Thursday, October 13, 2016

මෝටර් බයිසිකලෙන් ශමීර කියන්නේ මොකක්ද?


සූර් වෙච්ච එවුන්, රික්වෙස්ට් එක ප්ලේ කරන්ඩ බැරි සංගීත කාරයෝ,මිනී මැරුමක්,සල්ලි නොදී පැනල යන හයර් එකක්.අසංතුලිත ක්‍රියාවලියක් සංතුලනය පවතින්නෙ ඒවා ක්‍රියා කරවීම මත නෙවෙයි.ඒවා ක්‍රියාත්මක වීම මතයි.

දුවල දුවල හැති වැටුනහම වතුර උගුරක් බොන්ඩත් ටික වෙලාවක් ඉන්ඩ ඕනෙ.වාණිජමය පමණක් ඉලක්ක කරගත්තු චිත්‍රපට බලල බලල නැවත කියවීමකට එන්ඩ ටික දවසක් ඉන්ඩ වෙනව.ඒ හිඳීම බොහෝ අවස්තාවන් උත්පාදනය කරනව.මෝටර් බයිසිකලුත් එහෙම උත්පාදනය වූවක් ද?

මුඩුක්කුවක කොල්ලෙක්ගෙ ආදර කතාවක් මෙච්චර කොල්ලො බලන්නෙ මොකද?මොකක් පිරිමහ ගන්ඩද?මොකක් ලබා ගන්ඩද?ඇත්තටම මුඩුක්කුවක ජීවත්වෙන එදාවේල හොයා ගන්න සංගීත කාරයෙක්ගෙන් ඉගෙන ගන්ඩ ලබාගන්ඩ විඳින්ඩ දෙයක් වර්ථමාන තාරුණ්‍යය තියනවද?.,බලන හැම එකාටම මේක තමන්ගෙ කතාවක් වෙනව ඒ කතාවෙ උවමනාවෙන් හරි බැරිවීමකින් හරි මඟ හැරුනු දේ හෝල් එකට ඇවිල්ල හොයනව.මේ කථාව ඒ තාරුණයේ කථාව ද?.ඉතින් ඇයි මේ තාරුණය තමන්ගේ කථාව මෙය ලෙස ප්‍රකාශ කරන්නේ.එසේ නම් මෙය හතර පැත්තකින් වට කරපු සමාජයේ තාරුණයට අහිමි කරවූවේ හරස්කඩක්ද?

එහෙත් සහතිකවම කිව හැකි කාරනාව නම් මේ කතාව ගතානු ගතික වැඩිහිටියන්ගේ චොයිස් එක නොවන බවයි.කපල් ලව් කරනව දැක්කහම නහුතෙට තදවෙන මහා සංස්කෘතික ජීවීන්ගේ කතාව නොවන බවයි,ශමීර සිය කතාව පුරාවටම පහර එල්ල කරන්නේ ඉහත සඳහන් පුද්ගලයන්ටය.

ආදරයේ ප්‍රකාශන මාධ්‍යන් බහුල නැත.විරලය.හැබෑටම විරලය,නැති නම් ප්‍රකාශන මාධ්‍ය ආදරය පමණක්මය.ආදරයේ ප්‍රකාශන මාධ්‍ය "වන් ඇන්ඩ් ඔන්ලි" ය.චුම්බනය,සංසර්ඝය,කෝපය,ඝට්ටනය ආදරයේ ප්‍රකාශන නොවෙත්.ඒවා ආමර්ථයේ ප්‍රකාශනයන් ය.චුම්බනය හා සංසර්ඝය තමා පිනවීමටය.කෝපය හා ඝට්ටනය තමා සමඟ රඳවා තබා ගැනීමටය.ඉතින් ආදරයෙන් තොර ආදරයක් ඇත්තේම නැත.අප සමාජයේ ආදර පරිත්‍යාගශීලීන් විරලය,ආමාර්තකාමීන් බහුලය.ඒ හෙයින් මෝටර් බයිසිකලයේද ආදර පරිත්‍යාගශීලීන් විරලය.ආමාර්ථකාමීන් බහුලය.සමාජයේ මෙන්ම ශමීරගේ කථාවේද සැබෑවටම ආදරය කරන්නේ මව පුතාටත් පුතා මවටත් පමණි.ප්‍රේමවන්තයෝද,ප්‍රේමවන්තියෝද,යහලුවෝද ඇතුලු අනෙකුත් සෑම දෙනාම කරන්නේ ආමාර්ථ ප්‍රකාශනයන්ය.ඉතින් ශමීර මෝටර් බයිසිකලයෙන් කළේ සමාජය විලිවසාගෙන සිටින රෙද්ද ඔසවා නිරුවත පෙන්වීමය.

පෙම්වතා මුඩුක්කුවේ අයෙකු වෙද්දී පෙම්වතිය මධ්‍යම පාන්තික ජීවියෙකු වෙයි.ඉතින් මුඩුක්කුවා ජීවියාට ආදරය කරයි.ජීවියා මුඩුක්කුවාට පෙරලා ආදරය කරයි.අර මුලින් කියපු කතාව උන්ට නොවන සෙට් එකට අනුව ඔහු විසින් ඇය රවටාගෙන සිටී.ඒ සමජාතීය ආමාර්ථය මත සිටගෙනය,කරපින්නාගෙනය.ඇය ගෙදරට බොරු කියා ඔහු හමුවීමට පැමිනෙයි.මවට හොරෙන් ඔහුට දුරකථන ඇමතුම් දෙයි.ඉතින් මේවා දකිද්දී ගතානු-ගතික වැඩිහිටියන්ට ඩෝප් ය.හිරිඔතප් බිඳීම කතාවය.කපල් එක ෆිල්ම් එකක් බැලීමට යයි,පාර්ක් එකට යයි.බත් කවයි.රූම් යයි.මේවා දකිද්දී මහා සංකෘතික ජීවීන්ට ඩෝප්ය.රූම් එකට ගිහින් බොත්තමින් බොත්තම ගලවා තන් දෙකවත් මිරිකපු නැති එකට අර පෙර කී බහුතර පිරිමියාටත් සුලුතර ගැහැණියටත් ඩෝප් ය.එ වුන් ආදරයේ ප්‍රකාශන මාධ්‍යක් ලෙස සංසර්ඝය තෝරා ගන්නා බැවිනි.ඔහෙත් ඔවුන් දන්නා නොපිළිගන්නා කථාවක් වෙයි.මේ තමාගේ හා අනෙකාගේ ක්‍රියාවලිය බවයි.ඔහු බොත්තම ගලවා නැවත බොත්තම දමන්නේ ඇයි ? ඒය නම් ආමාර්ථකාමී ප්‍රකාශන තුල ආදරේ පුංචි ශිලක් තිබෙන බැවිනි.මේ සියල්ලන්ටම මෝට බයිසිකල් කතාවක් කියයි "යකෝ තොපි ලව් කරන්ඩ දෙන්නැති හින්දනෙ රූම් යන්නෙ."පාර් එකේ කතාකරන්ඩ නොලැබෙන තැන,ප්‍රේම කරන්ඩ නොලැබෙන තැන,චුම්බනයකට බාධා පැමිනෙන තැන ඔවුහු කතා කරන්ඩ යන්නේ රූම් එකටය..එහෙත් එහි කතා කරන්ඩ අවස්තාවක් ඇත්තේ නැත.අවස්තාව ඇත්තේ වැතිරෙන්නටය.

ඉතින් අපි ආමාර්තකාමී ආදරයකට වැතිරෙමු.

බහුජන ආමාර්ථය තුලින් කථාව අරබන හා කතාව අවසාන කරන මෝට බයිසිකල් අපූරු සමාජ පැතිකඩකි

Friday, August 19, 2016

මිනිසා හා ආගාධය

9ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

මිනිසා සිටින්නේ ආගාධ තුලය.ඒ ආගාධ බහුවිධ ආකාර ගනී.ඒ ආකාරයන් තීරනය වන්නේ පුද්ගලයාගේ සාමාජීය බලපෑම මතය.එසේ නම් සාමාජීය බලපෑමක් එල්ල නොවන පුද්ගලයින් සිටිය යුතුය.ඔව්,ඔවුන් වීදුරු සේය,වීදුරු හරහා එලිය නොරැඳී ගමන් කරනවා සේ ඒ පුද්ගලයන් තුල සමාජීය බලපෑම් නොරැඳී ගමන් කරයි.
එවිට ඔවුන් තුල කිසිවක් නැද්දැයි ප්‍රශ්නයක් පැන නැගේ.ඒ අපිට පෙනෙන හැටිය,හිතන හැටිය.ඒත් බලන්ඩ වීදුරුව ස්ථරයෙන් ස්ථරය ගැලවුවහොත් අවසාන ස්ථරය දක්වා වීදුරු එකිනෙක ඇලී පවතී.එහෙනන් ඇයි අපේ ඇස් වලට ඒ පිරීම නොපෙනෙන්නේ,.අපේ දැකීම ඕනෑවට වඩා ගැම්ඹුරුය.එහෙත් ඒ ගැඹුර භෞතිකය.ඕනෙවට වඩා දේවල් දකින ඇස් අපිට හිමිය.එසේ නම් අප ඕනෑවට වඩා දෙවල් දකින්නේ ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තුවන නිසාය.

මිනිසෙකුගේ දැකීම නිපදවන්නේ ඔහුගේ ආගම හෝ දර්ශනය හෝ සාමාජීය බලපෑම හෝ සංස්කෘතිය හෝ සදාචාරාය වේ.ඒ කියන්නා වූ විවිධ සංවිධාන හා මිනිසෙකු ඒ ඒ රාමු තුල ඇඳ-බැඳ තබා ගනී.එය ඔවුන්ගේ අදහස් ,සිතුම් පැතුම් වැනි අව්‍යාජ ක්‍රියාවලීන් බැහැරකර විශ්වාසය හා ගෞරවය යන ව්‍යාජ ක්‍රියාවලීන්ට බඳුන්කරනු ලබයි.

කාන්තාරය ගැන නොදන්නා මිනිසෙකු කාන්තාරය කෙලවර කකුළට දම් වැලක් දමා බැඳ ඔහුට පවසන්න "මෙය කාන්තාරයක් , මෙහි කෑම බීමට යමක් නෑ මිනිසෙකුට කිසිසේත්ම මෙහි ජීවත් විය නොහැකියි" කියා.ඔහු ඔබව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත.ඔහු යදමින් ගලවා කන්න්තාරය පුරා ඇවිද එය සියැසින් දකිනතුරු එය විශ්වාස නොකරනු ඇත. එහෙත් ඔබ ඔහුට ආහාර ජලය ලබා දී ඔබ පෙර පරිදිම පවසන්න ඔහු ඔබව හිස් මුදුනින් පිළිගනු ඇත.ඒ ඔහුට සිය කුතුහලයට වඩා ආශාව ඉහල බැවිනි.ඔබට ගෞරව කරනු ඇත.ඔබට වඳිනු ඇත.ඔහුට තමා බැඳ දමා ඇති බවක් මතකයට නො එනු ඇත.මිනිසෙකුට අවශ්‍යතාවයන් ලැබෙන විට ඔහු සියලු කුතුහලයන් යටපත් කරගනු ඇත.ඒ මිනිසාගේ ස්භාවය වේ. සියලුම ආගම් විසින් සිදුකරන්නේ මෙයය.ඔබ අමතක නොකළ යුතු තවත් කරුනක් ඇත.එය නම්, කාන්තාරක ක්ෂේමභූමි පවතින බවයි.

මුලින්ම කළ යුත්තේ මේ ආගම් ඉවත්කර දැමීමයි.එසේ කළා කියා මිනිසා අයාලේ යන්නේ නැත.මේ ලෝකයේ තිබිය හැක්ක්කේ එක් සත්‍යක් පමණි.එහෙත් අසත්‍යන් බොහෝ ගනනක් තිබිය හැකිය.මිනිසා මුදාහැරීම,විඳීම,ලබාගැනීම තුල ඔහුට සැබෑ සත්‍ය අවබෝධ වේ.මක්නිසාද යත් සියල්ල අසන දකින විඳින මිනිසා සියල්ල තුල පරතෙරටම යාමේ හැකියාව ලැබෙන බැවිනි.සෑම ආගමකම අවසානයක් ඇත.එය විමසා බලා හදෑරීම නිදහස් මිනිසාට කළ හැක්කකි.

සංස්කෘතිය,සදාචාරය හා හැදියාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය යුතුය.ඔබේ සංස්කෘතිය මගේ සංස්කෘතිය නොවිය යුතුය.ඔබේ හැදියාව මගේ හැදියාව නොවිය යුතුය.ඒ හෙයින් ඔබේ ආකල්ප මා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.හුදෙක් ඔබ මා නොවිය යුතුය මා ඔබ නොවිය යුතුය.ඔබේ සිතුම් පැතුම් ඔබේ දරුවා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.ඔබේ සදාචාරය සංස්කෘතිය හා හැදියාව ඔබ තුල පමණ තබාගත යුතුය හා ඔබ තුලින් පමනක් ක්‍රියාත්මක වනු බලාපොරොත්තු විය යුතුය.

මගේ සදාචාරය හෙලුවෙන් යෑම නම්,ඔබේ සදාචාරය ඇඳුම් ඇඳගෙන යෑම නම්.මට හෙලුවෙන් යෑමට ඔබ ඉඩ දිය යුතුය,ඔබට ඇඳුම් ඇඳන් යෑමට මම ඉඩ දිය යුතුය.මම ඔබට හෙලුවෙන් යන ලෙස බලපෑම් නොකල යුතුය,ඔබ මට ඇඳුම් ඇඳගෙන යන ලෙස බලපෑම් නොකල යුතුය.එසේ නම් මිනිසා ජීවත්විය යුත්තේ තමා තුල මිසක් අනෙකා තුල නොවේ.

ඔබ අනෙකා තුල ජීවත් වීමට යාමෙන් ඔබ ආගාධයට වැටේ,ඔබ ඔහුගේ අච්චුවක් බවට පත්වේ.මෙහිදී අනෙකා යනු ආගම,දර්ශනය,සංස්කෘතිය හා හැදියාව ලෙස සලකන්නේ නම් මැනවි.


මේ ආගාධ තුලින් පිටතට පැමිණ ජීවිතය විඳීම සැබැවින්ම ආශ්වාදජනක වියහැකිය.

Monday, August 15, 2016

ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?



ලිංගිකත්වය ලොව සෑම  මිනිසෙකුටම වැදගත් වන්නා වූ දෙයකි.ඔවුනොවුන් දෙපිරිසක්, තුන් පිරිසක් ලෙස බෙදා වෙන්කරන්නේ මේ සාධකය මතය.මෙසේ බෙදා වෙන්වන ලිංගිකයෝ නැතහොත් මිනිසුන් විරුද්ධ හෝ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වෙති.සිය අවශ්‍යතා සපුරා ගනිති.ඒවා අකිනෙකාගෙන් එකිනෙකාට බොහෝකොට වෙනස් මුහුණුවරක් ගනී.මිනිසා තෘප්තිමත් නොවන අවශ්‍යතා අතුරින් ලිංගික අවශ්‍යතාවය යනු බොහෝ විට මුල්තැනක් ගන්නා බව මාගේ විශ්වාසයයි.සිය ලිංගික අවශ්‍යතාවය සපුරා ගැණීමට මිනිසා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගනී.


ලිංගික අවශ්‍යතාවය මිනිසා තුල බුරබුරා නැගෙත්ම ඔහුගේ තෘප්තියේ සීමාවක් නොවීය.ගැහැණියද පිරිමියාද වෙනසක් නොවීය.ඔවුන් සෑම විටම සොයන්නේ නවමු අත්දැකීමය.මිනිසා යනු එක් රාමුවක් තුල විසීමට අකමැති සත්වයෙකි.ඒ හෙයින් ඔවුනොවුන් නවමු අත්දැකීම් කරා යොමුවෙති.මෙසේ අවශ්‍යතාවය උග්‍රවත්ම මිනිසා ඒ සඳහා විවිද පිළියම් ක්‍රියාත්මක කළේය.


මිනිසා ඈත අතීතයේ සිටම විවිධ ඇදහිලි හා විශ්වාස මත ජීවත් විය.ඒවා තුල බොහෝකොට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත අවශ්‍යතාවයන් සාකච්චා කෙරිනි.මේ කියන්නා වූ බහුවිධ අවශ්‍යතාවයන් හා තෘප්තිමත් රමණයක් සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ඉටුකළහ.ඉස්ලාම් ආගමේ බහුභාර්යයා සේවනය,බුද්ධාගම හා හිංදු වැනි ආගම්වල ශික්ෂාපද , නීතිරීතීන්  පැනවීම දක්නට ලැබිණි.එහෙත් ඒවායේ විශාල දුර්වලතා හා සුලු  ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත.

මේ ලිංගික ක්‍රියාවලිය සිදුවන්නේ අනෝන්‍ය ආකර්ශනය තුලිනි.ඒහෙයින් මෙයට එකිනෙකාගේ ආකර්ශනයක් තිබිය යුතුමය.එසේම ශාරීරික ආබාධ වැනි විවිද අපහසුතා හේතුවෙන් ඇතැම් අයවලුන්ට මේ ආකර්ශනය ලබා ගැනීමට නොහැකි වෙයි.මෙසේ වන්නන්ගේ අවශ්‍යතාවන් ඉටුකරලීමට ගණිකාවන් නොහොත් මුදලට සිරුර අලෙවිකරන්නන් පෙලගැසී සිටී.එහෙත් අප සමාජය තුල මේ ගණිකාවන්ට සිය අනන්‍යතාව විදහා දැක්වීමට නොහැකිය.සාරදර්ම,සංස්කෘතිය,ආගම් හා හැදියාවන් යන නිශ්ඵල ධර්මතා වලින් මේ අලෙවිකරු වසා සිටී .මෙය මූලිකම හේතුව ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සිදුවීම් වසා සිටීමය,බැහැර කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් එය තහනම් ක්‍රියාවක් හා වචනයක් කොට සැලකීමය.මහා පාපකාරී,අශුද්ධ ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමය.සමාජයට අනුව මෙය සාපයකි නැතහොත් පාපයකි.

මිනිසුන් මුදල් වෙනුවෙන් බොහෝ දේවල් ඉටුකරති.මිනීමරති,තමාව විකුණති.තමාව විකුණන ආකාර අනුව ශ්‍රමය,බුද්ධිය ප්‍රධාන තැනක් ගනී.එහෙත් ඒ තුල තමාව ප්‍රතික්ශේප නොකරති.ගණිකාව තමාතුල ඇති දේ ප්‍රකාශ කරති,චලනයෙන් කියවති.ගණිකාව පිළිබඳව කිසිවෙකුට ගැටලුවක් නැත...ඇත්තේ කුහකකමති,ඊර්ශියාවකි,ඒ තමාට ලබාගැනීමට නොහැකිවීම පිළිබඳවය.


ලංකාවේ ගණිකාසේවය තහනම් කිරීම තුලින් සිදුවී ඇති කිසිඳු යහපතක් මා දකින්නේ නැත.ස්ත්‍රී දූශන , ලමා දූෂණ දිනෙන්දින වැඩිවනවා මිසක් අඩුවීමක් නැත.මෙසේ දිනෙන් දින පීඩනය සහිත මිනිසුන් ප්‍රමානය ඉහල යන්නේ ඔවුන්ගේ පීඩනය,අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

දැඩි පීඩනයත් , අවශ්‍යතාවයත් හමුවේ බිලිගන්නේ අහිංසක ජීවිතය.බොහෝ විට මෙයට යොදා ගන්නේ යමක් කමක් නොතෝරෙන මල්කැකුළුවන් කුඩා දරුවන්ය.පීඩිතයාගේ හිංසන , මිනීමැරුම් , වලට ගැලපෙන ලෙස ලිංගික ශ්‍රම බකායක් ඇතිවිය යුතුය.ගණිකා වෘර්තිය යනු සේවාවකි ,අවශ්‍යතාවයකි...



ඉතින් ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

Tuesday, August 9, 2016

අම්මටසිරි නන්දසිරි !

ප්‍රහංසන නළු විජය නන්දසිරි මියගොසින්ය.ඔහු පතමින් සිටි තැනකට යන්නට ලැබේවා!


නන්දසිරියන්ගේ සම්භාව්‍ය ගනයේ රඟපෑම් දැක ඇත්තේ ඉතාම අඩු වශයෙනි.මා මනමේ නාට්‍ය හෝ නරඹා නොමැත.එහෙත් මා සොයාගත් කරුණු කාරනාවලට අනුව විජය නන්දසිරි කළාවට පිවිස ඇත්තේ ප්‍රහංසන නළුවෙකු ලෙස නොවේ.ඔහු පසුකාලීනව ප්‍රහංසන කෙරෙහි යොමු විය.


මේ වනවිට නන්දසිරි මහතා පිළිබඳව ඕනෑතරම් ආටිකල් ලියැවී ඇත.ඒ නිසා ඔහු ගැන ලිවීම නිඵලය.එහෙත් ඔහුවිසින් පෝෂනය කරන ලද ප්‍රේක්ෂකාගාරය පිළිබඳව විමසා බැලීම වැදගත්ය.


අපි නන්දසිරිව පොඩ්ඩක් පැත්තකට කරල ජෝ අබේවික්‍රමව අරගෙන බලමු.ජෝ තිරයට එන්නේ විකට නළුවෙකු ලෙසය,ඔහු පසුකාලීනව සම්භව්‍ය රංගන කටයුතු වල නිරත විය.


හරි මම දැං පොඩි ප්‍රශ්නයක් අහනව.මියයන විට වැඩිම ප්‍රසිද්දියක් ලබාසිටි හා ලබාගත් නළුවා කව්ද?පිළිතුර විජය නන්දසිරියි.,


එසේනම් අපට පැහැදිලි නිගමනයකට එලැඹිය හැකිය.ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ කොමඩිය.ඉල්ලුම සැපයූමෙන් ප්‍රසිද්දියට පත්විය හැකිය.!


සම්භාව්‍ය කෘති වලට ආරාධනා ලැබූ නළුවාට පසුව ප්‍රහංසන වල ආරාධනා ආවේ ඇයිද?ඔහුට එසේ ආරාධනා අවේ ගැලරියේ ඉල්ලීමටය.එසේ නම් ප්‍රේක්ෂකයාට අවශ්‍ය විහිලුය.ඒ විහිලුව ක්ෂණික සංතෘෂ්ඨියයි.මිනිසා කාර්යය බහුලය එහෙයින් ඔහු සොයන්නේ ඉක්මන් රසවිඳනයක්ය.එයට හොඳම උදාහරනය ඇගේ ඇසග ට වැඩිය , සින්ඩරෙල්ලා හිට්වීමය.ඇගේ ඇස දිහා බලාගෙන කියවන්නට ඔවුන්ට වේලාවක් නැත.එහෙත් සින්ඩරෙල්ලාගේ පුලුල් උකුලත් පිරිපුන් ළැමත් දැක ක්ෂණික සංතෘෂ්ඨියක් ලබා රසවින්දනය ලොප්කර නැවත තරඟයට පිවිසීමට ඔවුන්ට උවමනාය.


නන්දසිරි තැනට ඇණේ ගැසුවේය!




මට මතක විදිහට ඔහු මුලින්ම ප්‍රහංසන වලට එකතු වන්නේ සිරස නාලිකාව තුලිනි.ඉන්පසු ඔහු දිගින් දිගිටම ප්‍රහංසන වලට එකතු විය.නන්දසිරිගේ සම්භාව්‍ය දිරෙව්වේ නැති පිරිස පවා ඔහුට උඩ පණිමින් අත්පුඩි ගැසුවේය.ඔහු ප්‍රහංසන තුල පට්ට ඩෑල් එක විය.ප්‍රහංසන තුල ඔහු පජාත නොවුනේ එක් හේතුවක් නිසාවෙනි.,එය නම් ඔහුගේ භාව්‍යම රංගන හැකියාවය.


ලංකාවේ එකදිගට ආ ප්‍රහංසන රැල්ල හේතුවෙන් අර ක්ෂණික තෘප්තිය සෙවූවෝ සිනමාහල් තුලට ඇදෙන්නට විය.එහෙත් කල්යත්ම එකාකාරී විහිලුවත් බංදුලාගේ , ටෙනීලාගේ ගොන් ජෝක් සෙට් එකත් නිසා නැවත ගැලරිය හිස්වන්නට විය.එහෙත් නන්දසිරිගේ ගැලරිය හිස්වූ ගතියක් දක්නට ලැබුනේ නැත.ඒ හෙයින් ක්ෂනිකයෝද සම්භාව්‍ය ඉල්ලූ පේක්ෂකයෝද කරට අතදමාගෙන චිත්‍රපට නැරඹීය.ඒ දැනෙන්නට විහිලු කළනිසාය.


හුළං හමන අතට පාවී යාමට නන්දසිරි කටයුතු කළේය.ඔහු ගැලරිය දිනුවේය.මනමේට වඩා සුහද කොකා හිණිපෙත්තට පැමිණියේය.ප්‍රේක්ෂකයාට උව්මනාව දී ඔවුන් තමා වටා බැඳගත්තේය.වාණිජ ලෝකයේ ඉල්ලුමට සැපයුම සැලසුවේය...


අම්මටසිරි නන්දසිරි ,ඔයා මාරයි...!


ඒත් නන්දසිරිගෙන් මීට වඩා වැඩක් ගන්නට තිබුනි.

Wednesday, June 29, 2016

බල්ලන් නැවතත් උඩු බුරමින් සිටී..!


කටකලියා දමා තිබූ බලාගේ කටකලියා ගැලවී ඇත..දැන් ඌ උඩු බුරමින් සිටී.මූ නිකම්ම නිකන් බල්ලෙකු නොවේ.පිස්සු බල්ලෙකි.පිස්සු බල්ලන් බයානකය.පොඩ්ඩ ඇත්නම් වටේ සිටින උන්ගේද හපා කා උන්ද මිය පරලොව යැවීමට මොවුන් පසුබට නොවේ.මේ පිස්සු බල්ලගේ හඬ සැරය,රෞද්‍රය,වටේ සිටින නිකම්ම නිකන් බල්ලන්ද පිස්සු වට්ටන සුලුය.විශේෂත්වය නම් ඌ වටා විශාල බල්ලන් පිරිසක් සිටීමයි.පිස්සු බල්ලා කියන ඕනෑම දේකට එහෙයි කියමින් උන්ටික නැට්ට හොල්ල හොල්ලා ඒවා අනුමත කරති.එවිට ඌ මහ හඬින් උඩු බුරති.මූ පිස්සු බල්ලෙකි වඩාත් ප්‍රවේශම් විය යුතුය.කෙළ බිඳුවකින් පවා විෂ පැතිරේ.
ඥානසාර නම්, මේ පිස්සු බල්ලා සිටින්නේ කහ සිවුරක් පොරොවාගෙනය.කසාවත්ට වහන් වී ජාතිවාදය,ත්‍රස්ථවාදය මේ නීචයා විසින් පතුරවමින් සිටී.නීතිය වල් වැදී ඇත.ඒ සිවුරට බියේදැයි,වෙන මොනයම් වූ කරුනක් නිසාදැයි නොදනිමි.එහෙත් මා දන්නා එක් කරුනක් ඇත.ජාතිවාදය,ආගම්වාදය උලුප්පමින් ඡන්දය හිඟාකන මහින්දලා දැන් නැත.ගෝඨලා දැන් නැත,බැසිල්ලා දැන් නැත.එසේ නම් මේ පිස්සු බලු රෑනව ආරක්ශා කරන්නේ කව්ද?දහසක් පොරොන්දු දී බලයට පත් මේ යහපාලන රජය මේවාට උඩගෙඩි දෙනවාද?ඥානලා ආරක්ශා කිරීමට පෙනී සිටිනවාද?

මොවුන් සෑම තැනකම බොහෝකොට අසන ප්‍රශ්නයක් ඇත.
      
"මේ රටේ අයිතිකරුවන් කව්ද?"

සැබෑ පිළිතුර නම් මේ  රටේ අයිතිකරුවන් සිංහල,දමිළ,බර්ගර්,ක්‍රිස්තියානි පුරවැසියන් බවයි.

එහෙත් මොවුන් කියන්නේ මේ රටේ අයිතිකරුවන් සිංහල ජාතිය කියාය.ඉතින් මදක් සිතන්න.මේ බිමේම උපන් මෙහිම හැදී වැඩුනු දමිළයා,මුස්ලිමයා,ක්‍රිස්තියානියා තුල වෛරයේ බීජය නොවැපිරී තිබේද?ඔවුන්ද මෙහිම උපන් මෙහිම හැදී වැඩුනු ශ්‍රී ලාංකිකයන් නොවේද?ත්‍රස්තවාදය වපුරමින් රටපුරා ගමන්කරන මොවුන් උත්සාහ කරන්නේ නැවත්තත් දැන හෝ නොදැන සිවිල් යුද්ධයකට අප රට ඇද දැමීමටය.ජාතීන් අතර අසමගිය ඇතිකරමින් ආගම්වාදය තුලින් ත්‍රස්තවාදයේ බීජය වැපිරීමට නොවේද මොවුන් උත්සුක වන්නේ?
මුස්ලිම් මිනිහාද,සිංහල මිනිහාද,බර්ගර් මිනිහාද,ක්‍රිස්තියානි මිනිහාද තමන්ගේ ජාතියට ආගමට ආදරය කරති.,ප්‍රේම කරති ඒ වෙනුවෙන් වැඩ කරති.මොවුන් කරමින් සිටින්නේ ඒවා අනවශ්‍ය ලෙස භාවිතා කරමින් මිනිසුන් උසිගැන්වීමේ ක්‍රියාවලියයි.අනවශ්‍ය බියක් මිනිසුන්ගේ සිත් තුල ඇති කිරීමයි.නැතිදේවල් උලුප්පා පෙන්වීමයි.මොවුන්ට සැබැවින්ම අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදය අවුස්සා ඒතුලින් බලය ලබාගැනීමටය,සිවිල් සමාජයේ බලය ලබා ගැනීමටය.මොවුන් සිවුරක් පොරොවාගෙන සිටියද කරන්නේ සාටකයක් දමාගත් අයවලුන්ගේම ක්‍රියාවලියය.දෙදෙනාම බලය සොයති.ඔබට මතක නම් හෙළ උරුමයද පැමිනියේ මොවුන්ගේ ආකාරයෙන්මය.සිංහල රාජ්‍යක් හදනවා යැයි ප්‍රකාශ කරමිනි.එහෙත් දැන් බලන්න සිංහල රාජ්‍ය කෙසේ වෙතත් අපූරුවට පවතින රජය හා වැඩ කරති.ඥානල ඒ දවස් වල හෙළ උරුමයේය.දැන් මේ කරන්නේ එදා හෙළ උරුමය කලාක් මෙන් බහුතර අන්තවාදී සිංහල බෞද්ධ ඡන්ද ලබාගෙන බලයට පත්වීමට උත්සාහ කිරීමය.



මේ පිස්සු බලු රෑන ගාල් කලයුතුව තිබුනේ මීට බොහෝ කාලයකට පෙරය.මොවුන් නැගිටින විටමය.එහෙත් ඒ කාලය නීතිය තිබුනේ වල් වැදිලාය.ඒහෙයින් කලයුතුව ඇත්තේ දැන්වත් මේ බල්ලන් රෑන කූඩුකිරීමය.මේ පිස්සු බල්ලා මුකවාඩම් දමා කූඩුකිරීම ඉක්මන් කලයුතුව ඇත.නෝසේනම් ඔවුන් කියනා පරිදිම මේ දිනාගත් සාමය අහිමිවීම වැඩි ඈතක නොවේ.

 මොවුන් මේ කර්තව්‍ය දිගින් දිගටම කරගෙන ගියහොත් මෙය අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන වලට ශ්‍රී ලංකාව බෙල්ල මුලින්ම අල්ලා ගැනීමට හොඳම අවස්තාව වනු ඇත.රටක ජීවත් වන පුරවැසියෙකුට තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් තිබිය යුතුය,තමන්ගේ සංස්කෘතිය හා හර පද්දතීන් අනුගමනයට අවස්තාවක් තිබිය යුතුය....ඕනෑම අයෙකුට ඒවා විවේචනය කල හැකිය එහෙත් ඒවා විනාශ කිරීමට හෝ ඔවුන්ට පහරදීමට,බලපෑම් කිරීමට අයිතියක් නැත.ඥානලා අයිඑස් අයිඑස් ගැන කියමින් මෙහෙ ඩෙඟා නටති ඔව් , උන් වැරදිය.එහෙමයි කියා අනෙක් මුස්ලිම් පිරිස් වැරදි වන්නේ නැත.අනෙක් කරුන නම් බල්ලෙකු සපා කෑවා කිවා ඌව සපාකෑමේ සිරිතක් නැත.එහෙත් බොදු බලසේනා ප්‍රමුක රෑනට ඇත්දැයි නොදනිමි.

දෙමළ අන්තවාදීන්ද,මුස්ලිම් අන්තවාදීන්ද මේ රට තුල සිටින බව සැබෑය.එහෙමයි කියා සිංහල අන්තවාදී සංවිධාන අවශ්‍ය නැත.බෞද්ධ අන්තවාදී කොලනියක් ලංකාවේ බිහිවිය යුතු නැත.ඒ වාගේම කිසිදු ආගමික කොලනියක් ද බිහිවිය යුතු නැත.ඒ හෙයින් අධෙමුඛයට ඇගිල්ල ගහගෙන තප්පුලන්නන් වහාම සිරගත කල යුතුය.


යහපාලනය් කරනවා කියූ මෛත්‍රී හා රනිල් බලයට පත්ව ඇත.පූජිත අලුත් පොලිස් ලොක්ක බවට පත්ව තිබේ.ඔහුට ආරම්භයේදීම මේ ලැබී ඇත්තේ හොඳ  අවස්තාවකි.අතින් ගලවන්ඩ තිබූ පැලය දැන් පොරොවෙන් කැපිය නොහැකි තරමටම විශාල වී ඇත.දැන් ඇත්තේ දන්නා දහන් ගැටයක් දමා මෙය බිම හෙලීමය.ඒසේ බිම හෙලීමේදී වටේ ඇති පුංචි පුංචි පැලද යටවිය හැකිය.ඒසේ යට උනාවේ කියා සිටිනවා හැර කල හැක්කක් නැත.





මූලාශ්‍ර-(www.colombotelegraph.com,www.bbc.com/Sinhala,www.youtube.com,www.vikalpa.org)

ඡායාරූප - www.infosrilankanews.com
                       dilanthe.wordpress.com
                      www.facebook.com/.../බොදු_බලසේනා_හඬ_උඩුනුවර

Sunday, June 26, 2016

දුං (18+)

(http://trips.lakdasun.org/mullegama-to-pitakumbura-through-the-nilgala-forest.htm)

හීනියට ඇදපු බටේකින් බිංදුව බිංදුව වැටෙනව.කොච්චර උණුහුමට හැදුනත් අවසානෙ සීතලයි.ඒ හීතල පුංචි බිංදු ජීවිත රසවත් කරනව,නීරස කරනව.හැම එකකම දෙපැත්තැක් තියනව.ඒ දෙපැත්තම කැපෙනව තියුණුවට,ගැඹුරට .මේ බිංදුත් හරි තියුණුයි,ගැඹුරුයි ඒ වගේම හරි සැරයි.
මේ සරු සාරෙට හැදුනු ගහ කොල ගලාගෙන යන දිය පාර ජීවිතත් එක්ක හාද කම් කරනව ,ගනුදෙනු කරනව හරි අපූරුවට.මේ වතුර මේ ගස් මිනිස්සු වෙනුවෙන්ම ලියා ගත්ත කථා ඇති.ඒව අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම එක්ක කවලන් වෙලා ඇති.එහෙම කවලං වෙලා පරිසරයේ නිහැඬි කථාව අපිට කියනව ඇති.

ගස් වලට උඩින් පියාඹගෙන යන කුරුල්ලො.ගස් වලට යටින් පියාඹගෙන යන සමනල්ලු.බිම ඇවිදගෙන යන ලොකු වගේම පුංචි සත්තු මේ හැමෝම අපිට කතාවක් කියනව ඇති.ඒ පරිසර භාෂාවෙන්,නුපුරුදු මානව භාෂාවෙන්,ඒ පිරිසිදු අපි හැමෝගෙම භාෂාවෙන්..ආදරයෙන්,ලෙන්ගතු කමින්.

වැහි බිංදු අහස් කුස සූරගෙන ඇවිල්ල උස ගස් වල චූටි කොළ එක්ක සෙල්ලම් කරල පොළොවට කිඳාබහින්නෙ හරි ආදරයෙන්.බාග වෙලාවට මෙහෙම වෙන්ඩ බැරි කමකුත් නෑ.අහස පොළොවට දුරයි පොළොව අහසට දුරයි.ඉතින් අහසින් පොළොවට පණිවිඩ ගේන්නෙ වැහි බිංදු.
මේ හැමදෙම වෙන්නෙ දිගු අපූරු නිහැඩියාවක ගිලිල.ඒත් ඒ නිහැඬියාව අපිට හුරු පුරුදු නිහැඬියාව නෙවෙයි.ගෝසාකාරි නිහැඩියාවක්.ශබ්ධය නගන්නා වූ නිහැඩියාවක්.පිවිතුරු නිහැඩියාවක්.
ඒ නිහැඬියාවට අභියෝග කරන්නෙ පැහෙන වතුර ටැංකියෙ "ගොඩ" "ගොඩ" හඬ. දර කෝටු පුපුරන සද්දෙ නිහැඬියාවට අපූරු ස්වරයක් එකතු කරනව.

"ඔතෙන්ට වෙලා දුං උර උර ඉන්නැතුව මෙහාට වරෙන් බං"

"එනව...එනව...."

ඒ රංජිත් අයියාය.

"තෝ ඔතෙන්ට මුල් අදී පොඩ්ඩක් වරෙන් මෙහාට..."

සුවඳ පරිසරය පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත.සීනි,කෙසෙල්,ගස් ලබු,රටඉඳි,මේ ජාතීන් කවලන් වී තැම්බෙනා විට හමන සුවඳ හරිම අපූරුය.

"පියන වැහිල නේද බං"

"හරි හරි දැන් හුමාලෙ දායි.."

"එහෙනන් මම පහලට යනව..."

"ආ...හරි හරි බං..."

පළතුරු තැම්බෙන බැරලයේ හුමාලය පිටව යාම වැලැක් වීමට එය පියනකින් වසනු ලබයි.ඒ පියනේ මැදින් ගැසූ තඹ බටයකි.එය දිය පාරේ ගල් මතින් වැටී ඇත.ගලා යන ජලය ඒ බටය මතින් ගලා යයි.
මේ ලිප පිහිටා ඇත්තේ දිය පාරේ ඉහලට වෙන්නටය.පහලින් බටය අවසන් වේ.ඒ අවසන් වන ස්ථානයේ බෝතලයක් තබා වෑස්සෙන බිංදු එකතු කරයි.පැය කිහිපයක පෙරීමකින් වාඩියට සෑහෙන සේ එකතු කරගත හැකිය.සති කිහිපයකට පමන සෑහෙන සේ එක් වරකදී පෙරා ගනු ලබයි.එහෙත් වැඩි දෙනෙක් කැමති වන්නේ කංසා ඉරීමටය.ඒ හෙයින් බොහෝ කාලයකට මේවා සෑහේ.
රංජිත් අයියා හැඩි දැඩි පිරිමියෙකි.කාල වර්ණ දේහය,ඉහලට කොට බැදූ කැරලි කොන්ඩය,කැහිපොට ගැසූ සරම ඔහුගේ හැඩි දැඩි බව තවත් ඉසමතු කරවයි.

අසා ඇති පරිදි ඔහු පුත්තලමේ ය.ඔහු මේ වාඩියට පැමින් දැනට අවුරුදු හතක් අටක් බව අනිත් එවුන්ගේ මතයයි.ඔවුන්ට අනුව මොහු මෙහි පැමින ඇත්තේ පොලීසියෙන් බේරීම සඳහාය.ඒ අවුරුදු දාසයක දැරියක් දූශනය කිරීමේ වරදට මොහුව සොයන බැවිනි.එහෙත් කිසිවෙකු ඔහු සිටින තැන මේ කථාව කියන්නේ නැත,අසන්නේ නැත.අඩුම තරමින් ඔහුවත් ඒ ගැන කියන්නේ
නැත.

ඒ හෙයින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මට වැටහීමක් නැත.එහෙත් ඔහු හොඳ ස්ත්‍රී ලෝලියෙකු බව මා දන්නේ මධු රසවිඳින විටය.

"බෝතල් පහක් හරි බං...ඕකෙ ගිණ්දර ටිකක් අඩු කරපන්"

ඒ රංජිත් අයියාගේ විධානයය.

මොන අපරාධ කොට තිබුනත් ඔහු අප හැමටම සහෝදරයෙකු සේ ලෙන්ගතුය.

"කළුව කැලේ රිංගුවද දන්නෑ.."

"ඌ නොගිහින් ඉදීද අපි මෙහෙ කියල දැනගත්තුවහම."

"එහෙනන් දැනටමත් හොඳ ඌරු නාම්බෙක් කුදලගෙන එනව ඇති..."
රංජිත් අයියා හඬ නගා සිනහවෙයි.අසා සිටින්නෙකුට හැගෙනුයේ එය මහා වියරු සිනහවක් ලෙසය.එහෙත් එය එසේ නොවේ.ඒ මොහුගේ හැටිය.

හිතලුවකට සත්‍යයයැයි පැවසීම කොතරම් සාර්ථක දැයි මා නොදනී.එහෙත් එහි සාර්ථකත්වය මා විඳ ඇත.හිතලුව නම් සුරපුරයයි,සංතෘෂ්ඨියයි,ආශාවයි.....ඒ හිතලුව සැබෑවට හරවන්නේ මේ වැවෙන කංසා හේනයි.යායක් පුරා වැවී ඇති මේ හේන හිතලුවට අභියෝග කරන පරම සත්‍යයි.

මත්වුනු  රංජිත් අයියා යනු කතා ගුහාවකි.ඔහුගේ කථා පටන් ගන්නේ ගැහැණියකගෙනි අවසන් වන්නේ ද ගැහැණියකගෙනි.ඔහුගේ සෑම කතාවකම වීරයා ඔහුය.පරාජිතයා සුලුතරයක පිරිමියෙක් වන අතර බහුතරයක ගැහැණියෙකි.රති කෙලියට ඔහු සූරයෙක්ලු.පැය කිහිපයක් ඇඟ උඩ දගලන්නට හැකීලු.ගැහැණියගේ දෑස් තෙත්වී ඇය වැරහැලිවන තුරු.,

"ඔය කියන විදිහට රංජිත් අයියට මේ රට පුරාම ළමයි ඇති."
දිනක් මා ඔහුගේ කථාවට ඌන-පූරනයක් එක් කලෙමි.

"යකෝ...මම ළමයි හැදෙන්ඩ නෙවේ  හුකන්නෙ....රෙන්ඩ බැරි වෙන්ඩ.."

සියල්ලෝම සිනහ ගැස්සූ එම කුණු හරපයේ තේරුම මා දැන ගත්තේ ඊට බොහෝ කාලයකට පසුය.

අපේ හේනේ අයිතිකරු ලොකු මහත්තයාය.අපි කවුරුත් ඔහු ඇමතුවේ එසේය.ඔහු හැදි දැඩි පුරුශයෙකි.නිතරම ඇන්දේ ලාපටට හුරු ඇදුම්ය කලා තුරකින් කලු කලිසම් අඳී.එහෙත් ඔහු ගෙලේ බැඳි රන් මාලයත් අතේ බැඳි රන් පැහැ ඔරලෝසුවත් වෙනස් නොකරයි.ලොකු මහත්තයා ලොකු ලොකු මහතුරු ඇදුනුවේය.පොලීසියේ මහත්තුරු ඒ අතර බහුලය.
ලොකු මහත්තයා සමඟ මා වචන කිහිපයකට වඩා කතා කොට නොමැත.එහෙත් ඔහුගේ බිරිඳ සමග මා හොඳ හැටි කතා කොට ඇත.ඇගේ නම "පොඩි කුමාරි" යි.

ලොකු මහත්තයා හේනට එන්නේ මාසයකට සැරයක්ය.ඇතැම් විට කලාතුරකින් මාසයකට දෙදෙදිනක් පැමිනෙයි.ඔහු  උදෑසනම පැමින කළුවාත් රංජිත් අයියාත් සමග නගරයට පිටත් වෙයි.ඒ පොලිසියේ මහවරු ඇතුලු පිරිස හමුවන්නට බව මා දැන ගත්තේ කලුවාගේ ගමන් තොරතුරු වලින්ය.එදිනට වාඩියේ සිටින පොඩි කුමාරි හාමි බලා ගන්නට වන්නේ මටය.හේනේ ඇති ලොකු පැල්කොටය මෙය නිසාත් අනෙක් අයට හේනේ අනිත්කොන පැල්කොට දෙකක් තිබෙන නිසාත් කිසිවෙකු මෙහි නොපැමිනෙයි.රැහේ සිටින පොඩි ම එකා මා නිසා ලොකු මහත්තයා මා සමඟ පොඩි කුමාරි හාමි තනිකොට යයි.

ලොකු මහත්තයට වඩා පොඩි කුමාරි බොහෝ වයසින් ලාබාලය.බාගවිට එය අවුරුද දහයක් පහළොවක් පමණ විය හැකිය.
ඇය කෙලි ලොල්ය.දඟකාරය.හුරුබුහුටිය.
ඇය මා හා එක්ව කතා කියයි.සිනහසෙයි.
ඇය වඩාත් කැමතිම පාං පිටි රොටී කෑමටය.ගෝන තෙල් කට්ටකින් රසවත් කල එය ඇයත් මාත් දහවල් ආහාරය ලෙස බුක්ති විඳී.
අලුතෙන් පෙරූ පළතුරු ඇත්නම් එයින් වීදුරු කිහිපයක් හිස් කිරීම ඇගේ සිරිතයි.ඉන්පසු පෙරටත් වඩා මා හා දොඩමලු වෙයි.බොහෝ විට ඉන්පසුව අප දෙදෙනා හේනට පහලින් ගලා යන දොල පහරට ගොස් නාකියාගෙන පැමිනෙයි.එසේ පැමින් පිලිස්සූ රොටී කා ඇතුලු ගෙට වී ඇගේ කතා මා අසමින් මගේ කතා ඈ අසමින් සිනහ වෙයි.

විටක අප බිම් මැද්දෑවේ එලූ පැදුරක දිගාවෙයි.එවිට මගේ පරණ කසිකබල් සරම ගලවා ඉවත දමා සම්පූර්නයෙන්ම නිරුවත් වීම සිරිතයි.ඉන්පසු ඈ ද නිරුවත් වෙයි.දෙතුන් විටක් ඉහල පහල පනින ඇගේ ලැම සෙමින් නිසොල්මන් වියි.ඇඟටම ඇලී ඇතිසේ ඇඳ සිටිම මල් මල් චීත්තය ඇයව නිරාවරනය කරමින් පහතට ඇද වැටෙයි.පහල ශරීරය හිරි වැටෙන තෙක්  උඩ පැනිය යුතුය.ලැම සිප ගැනිය යුතුය.ඝන කැලේව පීර පොකුනෙන් දිය බිය යුතුය.උඩුතොල හැපිය යුතුය,යටි තොල හැපිය යුතුය,දිවට දිව ගෑවිය යුතුය.අවසානයේ පහල ශරීරය හිරි වැටුනු පසු නැගිටිය යුතුය.නැවත දෙදෙනාව ඇලට ගොස් නාකියාගෙන පැමිනිය යුතුය.

පැමිණ මා පිලේ පැදුරක් එලා වැතිර ගනී.ඈ ඇතුලු ගේ වැතිර ගනී.මා වහලේ ඇති පොල් අතු රටා ගනන් කරමි.හැඩ බලමි.ඒවාට කතා කරමි.සිනහ සෙමි.

"ඒයි ගෙම්බො....වරෙන් යකෝ යන්ඩ ඔතෙන්ට වෙලා දුම් පිම්බ පිම්බ ඉන්නැතුව."

Wednesday, June 8, 2016

මගේ අතේ තිබූ වටිනාම මුදල...

වේලාව රාත්‍රී 8.30 ට පමනය.ස්ථානය කුරුණෑගල පොලීසිය ඉදිරි පිට ඇති කොළඹ බස් නැවතුමයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දිවෙන ල.ං.ග.ම බස් රථයයි.මා සිටියේ පාපුවරුව අසලම සිටගෙනය.
                       

                                 අම්මෝඃ.......ම්ඃ....

පහලින්  වැරැහිලි ඇඳගත් මහල්ලෙකු බසයට නැගීමට උත්සහ කරයි.පළමු පඩියට අමාරුවෙන් ගොඩවූ ඔහු තෙවනි පඩියට අත්දෙකම තබා  දෙවනි පඩියටද නැගුනි.කොහෙදෝ නැති අනුකම්පාවකින් මා ඔහු ඊලඟ පඩිය නැගීමට පෙර වාරු උනෙමි...බොහෝ අපහසුවෙන් ඔහුට බසයට නැග ගැනීමට හැකි විය.අසල අසුනේ වාඩිවී සිටි මාගේ සහෝදර අයියා කෙනෙකු නැගිට අසුන ඔහුට පිරිනැමුවේය.

                                     අම්මෝඃ.....

                ""මහත්තය.....පිං.....පිං මහත්තය.....මගෙ මේ ඇහැ              ඔපරේශන් කරල....ටිකට්" ..........

..ඔහු ඔහුගේ රෝගයත් ඇසත් පිළිබඳ හෙන හෑල්ලක් කියවමින් සිටී....

"අංකල් කොහාටද?"

"කොළඹට මහත්තයො..."

"හත් ඉලව්වේ මේ මොකක්ද?අඩෝ බං කොළඹට ටිකට් ගන්ඩ මම ලඟ සල්ලි නෑ බං"....

හම්බෙන සොච්චමත් පිස්සු නටා විනාශ කරන මා අත මුදල් කොයින්ද?....බෑග් එකේ රුපියල් සීයක් ඉතුරුවව තිබුණු බව මතකය....අප දෙදෙනාටම ප්‍රවේශ පත් ගැනීමෙන් පසු ඉතිරි වන්නේ රුපියල් පනහක් පමණි....

අසරණ පුද්ගලයින් බස් රථවල නොමිලේ රැගෙන යන කොන්දොස්තර වරුන් මා දැක ඇත......එහෙත් කොළඹට ඔහුව රැගෙන යාවිද....කුකුසකි...."කොහොම හරි කමක් නෑ....අහල බලනව...."

"මහත්තයො ඔය ඔතන පල්ලෙහ මහත්තෙයෙක් ඉන්නව ඒ මහත්තය තමා මට ටිකට් අරන් දුන්නෙ......මම ඒ මහත්තයගෙ කකුල් දෙක අල්ලල වැන්ද ..."

අපූරුයි....මොහුට ගමන් වියදම පියවා ඇත....

මා එවලේම දොරෙන් එලියට ඔලුව දා බැලුවෙමි.....කොන්දොස්තර මහතාට මුදල් දී ටිකට් ගන්නා පුද්ගලයෙකි.....කොන්දොස්තර මහතා ටිකට් පතක් ලියා පිටුපස දොරෙන් පැමින ඒ රෝගියාට ටිකට් පත ලබා දුනි.....නැවතත් ඔහු වදින්නට පටන් ගත්තේය...ටිකට් පතට මුදල් ලබා දුන් ඒ සැබෑම මිනිසෙක් වූ ඒ උදාර මිනිසා බස් රථයට ඉදිරි දොරෙන් ගොඩ විය.

ඒ වෙලෙහිම කොන්දොස්තර ද පිටුපස දොරෙන්ම ගොඩවී සීනුව නාද කළේය....

                "මෙතන නන්  මල්ලි හුළං වදිනව..."

               "ඔව් අයියෙ...වෙන තැනක ශීටුත් නෑ.."

කොන්දොස්තර මා පසුකොට ගියේය....

එලියේ වැහිබර ගතියක් ඇත....බස් රථය යන්නේ තරමක් වේගයෙනි...කොළඹ - ත්‍රිකුණාමලය බස් රථ යන වේගය ගැන අමුතුවෙන් සඳහන් කලයුතු නොවේ...ඊටත් පාරේ වාහනත් නැති රෑට...එය දෙගුන තුගුන වේ....

දොර අසල සිටගෙන සිටි මට කුඩා වැහිපොද හා සුළඟ කරග බලපැම දැනුනි...නිසැකවම අක්ෂි රෝගියෙක් වන මොහුට මෙය පහසු කටයුත්තක් නොවන බව විශ්වාසය....මා ඔහුව ආවරනය වන සේ සිට ගත්තෙමි....

මුදල් මිනිසෙකු කොතරම් අසරන කරයිද?කොතරම් නීච කරයිද?.....කොතරම් අමානුශීය කරයිද?සිතිවිලි සාගරයක් තුල මා කිමිදිනි...

     "අංකල් කොළඹට ගිහිල්ල කොහෙටද යන්ඩ ඕනෙ....."

    "කොලඹට ගිහිල්ල එතනින් කිරුළපණට යන්ඩ ඕනෙ...."

   "ඉතින් මේ රෑ කොළඹට ගියාට කිරුළපණට යන්ඩ බස් නෑනෙ...."

     "ඔව් මහත්තයෙ රෑ කොහෙහරි ඉඳල හෙට උදේම යනව...."

රෑ කොළඹ කොහෙනම් ඉන්ඩද....එකම පිළිසරන පේමන්ට් එක්ක නිදා ගැනීමය....එහෙත් කුණු දූවිලි පිරි ඒ කොළඹ පොළොව මොහුට,මොහුගේ ඇසට අනුකම්පා කරයිද?....ඇස ආරක්ෂා කරයිද?..හොඳින් බලාගනීද?

මට අපේ අත්තා ඇස් ඔපරේශන් කර පැමිනි දවස සිහිවිය...ඔහුව කෙතරම් රැක්කාද....දැඩි හිරු එළියට නිරාවරනය නොකර ඉතාමත් පිරිසිදුව ඔහුව බලාකියාගත් අයුරු මට අද වගේ මතකය.ඉතින් මොහුටත් එවැනි ආරක්ශාවක් ලැබිය යුතු නොවේද?ඊටත් වඩා හොඳින් මොහුව බලාගත යුතු නොවේද?...

"මම කාගෙන්වත් කීයක්වත් ඉල්ලුවෙ නෑ මහත්තයො බනී කියල බයට...."

                       "කවද්ද කුරුණෑගල ආවෙ"

                               "අද මහත්තයො..."

                  "ඇයි කොළඹ ඉදන් මෙහෙ ආවෙ..."

"අක්කල ගෙදර ආවෙ...උදේ ඉඳන් ගේ ලඟ හිටිය එයාල නෑ....කොහෙ හරි ගිහිල්ල..ඉදල ඉදල බැරිම තැන යන්ඩ කියල ආවෙ...."

"මොකද ඔය ඇහැට උනේ..."

"මේ තැඹිලි කපන්ඩ ගිහිල්ල......තැඹිලි ගහෙන් වැටුන මහත්තයො....දවස් හයක් සිහිය නැතුව හිටිය...කොන්දටත් මොකක්ද වෙලා ඇවිද ගන්ඩ බෑ......ඇහේ ලීයක් ඇනිල..මේ ඇහැ ආය පේන්නෑ....මම හරි අසරණයි මහත්තයො...."

ඔහුගේ අනෙක් ඇසින් කඳුලු වැටෙන්නට ඇත!!ඇඳ සිටි වැරහිලි සරමෙන් ඔහු ඒ ඇස පිස දැමුවේය.....

ගෙදර යා ගැනීමට සල්ලි නැති වූ අවස්තා වලට මාද මුහුන දී ඇත....එවලෙහි මට දැනුනු අසරන කමට වඩා සිය දහස් ගුනයක අසරන කමක් මොහුට දැනෙනවා නොඅනුමානය...

                                    "ළමයි නැද්ද?..."

                        "නෑ මහත්තයො මම බැඳල නෑ..."

මේ ලෝකේ තමන්ට තමන්වත් නැති වූ අයෙක්....එවැනි හැගීමක් ඔබට ඇතිවී තියේද?...සිතන්න...මෙවැනි කරදරයකට ඔබ මුහුන දුන්නා කියා.....තමන්ට තමන්වත් නැතිව....දැනෙන අසරණභාවය කෙතරම් කුරිරුද?...

                               "කාලද ඉන්නෙ....."

"නෑ මහත්තයො......කාගෙන්වත් ඉල්ලන්ඩ බෑ...බනී කියල බයයි....එක මහත්තයෙක්ගෙන් ඉල්ලුවහම අම්මටත් එක්ක බැන්න මහත්තයො.....මං ගාව පොඩි වතුර බෝතලයක් තියනව ඒක බිබී හිටිය....."

ඔහු අතේ තිබූ සුදු පැහැති කවරය පෙන්වූවේය...එහි තුල සුදු පැහැති කමිසයකුත්....ලා නිල් පැහැයට හුරු සරමකුත්....කුඩා වතුර බෝතලයකුත් විය...

           බඩගින්න වතුරෙන් සංසිඳුවා ගැනීම...!!

ඔහුට එහා පසින් සිටියේ මැදිවියේ පමන වූ යුවලකි....ඔවුන් දෙදෙනා ඔහුට වඩෙයක් ලබාදුනි....ඔහු බැරි බැරි ගාතේ ශීට් එකෙන් නැගිටින්නට විය.
""..බුදු වෙනව මහත්තයො.....මම උදේ ඊදන් කාල නෑ!! බුදු වෙනව මහත්තයො!!..."

ඔහු ලැබුනු ආහාරය ඉතාමත් වේගයෙන් බුක්ති විදින්නට විය...ඒ අතර කොන්දොස්තර මහතාද පිටුපසට පැමිනියේය...මා ඔහුට මා ලඟ තිබූ එක් පනහේ කොලයක් දී ටිකට් ලබා ගත්තෙමි...මුදල රුලියල් හතලිස් හතරක් වූවත් ඉතුරු රුපියල් කිහිපය ගැන ආසාව අත් හැරීම හොඳය...මොකද රාත්‍රී කාලයේ ඉතුරු මුදල් නොලැබෙන බව මා අත්දැකීමෙන් දනී.....

තවත් මා ලඟ රුපියල් පණහේ කොලයත් තිබෙන බව මා හොඳා කාරවම දනී...ඒ මාගේ සුපුරුදු ඩේටා කාඩ් එක මිලදී ගැනීමටය...ඩේට වගේද මනුස්සකම.....පස්සෙ කීයක් හරි හොයාගෙන ඩේට දාගන්න එක වෙන වැඩක්....දැන් මේ මනුස්සයට කීයක් හරි දුන්නොත් ඒක තමයි වටින්නෙ...එහෙත් දීමට පුලුවන....වැදුම් ලබා ගැනීමට මා අකමැතිය...

මා ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා නිරීක්ශනය කලේය.හිසෙහි කොන්ඩය මනාව කපා ඇත.රොදය තියා පීරා ඇතත් එය මදක් අවුල් වී ඇත....පොල්තෙල් හෝ එවැනි යමක් ගල්වා ඇති බවට විදුලි එලියට දිලිසෙන කොන්ඩය සාක්ශි දැරීය.

වම් ඇස ගෝස් දමා ආවරනය කර ඇත..එය මුහුනේ විශාල වපසරියක පැතිර ඇත.රැවුල මනාව කපා තිබූ බවක් පෙනෙන්න්ට ඇත...එහෙත් තැනින් තැන වැවුනු රැවුල් කොට මුහුනට එක් කළේ අපිලිවෙලකි.කමිසය සුදු පැහැයත් අලු පැහැයත් අතරමැදි පැහැයකින් යුක්ත වූවකි.එහි කමිසයේ පාටටම ආසන්න පාටකින් පහලට ඉරි ඇත.සරම එවැනිම පැහැයකට හුරුව තිබූ බව මතකය...කමිසයේ අත් දෙකම වැලමිට හරියෙන් කපා දමා ඇත...බාග විට එය පෙරදි අත්දිග ශර්ට් එකක් විය යුතුය.කෙසේ වෙතත් ඇඳුම් දෙකම දැඩිව අපිරිසිදුවී තිබිනි.අතේ වූ කවරය රෝල් කර ඔඩොක්කුවේ තබා ගෙන සිටී...පයට පාවහන් නැත...

ඔහුගේ අතේ මිට මොළොවා ගත් සුදු පැහැති කඩදාසියකි...ඒ ඔහුට ලැබුනු වඩේ කෑල්ලය..එයින් බාගයක් කා අනෙක් බාගය අතේ මිටි මොලවාගෙන සිටී..

මොහු මාගේ පියාගේ පමන වසක විය යුතුව...මා බෑගය තුලට අතදමා එය පීරුවෙමි...එය තුලින් මුලින්ම හමු වූයේ රුපියලේ කාසි දෙකකි එය පසු පස සක්කුවට දැමිවේය...ඉන්පසු තවත් කාල් ගෑවේව...මෙවර පහේ කාසි දෙකක්...එයද පසුපස සාක්කුවටය...තවත් කාල් ගෑවේව...එවරද පහේ කාසියකි..තව දුරටත් සෙවූ විට රුපියල් විස්සේ කොලයක්ද කොහෙදෝ සිට මතු විය....අවසානයේ පණහේ කොලය මතු විය....රුපියල් අසූ හතක් පසු පස සාක්කුවේය.මෙතරම් මුදලක් මා සතුව තිබූ බව නොදනිමි.මෙය මොහුට දිය යුතුය එහෙත් වැඳුම් ලබා ගැනීමටද නොහැකිය.තවත් තත්පර කිහිපයකින් මා බසයෙන් බැස යායුතුය...මා බෑග විවුත්ත කොට තවත් රුපියල්ක් වත් ඇත්දැයි සෙව්වෙමි...එහෙත් තවත් සතයක් වත් නැත.මා සීනිව නාද කොට පා පුවරුවට බැස්සෙමි.බස් රථය නැත්වීමට තිරිංග යෙදීය...මා පිටුපස සාක්කුවෙන් ඇදගත් සියලුම මුදල් ඔහු අත තැබීමෙ...ඔහු හිස හරවා මා දෙස බැලීය....


                               "බුදු මහත්තයෝ.."

මම බසයෙන් බැසීමි....බැසීමකට වඩා එය පැනීමක්.....දුර ගමන් සේවා බස් රථවල අතර මැද නැවතුමකින් බැසීම පැනීමක් කියා ඒවායේ ගමන් ගන්නා වුන් හොදාකාරවම දනී.

බස් රථයේ බිම තහඩුව මතට කාසි වැටෙන හඬ ඇසුනි...බසට ඉදිරියට ගියේය...

මා සුපුරුදු පරිදි ගමන් ගතීමි....ඉදිරියෙන් ඇත්තේ මා හැමදාම ගොඩවී යන ලස්සන අක්කලා සිටින ෆාර්මසියයි...මා එයද පසුකර ගියෙමි..

"ඇයි උඹ අද කාඩ් ගන්නැද්ද?"

"නෑ බං අද සල්ලි නෑ.."

Monday, May 30, 2016

පුංචි ඇස් දෙක



"ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?"

පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ.

"අහ්..යනව යනව....කවුරු හරි එනකල් හිටියෙ..."

නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක හිනාවුනු කල්ප එහෙම කීව.

වෙනදට යාලුවො ටික එනකන් කඩේ ගාව හිටියත් අද කඩේ වහල හිංද පංතිය ලඟට ආව.

"එහෙනන් යං ඉතින්"

නිමේෂට බෑ කියන්ඩත් බෑ පංති යන්ඩත් බෑ.
...
 කල්ප පංතිය පැත්තට හැරුනට එන්නෙ නෑ කියල නිමේෂ දැක්ක.

"ඇයි?"

"නෑ මට අද සල්ලි ගේන්ඩ බැරි උනානෙ....ඔයා යන්ඩ.."

"අයියෝ මැට්ටො අද මාසෙ පලවෙනිද අද සල්ලි ඕනෙ නෑ..."

අන්තිම තුරුම්පුවත් සුං...

දොරෙන් ඇතුලු වෙලා නිමේෂ දකුණු පැත්තෙ ඉස්සරහින් ඉඳ ගද්දි කල්ප මැද හරියෙන් ඉඳ ගත්ත.පැය ගානක් පාඩම අහගෙන හිටියත් කල්පට දෙයක් තේරුනෙ නෑ..හරියටම කීවොත් තේරුම් ගන්ඩ උනන්දුවක් තිබ්බෙ නෑ.කොහොම හරි අන්තිමට පංතියෙ ඉන්ටවල් එකත් ලැබුන.ඒ එක්කම කල්ප බෑග් එක එල්ල ගත්තෙ පතියෙන් යන්ඩ.

ඉස්සරහින් ගියොත් යන්ඩ වෙන්නෙ සර්ගෙ කාමරේ ඉස්සරහිං ඒක හින්ද යන්ඩ හොඳම තැන කැන්ටිම පැත්තෙන්..

"කොහෙද ඔය යන්නෙ බෑග් එකකුත් එල්ලගෙන"

"මම මේ...... කෑම එක කන්ඩ යනව..."

"ඔහෙ කොහෙද යන්නෙ....."

"අර එහා පැත්තෙ හෝල් එකට..."

"එහා පැත්තෙ.....?""එහා පැත්තෙ කොහෙද හෝල් එකක් තියෙන්නෙ....."අර අරකට යනව....ඒකෙ එච්චර කට්ටිය නෑ...."................."හැබැ

යි බලාගෙන ඈ.."

"ඒ මොකද.."

.."ප්‍රේම වන්තියො දිහා බලාගෙන ඉඳල  දිව හැපෙයි...."

"යනව යන්ඩ.."


තරහෙන් පුපුර පුපුර ගියපු කල්ප පංතියෙන් වාඩි උනා.

"ෂික්...මටත් පිස්සු...මම මොකටද ඒකි කියන කියන ඒව අහගෙන ඉන්නෙ.."
...................................................................................

අන්තිම පැය දෙකත් ගෙවිල ගියා.පංතිය ඉවර වෙලා එලියට එද්දි නිමේෂ එලියට වෙලා බලාගෙන ඉන්නව.කල්ප නිමේෂව දැක්කත් දැක්කෙ නැති ගානට අහක බලාගෙන ගියා.

"කල්ප...කල්ප"

නිමේෂ පිටිපස්සෙන් ඇවිත් කතාකරා.

"මේ....ඔයා ගිය සතියෙ පංති ආවද?.."

"නෑ....මම ගිය සතියෙයි..ඊට ඉස්සල සතියෙයි පංති ආවෙ නෑ..."

"අයියෝ..කල්ප...මට ගිය සතියෙ නෝට් එක ලියාගන්ඩ බැරි උනානෙ..."

"එහෙනන් කාගෙන් හරි ඉල්ලල ලියා ගන්ඩ..."

අඩි කිහිපයක් කල්ප ඉස්සරහට ගියත් නිමේෂ කල්ප එක්කම ආව.

"මේ......ඔයා කොහොමද නෝට් එක නැතුව ලබන සතියෙ exam එක ලියන්නෙ.."

"මොන exam ද මම ලබන සතියෙ පංති එනවයැ..."එහෙම කියන්ඩ හිතුනනත් කල්ප කට වහගෙන හිටිය.

"ආ.....ඒක තමා මාත් මේ කල්පනා කරේ.."

"එහෙනන් මම යාලුවෙක්ගෙන් පොතක් ඉල්ලගෙන නෝට් එක ලියා ගන්නන්..."

"හ්ම්..."

"මේ...ඕනෙනන් මම ඔයාගෙ නෝට් එකත් ලියල දෙන්ඩද?"

"මේ මොන මළ ඉලව්වක්ද.."සිතිවිලි කල්පහෙ හිතේ පුපුරු ගහනව.

"හ්ම්.."
......................................................................................................

"මේ ඔයා සීසන්ද?"

"නෑ...නෑ...මම මේ සැරේ ගත්තෙ නෑ..."

සීසන් එක ලඟ තිබ්බත් කල්ප එහෙම කීවෙ නිමේෂ ලඟ සීසන් තියන හිංද ...එතකොට නිමේෂව මඟ ඇරල යන්ඩ පුලුවන්නෙ.

"අයියෝ...මටත් මේ සැරේ සීසන් ගන්ඩ බැරි උනානෙ..."එපා වෙනව අප්ප සීසන් ගත්තනන් හරි ලේසයි.."

දැන් ඉතින් බස් එකේ යනකල් කනක් ඇහිල යන්ඩ වෙන්නෙ නෑ..

"ආ..මේ මම අරකෙ යනව..මට පරක්කු වෙනව.."

"පොඩ්ඩක් ඉන්ඩ මාත් එනව.."

කල්ප යමින් තිබුන බස් එකට දුවගෙන ගිහිල්ල එල්ලුන..කල්ප එල්ලුන ගමන් බස් එක නතර කරා..ඒ එක්කම නිමේෂත් ඇවිල්ල බස් එකට නැග්ග.

"කල්ප පොඩ්ඩක් ඉන්ඩ මට උඩට යන්ඩ"නිමේෂ කල්පව පල්ලෙහ පඩියට දාල උඩට ගොඩ උනා.

"ආපෝ මේකෙ හරි සෙනඟ නේද?"

"හ්ම්.."

"අද යාලුවෙක්වත් හම්බුනෙ නෑ...මේ කොහෙවත් යන කෙල්ල හිංද.."

කල්ප පල්ලෙහ පඩියට වෙලා නිමේෂට හිතින් දොස් කියනව.

"මල්ලි පොඩ්ඩක් උඩට ගොඩවෙන්ඩ"

ඉස්සරහ දොරෙන් දුවගෙන ආපු කොන්දොස්තර පිටිපස්සෙ දොරේ එල්ලෙන ගමන් කීව.කල්ප එක පඩියක් උඩට නැග්ග.නිමේෂ කල්පගෙ මූනෙ ගෑවෙන තරන් ලංවෙලා.

"පොඩ්ඩක් උඩට යනවකො"කල්ප නිමේෂගෙ මූනදිහා බලමින් කීව.

"ඇවිල්ල බලනවකො ඉඩ තියනවද කියල"..නිමේෂ පුංචි ගෙරවිල්ලක් දැම්ම.

"ඔය නැගපු අය ටිකට් ගන්ඩ...!"

"අනේ කල්ප මටත් එක්ක ගන්ඩකො!...පර්ස් එක බෑග් එකේ"

"ඈ........ ඔයාටත් නැගලද!!!......"

"ඈ....මොකක්ද?....??...හයියෙන් කියනවකො...ඇහෙන්නෑ..."

"නෑ නෑ...හරි.."

"මොකක්ද?"

"හරි බං හරි...ගන්නන් ගන්නන්!!.."

උඩටවත් ගොඩවෙන්ඩ ඉඩ නොතිබ්බ බස් එකේ ටිකකින් සෙනග හොඳටම අඩු උනා.නිමේෂ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා හිටපු තැන ලඟින්ම කල්පත් වාඩි උනා.

"මේ ලබන සතියෙ එද්දි පේපර් ටිකක් කරල එන්ඩ...මේ සැරේ පාඩම් හතර පහකින් පේපර් එක හදනව කීව.."
           
"හ්ම්.."

"කෝ පොත..."

.....................................................................................................................................................

"කෝ මේකෙ තියෙන්නෙ අද නෝට් එක විතරයිනෙ.."

"ඔව්...ඔය අලුත් පොතක්..."

නිමේෂගෙ නිල් පාට ඇස් පොත පුරා පීනද්දි හරි අපූරුයි.සුදු පාට චූටි ඇඟිලි පොතේ පිටු පුරා හරි කඩිසරව ඇවිදිනව.කැරලි ගැහුනු කාල වර්ණ කොන්ඩය විටින් විට ඇයට බාදා කරත් ඇය ඒවා ආදරයෙන් පිටුපසට කරන්නෙ වැරැද්දක් කරහම ලමයිට අවවාද කරන අම්ම කෙනෙක් වගේ.

නිල් පාට බ්ලව්ස් එක.,නිල් පාට නිය ආලේපන,නිල් පාට ඔරලෝසුව.,නිල් පාට සෙරෙප්පු.,නිල් පාට බෑග් එක.හරිම පිළිවෙලයි.හරිම චාම්.

ජනෙල්ලෙන් හමාගෙන එන සුල්ං රැලි කැරලි ගැහුනු කොන්ඩෙ අරගෙන යන්ඩ හදන්නෙ හරි ආදරෙන්.කොන්ඩෙ ඔක්කොම එකට එකතු කරල ගහල තියන නිල්පාට කොන්ඩ කට්ට සුලඟ එක්ක ඔච්චම් කරනව.හරි ප්‍රිය මනාප පෙනුමක් තියන නිමේෂව මේ කැරලි කොන්ඩෙ තවත් ප්‍රිය මනාප කරනව.
 "හරි මම ලියල ගෙනත් දෙන්නන්.."

"ආ....මේ....ඔයා ඉස්සල සති දෙකේම ආවෙ නෑ කීව නේද?මේ පේපර් එක ෆොටෝ කොපි කරගන්ඩ...,මතක ඇතුව ඕක ලබන සතියෙ ගේන්ඩ ඈ.."

පොත්ටික බෑග් එකට දාගත්ත නිමේෂ නැගිටල බෙල් එක ගැහුව...

"මම යනව ඈ...බායි!..."

"හරි...."

බස් එකෙන් බැහැපු ගමන් නිමේෂ දුවගෙන ගියෙ ෆාමසිය ඇතුලට.
...................................................................................................
 "කෝ පුතා පොත්.."

"ළමයෙක් ඉල්ල ගත්ත නෝට් එක ලියා ගන්ඩ.."

"ඔයාගෙ පොත......"

"ඔව්..."

"හ්ම්........""හ්ම්........"

වෙනදා පොත අතේ අරන් නිවසට ගොඩවෙන කල්ප අත්දෙක වන වන එන හැටි දැකපු අම්ම පොත් ගැන ඇහුව.

වෙනදාට වඩා කලියෙන් ඇදට ගියෙන් නින්ද ඔහුගේ අසලකටවත් නොපැමිනේ.උඩු බැලිව වැතිරුනු කල්ප කල්පනා කරන්නට විය.

"නිමේෂ මොකද මට පංතියෙන් යන්ඩ නොදුන්නෙ..."
"පංතිය ඉවර වෙලා මම එනකන් හිටියෙ මොකද"
"මගෙන්න නෝට් එක ඉල්ලුවෙ මොකද"
"මට ටිකට් ගන්ඩත් කීව"
 නිමක් නැති සිතුවිලි වලාවක් ඇතුලෙම කල්පට නින්ද ගිහිල්ල තිබුන.
..........................................................................................................
 "පාඩන් කරන්නැද්ද...ඊයෙත් පංති ගිහින් ආපු ගමන්ම නිදාගත්ත...දැන්වත් ඇහැරෙන්ඩ ලමයො..."
                              

"උදේම ඇහැරල වැඩ කරන එක හොඳයි...නැගිටින්ඩ ඉතින්...!!.....මම තේ ඒකක් හදන්ඩද?

සීතල වතුරෙන් මූන හෝදගෙන තේ එකත් බීල වාඩි උනේ පාඩම් කරන්ඩ.

මේසෙ ඉස්සරහ ජනෙල්ලෙ ඇරියහම වෙල් යාය මැදින් ඈත පේනව....වෙල්යායෙ කොනෙන්ම තිබෙන පාරෙ පාන්දරට වාහන ඇදිල යද්දි හරි ලස්සනයි.ත්‍රී වීල්,බයික්,කාර්,වෑන් අඳුර ගන්නෙ ඒවගෙ ලයිට් වල උස අනුව්.ඝන අන්ධකාරය මැදින් ලයිට් එලි ඇඳිල යද්දි අපූරු සිතුවමක් වගේ.
                              
      පිණි බිංදුත් එක්ක හුරතල් වෙලා එන සීතල සුළඟ සීතලයි වගේම හරි තෙත්.අළුයම හිංද තාම හිරු නැඟිල නෑ.ඒ අවසරයෙන් හඳ එළිය එක්ක පිණි බිංඳු තාමත් සෙල්ලං කරනව.
..................................................................................................
 සතියක් ගෙවිල ගියේ හරිම හෙමිහිට.වෙනදටත් කලියෙන් ලෑස්ති උනු කල්ප පංතිය ලඟට ගියා.ඒත් ඇත්තටම මොකටද පංති ආවෙ කියල කල්පට තේරුමක් නෑ.ටික වෙලාවකින් නිමේෂත් පංතියට ආව.කල්ප එක්ක පොඩි හිනාවකින් කතා කරපු ඇය පංතියට ගිහින් ඉඳ ගත්ත.පංතිය ඉවර වෙනකන් ඇගිලි ගනිමින් හිටපු කල්පට පංතිය තිබුනු පැය තුන ඉතා වෙහෙස කර උණා...

"අද කලින් ඇරිය නේද?"

"හ්ම්..."

"අනේ සොරි!....මම එද්දි පරක්කු උනා....ඔයා මොකේද නෝට් එක ලියා ගත්තෙ...."

"ආ.....හරි හරි....මම කොලේක ලියා ගත්ත....මම පස්සෙ පොතේ ලියා ගන්නන්..."

"ආ..ඔක්කොම ලීව ඇ..."
.......................................................................................................
 ..........."අයියෝ වහිනව......"...."ඔයා ලඟ කුඩයක් නැද්ද....."..."මොකක්ද අනේ කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ එපෑ....."......
                              

......."අර....අර..අතෙන්ට යන්..."

"මම එන්නන් ඔයා යන්ඩ ඔයා ලඟ කුඩයක් තියනවනෙ...."

"..මේ අර පේපර් එකල් ලීවද"...

"ඔව්....."...ඇයි.... කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ ඕනෙ..?."

"ආපෝ...ඒක දන්නැද්ද?...."

"දන්නවනන් අහනවද?...."

"ඇයි වැස්සෙ කෙල්ලෙක්වත් සෙට් උනොත් කුඩේ දාගෙන යන්ඩ...."

"ආ....එහෙනන් මෙයා කුඩ ගේන්නෙ වැස්සෙ යන කොල්ලො දාගෙන යන්ඩ...."

"ඔව්....පව්නෙ...වැස්සට තෙමිල ලෙඩ උනොත්....."

"අනේ මෙයාගෙ අනුකම්පාව......"
...............................................................................................
 "අයියෝ...මේ වැස්ස ඉවර වෙන්නෙත් නෑ..."

"ඇයි මොකද හදිස්සිය....."

"හවස පංති අනේ..."

"එහෙනන් ඔයා යන්ඩ...."

"මේ වැස්සෙ ගියොත් තෙමෙන්ඩ වෙන්නෙ..."
"ඇයි ඔය කුඩයක් තියෙන්නෙ...."

"කුඩේ එක අතකින් ඉහල ගත්තහම පොත් බෑග් එක තෙමෙනව.....බෑග් එක ඉස්සරහට කරල අල්ල ගන්ඩත් ඕනෙනෙ..."

"එහෙනන් වැස්ස ඉවර වෙනකන් ඉන්ඩ වෙනව..."

"පරක්කු වෙනව අනේ...."

"මේ ඔයාට බැරිද කුඩේ ඉහලගෙන එන්ඩ..."

"එතකොට අපි දෙන්නටම තෙමෙන්ඩ වෙනවනෙ....."

"කමක් නෑ...පොත් ටික තෙමෙන් නැතුව තියෙයිනෙ...."

"එතකොට මගෙ පොත් ටික...."

"කෝ දෙන්ඩ මම බෑග් එකට දා ගන්නන්..."

"මාකට් එක පැත්තෙන් යන්ද....?රවුමෙන් ගියොත් තව තෙමෙනව..."

"අද වහලද දන්නෑ...ඉරිදනෙ...."

"නෑ...පොඩි ගේට්ටුව ඇරල තියෙන්නෙ..."
.............................................................................................................

"අයියෝ වැස්සත් වැඩි කරා....තෙමෙනව අනේ!..."

ඔවුන් මාර්ගය දෙසට හැරෙත්ම වැස්ස තවත් වැඩිකලේය.තනිව යාහැකි කුඩයක් වූ එය දෙදෙනෙකුට යාමට ප්‍රමානවත් නොවීය.

"එහෙනන් මෙතන නැවතිලා යමු..."

"බෑ......පරක්කු වෙනව..."

ගමන නැවැත්වීමට නිමේශාගේ කැමැත්තක් නොවීය...කතාවක් බහක් නොමැතිව දෙදෙනා ඉදිරියට පිය මැන්නේය.

කල්පගේ දකුණු අත නිමේෂාගේ උරසට උඩින් යැව්නි.නිමේශා කල්ප දෙසට තුරුලු විය.අනෝරා වර්ෂාව නොනවත්වා ඇද හැලෙයි.නිමේෂාගේ තුරුලේ කල්පටත් කල්පගේ තුරුලේ නිමේෂාටත් උණුසුමක් දැනුනි.

නිමේෂාගේ කිචි කිචියට නැවතීමේ තිත තබලාය.කල්පද ගොලුවත රකී.කුඩය හා වැහි බිඳු ගැගෙන හඬත් දෙදෙනාගේම කකුල් වලින් පොළොව තෙරපෙම හඬත් ඇරුනු විට වෙනත් ශබ්දයක් නොනැගේ.


 මතු සබැදේ....

Sunday, May 22, 2016

මගේ වෙසක්

මේ අවුරුද්දෙ වෙසක් මාසෙ ආරම්බ වෙද්දිම අපේ ජනතාව දැඩි නියං කාලගුනයකින් පීඩාවින්ද..ඒ නියගය අවසන් උනේ දැඩි වර්ශාපතනයක් එක්ක...ඒ  වර්ශාපතනය හිංද අවතැන් වුනු අපේම ජනතාව අති විශාලයි...අවුරුදු ගානක් තමන් හරි හම්බ කරගත්ත දේපල ක්ෂනයකින් විනාශවෙලා යද්දි දැනෙන හැගීම කෙබඳු වෙන්නට ඇත්ද?කොතරම් අසරණ බවක් දැනෙන්නට ඇත්ද?
                                            එදා උදේ මමයි "දුමී" බ්ලොග් එක කරන දුමින්ද අයියයි කතාකරකර හිටියෙ කොහොමද අපි මේ අපේ සමාජයේ අපේම මිනිසුන්ට උපකාර කරන්නෙ කියල......අපි දෙන්නගෙ පොඩි අදහසක් තියනව සමාජසේවා සංවිදානයක් පවත්වාගෙන යන්ඩ....ඒ ගැන තමා එදා දවසම අපි කතා කරේ...පල්ලෙහෙයි කමෙන්ට් කරද්දි දුමින්ද අයිය ඒක සනාත කරයි...
                                             අරණායක නාය යාම කොයි කවුරුත් දන්නවනෙ...ඒදා මම ගෙදර එද්දි ඔය විස්තරේ දන්නෙ නෑ .. කාල බීල ටීවී එක ඉස්සරහින් ඉඳගද්දි අම්ම කීව කෑගල්ල පැත්තෙ නාය ගිය කථාවක්...හැබැයි මට ඒගැන එච්චර සැලකිල්ලක් තිබ්බෙ නෑ...ඒත් ප්‍රවෘත්ති වලින් ඒගැන ප්‍රචාරය වෙද්දි දැනුනු හැගීම විස්තර කරන්ඩ ඇත්තටම අමාරුයි.
                       
මට එතකොටම මතක් උනේ දුමින්ද අයියව...එයාටත් කතා කරල මේ වැඩේ කරන්ඩ වැඩ කටයුතු සැලසුම් කරා.... එවලේ ඉදන් මම දන්න හැමෝටම කථාකරල විස්තරේ කීව....ඒ අතරින් මගේ මිත්‍ර "ළහිරු" ක්ෂනිකවම ප්‍රතිචාර දැක්වීම ඇත්තටම හයියක් උනා....ඔහු මාත් එක්ක පැය ගනනක් මේ ගැන කථිකා කරා..කොහොම හරි අපෙ සංවාදය නිමා උනේ ඔහු කොහොම හරි මේකට  මේකට සම්භන්ද වෙනව කියන පොරොන්දුව මත....
ඊට පස්සෙ මම අපේ සහෝදර බ්ලොග් කරුවන් ටික දෙනෙකුට විතරක් මේ විස්තරේ කීව මොකද....අනිත් අයට මාත් එක්ක සම්භන්ද වෙන්ඩ බැරිතරම් දුරක මම හිටපු නිසා....
අපේ මහේෂ් අයිය උදේම කථා කරා කතා...එයා ඒ වෙනකොට හිටියෙ පොළොන්නරුවෙ...(මතක විදිහට) මළගෙදරකට සහභාගි වෙලා...අජිත් අයියත්...සුමිත් (කමිය) ප්‍රතිචාර දැක් වුවා...ශ්‍රී ප්‍රභා (ලේ පාට හීන) අක්කත් කොළඹ හිරවෙලා ඉඳල දැකපු ගමන් ප්‍රතිචාර දැක්වූව...ඔයාල හැමෝටම ස්තූතියි....

                            කොහොම හරි දුමින්ද අයිය ගොඩක් වෙහෙස වෙලා ආධාර එකතු කරා....ගමේ ගොඩක් දෙනෙකුත් ආධාර කරා...චමින්ද අයිය....එඩ්න ඇන්ටිගෙ හස්බන්ඩ් අංකල්...ගොඩාක් අය උදව් කරා...ඒ අතරෙම මතක් කරන්ඩ ඕනෙ "චාරුක" සහ ඔහුගේ "පියාණන්ව" ඔවුන් තමයි ප්‍රවාහන අධාර දුන්නෙ....අපේ පියත් සහභාගි උනා....වාහනයේ රියදුරු ලෙස....ටැන්කූ වේවා ......
 
අපි අපේ ප්‍රථම ආධාර බෙදීම ආරම්භ කරල ආව....එහිදී දැනගත්ත වැදගත් දෙයක් උනේ ඔවුන්ට කාන්තා යට ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අවශ්‍යතාවක් තිබෙන බවයි....අපි එහි ගෙන ගිය සනීපාරක්ෂක තුවා එකසිය විසි ගනන හැරුනු විට වෙනත් ඒවා තිබ්බෙ නෑ.....ඒ ගැන අජිත් අයියට කිව්වහම ඔහු මුදල් ආධාර දෙන්ඩ එවලේම ඉදිරිපත් උණා....ප්‍රභා අක්කත් ද්‍රව්‍යමය ආධාර දෙන්ඩ ඉදිරිපත් උනා...බොහොම ස්තූතියි.....
 
ඒත් පසුව කඳවුරට කතාකරහම දැනගත්ත ආධාර ද්‍රව්‍ය ඕනෑවටත් වැඩියෙන් ඇති බව....ඉතින් මම අජිත් අයියට දැනුම් දුන්න මේ ගැන...ඔහුගේ ආධාරය වෙනත් ස්ථානයකට ලබාදෙන ලෙස....ඒත් ප්‍රභා අක්ක කතා කරනකන් ඒ ගැන ඇයට දැනුම් දෙන්ඩ බැරි උනා සොරි වෙන්ඩ ඕනෙ අක්කෙ...
කියන්ඩ අමතක උනා....සොරි වෙන්ඩ ඕනෙ....අපේ දුමින්ද අයිය යන්ඩ කලින් දවසෙ දර පලන්ඩ ගිහින් පොරොව ඔලුවෙ වැදිල....ඒ හින්ද ඔහුට සහබාගි වෙන්ඩ බැරිඋනා...ඒත් ඔහු හැමවෙලේම මට කතාකරල අවශ්‍ය උපදෙස් දීල දිරිමත් කලා බොහොම ස්තූතියි අයියෙ......ඒ වගේම විශාල ආධාර ප්‍රමානයක් එකතු කරල දුන්න..දුමින්ද අයියගෙ උපදෙසක් මත පොඩි අයට සෙල්ලම් බඩු වගයකුයි බැලුම් වගයකුයි අරන් ගියා ගියා..තව ඉතුරු උන සල්ලි වගේකින්(අම්ම දුන්න) ටොෆී වගයක් අරන් ගියා...මේ හැම එකක්ම බෙදල දෙද්දි පොඩි එවුන්ගෙ මූනු වල ඇතිවුනු සතුට වචනෙන් විස්තර කරන්ඩ බෑ..


මනුසයො එක එක කථා කීව...මොකද ඒ වෙනකොට ඔය ආධාර දීම් ගැන එච්චර කතා තිබ්බෙ නැති හින්ද...අනෙක් ප්‍රශ්නෙ දැම්මෙ අපේ මව් තුමිය....පාඩම් නොකිරීම හා A/L ගනන් නොගන්නවා කියා.....ඒත් පස්සෙ ෆුල් සප් එකක් දුන්න...ටැන්කූ වේවා..."රුවින්දයත්" අපිත් එක්ක ගියා.උටත් ටැන්කූ වේවා!

කොහොම හරි මගේ බලාපොරොත්තුවක් තියනව විභාගය ඉවර උනහම ආය ඒ පැත්තෙ ගිහිල්ල ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලන්න...සහ සමාජසේවා සංවිදානයක් පටන් ගන්ඩ..

සුදු පාට අත් කොට එකක් ඇදන් ඉන්නෙ "ළහිරු" සුදු අත් දිග "රුවින්ද" රතු අත්කොට "චාරුක" අනෙක "මම" අනෙත් කෙනා අපෙ අප්පච්චි..




 




රසිකයා.

Tuesday, May 17, 2016

විජයග්‍රහණ සැමරුම

ජාතිකත්වය කරපින්නා ගත්තවුන්ට යුද්ධය යනු අමුතු වචනයක් නොවන බව මාගේ හැගීමයි....මක්නිසාදයත් ඔවුන් ජාතිකත්වය තුල වෛරය...හිංසනය වපුරන්නන් වන බැවිනි..අප රටේ සිවිල් යුද්ධ අවසන් වී බොහෝ කාලයක් ගතව ඇතත් තවමත් යුද්ධය නැවත වැපිරීමේ අවශ්‍යතාවයක් ඔවුනට ඇත....දෙමළු,ඕකා කොටියා ඔවුන් නොකියන ඔවුනගේ නිගමනය බව සැබෑය....

මදකට සිතන්න....ඔබ යම් රටක සුලුතරය වී බහුතරයෙන් පීඩා විදිනවා කියා....ඔබ කුමක් කරන්නෑද??....හරි මේක උන්ගේ රට කියා කට වහගෙන සිටිනවද...අයිතීන් දිනා ගැනීමට උත්සහ කරනවාද....අයිතීන් ලබා ගැනීමට උත්සහ කරනවා නොවේද?....ඉතින් දෙමල ජනාද කලේ එයම නොවේද?තමන්ට හිරිහැර පීඩා සිදුවන විට ඔවුන් ඉදිරියට ඒම සිදු නොවේද?....මෙයදුටු දමිල අන්තවාදීන් මොවුන් යුද්ධයක් කරා උසි ගැන්වුවේය...එහෙත් බහුතර දෙමල ජනයාගේ අවශ්‍යතාවය එය නොවීය....ඔවුනට අවශ්‍ය වූයේ ඒ අහිවූව ලබා ගැනීමය.......නායකයන්ට රැවටුනු ඔවුහු යුද්ධ කලහ....මිනිසුන් මැරුවේය...මා මෙහිදී කිසිඳු අවස්තාවක යුද්ධ කිරීම සාදාරනී කරනය හෝ....එල්ටීටීය සාදාරණී කරනය නොකරමි.....ඔවුන් අප මැරුවේය....අප ඔවුන් මැරුවේය....ජඩ වැඩකි..

මේ රජයේ හමුදාවක සේවය කල සහෝදරියකගේ අදහසකි...
                            ""යුද්ධය නිමා විමට පෙර සිට හමුදා සේවයෙ නියුති කෙනෙකු ලෙස මා මේ යුද්ධය ජයග්රාහන කර නොව යුද්ධය නිමාවට පත් කරා ලෙස දකිමි.තවද මේය සැමරැමක් නොව සිහි කිරීමක් ලෙස දකිමි.යුද්ධ සමයේ ඒ බිහිසුනු මරණාසන්න අවස්තාවට ගොස් ඒ මොහොතේ සිතට දැනෙන දේ අත්විදපු කෙනෙකු ලෙස මේ රටට සාමය ගෙනෙන්න මියැදුනු සහෝදර සෙබලුන්ගේ හිත් වල ඒ මොහොතේ තිබු සිතුවිලි මගෙ හදවතට දැනුන අවස්තාවක් මටද ඇත.අපි කිසි දිනක ගරිල්ලා ක්රම ඉගෙන ගත්තේ නැ.අපට කිසි විටෙක පුහුණු විම් තුල එල්.ටී.ටි ඊ සංවිධානය පිළිබඳ වෛරය ගෙනෙන වීඩියෝ පටවත් ඔවුන් කෙරෙහි කෙන්ති ඇති කරන දෑ පෙන්නුවේ නැ.හැම විටම මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිස්සුන්ට සිරිමක්වත් නොකර ඔවුන්ව ආරක්ෂා කල යුතු බව සිහි තබා ගත යුතු බව උගන්වන ලදි.එහෙත් අපේ ප්රතිවාදීන් ලෙස යුද්ධ කර අය ගේ මනස තුල ඔවුන්ගේ උපදේශකයින් තැබුවේ සිංහලයින් පිළිබඳ වෛරයක් පමණි.වෙනස එතනයි.අද ඔය සංහිදියාවක් ගැන කතා කරන බෙහෝ පිරිස් හිතලා බලන්න.අදටත් ජිවත්ව සිටින ඔවුන් සංහිදියාවේ දෑත් දිගු කරනවා වෙනුවට කතා කරන වචනයක් තුල තිබෙන්නේ වෛරයකු පමණි.""

මෙහි ඇති පැහැදිලිම කරුන නම් යුද්ධයට හේතුව වෛරය බවයි....එහෙනන් කල යුත්තේ වෛරයට බෙහෙත් කිරීම නොවේද.....යුධ සැමරුම් පැවැත්වීමෙන් වෛරයට සහනයක් ලැබේද??
                   ....මෙසේ සිතන්න ඔබේ හිතවතෙකු කවුරුන් හෝ මරා දමා ඔහුවමරා දැමීම වසරක් පාසා සමරනවා කියා....ඔබට කුමක් සිතේද?දැනේද?.....ඔබ තුල පැවති වෛරය සංසිදේද?...ඔවුන් කෙරෙහි ප්‍රමය හටගනීද?..............එසේ හෙයින් යුද්ධය සැමරීමෙන් පලක් තිබේද?
                              










                  අනෙක් කරුන නම් සිහි කිරීමයි.....යුද්ධයක් අවසන් වීමක් යනු ජීවිත බොහෝ ප්‍රමාණයක විනාශයෙන් ලඟා කරගන්නා වූ දෙයකි..ඉතින් සැමරීමක් නොව සුසුම් හෙලීමක් නම් කල හැක.....
                      කථිකාව ඇත්තේ යුද්ධය අවසන් වූ පසුවය...අවසන් වූ යුද්ධය සැමරීම ගෝත්‍රික සංකල්පයක් යැයි මාගේ හැගීමයි......මහා ජාතිය ලෙස අප යුද විජයග්‍රහනය සමරමින් පාටි දානවා නම් පරාජිතයන්ටද එය සැමරීමට අවස්ථාවක් දිය යුතුය...
                              ඔවුන්ද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ අපද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ...එසේ නම් දෙපිරිසම ඔව්-නොවුන් වෙනුවෙන් සටන් කලහ......එසේ සටනක් නැවත ඇතිවිය යුතු නොවේ....එසේනම් අප කලයුත්තේ කුමක්ද?ඇතිවිය හැකි හේතූන්ට ප්‍රතිකාර කිරීම නොවේද?
                              
                ප්‍රතිකාර කර ඒ හේතූන් විනාශ කිරීම නොවේද? ඒවා නැවත හට නොගන්නා ලෙස සුව කිරීම නොවේ ද?උදාහරනයක් ලෙස කකුලේ කට්ටක් ඇනුනා යැයි සිතන්න උඩින් කට්ට ගලවා හරි කට්ට අයින්කරා කියා උදම් අනන විට ඇතුලේ කෑල්ලක් තුබුනොත් කකුල පැසවනවා නොවේද....ඒ ඇතුලේ ඇති කට්ටද අයින්කල පසු උදම් ඇනීම කල යුතුය...




[රසිකයා]

Wednesday, May 4, 2016

බ්ලොග් එකට නිවාඩුවක්..

හිතෙන හිතෙන හැම මගුලම
කුරුටු ගාන...                                                         
කුරුටු ගාන ඒව අනිත් උනට
කියන.....                                                                    
කන්ඩ නැතත් ගානක් නැති පාලු මකන
මකන....                                                                       
බ්ලොගය මගේ ජීවිතයයි සදා
රකින...                                                                      
                                                                                  
හැමදෙන හට හරි පණ්ඩිත කථා
කියන......                                                                 
සියල්ල දත් මහ පණ්ඩිත සේ
හැසිරෙන....                                                                
මෝඩ කමට බොහෙත් නැතුව තව
ලතැවෙන....                                                                     
මං තාමත් ඇට බිජ්ජෙකි උ.පේ.
කරන...                                                                 
                                                                                
සමා වෙලා ඔබ හැමදෙන මේ
අහන්න...                                                                  
විභාගයට අගෝස්තුවේ ඇත
ලියන්න...                                                                    
පාඩම් වැඩ ගොඩ ගැහිලා ඇත
කරන්න....                                                     
ඒක හිංද මාස තුනක්
නිවාඩු දෙන්න...                                                                                  

Saturday, April 30, 2016

කහ රෙදිකාරයෝ

සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතුය.එම මාර්ගය අනුගමනය කල යුතුය.ගමේ ගොඩේ කථාවට අනුව තාත්ත වගේ නැති වුන්ට තාත්තගේ දරුවන් යැයි කියනු නොලැබේ.ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ.ඉදින් ඔවුන්ට කිව හැක්කේ කහ රෙද්දක් පොරොවා ගත්ත වුන් කියාය.රෙද්දක් පොරොවා ගන්නවාට වඩා ඔබට එයින් කලිසමක් හා කමිසයක් මසා ඇඳ ගැනීම වඩාත් පහසු වනු ඇත..වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?බැදී සිටින්නේ ඇලී සිටින්නේ ලෞකික වස්තූන්ට නොවේද?බුදුන් වහන්සේ භික්ෂූන්ට මුදල් භාවිතය අකටයුත්තක් යැයි දේශනා කර ඇති බව නොදන්නේද?නැති නම් බුද්ධ දේශනාව ගනන් ගන්නේ නැතිද?කාමසුකල්ලි කානු යෝගය බැහැර කල බව නොදන්නේද?උගෙන නැතිද?අන්‍යාගමිකයන් හදන්නේ කුමකටද?ඔවුන්ට ගරහන්නේ කුමකටද?උන්ට පාඩුවේ ඉන්ට දෙන්නෑ නැතිද?බුදු රජානන් වහන්සේ එසේ කල එක අවස්තාවක් පෙන්වන්න.බුද්ධ දර්ශනය විනාශ කරන්නෑ ඔබලාය.කරන්න යැයි අනුදැන වදාල දේ නොකරති....නොකරන්නයැයි අනුදැන වදාල දේ කරති...බුද්ධ දේශනා පඩේකටවත් ගනන් නොගන්නේ නුඹලාය.මහණ වෙන්ඩ පටන් ගත් තැන සිටම.නිකාය ලෙස භෙද වන්නේ නුඹලාය.දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නොව හාමුදුරු වේශයෙන් සිටින කහරෙදි කාරයෝය.මෙය ලීවේ බොග දමන්න්ට පැමිනි ඔබ වැනි කහ රෙදි කාරයන්ටය.ලෞකික සතුට සොයන ඔබට හැකිනම් පිළිතුරු දෙන්න නැතිනම් පලා යන්න....

Thursday, April 28, 2016

මොකක්ද එකක්

එල්ලෙන්ඩ හිතයි මට
ඔබ සිහිවන තෙක්
ඇවිදින්ඩ හිතයි මට
ඔබ හමුවන තෙක්
වැලපෙන්න හිතයි මට
ඔබ හිනැහෙන තෙක්
සමුගන්ඩ හිතයි මට
ඔබ බහ දෙන තෙක්.........
                                                     
නටාලියා ඔබ..
රෝස කුසුමේ..
පූර්නිමා ඔබ..
සුදු පිච්ච කුසුමේ....
                                                                               
ඉතින්..
                                                                                    
සින්ඩරෙලා විය නොහැකිද..
                                                                                    
ඉගිලෙන්ට හිතයි මට
ඔබ පිහිනන තෙක්
දිව යන්ඩ හිතයි මට
ඔබ ඇවිදින තෙක්
සිප ගන්ඩ හිතයි මට
ඔබ නලියන තෙක්...
                                                                                     
ඒත් මට...
මොකුත් නෑ....