Saturday, April 30, 2016

කහ රෙදිකාරයෝ

සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතුය.එම මාර්ගය අනුගමනය කල යුතුය.ගමේ ගොඩේ කථාවට අනුව තාත්ත වගේ නැති වුන්ට තාත්තගේ දරුවන් යැයි කියනු නොලැබේ.ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ.ඉදින් ඔවුන්ට කිව හැක්කේ කහ රෙද්දක් පොරොවා ගත්ත වුන් කියාය.රෙද්දක් පොරොවා ගන්නවාට වඩා ඔබට එයින් කලිසමක් හා කමිසයක් මසා ඇඳ ගැනීම වඩාත් පහසු වනු ඇත..වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?බැදී සිටින්නේ ඇලී සිටින්නේ ලෞකික වස්තූන්ට නොවේද?බුදුන් වහන්සේ භික්ෂූන්ට මුදල් භාවිතය අකටයුත්තක් යැයි දේශනා කර ඇති බව නොදන්නේද?නැති නම් බුද්ධ දේශනාව ගනන් ගන්නේ නැතිද?කාමසුකල්ලි කානු යෝගය බැහැර කල බව නොදන්නේද?උගෙන නැතිද?අන්‍යාගමිකයන් හදන්නේ කුමකටද?ඔවුන්ට ගරහන්නේ කුමකටද?උන්ට පාඩුවේ ඉන්ට දෙන්නෑ නැතිද?බුදු රජානන් වහන්සේ එසේ කල එක අවස්තාවක් පෙන්වන්න.බුද්ධ දර්ශනය විනාශ කරන්නෑ ඔබලාය.කරන්න යැයි අනුදැන වදාල දේ නොකරති....නොකරන්නයැයි අනුදැන වදාල දේ කරති...බුද්ධ දේශනා පඩේකටවත් ගනන් නොගන්නේ නුඹලාය.මහණ වෙන්ඩ පටන් ගත් තැන සිටම.නිකාය ලෙස භෙද වන්නේ නුඹලාය.දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නොව හාමුදුරු වේශයෙන් සිටින කහරෙදි කාරයෝය.මෙය ලීවේ බොග දමන්න්ට පැමිනි ඔබ වැනි කහ රෙදි කාරයන්ටය.ලෞකික සතුට සොයන ඔබට හැකිනම් පිළිතුරු දෙන්න නැතිනම් පලා යන්න....

Thursday, April 28, 2016

මොකක්ද එකක්

එල්ලෙන්ඩ හිතයි මට
ඔබ සිහිවන තෙක්
ඇවිදින්ඩ හිතයි මට
ඔබ හමුවන තෙක්
වැලපෙන්න හිතයි මට
ඔබ හිනැහෙන තෙක්
සමුගන්ඩ හිතයි මට
ඔබ බහ දෙන තෙක්.........
                                                     
නටාලියා ඔබ..
රෝස කුසුමේ..
පූර්නිමා ඔබ..
සුදු පිච්ච කුසුමේ....
                                                                               
ඉතින්..
                                                                                    
සින්ඩරෙලා විය නොහැකිද..
                                                                                    
ඉගිලෙන්ට හිතයි මට
ඔබ පිහිනන තෙක්
දිව යන්ඩ හිතයි මට
ඔබ ඇවිදින තෙක්
සිප ගන්ඩ හිතයි මට
ඔබ නලියන තෙක්...
                                                                                     
ඒත් මට...
මොකුත් නෑ....

Sunday, April 24, 2016

පෙට්ටිය කැඩිලද?


රටක් ලෙස ඉදිරියට යාමටත්,සංස්කෘතික හර පද්දතිය රැක ගැනීමටත්,සභ්‍යත්වය හා සදාචාරය පලුදු නොවීමටත් අප පෙට්ටිය රැක ගත යුතුය..
වසර දෙදහස් පන්සීයකටත් එපිට ඉතිහාසයකට උරුමකම් කියන අප එදා සිට අද දක්වාම පෙට්ටිය රැකගත වූවෝ වෙති..කිසිඳු පලුද්දක්,බ්ඳීමක් හෝ වීමට නොදී අප එය රැක ගත්තේ දිවි හිමියෙනි...පර දේශක්කාර ආක්‍රමනිකයින් විටින් විට පැමින අපේ පෙට්ටිය කැඩීමට බොහෝ අවස්තාවල උත්සහ ගත්තේය...එහෙත් අප රටේ සිංහල ජාතියේ තිබූඅභීත භාවය හා නිවහල්භාවය නිසා ඒවා වැලකී ගියේය..ජාතීන් අතර සමගිය වර්දනය කිරීමෙහිලා පෙට්ටිය සිදු කරන්නේ අමිල මෙහෙවරකි....සිංහල,දෙමළ,බර්ගර්,

මුස්ලිම් මේ හැම දෙනාම පෙට්ටිය ආරක්ශා කරන්නෝ වෙති..එය අප නැවත නැවත මතක්කරනුයේ මහා අභිමානයකිනි..එසේම මෙරට පැවති තිස් වසරක් යුද්ධය පෙට්ටියට කලේ විශාල බල පෑමකි....එහෙත් අප ජාතියක් ලෙස නොසැලුනෙමු....දිවි පරදුවට තබා හෝ පෙට්ටිය රැක ගැනීමටප අප උත්සුක වීමි..කෙසේ වෙතත් මේ පෙට්ටිය දෙස බලා සිටිය නොහැකි කුහකයන් එල්ල කරන පහරවල් සුලුපටු නොවේ...කෙසේ නමුත් ඒවා පුස් වෙඩිල්ලක් වන බව අපට සක්සුදක් සේ පැහැදිලිය....එසේම අසල් වැසි රාජ්‍ය වලින්ද පෙට්ටියට එල්ලවම බලපෑම් සුලුවෙන් තැකිය නොහැක...විටින් විට සම්බාධක පනවමින් හා බොහෝ නාප්‍රකාර බලපෑම් කරමින් පෙට්ටිය පලුදු කිරීමට ඔවුන් උත්සහ ගත්හ.ඒ සදහා වර්තමානයේද උත්සහ ගනී.ස්වදේශික ජනයාම ඔවුන් ඒ සදහා යොදාගනිති...පරිස්සම් සහගත වන්න...ඔවුන් මුලින්ම මාන බලන්නේ ඔබේපෙට්ටියට ඇගිල්ල ගැසීමටය...

බලන්ඩ අපේ හාංදුරුවනේ..දැන් මේ පාලන ක්‍රමය හා ජත්‍යන්තර අත පෙවීම් හින්ද පෙට්ටියට කොච්චර අකටයුතුකම් සිදුවෙනවද කියල..පලුදුවීම්...ඒ එක්කම මේ විනාශ වීමෙක්ක ජාත්‍යන්තර කුමන්ත්‍රන...මේ හැම දෙයක්ම සිද්ද වෙනව...අපේ අවුරුදු දෙදාස් පන්සීයක් පැරනි මේ පෙට්ටියට සිද්ද වෙන මේ අකටයුතුකම් අපි කොහොමද ඉවසන්නෙ හාංදුරුවනේ...මේව තමා සැබෑ ජාත්‍යන්තර කුමන්ත්‍රන.....අපේ කාලෙනන් මේ වගේ උනෙ නෑ.....ඔබ සැමට සුභ අනාගතයක්!
                              
                                                       
ඔව් මේ හැමදෙයක්ම වෙන්නෙ සහෝදරවරුනි ධනවාදය තුල මේ පෙට්ටිය ආරක්ෂා කරගන්ඩ ඕනෙනන් අපි කල යුත්තෙ රටක් ලෙස සමාජවාදයට පිවිසීම.. වංචා දූශන නැති කරල..හොරුන් හිරේයවල නව ක්‍රමයකින්...අලුත් පාලකයන්ගෙන් මේ රට නැවත ආරම්බ කරන්ඩ ඕනෙ..සහෝදරවරුනි අපි අපේ හෘදශාක්ශියට අනුව කටයුතු කරන්ඩ ඕනෙ..නැත්තන් අපිට පෙට්ටිය ආරක්ශා කරගන්ඩ වෙන්නෑ...පසුගිය පවුල් පලනය අපේ මේ පෙට්ටිය කෑව....ඒක සමූහ දූෂණය කරා....අපි රටක් විදිහට,ජාතියක් විදිහට නැවත මේ පවුල්පාලනය නැවත හිස එසවීම නවත්වන්ඩ ඕනෙ...නැත්තන් සිද්ද වෙන්නෙ පසුගිය වසරවල වගේම නැවත නැවත පෙට්ටිය කැඩීම...
                              
                                                        
මම...මේ..ගිය රජයෙන් පිටතට ආවෙ පෙට්ටියට සිද්ද වෙච්ච පලුදුවීම් ඉවසගන්ඩ බැරුව...ඔවුන් පෙට්ටිය අසීමිතව විනාශකරා...ඒක හින්ද මම හිටං ම තීරනය කරා රජයෙන් ඉවත්වෙන්ඩ...නැතුව මම අයින්වුනෙ අගමැතිකම නැති නිසාවත් වෙනමුකුත් හින්ද නෙවේ...පෙට්ටිය කැඩෙන හින්ද.....ඒව මට වාවන්නැති හිංද හිටං....මම මේ ලඟදි පත්තරේ දැක්ක කවුද එකෙක් ඇගිල්ල ගහල හිටං පෙට්ටිය කඩන්ඩ හදල කියල..ඔය වගේ උන්ට තලන්ඩ ඕනෙ මඩු වලිගෙන් හිටං..අපි රජයක් ලෙස මිත්‍රවරුනි පෙට්ටිය රැකගන්ඩ ඔබ තමුන්නාසේලා ඉස්සරහ පොරොන්දු වෙනව....ඒ වගේම මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනව පහුගිය පාලන සමයේ පෙට්ටියට වැරදි සිද්ද කරපු සියල්ලන්න්ටම හිටංම නීතීය ක්‍රිරියාත්මක කරනව කියල..තෙරුවන් සරණයි!
                              
                                         
දැන් මට කියන්ඩ කොයි රටේ පෙට්ටියටද හානිවෙලා නැත්තෙ කියල.....ගිය සුමානෙ ඇමරිකාවෙ පෙට්ටියක් කැඩූන්න....ඊට ඉස්සල්ල එන්ගලන්තෙ පෙට්ටියක් කැඩුන....ඕව ප්‍රශ්නද.......මේ රටේ මාධ්‍ය වලට වෙන මුකුත් නැද්ද කතා කරන්ඩ....පහුගිය රජයෙන් කොච්චරනන් පෙට්ටියට ඇගිලි ගැහුවද...ඒ කාලේ ඔය මාධ්‍ය කොහෙද හිටියෙ කියල අහන්ඩ මම කැමතියි....කොහොම උනත් මම මෙතන ප්‍රකාශ කරන්ඩ කැමතී පහුගිය රෙජීමය කරපු විනාශ වලට ඔඋන්ට අනිවාරෙන් නීතිය ක්‍රියාත්මක වෙනව කියල..
                              
                                                       
යේක හරියනෑ..දෙමළ ජනතාවට වෙනම පෙට්ටියක් ඕනෙ..අපිට නිදහසේ යැගිලි ගහන්ඩ පුලුවන් එක්කක්..අනිත් යෙක උතුරු ගනතාවගෙ කානු දෙක සුද්ද කරල දෙන්ඩ ඕනෙ....නැතීනම් අප ජාතිඅන්තරයට යන්
පෙට්ටි වලට රජයෙන් විවිද කරදර පැමිනෙනව...අපේ පෙට්ටිය රැක ගන්ඩ සියලුම දෙමළ ජනතාව පෙලගැසී ඉන්නව...අනිත් යෙක මේ ඉන්න යමුදාව දෙපැත්තෙ ඩ සූදානම්
                              
                                                      
මේකට ශරියා ලෝ එක ඕනෙ...එහෙම නැතුව බොක්ස් එක ආරක්ශා කොරන්ඩ බෑ...එක එක අන්තගාමී සංවිධාන විවිද කතා කියනව...කවුරු කොහොම කීවත් අල්ලා දෙවියන්ගෙ දහම පෙට්ටිය ගැන කියල තියනව...කවුරු හරි කියනවන්න් මුස්ලිම් ජනයා පෙට්ටි කඩනව කියල මම ලැස්තියි එයාට මම අභියෝග...මාත් එක්ක විවාදෙකට එන්ඩ කියල..
                              
                                                     
                              
                                                    
                              
                                                       
                                          අපි හැමෝම රවුම් කරන
                                          කියන්ඩ බැරි කඩන්ඩ බය
                                                    පෙට්ටිය

Monday, April 18, 2016

පුංචි දොල....

පුංචි  දොළේ හීතල වතුර, ගල් කැට අස්සෙන් පීනල යද්දි හරි අපූරුවට සද්දකරනව,ඒ එක්කම චූටි චූටි පෙණ කැටි තැනින් තැන මතු කරන්නෙ දොළ බලන්ඩ එන අපිත් එක්ක හාදකම් පාන්ඩ,...පුංචි නගා කැමතිම දොළේ ඉවුරෙ ඉදන් කකුල් දෙකෙන් ඒ පෙණ බිංදු වලට කිතිකවන්ඩ.පුංචි පෙණ බිංදු නගාගෙ පුංචි කකුල් එක්ක හාදකම්පාද්දි අපූරුයි.                                    
                                           පුංචි උනත් දොල හරි අපූරුයි...කුඹුරු වලට වතුර දෙන ගමන්ම පහල වැවටත් වතුර දෙනව.හැබැයි ඉතින් කුඹුරු වලට දීල ඉතුරු උනොත් විතරයි.                                  
                                               බඩ පිරෙන්ඩ කන්ඩ නැති වුනු දවසට මායි නගයි දොල ලඟට එනව.වතුර බීල බඩ පුරවගන්ඩ නෙවෙයි..වතුර බලල හිත පුරව ගන්ඩ...හරි අමුතුයි නේද?..ඔව් අපේ ජීවිත හරි අමුතුයි..ඔය කොලඹ ජීවිත වගේ නෙවෙයි....................කවද හරි දිවුල් කොච්චි එක්ක තලල කාල තියනවද..නෑ නේද??..හරි රහයි...හබරල කොල..බාග වෙලාවට කාල ඇති..කොට බිම්මල්...පිදුරු බිම්මල්...ඔය කඩෙන් ගේන ඒව වගේ නෙවෙයි...හරි රහයි...කොහොම හරි මම ආසම හත්මාළුවට හැමදාම නෑ...අවුරුදු කාලෙට විතරයි...ඒක එක්ක බත් හැලියක් උනත් ගිල්ලැහැකි..කජු,තම්ම්පලා,වට්ටක්කා,බටු,අලු කෙහෙල්,කොස් ඇට,මෑ...ඕව තමයි හත් මාලුවට ගන්නෙ..දන්නවද හදන විදිහ?......ඉස්සල්ලම කජුයි කොස් ඇටයි තැම්බෙන්ඩ අරිනව.....ඊට පස්සෙ එලවලු කපල ඒකට දානව...ඒකටම මිරිස් තුනපහ දාල තැම්බෙද්දි මිටි කිරිත් දාල බාගන්නව.....හොද උකුවට එනව.හත්මාලුව හදන දවසට බඩ පිරින්ඩ කන්ඩ තියනව...මොකද අවුරුදුනෙ...                                                             
                       ඒ දවස් වලට සරමකුයි බැනියමකුයි හම්බෙනව.නගත් ලස්සන ගවුමක් අදිනව..එදාට අපි ඉස්සල්ලම බලන්ඩ යන්නෙ පුංචි දොල...දොලත් හරි ලස්සනයි...අලුත් අඳුම් ඇදල..හැම තැනම රුක් අත්ත්න මල් දොලටත් අවුරුදු අපිටත් අවුරුදු..                                                         
                              එදාට නගා දොලට කකුල දාන්නෙවත් ඉවුරෙ‍ ඉද ගන්නෙවත් නෑ...මල් පෙති පොඩි වෙයි කියල නෙවෙයි....ගවුම කිලිටි වෙයි කියල බයට...අවුරුද්දට අපිට තෑගි දෙන්නෙ දොලෙන්...නගා ඉහල ඉවුරෙ රුක් අත්ත්න ගස් වලින් මල් මාලයක් ගොතන් එනව...,මම කවදාවත් දැකල නෑ ගොතන හැටි....මම එතකන් දොලෙන් ලස්සන පුංචි ගල් හොයනව...නගාට දෙන්ඩ.වතුර එක්ක හැප්පිල හැප්පිල රවුම් වෙච්චි ගල්....කලු පාටයි දුඹුරු පාටයි....හරි අමුතු ගල්...නගා හරි ආසයි ඒවට...නගාගෙ මල් මාලෙ දොලේ පා කරල නගාට රවුම් ගලක් දෙනව....හරි අපූරුයි...දැන් හරි අමුතුයි....ඔය සිරිත අපි ගොඩක් කල් කරා ,නගා ගෙට වෙනකන්.....ඊට පස්සෙ නගා මාත් එක්ක කරක් ගහන්ඩ ආවෙ නෑ...යන යන තැන ගියේ මම තනියම...අන්තිමට සිරිතත් මග ඇරිල ගියා....                                                                        
                                                   දොල......පුංචි දොල අපි එනකන් බලන් ඇති.......හැමදාම.........විශේෂයෙන් අවුරුද්දට......පුංචි දොල....

Tuesday, April 12, 2016

උත්පත්ති කථාව(18 ට වැඩිනම් හොඳයි..)

ගැඹුරින් කෙරෙන සිපගැනීම්, වැළඳගැනීම් හා වාත සිසිලනයේ හඬ ඇරුනුවිට කාමර තුලින් වෙනත් ශබ්ධයක් නොනැගේ.තිරය වැසුනු ජනේලයෙන් පෙරී එන හිරු එළිය කිවනොහැකි තරමේ සුන්දරත්වයක් ටීපෝව මත ඇති රෝස පොකුර හා එක්ව කාමරයට මුසු කරයි..විශේෂයෙන් කිවයුතු තරමේ බඩු බාහිරාදිය කිසිවක් මෙහි නොමැති වුවත් හඬ නොනැගෙන ලෙස ක්‍රියාත්මක කළ රූපවාහිනියේ නානාප්‍රකාර රූප මායවන් චලනය වෙයි.කාමර පුරාම සිහිලසක් පැවතියත් මට දැනෙන්නේ උණුසුමකි.මේ මහා විශාල සයනය කාමරයෙන් මේසාඉඩක් අත්කරගෙන සිටීම නොහොබිනා යැයි මට සිතෙයි.කාමරය පුරා විසිරි ඇති රෝස මල් සවඳට අමතරව , සුවඳක් හෝ ගඳක් ලෙස වෙන්කර ගත නොහැකි ඝන්ධයක් පැමිනෙයි.මුලින් නොදුටුව බීර බෝතල් දෙක තිබුනේ මට පිටුපසින්ය.     
                       මා පැමින බොහෝවේලාවක් ගත වුවත් තාමත් පිටතට යාමට අවස්ථාවක් නැත.මා ඇය හමුවීමට කෙතරම් බලා පොරොත්තු දල්වා සිටිනවාදැයි දන්නේ මා  පමනි.මොවුන් දෙදෙනාට ඒ පිලිබඳව කිසිදු තැකීමක් නැත.තවමත් සිපගැනීම් හා වැළඳගැනීම්ය.විකල්පයක් නොමැත, බලා සිටිනවා හැර.                                                
                            කෙහෙල් දල්ලේ පැහැයගත් බ්ලව්සයට අල්ලා තිබෙන්නේ ඒ පැහැයෙන්න්ම යුත් අපූරු බොත්තම් පෙලකි.ඒවා තරමක් විශාල වන අතර රවුම් හැඩයක් ගනී.බොත්තම් මධ්‍යයේ ඇති මලක හැඩ ගත් අපූරු කැටයම බොත්තමට ගෙනෙනුයේ නව ආලෝකයකි.දෑස් වසා සිටින මැය පෙරදී පානය කල බීර උගුරු කිහිපයට බමන මත්ව සිටී.උරස දෙපසින් කඩා හැලෙන කෙස් කලඹ ඇයගේ සුන්දරත්වය තීවෘර කරයි.                                                                      
             සිසිලනයෙක් ගලන වායුධාරා පිළිබඳව කුකුසක් ඇතිවන තරමටම මට දැනෙන්නේ උණුසුමකි.දා බිඳු නොනැගුනත් උණුසුමක් දැනේ..                  
                                                                 නිල් පැහැති ස්ක(ර්)ටය පෘෂ්ටිමත් කලවා දක්වාම ඈ නිරාවරනය කර සිටී.ඒ මැදින් අල්ලා ඇති දුඹුරු පැහැ බොත්තම් පෙළ එයට එකතු කරන්නේ නොගැලපෙන බවකි.පාදයෙන් මිදුනා වූ පාවහන් යුවල දෙපසකට වී සිටින්නේ කලක පටන් විරසක වී සිටින සේය.ඇයගේ අත් බෑගය නම් පෙනෙන දුරක නොමැත. බාග වෙලාවට ඈ අත් බෑගයක් නොගෙනාවා විය හැක.                
                         එක් විටම පසෙකින් නාද වන්නට වූයේ ජංගම දුරකථනයකි.සිපගැනීම් හා වැලඳගැනීම් මොහොතකට නතර විය.ටීපෝව මත නද දෙන දුරකථනය දෙසට ඇදුනේ යට ඇදුමකින් පමනක් සැරසුනු පිරිමි රුවකි.හේ කඩවසම්ය,පෘෂ්ටිමත් ශරීරයකට උරුමකම් කියයි.තරමක් කොන්ඩය වවා තිබූ හෙයින් වඩාත් කඩවසම්ව පෙනුනි.දුරකථනය පිලිතුරු දුන් අතර පෙරලාද පිලිතුරු ලැබිනි.ඒවා සියල්ලක්ම පාහේ නොපැහැදිලි දෙබස්ය.බාග විට මා ඒවාට සැලකිල්ලක් නොදක්වන නිසා නෑසෙනවා විය හැක.    
             දුරකථන විසන්දි කල ඔහු නැවත සයනයට පෙරලා පැමිනියේ ක්ෂණයකිනි.ඒවන විට එහි සිටියේ අඩක් නිරුවත් වූ කලවා සම්පූර්නයෙන්ම නිරුවත්,උඩුකය හි ළැම දෙපසට කඩා හැලුනු ඇයයි..දෙදෙනාගේම මුහුණු වල ඇදී තිබුනු සංතුෂ්ඨි රේඛා වචන වලට හැර වීම නිශ්ඵලය.මක්නිසාද යත් වචන වලින් හැගීම් විග්‍රහ කල නොහැකි බැවිනි.                                                                      
                 ජනෙල් කවුලුව අතරින් පෙරී ආ හිරු එළිය මේ වනවිට දක්නට නොමැත.එහෙත් ටීපෝව මත තිබූ රෝස පොකුර ඒ ආකාරයෙන්ම තවමත් ඇත.රූපවාහිනියේ විකාර රූප වලද අවසානයක් නැත.බීර බෝතල් දෙකද දැඩි වෙහෙසට පත්ව සිය අස්න මත දහඩිය හෙලා ඇත.                                                 
                             එහෙත් මොවුන් දෙදෙනාගේ විකාර රූපී හැසිරීම දකින විට මට ඇති වන්නේ කනගාටුවකි.මා ඇය වෙත යන්නේ කෙසේද?                                                       
                                                ඔහු කුඩා දරුවෙකු සේය.සිය මවගෙන් කිරි උරා බොන කුඩා දරුවෙකු සේය.ඇයගේ ළැම මත කුසගිණි වූ දරුවෙකු තැබුවා සේය.එහෙත් වෑස්සෙන කිරි බිඳුවක් නැත.ඛේටයෙන් තනය තෙත් වනවා හැර!.                                                                          
            අනර්ඝතම අවස්ථාව උදාවෙමින් පවතී.එක්වීම,ගැහැණියකගේ හා පිරිමියකුගේ....වායු සිසිලනය දැන්නම් ක්‍රියා විරහිතවී ඇති සේය.මහා උණුසුමක් දැනේ.තොල තෙමා ගැනීමට බීර බෝතල් දෙසට යා නොහැක මොවුන් ඉස්සර උනොත් මා නිකරුනේ බලා සිටියා වෙයි.කෙසේ හෝ පිපාසය හා ඌෂ්නය ඉවසාගෙන සිටි තැනම සිටිය යුතුය.                                                              
                          බොහෝ වේලාවකට පසුව හංස යුවල ඔහුව නිදහස් කර ඇත.බාග වෙලාවට බඩගිණි නිව්නා විය යුතුය.දැන් ඔවුන් සිටින්නේ නියම තැනය.යෝනිය,යෝනි ගෙල පාමුලය...පෘෂ්ටිමත් වූ නිමිත්ත යෝනිය තුලට කිඳා බැසීමට මාන බලයි.කෙමින් කෙමින් දෙදෙනා වැලඳ ගනී.වේලාව උදාවී ඇත..පිටව යාමට කාලයයි.මෙයයි සංසර්ගය.......                                                          
                                                    පිටවුනි,යෝනි ගෙල තුලටම ඩිම්බයක් සොයා...මාගේ ප්‍රේමය සොයා,ගර්භාශය දක්වා,ඇය සිටී මග බලාන...මා එනතෙක්...අවට පරිසරයම නිහඬය පසෙකින් ඇසෙන්නේ වායු සිසිලනයේ හඬයි....ඇය හා මා එක්වුනි..ලෝකයේ අලංකාරතම එක්වීම!....ලෝකයේ පැවැත්ම,පරම සංතුෂ්ඨිය,ඩිම්බයක් හා ශුක්ක්‍රානුවක් එක්වීම.මා බලා සිටි ඇය...ඇය බලා සිටි මා.....හමුවුනි....නැවත වෙන්නොවන ලෙසටම....ලොවම නිහඬ මුත් පිටතින් දෙදෙනෙකු හතිලනු ඇසෙයි.....එක්වූවෙමු,යුක්තානුවකට..........ජීවියෙකුට.........තවත් ශුක්ක්‍රානුවකට හෝ ඩිම්බයකට.....

Sunday, April 10, 2016

අනේ සාදු


1.කන්ට බොන්ට
   යෙහෙන් ඉන්ට
   කිතුල් පිතිත් පොල් කරටිත්
   දුන්නා නොවෙද
   අනේ සාදු !
                                                                                     
   කැළේ ඉද්දි අම්ම නැතුව
   දුක හිතිලා කවුරුන් හෝ
   පංසල් වත්තට ගෙනැවිත්
   දැම්ම නේද
   අනේ සාදු !
                                                                                     
   පින් පාටට බැබලෙන ඔය
   පිංවත් ඔබ ලඟට වෙලා
   අම්ම වගේ දැනේ කියා
   පැටිය සිටිය
   අනේ සාදු !
                                                                                   
   කූඩු කරල හදාගන්න
   දෙහිවලටත් දෙන්න ගිහින්
   දුක හිතිලා හිත බිඳිලා
   අනේ සාදු !
                                                                                    
2.මහා රුවැති යෙහෙන් බරැත්
   රන් ඇල්ලූ මහ විශාල
   පුටුවක් නොව ආසනයකි
   අනේ සාදු !
                                                                                     
   පියවර තුන පහුකරලා
   අරිහත් බව නුඹ ලබලා
   පිංවන්තයි සිරියාවයි
   අනේ සාදු !
                                                                                     
   රන් පිගානෙ බත් කන්නට
   රටේ සල්ලි කා දමන්ට
   නොහැකි අයෙක් නොවෙති රජ
   එහෙම නේද
   අනේ සාදු !
                                                                                     
   මහා දාන අරමට දුන්
   නැසිලා ගිය දානපතී
   අරමේ සිටි උපාසිකා
   තව්තිසාවෙ
   එහෙම නේද
   අනේ සාදු !
                                                                                   
3.++++++++++++++__
                                                                                      
                                                                                              
දඹදිවදී වදල දහමෙ
නිව් වර්ෂන් එක ඇවිල්ල
ලගදි ආය අප්ඩේත් වී
එහෙම නෙවෙයි
නේද සාදු !
                                                                                     

Thursday, April 7, 2016

වෙඬරු


ඔලුව කරවෙන අව්වයි...රස්නියයි දැන්නන් ඒහැට දැනෙන්නෙ නෑ....වැස්ස හින්ද නෙවෙයි...පුරුදුවෙලා හින්ද..වැස්ස, වැස්සනන් මහ එපා කරපු දෙයක්...මේ ටිකේම හවස් වරුවෙ වැස්ස.. ඉතින් බකානිලාගෙන ඉන්ඩ තමා තියෙන්නෙ....එහෙම හිටියහම පඩි නෑ...ගිය මාසෙනන් අවුලක් නෑ...මොකද මාසෙම පෑව්වනෙ...මේ මාසෙ පටන්ගත්ත විතරයි වැස්ස වැස්ස ඉවරයක් නෑ...අනික මේ අවුරුදු මාසෙ සල්ලි කීයක් හරි අතේ තියෙන්ඩ ඕනෙ මාසෙ...මෙහෙම වැස්සොත්නන් මෙදා අවුරුද්දටත් පොලී සල්ලි වලින් තමා කන්ඩ වෙන්නෙ....ගිය සැරේ පොලී සල්ලි දීල ඉවර වෙලා කී මාසයද ගියෙ......වැඩකරල කරල හම්බෙන සොච්චම පොලී මුදලාලිට දෙනව.....මතක ඇති කාලෙකවත් පොඩි එවුනට කටට රහට මොකුත් ගිහින් දීල නෑ...ඒවුනාට උන් හොදයි...කවදාවත් අනන්මනන් ඉල්ලල කරදර කරන්නෑ....හැබැයි ඉතින් කොහොම කොහොම හරි රෙදිකෑලි ටිකක් අරන් දුන්නහම අපේ උන්දැ ඇදුන් දෙක තුනක් මහ දෙනව උන්දැ ඒවට හරි සූරය.....මාත් ඉතින්  මාස දෙක තුනකට සැරයක් රෙදි කෑලි ටිකක් ගිහිල්ල දෙනව..
                                                                                             
                                  අහස උසට දිවුනු ගොඩනැගිලි අතරින් හමාගෙන එන හුළඟ සිහිලසක් නොගෙනාවට කිවනොහැකි තරමේ සනීප්පයක්....සැනසිල්ලක් ගේනව.....පහලින් දිවෙන ප්‍රදාන මාර්ගය අගුරු කෑල්ලකින් ඇන්ද රේඛාවක් වගේ...ඇවිදින මිනිස්සු කූඹි පැටව් වගේ.                                        
                                                                               
                                ආං අර පහලම තියන බැම්ම පේනව නේද...ඒ බැම්මටම අල්ලල තියන කොන්ක්‍රීට් සැල්බ් එක..ඕක උඩට තමයි ප්‍රියරත්න වැටුනෙ..එතකොට මෙච්චර උසට මේක හදල තිබ්බෙ නෑ..තට්ටු තුනයි...ප්‍රියරත්නය හොද මනුස්සය....මොකක් වෙලාද වැටුනෙ කියන එක කවුරුත් දන්නෙ නෑ..ලේ ගොඩක් උඩ වැටිල ඉන්නව ඉස්සල්ලම දැකල තියෙන්නෙ සුනිල...ඉස්පිරිතාලෙට ගිනියනකොටත් මැරිල...ප්‍රියරත්නට ගෑනු ලමයිම තුන්දෙනයි....ගෑණිගෙ අම්මයි තාත්තයි දෙන්නත් බලා ගත්තෙ ඌ .......අරව දෙනව මේව දෙනව කීවට ඒහැටි දෙයක් හම්බුනෙ නෑ.....වන්දියක් කියල රුපියල් විසිදාහක්ද කොහෙද දුන්න....එතකොටයි අපි දන්නෙ අපිට රක්ෂණයක්වත් නෑ කියල...ඒකාලේ විතරක් නෙවෙයි දැනටත් නෑ...මොනව හරි උනොත් එහෙම ඉවරම තමයි...                             
                                         කොන්ක්‍රීට් සැබ් එකේ තැනින් තැන වැටිච්ච වැලිකැට කකුලෙන් පොඩි කරද්දි ඒව පොඩි නොවුනත් අමුතු හැගීමක් එනව...හමගිය කකුල දකිද්දි පොඩි ලැජ්ජාවක් එනව...කකුලෙ දූවිලි බැදිල තියෙද්දි ඒ ලැජ්ජාව වැඩි වෙනව...ආය සැරයක් කකුල පුටුව අස්සට ගත්තෙ ඒ හින්ද.                  
                                   වැලි තාච්චි අටයි සිමෙන්ති තාච්චියයි..හැබැයි අනුමත පහට එක...ඉතුරුව මොනව වෙනවද දන්නෑ...කොහොම හරි වැඩේ වෙනව ඇදයක් නැතුව..අපි වෙන විදිහකට බලන් ඉන්නව...වැස්ස දවස් වලට....අනිත් දවස් වලට බලන් ඉන්ඩ විදිහක් නෑ මොකද වැඩනෙ...                                    
                             හීනියට කංස ටිකක් හම්බෙන දවස් අඩු හින්ද බීඩියක් තමයි ගන්නෙ...ගොර්ලිෆ් හරි ගනන් දැන්....කොහොම උනත් දවල්ට කාල එකම එක ගොර්ලිෆ් එකක් බොනව...ඒ පුරුදු උන විදිහ....ඒ කාලෙ ඉදන්....හැබැයි අපේ ගෑනිනන් මගෙ පුරුදු වලට ඒහැටි කැමත් නැති උනත් මොකුත් කියන්නෙ නෑ....හරි හොද ගෑණි..ඒ හින්දම මං ඒකිට ආදරෙයි...ඒකිත් මට ආදරේ විත්තිය මම දන්නව..නිවාඩුවට ගෙදර යන දවසට ඒකි ඉන්නෙ පේ වෙලා.හොදට නාල අලුත් ඇඳුමක් ඇදගෙන ,ගිණි කිකිළි වගේ...එදා රත්තිරියට ඒකි මං එක්කමයි...මං මේ වෙහෙසෙන්නෙ ඒකියි පොඩි එවුනුයි වෙනුවෙන්...ඒ හින්ද හිතට මහන්සියක් නෑ...                                    
                              අර එහා පැත්තෙ ඈතින් පේන ගොඩනැගිල්ල හදන්නෙ වෙඩිසිංහ ..එයා අපේ පංතියෙ හිටියෙ..අනුරාධපුර මහා විද්‍යාලය...තාත්ත නෑ අම්ම විතරයි හිටියෙ..ඒකාලෙ ඉදන් හරි උත්සහවන්තය...                                     
                          බිතිය බැද නොමැති පැත්තේ හිරු එළිය වැටෙනවාට බැඳ ඇති බොර බොර ගා සුළඟ සමඟ සටනකට එලැබ තිබේ.ටෙන්ට් රෙද්ද ඉරී යාවියැයි බියෙන්දෝ අයෙකු පැමිණ ටෙන්ට් රෙද්ද ගලවා පසෙකින් තබයි..හවස් යාමය බැවින් සැලකිය යුතු තරමේ හිරු එළියක් ගොඩනැගිල්ල තුලට නොවැටේ...     
                      එච් එස් සී ත් කරා ...පවුලෙන් ලැබුනු මුදල් යොදවල ඔය කරුමාන්තෙ පටන්ගත්ත...ටික කාලෙකින් සෑහෙන දියුනුවක් ලැබුව...ඉඳල හිටල හම්බෙනව...වැඩි බජනයක් නෑ...                                                                   
        ඉස්සර අපිට හම්බුනෙ දවස් පඩි දැන් හම්බෙන්නෙ මාස්පඩි.....දවස් පඩි වලට වැඩිය මාස්පඩි හොදයි...ඉතිරිය හොදයි...දවස් පඩිය හම්බෙද්දි ඊලඟ දවසෙ පඩිය ලැබෙන හින්ද අත දිග ඇරල වියදම් කරනව....ගෙදර යනකොට හුලං තමයි....ඉතුරු දාහයි එහෙම නැත්තන් දෙදාහයි..                               
                                   කොන්ක්‍රීට් එක්ක ඔට්ටු උනාට අපේ හිත් වෙඬරු වගේ,මේ රස්නෙට දිය වෙලා වැක්කෙරෙනව..                                   
                   ඉමක් නොපෙනන ඈත බලාගෙන ඔහු කථාකරනව...ඒ ආදරෙන්ද,පසුතැවිල්ලෙන්ද,බලාපොරොත්තුවෙන්ද කියන්ඩ දන්නෙ නෑ.........හැබැයි අහන් ඉන්ඩ හිතෙනව...                                               

Sunday, April 3, 2016

සාධු සාධු...


බුදු දහමක් නොව ඇත්තේ දර්ශනයකි...දර්ශනයක අදහන්නන් නැත,සිටින්නේ අනුගමනය කරන්නන්ය...හුදෙක් අනුගමනය කරන්නන් තවත් අනුගාමිකයෙකු නිසා කුපිත නොවේ...අනුගාමිකයාට කුපිත වීමට අවශ්‍යතාවයක් නැත...ඔහු අනුගාමිකයෙකු ලෙස දර්ශනය තුල ජීවත් වනවා විනා...දර්ශනයේ කුපිතයන් පසුපස නොයයි....එහෙත් අදහන්නෙකු මේ අතින් සෑහෙන වෙනස් පුද්ගලයෙකි...ඔහු ආගමක් අදහයි.....ඔහුට දර්ශනයක් නැත...විචාරශීලී වීමට උවමනා නැත..විමසීමට උවමනා නැත..ඔහුට ඇති එකම කාර්යය නම් ආගම රැකීම හා ඒ අනුව ජීවත් වීමයි....ඉතින් අනුගාමිකයා අදහන්නාගෙන් වෙනස් වේ...
පුද්ගලයා උපදිනුයේ ආගමක් මූලික කගෙනය...ඔහු දර්ශනයක් හා ආගමක් ලෙස වෙන් වන්නේ පසු කාලීනව සමාජයට පිවිසීමේදීය.
ඉතින් ඒ පිවිසීම නිවැරදි නොවූ හෝ නොපිවිසි පුද්ගලයන් සිටිය හැක....ඉතින් ඔවුන් සිතා සිටින්නේ ආගමක් දර්ශනක් සේම හා සමාන කියාය...එහෙයින් දර්ශනවාදී චින්තනීය දහමක...හෝ දර්ශනයක විකුර්ථි භාවයට මේ පුද්ගලයන් හේතුවේ....ඉතින් ඔවුන් සිතා සිටින්නේ ඔවුන් දර්ශනයේ කෙල පැමිනියන් කියාය...දර්ශනයට මෙය සාදාරනී කරනය නොවුනත් ආගමකට මෙය සාදාරනී කරනය නොවේ යැයි මා     පවසන්නේ නැත....
බුදු දහම සිය ආගමයැයි හදුන්වන බොහෝ දෙනෙකු තුල සිය ආගමට බිය පක්ෂපාතී කමක් නැත....ආගමක් අදහන්නෙක් තුල බිය හා පක්ෂ පාතීත්වය තිබිය යුතුය..එසේ නොමැතිනම් ඔහු ආගමක් අදහන්නෙකු නොවේ....
ආගමිකා පූජකයන් යනු ආගමේ නායකයා හා බැතිමතා අතර සම්බන්දතාවය පවත්වන්නා වේ..එහෙත් දර්ශනයක් පූජකයන් නැත සිටින්නේ අනුගාමිකයන්ය ඔවුන් විවිද ලෙස කොටස් වලට වෙන්වී තිබිය හැක...එහෙත් ඔවුන් පූජකයන් මෙන් මහා පිලිවෙත් පිරීම අවශ්‍ය නොවේ...දර්ශනය තුල ඉගැන්වෙන හික්මීමක හා ප්‍රතිපත්ති තුල පිහිටීම ප්‍රමානවත්ය..
එහෙත් මා දකින ආකාරයට මෙරට ඇති එකම ආගමික දර්ශනය වන බුදු දහමේ සැදැහැවතුන් බලා පොරොත්තු වන්නේ පූජකයන්ය...ඉතින් ඔවුන් පූජකයන් වෙති...වැරැද්දක් නැත...එහෙත් දර්ශනය තුල පූජක ඉගැන්වීම් නැත...ඉතින් ඔවුන්ට පූජක චර්යාවන් නැත....කරවන්නා වූ හික්මීමක් නැත...ඉතින් කෑ ගසති...හූ කියති...අමුතු මුද්‍රා පෙන්වති...වෛරය ක්‍රෝදය පතුරුවති...ආගම අදහන්නා එවාට උඩ ගෙඩි දෙති..සාධු කියති...කමෙන් වලින් මහ හයියෙන් සාධු කියති..සාධු කියා ඔන් ලයින්ම නිවන් දකිති...ලෙවල් 5 රහත්භාවයක් ලබති...ඉතින් සාධු සාධු..