Wednesday, March 9, 2016
වීම වීම හා පුනරාවර්තී චක්‍රය
මේ ලිපිය මීට දින කිහිපයකට පෙර ලිවීමට අදහස් කරත් මේ දක්වා කල්තැබුවේ ඇත ඇති සැටියෙන් එලිවෙන තුරු හා කතාන්දර නිමාවකට පත්වන තුරුය..
මාතෘකාව ඒඩ්ස්
අප නොදුටු ඒඩ්ස් නොවන ඒඩ්ස්...
මුලින්ම මා මෙසේ උදාහරනක් තුලින් ලිපිය පටන් ගමි... කන්‍යාභාවය විවාහයකට මෙරටදී කොතරම් වැදගත් කමක් ලැබෙනවාද...එයට මනමාලිටත් වඩා වැදගත් තැනක් ලැබෙනු සහතිකය.කන්‍යාවක් නොවන ගැහැනුන් සලකන්නේ මහා පාපතරයින් ලෙසය...ඔවුන් මහා වැරද්දක් කලා ලෙසය...එක් ප්‍රදේශයක් නොව ලංකාවේ සියලුම ප්‍රදේශ වල සිදුවන්න මෙයය.නැන්දම්ම්මා සලකනුයේ ඇය වෛයිශ්‍රාවක ලෙසය..පවුලේ අනෙක් අයගේ සැලකීමද ඊට දෙවනි නැත..කෙසේ හෝ වර්තමානය වනවිට මෙහි යම් වෙනසක්(සමාජ තත්වමය දියුනුවක්)දක්නට ලැබේ..
දෙවන උදාහරණය... ලංකාවේ පෙම් යුවලක් අතින් අල්ලා යෑම..කරට අත දමාගෙන යාම..මුකුලු කිරීම..ජාතික අපරාදයකි,කිස් එකක් දුන්නොත්නම් මරණ දණ්ඩනය ලබාදිය හැකි වරදකි...මෙහි උච්චතම අවස්තාව පසුගියදා රගදැක්විනි..මේ කුහකකම රටක් වශයෙන් අපෙ බොහෝ ජනයාට උරුම වූවකි..
ඉහත උදාහරණ දෙකින් පැහැදිවූ දෙයක් ඇද්ද එය නම්,අපේ යාවත් කාලීන නොවීමයි..කුහක ගති පැවතුමයි..සමාජ රාමුවයි..
කුලියාපිටියේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද..ඔවුන් එච් අයි වී පිලිබද දැනුවත් නොවීමද..නැත සිදුවූයේ එය නොවේ..ඔවුනට අඩුම තරමේ එය දැන ගැනීමටවත් අවශ්‍යතාවයක් නොතිබීය. ඔවුන් සෙව්වේ සමාජ රාමුවයි දරුවා කොටු කල හැකි සමාජ රාමුවයි...අති පාරිශුද්‍ය ජනතාවගේ රාමුවයි..පිවිතුරු..ලිංග දැක නොමැති..අහක් බලගෙන චූකරන විශිශ්ට සමාජ තත්වයයි...ඇත්තෙන්ම එය රමණීයයි..
සුපුරුදු ඒ ක්‍රියාවලියයි...සියල්ලන්ම කිරීමට කැමති ක්‍රියාවලියයි..ඔවුන් හැදුවේ ඒ මහා වීරකම කර සමාජය සමග සිනහ වීමටය..ආතල් එකක් ගැනීමටය...පාරිශුද්ද කුලියාපිටිය රටටම පෙන්වීමටය...වැරැද්ද ඔවුන්ගේ නොවේ..වැරැද්ද අපෙ සමාජයේය...මහා ලොකුවට අප සුදනන් වීමට අවශ්‍ය නැත කුලියාපිටිය බැණ මහා සාන්තුවරුන් වීම අවශ්ය නැත....කුලියාපිටියට හූ...කියන ඇතැමුන් සිය දරුවා වතුර බොන කෝප්පේ වතුර උගුරක් ඒ දරුවාට දෙන්නේ නැත...දුන්නත් දෙන්නේ..වෙනත් කෝප්පෙකය...හැකිනම් නොදීසිටී...අපි එකෙක් අඩන විට සිනහ වීමට හපන්ය...සහජයෙන්ම දක්ෂය...
අපි සිනහ වූයෙමු...මුලු කුලියාපිටියටම සිනහ වූයෙමු..පුලුවන් තරම් සිනහ වූයෙමු......
අම්මේ ඒ පොඩීකාගේ තාත්ත පිං අත්විය යුතුය...සිය දරුවන්ට පසලක් නැති තාත්තලාගේ යුතුකම වන්නේ ඒඩ්ස් හදා ගැනීමය...පාසලක් සහතිකය...මක් නිසාදයත් පාසල් යාමට නොහැකි අහිංසක දරුවන් අපේ රටේ නැත...කිසිදු කුඩා දරුවෙකු හිගානොකයි...සියල්ලන්ම පාසල් වලය...තවත් දෙයක් ඇත..ඒ දරුවා නුවර පාසලට ඇතුල කරගත්තේ පාසලේ කීර්තිය වැඩිකර ගැනීමට නොවේය.සියල්ල සිදුවන්නේ මනුස්සකමටය...ප්‍රේමණීයත්වයටය...ආඩම්බරය සැබැවින්ම ආඩම්බරය...සමාජ ජාලවල ඇඩ්මින්ලාට අනුව ලංකාවේ පාසක් නැති එකම දරුවා ඔහුය..
අවසාන වශයෙන් මා ඔහුගේ පියාට නිවන්සුව පතමි......."ස්තූති තාත්තෙ"...පොඩි එකා දවසක කියනු නියතය...
Monday, March 7, 2016
මීයා..
මහා සුවදැති
ශේවේත පැහැ ඇති
පොල් කැබැල්ලක්
කුසගිණ්නට
අනර්ඝයි.....
ලොවම අමතකව
කුසය පුරවා ගැනුමට
කඩා ගත් සැනින් කැබැල්ලක්
හිරවුනි කූඩුව තුල
අනේ මිනිසුනි
තොපිනෙ තිරිසන්
කෑම පෙන්වා
උගුල් සදනා
Sunday, March 6, 2016
ආදර භීතිකාවක්....
ආදරය යනු කුමක්ද?ලෝකයේ සෑම පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් විද ඇති ඒ වින්දනය,හැගීම කුමක්ද?දන්නා පරිදි එයට තවමත් පැහැදිලි නිර්වචනයක් නොමැත.
මේ ලෝකයේ ආදරය ව්ව්ධ ලෙස කැටි වී ඇති ආකාරයක් දක්නට ලැබේ.මව්පිය,ස්වාමිභාර්යා,සහෝදර සහෝදරී,යහලු මිත්‍ර ලෙස පෙම් යුවලවල් හා ඛංඩායම් ලෙස කැටි ගැසෙමින් ආදරය වෙන්ව පවතී.
කෙසේ හෝ වේවා ආදරය කරන ලබා ගන්නා වූ අයවලුන්ගෙන් බහුතරය තමාට පමනක්(ස්වයං) ආදර කරන පිරිසකි.තමා ආදර කරන මව පියා වේවා යහලු මිත්‍රයා වේවා ස්වාමි භාර්යාව වේවා ඕඅනෑම තමා ආදර කරනවා යැයි පවස ප්‍රතිවාදියාගෙන් ක්ෂනික පලිගැනීමට ඔවුනට හැකිය.එසේනම් එය ආදරයද තේරුම් ගැනීමට නොහැකි තත්වය එයයි.සුලු දෙයකට පවා ඔවුන් සමග ගැටෙන ඔවුන් තමන් ආදරය කරනවායැයි පසති.මව් පිය,යහලු මිත්‍ර,සහෝදර සහෝදරී මේ ඕනෑම සබදතාවයකට මෙය ආදේශ කර බලන්ඩ ඔබටම එය වැටහේවි.
තමාට ආදර කරන්නා තමාට ආදර නොකරයි නම් ඒසේ ආදරය නොකිරීම තුලින් ඔහු හෝ ඇය හෝ පිරිස තෘප්තියක් ලබයි නම් මා සිතන පරිදි සිදුවීමට ඉඩ දිය යුත්තේ එයයි.අප ඔවුනට සැබැවිම ආදරය කරනවානම් ඔවුනගේ තෘප්තිමත් සතුට අප නැති කලයුතු නොවේ.
මා සිතන පරිදි ආදරය යනු, උත්තරීතර හැගීමකි.එක පිදීමකි,ලබාගන්නා විසින් නැවත පිදිය යුතු යැයි සම්මත නොවන පිදීමකි.
එසේ නොමැතිනම් ආදරය යනු මිනිසාට සමාජයේ ජීවත් වීමට ලැබෙන මුක්කුවකි.එය ජීවිතය පවත්වා ගෙන යාමට ලැබෙන්නා වූ තල්ලුවකි.විදීමකි,විදවීමකි.පාලනයෙන් තොර හැගීමකි එය වනාහි හේතුවකි.වර්ගයා බිහි කිරීමෙහි ලා,බිහි කරවූවන් පවත්වාගෙන යාමෙහි ලා,පවත්වාගෙන යන වූවන් රැක ගැනීමෙහි ලා,රැක ගත්ත වූවන්ගෙන් නැවය්ත වර්ගයා බෝ කිරීමෙහි ලා වූ යාන්ත්‍රනයකි.පෙලඹ වීම හා ආශාව ඉපැද්දවීමයි.
මා සිතන පරිදි ආහාර යන වචනයට සමාන පදයක් ලෙස ආදරය යන වචනය භාවිතා කල හැකිය ජීවිතය හා ජීවත්වීම සමග ආහාර වල ඇති සම්බන්ධතාවය ආදරය හා ජීවත්වීම තුල ඇත.ආහාර නොමැතිව යම් කාලයක් ජීවත්විය හැකි සේම ආදරය නොමැතිවද යම් කාලයක් ජීවත්විය හැක.එහෙත් එයට ඇත්තේ යම් සීමාවකි.ඉන්පසු සිදුවන්නේ විනාශ වීමයි.හුදෙක් මා මෙහිදී සදහන් කරනුයේ තම ජීවිතයට ආදරය කිරීමයි.ජීවිතයට ආදරයක් නොමැතිනම් ඒ ජීවිතයේ පැවැත්මද ස්තිර නොවේ.ඇත්තේ මියයාමයි.මරණයයි.
එසේ නම් ආදර භීතිකාව යනු කුමක්ද?අප සමාජයේ නම් ආදරය කිරීම ඇතැම් අවස්තාවල මහා පාප කාරී ක්‍රියාවක් බව හුවාදක්වයි.ආදරය භීතිකාවක්ද?හුදෙක් නොතේරුම් ගැනීම,වටහා නොගැනීම හා නොලැබීම වැනි වූ කරුණු මත පදනම්ව මිනිසුන් විසින් ගොඩ නගා ගත් සන්කල්පයක් බිය ලෙස මගේ පරිකල්පනයට අනුව වේ.එසේ නම් ආදරය භීතිකාවක් වන්නේ එය නොලැබූවන්ටද?එහෙත් මා දැක
ඇති අයුරින් ආදරය භීතිකාවක් කොටගෙන ඇත්තේ ආල කරන පුද්ගලයින්මය ආල කර ගොඩනගා ගන්නා පුද්ගල සබදතා තුල ජීවත් වන පුද්ගලයින්මය.එමත නැහීමද,තමාට එය දුකක් බව දැන දැන ආදේශකයන් නොසෙවීමද දැන දැන විසීමද භීතිකාවක්මය.
කෙසේ හෝ වේවා මේ ආදර භීතිකාව නොදැක ආදරය පමනක් දකින තාක් ආදර භීතිකාවක් නොවන්නෙමය.

Friday, March 4, 2016
නරලොව උසාවිය (තෙවන හා අවසන් දිනය...)
තේජසින් බබලන යම රජු මහා ආසනයකට වී,රුවින් අලංකෘත ,දැකුමින් ප්‍රිය උපදවන, රාග වඩවන, අඩක් විලි වැසුනාවූ යම පාලිකාවන් දෙදෙනෙකු දෙපසින් තබාගෙන සිය රම්ය වූ ශරීරස්කන්දයට පවන්සලා ගන්නා අතර,යම් නඩුවක් විභාග කරනු දක්නට ලැබිනි.
මහ රජුට ප්‍රසස්ති ගායනා කර මම ද පසෙකට වී නඩුව නැරඹීමට අවස්තාව ලබා ගතිමි.
දකුණු පස සිංහලෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද දෙමළෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන් කොට තිබිනි.ඔවුන්ගේ ඛාංඩය විශාල වූ අතර උවුන්ගේ අත ගිණි අවි ද පයට පාවහන්ද හිසට හිස් වැසුම්ද කයට අනර්ඝවූ යුධ ඇදුම්ද විය.
අනෙක් පස දෙමළෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද සිංහලයෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන්ව තිබිනි.ඔවුනගේ ඛාංඩය ද තරමක් විශාල වූ අතර ඇතැම් දෙනාගේ අත ගිණි අවිද,ඇතැමෙක්ගේ අතේ කඩු කිනිසිද,පොලු මුගුරුද විය.සුලුතරයකට පාවහන් තිබූ අතර සැලකිය යුතු තරමේ පිරිසක් හිස් වැසුම් රහිතව සිටියේය.එහෙත් ඔවුනගේ බහුතරය කැපී පෙනෙනුයේ සිවිල් වැසියන් මෙන් සිවිල් ඇදුමින් සැරසී සිටි හෙයිනි.
දකුණු පස:-
මහා බිය ඇති රුධිර වැගිරෙන
දශක තුනකට නොඅඩු දිග ඇති
මහා යුද්ධය ජය ගතිමි අප
කුමට කැදවුම් ලදද මේ ලෙස
අනෙක් පස:-
දශක තුනක ම සිටිය මුත්
නැහැනෙ ලැබුනේ අපේ අයිතින්
අවිය ගති ඒ නිසා දෑතට
ජාති ආලෙන් තෙද වැදීගෙන
දකුණු පස:-
බෝධි පූජා රට වටා
සෙත් පතා ඇත අපහට සදා
රටක් බේරන ලෙස සිතා
අරුන්; මැරුවා එකිනෙකා
අනෙක් පස:-
අවිය හුරු නැති අපේ දෑතට
අවිය ගත්තේ අප ගැන සිතා
මොවුන් හැදුවේ අප මරන්නට
අයිතීන් ඉල්ලූ නිසා
දකුණු පස:-
එකම රටක් ලෙස
ඉන්නට නොහැකිව
වෙනමම පාලනයක්
කුමකට දෙම්දෝ
අනෙක් පස:-
එකම රටක් ලෙස
ඉන්නට හැකිවේ
අපට අපේ කම
ලැබුනේ නම්
දකුණු පස:-
අප වෙමු මහා ජාතිය
තොපි වෙයි අපගේ සුලු ජාතිය
සිටිනු වහලුන් ලෙස
කුමකටද තොපිට බල
අනෙක් පස:-
වනසා දමන ලෙස සිංහලේ
ලැබිනි අණ අප වෙත මලේ
සිටිය හොත් අප තොපෙ බලේ
නැතැයි වැටහෙයි අපෙ බලේ
දකුණු පස:-
රටක් රැකුමට එක්ව අප සැම
යුධ වැදුන හෙන් අප මේසේ
වැරදි නැති අප
කුමට කැදවූයේ මේසේ
අනෙක් පස:-
රටක් කුමටද නිවහල්ව නැති
අපේ ජාතිය යට්ට ගොස් ඇති
ජාති ආලෙන් සටන් වැදුනෙමි
කුමට කැදවූවේ අප මෙසේ
එක් විටම සිය හුස්නෙන් බැස ගත් යම රජු
"නඩුව හෙටට කල් තබමි"
පවසා,ඉක්මනින් සභා ගැබෙන් පිටත් විය.
ඔහුගේ මණරම් වූ සේවිකාවන්ද එතුමා අනුගමනය කරමින් එතුමා පසුපසම ගමන් ගතීය.
දෙපිරිස මුහුනෙන් මුහුන බලා වියරු ලෙස සිනහ විය.
මා සිටි තැනින් නැගිට ගත්තේ යලි මෙහි නොපැමිනේ යැයි ස්ථිර අධිටනිනි.

Subscribe to:
Posts (Atom)