Monday, March 12, 2018

රාජාංගනයේ අරගලය

පසුගියදා තඹුත්තේගම නගරයේදී පැවති ගොවි උද්ඝෝෂණයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පනස් නවදෙනා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. මොවුන්ගෙන් නවදෙනකු දින කිහිපයකට පෙර ද ඉතිරි පනස් දෙනා පස්වනදා ද මෙසේ ඇප ලබා සිටිති.

මෙසේ ගොවීන් අත්අඩංගුවට ගනු ලබන්නේ උසාවි නියෝගය කඩකරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලීසියට පහරදීම යන ප‍්‍රධාන චෝදනා ද්විත්වය යටතේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධව වීඩියෝ පට නරඹන විට පොලීසිය කි‍්‍රයාකරන ස්වරූපයේ අශීලාචාර ස්වාභාවයක් ගම්‍යවේ.
මේ සියල්ල පිළිබදව සොයා බැලීම සදහා අප රාජාංගනයට පියමන් කළෙමු. මේ ඒ රාජාංගනයේ කථාවයි.

Monday, March 5, 2018

කිරි ගොවියාගේ අර්බුධය


කිරි, බහුතරයකගේ උදෑසන ආහාර වේලේ ප්රධානතම අංගය යි.එහෙත් කිරි වීදුරුව නැවුම් එළකිරි වීදුරුවක් වන්නේ අතිශය කළාතුරකින් . නැවුම් කිරි සපයා ගැනීමේ අපහසුව,පිටි කිරි සෑදීමේ පහසුව වැනි කාරනා මෙසේ බහුතරය නැවුම් කිරි පරිභෝජනය අතහැර දැමීමට හේතු වී තිබේ.ලෝකයේ කිරි පිටි පරිභෝජනය කරන රටවල් සංඛ්යාව පළොවකි. රටවල් පහළොව අතුරින් ශ්රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේ . මේ ආකාරයෙන් ජනතාවගෙන් බහුතරය නැවුම් කිරි පරිභෝජනය අඩුකර ඇති විටක එය හරහා වැඩිම හානියකට නිරාවරණය වී තිබෙන්නේ කිරි ගොවියා ය.

Monday, February 26, 2018

අපිටත් සවන් දෙන්න

                               මධ්‍යම අධිවේගී මාර්ගයට දේපළ යටවෙන මිනිසුන්ගේ කතාව

සංවර්ධන ව්‍යාපෘතියකින් ජනතාවට ප‍්‍රතිලාභ ලැබිය යුතුය. යම් සංවර්ධන ව්‍යාපෘතියක් තුළින් මහා පරිමාණයෙන් ජනතාව පීඩාවට පත්වෙත් නම් එය සංවර්ධන ව්‍යාපෘතියක් වේදැයි කුරුණෑගල වෙහෙරබැද්ද ගම්වාසීන් ප‍්‍රශ්න කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඔවුන්ගේ ජීවිත බරපතළ තර්ජනයකට ලක්ව ඇති පසුබිමකය. කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරද්දී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියන්නේ මේ අධිවේගී මාර්ගය දළඳා වඳින්නට යන මාර්ගය නිසා එය තැනීමට විරුද්ධ වීම මහත් පාපයක් බවයි.

Monday, February 19, 2018

මගේ විශ්වවිද්‍යාලය හිරගෙදර

දඬුමොණරය

ටොයිලට් එකේ වතුර වැක් කෙරෙන දිහා බලාගෙන චිත‍්‍රයක් අඳින්ඩ. නිදාගෙන ඉද්දි වහලෙ තියන මකුළු දැල්වලින් රටාවක් වියන්ඩ. සුළඟට හෙළවෙන ගස් දිහා බලාගෙන කතාවක් හදන්ඩ, ඔබටත් පුළුවන් නම් ඔබත් අපූරු කලාකාරයෙක්.” මෙහෙම කියන්නෙ අපි නෙවෙයි, ඔහුයි.

Friday, February 2, 2018

පොහොර සහ වී

 ලංකාවේ ප්රධාන අහාරය වන්නේ බතයි.එහෙත් බත කරන ගොවියන්ට දිගින් දිගටම ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය.පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ කෘශිකර්මාන්තය දෙස බැලූවිට එය මනාව තහවුරු වන කාරනයකි.

Monday, January 29, 2018

මධ්‍යම අධිවේගය


රටක් දියුනු වනවානම් ඒ රටෙහි සංවර්ධන ව්‍යාපෘතීන් ඇතිවිය යුතුය.ඒවා රටෙහි ඉදිරි ගමනට වැදගත් වනුයේ එම සංවර්ධන ව්‍යාපෘතීන් කොතෙක් දුරට මහජනතාවට ප්‍රයෝජනවත් වනවාද සහ රටහි ආර්ථිකයට උරදෙනවාද යන කාරණය මතයි.එසේම ඒ හරහා මහජනතාවට පීඩාවක් හා ජීවිත වලට ඛේදවාචකයක් නොවීමට වගබලා ගත යුතුය.එහෙත් දිගින් දිගටම අපට දක්නට ලැබෙන්නේ ජනතාවයේ ජීවිත අනතුරේ හෙලමින් සිදුවන ලබන සංවර්ධන ව්‍යාපෘතීය.පරිසර පනත් උල්ලංගනය කරමින්,රටේ ජීවනාලය බඳු වනාන්තර විනාශ කරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන් හරා සිදුවන හානිය කාලයත් සමඟ උග්‍ර වන ස්වරූපයට ඕනෑවටත් වඩා උදා හරන අප රට තුලින්ම ලබාගත හැකිය.

Monday, January 22, 2018

කුරුණෑගල ලස්සන කරන මිනිසුන්ගේ අසීරු ජීවිතය


උතුරට ද දකුණට ද කියලා වෙනසක් නැතුව ලංකාවේ හැම පැත්තටම යන්ඩ පුළුවන් නගරක් තමයි කුරුණෑගල. ඒ වාගේම ලංකාවේ කාර්යබහුලම නගර අතරින් එකක්. ඉතින් එහාටයි මෙහාටයි ජීවිතේ හොයන මිනිස්සු දවසට ලක්ෂයක් විතර කුරුණෑගල ගැවසෙනවා. මේ කාර්යබහුල කුරුණෑගල සංකේතක් විදිහට සැලකෙන්නේ ඇතුගල. ඒ හින්දාම කුරුණෑගලට ඇතුගල් පුර, හස්ති ශෛලපුර කියලාත් කියනවා.