක් කරපු පවු ටික මා              සෝදන්නේ
ඊලග පෝය තෙක් නැවතත්        වැතිරෙන්නේ



කාකි නිල ඇදුම විත් මා                 වටලන්නේ
බැල්ලෙකු මෙන් පාරේ ඇදගෙන   යන්නේ
අදුරු සිරකුටියෙ මා දැන්                සිරවන්නේ
දරුවන් කෙසේදෝ රැ තනියම      නිදියන්නේ

Sunday, November 15, 2015

එන්න අරගෙන අතීතේ..


සිහින සුපුරුදු දකින්නම්        මම
තනි රකින්නට එනවනම්       නුඹ
දූලි තැවරුනු අතීතය              ගෙන
ගසා පොලෙවේ දමා විසි       කර

සුමුදු සුසිනිදු අතී               තේ
සීත තැවරුනු සමී              පේ
සිතට දුක නැති නිමේ        ශේ
එන්න අරගෙන අතී           තේ

නීල පැහැදිගු කෙහෙරැ            ලී
දල්ල නා මෙන් තොල් පෙ        තී
හැඩට පද්දන උකුලෙ               නී
බැන්ද පෙම තවමත් ඇ            තී

හිතේ ලස්සන සිතිවි            ලී
එකල තිබුනා මට දු             නී
රැක්ක මුත් මා හොද හැ     ටී
දෙන්න නැවතත් පෙම මෙ  නී

ඇදෙන සිහිලැති සුලංදා      රා
මගේ සියොලග විඩා කරව  යි
ඔබේ සෙනෙහේ උනුසුමෙ   න්
මගේ පෙම් සිත නිවී සනහ  යි

එන්න නැවතත් පෙරදි මෙ         න්
රැගෙන යන්නම් සන්තොසි       න්
අසම්මතයේ පිහිටෙමි                 න්
ඉදිනු නැවතත් ප්‍රේමයෙ               න්

Thursday, November 12, 2015

පෙති නැති මල

සිහිල නොමැති මගෙ වත්තේ
පිපුනි නෙලුම් මලක් සොදින
පොහොර තිබිනි වැස්ස ලැබිනි
නොමැති වුවත් නිල් ජල කද

සුවද ගොසින් සතර අතේ
බඹරු ඇදුනි සුවද දිගේ
මලක් නිසා සුවද සදන
පෙති මොලොක්ය සිනිදු සොදින

මල් බඹරුන් පියබාවිත්
මලේ පෙත්ත මත රැදෙත්ම
කෘතිම සුවද මලක් මවා
පැන්වූවෙමි උන් සැම දෙන

පෙති කන්නට මලේ නෙලුම්
ගොලුබෙල්ලෙකු ඈත සිටන්
එනවා මම නොදුටූවෙමි
මල් බඹරුන් සෙවූ හෙයින්

ඒ බෙල්ලා සෙමින් සෙමින්
මලේ නියම තැනට ඇවිත්
පෙති සිදලා වනසාලා
මලත් කැමති නිසා සොදින්

පෙති නැති දා මල් කුමටද
නටුවෙ සුවද නොමැති බැවින්
වට කරලා තැබුවත් මා
ගොලුබෙල්ලා පැමින ගොසින්

පෙති සිදලූ නමුත් මලේ
සුවද එලෙස තාම දැනේ.................

Wednesday, November 11, 2015

ඈ..

නගන කිංකිනි සිනහ නුබ මට
රගන රංගන ලැමකි තාලෙට
නැවුම් නාදල් තොල් පෙත්ත මත
වැතිර ගන්නට මටද අවසර

නීල පැහැ දිගු වරලසේ
සුලගෙ එතෙමින් පැද්දෙතේ
බමන මත්වන සුලං දාරා
මගේ සියොලගෙ දැවටෙතේ

සිහිං හැඩ ඇති උකුල දැකුමින්
තාලයට පා තබන රැගුමින්
නිසල දිය ඇති ගැබුරු විල්තෙර
නගයි දිය රැලි කුසුම් පිපෙමින්

ශේවේත පැහැගත් හංස යුවලක්
නා දල්ල මත වැතිරෙතේ
සිනහ තලමින් මුකුලු රාවෙන්
නිසල දිය මත කිමිදෙතේ

Tuesday, October 27, 2015

හීන

දුරක් යන්නට
හීන ඇහිදින
නෙලාගන්නට
බැරි දුරක ඇති
අපේ ජීවිත
                 හීන අතරින් පිබිදිලා නැත!!

තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි

මෙය අප සමාජයේ කතාව නොවේ ද?....
එකෙකු මුලාකර තවෙකුගේ නැගිටීම,"සුමනසිරි පන්නිලහෙට්ටි" කවියා එය මනාව ගෙන හැර පායි...
එහෙත් දෙවනි කොටස බලන්න,නිරහංකාර ආයාචනයකි,අහිංසක ඉල්ලීමකි.එහෙත් නූතනයන් වන ඔබ මා උත්සහ වන්ත වෙනුයේ වෙනෙකෙකුගේ එල්ලී ඔහුව රවටා ඔහුගෙන් කඩා වඩා ගෙන පලා යමය..
එමෙන්ම පිරිමින් රවටා එල්ලෙන ගැහැනුද ගැහැනුන් රවටා එල්ලෙන පිරිමිද තුත්තිරි මල් ලෙස  අප අතර සිටී
තුත්තිරි මල් සැබැවින්ම අගනේය...!!!

නෙලන කිසිවෙකු
නැති නිසා
මුලාකර
එල්ලෙමි ඇගේ
අනාත වූ මා
මගට ඇදදා
නොයන්
පින්වත් කුමරුනේ

          තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි

සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ...නැවත අලුත් කියවීම ...sudu nenda ai gedora wehuwe

නොකලෙමි පිටු පෑමක්
කිමද මෙසේ වූ වෙනසක්
නොපෙනේ ඇගේ ඉකි බිදුම කිමද
අදහා ගන්නත් නොහැකිය


හදුනන මා නොහදුනෙන්නෙකු සේ
ඔබෙ පැලේ දොර වැසුනි මට
හදුනන්නෙකු පවා නොබයි  අද මදෙස
මගේ සිතෙත් ඔබේ පැලෙත් මල් අද පර වීලා

Monday, October 26, 2015

. ............මහද හඩයි තනිය




මහද හඩයි තනියෙන්
ඔබ යන්න මගේ මතකින්
යලි නොයෙන ලෙසින් සෙනෙහින්
මම කැමති ඔබ නැත්නම්
ඔබ ඉන්න ඔබේම වෙලා
මම ඉන්නම් මගේ වෙලා
අපි නොහදුනනා ලෙස ඉදලා
ඔබ යන්න පෙමක් සොයලා
හිත හදා ගන්න හැදුවත්
මායාවක් ලෙසින් ඇවිත්
රැදිලා ඔබ මගේ සිතින්
යන්නේනැ මගේ සිතින්





අබිසරු ලියකට


ggggggg