සූර් වෙච්ච එවුන්, රික්වෙස්ට් එක ප්ලේ කරන්ඩ බැරි සංගීත කාරයෝ,මිනී මැරුමක්,සල්ලි නොදී පැනල යන හයර් එකක්.අසංතුලිත ක්‍රියාවලියක් සංතුලනය පවතින්නෙ ඒවා ක්‍රියා කරවීම මත නෙවෙයි.ඒවා ක්‍රියාත්මක වීම මතයි.
දුවල දුවල හැති වැටුනහම වතුර උගුරක් බොන්ඩත් ටික වෙලාවක් ඉන්ඩ ඕනෙ.වාණිජමය පමණක් ඉලක්ක කරගත්තු චිත්‍රපට බලල බලල නැවත කියවීමකට එන්ඩ ටික දවසක් ඉන්ඩ වෙනව.ඒ හිඳීම බොහෝ අවස්තාවන් උත්පාදනය කරනව.මෝටර් බයිසිකලුත් එහෙම උත්පාදනය වූවක් ද?
මුඩුක්කුවක කොල්ලෙක්ගෙ ආදර කතාවක් මෙච්චර කොල්ලො බලන්නෙ මොකද?මොකක් පිරිමහ ගන්ඩද?මොකක් ලබා ගන්ඩද?ඇත්තටම මුඩුක්කුවක ජීවත්වෙන එදාවේල හොයා ගන්න සංගීත කාරයෙක්ගෙන් ඉගෙන ගන්ඩ ලබාගන්ඩ විඳින්ඩ දෙයක් වර්ථමාන තාරුණ්‍යය තියනවද?.,බලන හැම එකාටම මේක තමන්ගෙ කතාවක් වෙනව ඒ කතාවෙ උවමනාවෙන් හරි බැරිවීමකින් හරි මඟ හැරුනු දේ හෝල් එකට ඇවිල්ල හොයනව.මේ කථාව ඒ තාරුණයේ කථාව ද?.ඉතින් ඇයි මේ තාරුණය තමන්ගේ කථාව මෙය ලෙස ප්‍රකාශ කරන්නේ.එසේ නම් මෙය හතර පැත්තකින් වට කරපු සමාජයේ තාරුණයට අහිමි කරවූවේ හරස්කඩක්ද?
එහෙත් සහතිකවම කිව හැකි කාරනාව නම් මේ කතාව ගතානු ගතික වැඩිහිටියන්ගේ චොයිස් එක නොවන බවයි.කපල් ලව් කරනව දැක්කහම නහුතෙට තදවෙන මහා සංස්කෘතික ජීවීන්ගේ කතාව නොවන බවයි,ශමීර සිය කතාව පුරාවටම පහර එල්ල කරන්නේ ඉහත සඳහන් පුද්ගලයන්ටය.
ආදරයේ ප්‍රකාශන මාධ්‍යන් බහුල නැත.විරලය.හැබෑටම විරලය,නැති නම් ප්‍රකාශන මාධ්‍ය ආදරය පමණක්මය.ආදරයේ ප්‍රකාශන මාධ්‍ය "වන් ඇන්ඩ් ඔන්ලි" ය.චුම්බනය,සංසර්ඝය,කෝපය,ඝට්ටනය ආදරයේ ප්‍රකාශන නොවෙත්.ඒවා ආමර්ථයේ ප්‍රකාශනයන් ය.චුම්බනය හා සංසර්ඝය තමා පිනවීමටය.කෝපය හා ඝට්ටනය තමා සමඟ රඳවා තබා ගැනීමටය.ඉතින් ආදරයෙන් තොර ආදරයක් ඇත්තේම නැත.අප සමාජයේ ආදර පරිත්‍යාගශීලීන් විරලය,ආමාර්තකාමීන් බහුලය.ඒ හෙයින් මෝටර් බයිසිකලයේද ආදර පරිත්‍යාගශීලීන් විරලය.ආමාර්ථකාමීන් බහුලය.සමාජයේ මෙන්ම ශමීරගේ කථාවේද සැබෑවටම ආදරය කරන්නේ මව පුතාටත් පුතා මවටත් පමණි.ප්‍රේමවන්තයෝද,ප්‍රේමවන්ති
පෙම්වතා මුඩුක්කුවේ අයෙකු වෙද්දී පෙම්වතිය මධ්‍යම පාන්තික ජීවියෙකු වෙයි.ඉතින් මුඩුක්කුවා ජීවියාට ආදරය කරයි.ජීවියා මුඩුක්කුවාට පෙරලා ආදරය කරයි.අර මුලින් කියපු කතාව උන්ට නොවන සෙට් එකට අනුව ඔහු විසින් ඇය රවටාගෙන සිටී.ඒ සමජාතීය ආමාර්ථය මත සිටගෙනය,කරපින්නාගෙනය.ඇය ගෙදරට බොරු කියා ඔහු හමුවීමට පැමිනෙයි.මවට හොරෙන් ඔහුට දුරකථන ඇමතුම් දෙයි.ඉතින් මේවා දකිද්දී ගතානු-ගතික වැඩිහිටියන්ට ඩෝප් ය.හිරිඔතප් බිඳීම කතාවය.කපල් එක ෆිල්ම් එකක් බැලීමට යයි,පාර්ක් එකට යයි.බත් කවයි.රූම් යයි.මේවා දකිද්දී මහා සංකෘතික ජීවීන්ට ඩෝප්ය.රූම් එකට ගිහින් බොත්තමින් බොත්තම ගලවා තන් දෙකවත් මිරිකපු නැති එකට අර පෙර කී බහුතර පිරිමියාටත් සුලුතර ගැහැණියටත් ඩෝප් ය.එ වුන් ආදරයේ ප්‍රකාශන මාධ්‍යක් ලෙස සංසර්ඝය තෝරා ගන්නා බැවිනි.ඔහෙත් ඔවුන් දන්නා නොපිළිගන්නා කථාවක් වෙයි.මේ තමාගේ හා අනෙකාගේ ක්‍රියාවලිය බවයි.ඔහු බොත්තම ගලවා නැවත බොත්තම දමන්නේ ඇයි ? ඒය නම් ආමාර්ථකාමී ප්‍රකාශන තුල ආදරේ පුංචි ශිලක් තිබෙන බැවිනි.මේ සියල්ලන්ටම මෝට බයිසිකල් කතාවක් කියයි "යකෝ තොපි ලව් කරන්ඩ දෙන්නැති හින්දනෙ රූම් යන්නෙ."පාර් එකේ කතාකරන්ඩ නොලැබෙන තැන,ප්‍රේම කරන්ඩ නොලැබෙන තැන,චුම්බනයකට බාධා පැමිනෙන තැන ඔවුහු කතා කරන්ඩ යන්නේ රූම් එකටය..එහෙත් එහි කතා කරන්ඩ අවස්තාවක් ඇත්තේ නැත.අවස්තාව ඇත්තේ වැතිරෙන්නටය.
ඉතින් අපි ආමාර්තකාමී ආදරයකට වැතිරෙමු.
බහුජන ආමාර්ථය තුලින් කථාව අරබන හා කතාව අවසාන කරන මෝට බයිසිකල් අපූරු සමාජ පැතිකඩකි