Wednesday, June 29, 2016

බල්ලන් නැවතත් උඩු බුරමින් සිටී..!


කටකලියා දමා තිබූ බලාගේ කටකලියා ගැලවී ඇත..දැන් ඌ උඩු බුරමින් සිටී.මූ නිකම්ම නිකන් බල්ලෙකු නොවේ.පිස්සු බල්ලෙකි.පිස්සු බල්ලන් බයානකය.පොඩ්ඩ ඇත්නම් වටේ සිටින උන්ගේද හපා කා උන්ද මිය පරලොව යැවීමට මොවුන් පසුබට නොවේ.මේ පිස්සු බල්ලගේ හඬ සැරය,රෞද්‍රය,වටේ සිටින නිකම්ම නිකන් බල්ලන්ද පිස්සු වට්ටන සුලුය.විශේෂත්වය නම් ඌ වටා විශාල බල්ලන් පිරිසක් සිටීමයි.පිස්සු බල්ලා කියන ඕනෑම දේකට එහෙයි කියමින් උන්ටික නැට්ට හොල්ල හොල්ලා ඒවා අනුමත කරති.එවිට ඌ මහ හඬින් උඩු බුරති.මූ පිස්සු බල්ලෙකි වඩාත් ප්‍රවේශම් විය යුතුය.කෙළ බිඳුවකින් පවා විෂ පැතිරේ.
ඥානසාර නම්, මේ පිස්සු බල්ලා සිටින්නේ කහ සිවුරක් පොරොවාගෙනය.කසාවත්ට වහන් වී ජාතිවාදය,ත්‍රස්ථවාදය මේ නීචයා විසින් පතුරවමින් සිටී.නීතිය වල් වැදී ඇත.ඒ සිවුරට බියේදැයි,වෙන මොනයම් වූ කරුනක් නිසාදැයි නොදනිමි.එහෙත් මා දන්නා එක් කරුනක් ඇත.ජාතිවාදය,ආගම්වාදය උලුප්පමින් ඡන්දය හිඟාකන මහින්දලා දැන් නැත.ගෝඨලා දැන් නැත,බැසිල්ලා දැන් නැත.එසේ නම් මේ පිස්සු බලු රෑනව ආරක්ශා කරන්නේ කව්ද?දහසක් පොරොන්දු දී බලයට පත් මේ යහපාලන රජය මේවාට උඩගෙඩි දෙනවාද?ඥානලා ආරක්ශා කිරීමට පෙනී සිටිනවාද?

මොවුන් සෑම තැනකම බොහෝකොට අසන ප්‍රශ්නයක් ඇත.
      
"මේ රටේ අයිතිකරුවන් කව්ද?"

සැබෑ පිළිතුර නම් මේ  රටේ අයිතිකරුවන් සිංහල,දමිළ,බර්ගර්,ක්‍රිස්තියානි පුරවැසියන් බවයි.

එහෙත් මොවුන් කියන්නේ මේ රටේ අයිතිකරුවන් සිංහල ජාතිය කියාය.ඉතින් මදක් සිතන්න.මේ බිමේම උපන් මෙහිම හැදී වැඩුනු දමිළයා,මුස්ලිමයා,ක්‍රිස්තියානියා තුල වෛරයේ බීජය නොවැපිරී තිබේද?ඔවුන්ද මෙහිම උපන් මෙහිම හැදී වැඩුනු ශ්‍රී ලාංකිකයන් නොවේද?ත්‍රස්තවාදය වපුරමින් රටපුරා ගමන්කරන මොවුන් උත්සාහ කරන්නේ නැවත්තත් දැන හෝ නොදැන සිවිල් යුද්ධයකට අප රට ඇද දැමීමටය.ජාතීන් අතර අසමගිය ඇතිකරමින් ආගම්වාදය තුලින් ත්‍රස්තවාදයේ බීජය වැපිරීමට නොවේද මොවුන් උත්සුක වන්නේ?
මුස්ලිම් මිනිහාද,සිංහල මිනිහාද,බර්ගර් මිනිහාද,ක්‍රිස්තියානි මිනිහාද තමන්ගේ ජාතියට ආගමට ආදරය කරති.,ප්‍රේම කරති ඒ වෙනුවෙන් වැඩ කරති.මොවුන් කරමින් සිටින්නේ ඒවා අනවශ්‍ය ලෙස භාවිතා කරමින් මිනිසුන් උසිගැන්වීමේ ක්‍රියාවලියයි.අනවශ්‍ය බියක් මිනිසුන්ගේ සිත් තුල ඇති කිරීමයි.නැතිදේවල් උලුප්පා පෙන්වීමයි.මොවුන්ට සැබැවින්ම අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදය අවුස්සා ඒතුලින් බලය ලබාගැනීමටය,සිවිල් සමාජයේ බලය ලබා ගැනීමටය.මොවුන් සිවුරක් පොරොවාගෙන සිටියද කරන්නේ සාටකයක් දමාගත් අයවලුන්ගේම ක්‍රියාවලියය.දෙදෙනාම බලය සොයති.ඔබට මතක නම් හෙළ උරුමයද පැමිනියේ මොවුන්ගේ ආකාරයෙන්මය.සිංහල රාජ්‍යක් හදනවා යැයි ප්‍රකාශ කරමිනි.එහෙත් දැන් බලන්න සිංහල රාජ්‍ය කෙසේ වෙතත් අපූරුවට පවතින රජය හා වැඩ කරති.ඥානල ඒ දවස් වල හෙළ උරුමයේය.දැන් මේ කරන්නේ එදා හෙළ උරුමය කලාක් මෙන් බහුතර අන්තවාදී සිංහල බෞද්ධ ඡන්ද ලබාගෙන බලයට පත්වීමට උත්සාහ කිරීමය.



මේ පිස්සු බලු රෑන ගාල් කලයුතුව තිබුනේ මීට බොහෝ කාලයකට පෙරය.මොවුන් නැගිටින විටමය.එහෙත් ඒ කාලය නීතිය තිබුනේ වල් වැදිලාය.ඒහෙයින් කලයුතුව ඇත්තේ දැන්වත් මේ බල්ලන් රෑන කූඩුකිරීමය.මේ පිස්සු බල්ලා මුකවාඩම් දමා කූඩුකිරීම ඉක්මන් කලයුතුව ඇත.නෝසේනම් ඔවුන් කියනා පරිදිම මේ දිනාගත් සාමය අහිමිවීම වැඩි ඈතක නොවේ.

 මොවුන් මේ කර්තව්‍ය දිගින් දිගටම කරගෙන ගියහොත් මෙය අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන වලට ශ්‍රී ලංකාව බෙල්ල මුලින්ම අල්ලා ගැනීමට හොඳම අවස්තාව වනු ඇත.රටක ජීවත් වන පුරවැසියෙකුට තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් තිබිය යුතුය,තමන්ගේ සංස්කෘතිය හා හර පද්දතීන් අනුගමනයට අවස්තාවක් තිබිය යුතුය....ඕනෑම අයෙකුට ඒවා විවේචනය කල හැකිය එහෙත් ඒවා විනාශ කිරීමට හෝ ඔවුන්ට පහරදීමට,බලපෑම් කිරීමට අයිතියක් නැත.ඥානලා අයිඑස් අයිඑස් ගැන කියමින් මෙහෙ ඩෙඟා නටති ඔව් , උන් වැරදිය.එහෙමයි කියා අනෙක් මුස්ලිම් පිරිස් වැරදි වන්නේ නැත.අනෙක් කරුන නම් බල්ලෙකු සපා කෑවා කිවා ඌව සපාකෑමේ සිරිතක් නැත.එහෙත් බොදු බලසේනා ප්‍රමුක රෑනට ඇත්දැයි නොදනිමි.

දෙමළ අන්තවාදීන්ද,මුස්ලිම් අන්තවාදීන්ද මේ රට තුල සිටින බව සැබෑය.එහෙමයි කියා සිංහල අන්තවාදී සංවිධාන අවශ්‍ය නැත.බෞද්ධ අන්තවාදී කොලනියක් ලංකාවේ බිහිවිය යුතු නැත.ඒ වාගේම කිසිදු ආගමික කොලනියක් ද බිහිවිය යුතු නැත.ඒ හෙයින් අධෙමුඛයට ඇගිල්ල ගහගෙන තප්පුලන්නන් වහාම සිරගත කල යුතුය.


යහපාලනය් කරනවා කියූ මෛත්‍රී හා රනිල් බලයට පත්ව ඇත.පූජිත අලුත් පොලිස් ලොක්ක බවට පත්ව තිබේ.ඔහුට ආරම්භයේදීම මේ ලැබී ඇත්තේ හොඳ  අවස්තාවකි.අතින් ගලවන්ඩ තිබූ පැලය දැන් පොරොවෙන් කැපිය නොහැකි තරමටම විශාල වී ඇත.දැන් ඇත්තේ දන්නා දහන් ගැටයක් දමා මෙය බිම හෙලීමය.ඒසේ බිම හෙලීමේදී වටේ ඇති පුංචි පුංචි පැලද යටවිය හැකිය.ඒසේ යට උනාවේ කියා සිටිනවා හැර කල හැක්කක් නැත.





මූලාශ්‍ර-(www.colombotelegraph.com,www.bbc.com/Sinhala,www.youtube.com,www.vikalpa.org)

ඡායාරූප - www.infosrilankanews.com
                       dilanthe.wordpress.com
                      www.facebook.com/.../බොදු_බලසේනා_හඬ_උඩුනුවර

Sunday, June 26, 2016

දුං (18+)

(http://trips.lakdasun.org/mullegama-to-pitakumbura-through-the-nilgala-forest.htm)

හීනියට ඇදපු බටේකින් බිංදුව බිංදුව වැටෙනව.කොච්චර උණුහුමට හැදුනත් අවසානෙ සීතලයි.ඒ හීතල පුංචි බිංදු ජීවිත රසවත් කරනව,නීරස කරනව.හැම එකකම දෙපැත්තැක් තියනව.ඒ දෙපැත්තම කැපෙනව තියුණුවට,ගැඹුරට .මේ බිංදුත් හරි තියුණුයි,ගැඹුරුයි ඒ වගේම හරි සැරයි.
මේ සරු සාරෙට හැදුනු ගහ කොල ගලාගෙන යන දිය පාර ජීවිතත් එක්ක හාද කම් කරනව ,ගනුදෙනු කරනව හරි අපූරුවට.මේ වතුර මේ ගස් මිනිස්සු වෙනුවෙන්ම ලියා ගත්ත කථා ඇති.ඒව අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම එක්ක කවලන් වෙලා ඇති.එහෙම කවලං වෙලා පරිසරයේ නිහැඬි කථාව අපිට කියනව ඇති.

ගස් වලට උඩින් පියාඹගෙන යන කුරුල්ලො.ගස් වලට යටින් පියාඹගෙන යන සමනල්ලු.බිම ඇවිදගෙන යන ලොකු වගේම පුංචි සත්තු මේ හැමෝම අපිට කතාවක් කියනව ඇති.ඒ පරිසර භාෂාවෙන්,නුපුරුදු මානව භාෂාවෙන්,ඒ පිරිසිදු අපි හැමෝගෙම භාෂාවෙන්..ආදරයෙන්,ලෙන්ගතු කමින්.

වැහි බිංදු අහස් කුස සූරගෙන ඇවිල්ල උස ගස් වල චූටි කොළ එක්ක සෙල්ලම් කරල පොළොවට කිඳාබහින්නෙ හරි ආදරයෙන්.බාග වෙලාවට මෙහෙම වෙන්ඩ බැරි කමකුත් නෑ.අහස පොළොවට දුරයි පොළොව අහසට දුරයි.ඉතින් අහසින් පොළොවට පණිවිඩ ගේන්නෙ වැහි බිංදු.
මේ හැමදෙම වෙන්නෙ දිගු අපූරු නිහැඩියාවක ගිලිල.ඒත් ඒ නිහැඬියාව අපිට හුරු පුරුදු නිහැඬියාව නෙවෙයි.ගෝසාකාරි නිහැඩියාවක්.ශබ්ධය නගන්නා වූ නිහැඩියාවක්.පිවිතුරු නිහැඩියාවක්.
ඒ නිහැඬියාවට අභියෝග කරන්නෙ පැහෙන වතුර ටැංකියෙ "ගොඩ" "ගොඩ" හඬ. දර කෝටු පුපුරන සද්දෙ නිහැඬියාවට අපූරු ස්වරයක් එකතු කරනව.

"ඔතෙන්ට වෙලා දුං උර උර ඉන්නැතුව මෙහාට වරෙන් බං"

"එනව...එනව...."

ඒ රංජිත් අයියාය.

"තෝ ඔතෙන්ට මුල් අදී පොඩ්ඩක් වරෙන් මෙහාට..."

සුවඳ පරිසරය පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත.සීනි,කෙසෙල්,ගස් ලබු,රටඉඳි,මේ ජාතීන් කවලන් වී තැම්බෙනා විට හමන සුවඳ හරිම අපූරුය.

"පියන වැහිල නේද බං"

"හරි හරි දැන් හුමාලෙ දායි.."

"එහෙනන් මම පහලට යනව..."

"ආ...හරි හරි බං..."

පළතුරු තැම්බෙන බැරලයේ හුමාලය පිටව යාම වැලැක් වීමට එය පියනකින් වසනු ලබයි.ඒ පියනේ මැදින් ගැසූ තඹ බටයකි.එය දිය පාරේ ගල් මතින් වැටී ඇත.ගලා යන ජලය ඒ බටය මතින් ගලා යයි.
මේ ලිප පිහිටා ඇත්තේ දිය පාරේ ඉහලට වෙන්නටය.පහලින් බටය අවසන් වේ.ඒ අවසන් වන ස්ථානයේ බෝතලයක් තබා වෑස්සෙන බිංදු එකතු කරයි.පැය කිහිපයක පෙරීමකින් වාඩියට සෑහෙන සේ එකතු කරගත හැකිය.සති කිහිපයකට පමන සෑහෙන සේ එක් වරකදී පෙරා ගනු ලබයි.එහෙත් වැඩි දෙනෙක් කැමති වන්නේ කංසා ඉරීමටය.ඒ හෙයින් බොහෝ කාලයකට මේවා සෑහේ.
රංජිත් අයියා හැඩි දැඩි පිරිමියෙකි.කාල වර්ණ දේහය,ඉහලට කොට බැදූ කැරලි කොන්ඩය,කැහිපොට ගැසූ සරම ඔහුගේ හැඩි දැඩි බව තවත් ඉසමතු කරවයි.

අසා ඇති පරිදි ඔහු පුත්තලමේ ය.ඔහු මේ වාඩියට පැමින් දැනට අවුරුදු හතක් අටක් බව අනිත් එවුන්ගේ මතයයි.ඔවුන්ට අනුව මොහු මෙහි පැමින ඇත්තේ පොලීසියෙන් බේරීම සඳහාය.ඒ අවුරුදු දාසයක දැරියක් දූශනය කිරීමේ වරදට මොහුව සොයන බැවිනි.එහෙත් කිසිවෙකු ඔහු සිටින තැන මේ කථාව කියන්නේ නැත,අසන්නේ නැත.අඩුම තරමින් ඔහුවත් ඒ ගැන කියන්නේ
නැත.

ඒ හෙයින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මට වැටහීමක් නැත.එහෙත් ඔහු හොඳ ස්ත්‍රී ලෝලියෙකු බව මා දන්නේ මධු රසවිඳින විටය.

"බෝතල් පහක් හරි බං...ඕකෙ ගිණ්දර ටිකක් අඩු කරපන්"

ඒ රංජිත් අයියාගේ විධානයය.

මොන අපරාධ කොට තිබුනත් ඔහු අප හැමටම සහෝදරයෙකු සේ ලෙන්ගතුය.

"කළුව කැලේ රිංගුවද දන්නෑ.."

"ඌ නොගිහින් ඉදීද අපි මෙහෙ කියල දැනගත්තුවහම."

"එහෙනන් දැනටමත් හොඳ ඌරු නාම්බෙක් කුදලගෙන එනව ඇති..."
රංජිත් අයියා හඬ නගා සිනහවෙයි.අසා සිටින්නෙකුට හැගෙනුයේ එය මහා වියරු සිනහවක් ලෙසය.එහෙත් එය එසේ නොවේ.ඒ මොහුගේ හැටිය.

හිතලුවකට සත්‍යයයැයි පැවසීම කොතරම් සාර්ථක දැයි මා නොදනී.එහෙත් එහි සාර්ථකත්වය මා විඳ ඇත.හිතලුව නම් සුරපුරයයි,සංතෘෂ්ඨියයි,ආශාවයි.....ඒ හිතලුව සැබෑවට හරවන්නේ මේ වැවෙන කංසා හේනයි.යායක් පුරා වැවී ඇති මේ හේන හිතලුවට අභියෝග කරන පරම සත්‍යයි.

මත්වුනු  රංජිත් අයියා යනු කතා ගුහාවකි.ඔහුගේ කථා පටන් ගන්නේ ගැහැණියකගෙනි අවසන් වන්නේ ද ගැහැණියකගෙනි.ඔහුගේ සෑම කතාවකම වීරයා ඔහුය.පරාජිතයා සුලුතරයක පිරිමියෙක් වන අතර බහුතරයක ගැහැණියෙකි.රති කෙලියට ඔහු සූරයෙක්ලු.පැය කිහිපයක් ඇඟ උඩ දගලන්නට හැකීලු.ගැහැණියගේ දෑස් තෙත්වී ඇය වැරහැලිවන තුරු.,

"ඔය කියන විදිහට රංජිත් අයියට මේ රට පුරාම ළමයි ඇති."
දිනක් මා ඔහුගේ කථාවට ඌන-පූරනයක් එක් කලෙමි.

"යකෝ...මම ළමයි හැදෙන්ඩ නෙවේ  හුකන්නෙ....රෙන්ඩ බැරි වෙන්ඩ.."

සියල්ලෝම සිනහ ගැස්සූ එම කුණු හරපයේ තේරුම මා දැන ගත්තේ ඊට බොහෝ කාලයකට පසුය.

අපේ හේනේ අයිතිකරු ලොකු මහත්තයාය.අපි කවුරුත් ඔහු ඇමතුවේ එසේය.ඔහු හැදි දැඩි පුරුශයෙකි.නිතරම ඇන්දේ ලාපටට හුරු ඇදුම්ය කලා තුරකින් කලු කලිසම් අඳී.එහෙත් ඔහු ගෙලේ බැඳි රන් මාලයත් අතේ බැඳි රන් පැහැ ඔරලෝසුවත් වෙනස් නොකරයි.ලොකු මහත්තයා ලොකු ලොකු මහතුරු ඇදුනුවේය.පොලීසියේ මහත්තුරු ඒ අතර බහුලය.
ලොකු මහත්තයා සමඟ මා වචන කිහිපයකට වඩා කතා කොට නොමැත.එහෙත් ඔහුගේ බිරිඳ සමග මා හොඳ හැටි කතා කොට ඇත.ඇගේ නම "පොඩි කුමාරි" යි.

ලොකු මහත්තයා හේනට එන්නේ මාසයකට සැරයක්ය.ඇතැම් විට කලාතුරකින් මාසයකට දෙදෙදිනක් පැමිනෙයි.ඔහු  උදෑසනම පැමින කළුවාත් රංජිත් අයියාත් සමග නගරයට පිටත් වෙයි.ඒ පොලිසියේ මහවරු ඇතුලු පිරිස හමුවන්නට බව මා දැන ගත්තේ කලුවාගේ ගමන් තොරතුරු වලින්ය.එදිනට වාඩියේ සිටින පොඩි කුමාරි හාමි බලා ගන්නට වන්නේ මටය.හේනේ ඇති ලොකු පැල්කොටය මෙය නිසාත් අනෙක් අයට හේනේ අනිත්කොන පැල්කොට දෙකක් තිබෙන නිසාත් කිසිවෙකු මෙහි නොපැමිනෙයි.රැහේ සිටින පොඩි ම එකා මා නිසා ලොකු මහත්තයා මා සමඟ පොඩි කුමාරි හාමි තනිකොට යයි.

ලොකු මහත්තයට වඩා පොඩි කුමාරි බොහෝ වයසින් ලාබාලය.බාගවිට එය අවුරුද දහයක් පහළොවක් පමණ විය හැකිය.
ඇය කෙලි ලොල්ය.දඟකාරය.හුරුබුහුටිය.
ඇය මා හා එක්ව කතා කියයි.සිනහසෙයි.
ඇය වඩාත් කැමතිම පාං පිටි රොටී කෑමටය.ගෝන තෙල් කට්ටකින් රසවත් කල එය ඇයත් මාත් දහවල් ආහාරය ලෙස බුක්ති විඳී.
අලුතෙන් පෙරූ පළතුරු ඇත්නම් එයින් වීදුරු කිහිපයක් හිස් කිරීම ඇගේ සිරිතයි.ඉන්පසු පෙරටත් වඩා මා හා දොඩමලු වෙයි.බොහෝ විට ඉන්පසුව අප දෙදෙනා හේනට පහලින් ගලා යන දොල පහරට ගොස් නාකියාගෙන පැමිනෙයි.එසේ පැමින් පිලිස්සූ රොටී කා ඇතුලු ගෙට වී ඇගේ කතා මා අසමින් මගේ කතා ඈ අසමින් සිනහ වෙයි.

විටක අප බිම් මැද්දෑවේ එලූ පැදුරක දිගාවෙයි.එවිට මගේ පරණ කසිකබල් සරම ගලවා ඉවත දමා සම්පූර්නයෙන්ම නිරුවත් වීම සිරිතයි.ඉන්පසු ඈ ද නිරුවත් වෙයි.දෙතුන් විටක් ඉහල පහල පනින ඇගේ ලැම සෙමින් නිසොල්මන් වියි.ඇඟටම ඇලී ඇතිසේ ඇඳ සිටිම මල් මල් චීත්තය ඇයව නිරාවරනය කරමින් පහතට ඇද වැටෙයි.පහල ශරීරය හිරි වැටෙන තෙක්  උඩ පැනිය යුතුය.ලැම සිප ගැනිය යුතුය.ඝන කැලේව පීර පොකුනෙන් දිය බිය යුතුය.උඩුතොල හැපිය යුතුය,යටි තොල හැපිය යුතුය,දිවට දිව ගෑවිය යුතුය.අවසානයේ පහල ශරීරය හිරි වැටුනු පසු නැගිටිය යුතුය.නැවත දෙදෙනාව ඇලට ගොස් නාකියාගෙන පැමිනිය යුතුය.

පැමිණ මා පිලේ පැදුරක් එලා වැතිර ගනී.ඈ ඇතුලු ගේ වැතිර ගනී.මා වහලේ ඇති පොල් අතු රටා ගනන් කරමි.හැඩ බලමි.ඒවාට කතා කරමි.සිනහ සෙමි.

"ඒයි ගෙම්බො....වරෙන් යකෝ යන්ඩ ඔතෙන්ට වෙලා දුම් පිම්බ පිම්බ ඉන්නැතුව."

Wednesday, June 8, 2016

මගේ අතේ තිබූ වටිනාම මුදල...

වේලාව රාත්‍රී 8.30 ට පමනය.ස්ථානය කුරුණෑගල පොලීසිය ඉදිරි පිට ඇති කොළඹ බස් නැවතුමයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දිවෙන ල.ං.ග.ම බස් රථයයි.මා සිටියේ පාපුවරුව අසලම සිටගෙනය.
                       

                                 අම්මෝඃ.......ම්ඃ....

පහලින්  වැරැහිලි ඇඳගත් මහල්ලෙකු බසයට නැගීමට උත්සහ කරයි.පළමු පඩියට අමාරුවෙන් ගොඩවූ ඔහු තෙවනි පඩියට අත්දෙකම තබා  දෙවනි පඩියටද නැගුනි.කොහෙදෝ නැති අනුකම්පාවකින් මා ඔහු ඊලඟ පඩිය නැගීමට පෙර වාරු උනෙමි...බොහෝ අපහසුවෙන් ඔහුට බසයට නැග ගැනීමට හැකි විය.අසල අසුනේ වාඩිවී සිටි මාගේ සහෝදර අයියා කෙනෙකු නැගිට අසුන ඔහුට පිරිනැමුවේය.

                                     අම්මෝඃ.....

                ""මහත්තය.....පිං.....පිං මහත්තය.....මගෙ මේ ඇහැ              ඔපරේශන් කරල....ටිකට්" ..........

..ඔහු ඔහුගේ රෝගයත් ඇසත් පිළිබඳ හෙන හෑල්ලක් කියවමින් සිටී....

"අංකල් කොහාටද?"

"කොළඹට මහත්තයො..."

"හත් ඉලව්වේ මේ මොකක්ද?අඩෝ බං කොළඹට ටිකට් ගන්ඩ මම ලඟ සල්ලි නෑ බං"....

හම්බෙන සොච්චමත් පිස්සු නටා විනාශ කරන මා අත මුදල් කොයින්ද?....බෑග් එකේ රුපියල් සීයක් ඉතුරුවව තිබුණු බව මතකය....අප දෙදෙනාටම ප්‍රවේශ පත් ගැනීමෙන් පසු ඉතිරි වන්නේ රුපියල් පනහක් පමණි....

අසරණ පුද්ගලයින් බස් රථවල නොමිලේ රැගෙන යන කොන්දොස්තර වරුන් මා දැක ඇත......එහෙත් කොළඹට ඔහුව රැගෙන යාවිද....කුකුසකි...."කොහොම හරි කමක් නෑ....අහල බලනව...."

"මහත්තයො ඔය ඔතන පල්ලෙහ මහත්තෙයෙක් ඉන්නව ඒ මහත්තය තමා මට ටිකට් අරන් දුන්නෙ......මම ඒ මහත්තයගෙ කකුල් දෙක අල්ලල වැන්ද ..."

අපූරුයි....මොහුට ගමන් වියදම පියවා ඇත....

මා එවලේම දොරෙන් එලියට ඔලුව දා බැලුවෙමි.....කොන්දොස්තර මහතාට මුදල් දී ටිකට් ගන්නා පුද්ගලයෙකි.....කොන්දොස්තර මහතා ටිකට් පතක් ලියා පිටුපස දොරෙන් පැමින ඒ රෝගියාට ටිකට් පත ලබා දුනි.....නැවතත් ඔහු වදින්නට පටන් ගත්තේය...ටිකට් පතට මුදල් ලබා දුන් ඒ සැබෑම මිනිසෙක් වූ ඒ උදාර මිනිසා බස් රථයට ඉදිරි දොරෙන් ගොඩ විය.

ඒ වෙලෙහිම කොන්දොස්තර ද පිටුපස දොරෙන්ම ගොඩවී සීනුව නාද කළේය....

                "මෙතන නන්  මල්ලි හුළං වදිනව..."

               "ඔව් අයියෙ...වෙන තැනක ශීටුත් නෑ.."

කොන්දොස්තර මා පසුකොට ගියේය....

එලියේ වැහිබර ගතියක් ඇත....බස් රථය යන්නේ තරමක් වේගයෙනි...කොළඹ - ත්‍රිකුණාමලය බස් රථ යන වේගය ගැන අමුතුවෙන් සඳහන් කලයුතු නොවේ...ඊටත් පාරේ වාහනත් නැති රෑට...එය දෙගුන තුගුන වේ....

දොර අසල සිටගෙන සිටි මට කුඩා වැහිපොද හා සුළඟ කරග බලපැම දැනුනි...නිසැකවම අක්ෂි රෝගියෙක් වන මොහුට මෙය පහසු කටයුත්තක් නොවන බව විශ්වාසය....මා ඔහුව ආවරනය වන සේ සිට ගත්තෙමි....

මුදල් මිනිසෙකු කොතරම් අසරන කරයිද?කොතරම් නීච කරයිද?.....කොතරම් අමානුශීය කරයිද?සිතිවිලි සාගරයක් තුල මා කිමිදිනි...

     "අංකල් කොළඹට ගිහිල්ල කොහෙටද යන්ඩ ඕනෙ....."

    "කොලඹට ගිහිල්ල එතනින් කිරුළපණට යන්ඩ ඕනෙ...."

   "ඉතින් මේ රෑ කොළඹට ගියාට කිරුළපණට යන්ඩ බස් නෑනෙ...."

     "ඔව් මහත්තයෙ රෑ කොහෙහරි ඉඳල හෙට උදේම යනව...."

රෑ කොළඹ කොහෙනම් ඉන්ඩද....එකම පිළිසරන පේමන්ට් එක්ක නිදා ගැනීමය....එහෙත් කුණු දූවිලි පිරි ඒ කොළඹ පොළොව මොහුට,මොහුගේ ඇසට අනුකම්පා කරයිද?....ඇස ආරක්ෂා කරයිද?..හොඳින් බලාගනීද?

මට අපේ අත්තා ඇස් ඔපරේශන් කර පැමිනි දවස සිහිවිය...ඔහුව කෙතරම් රැක්කාද....දැඩි හිරු එළියට නිරාවරනය නොකර ඉතාමත් පිරිසිදුව ඔහුව බලාකියාගත් අයුරු මට අද වගේ මතකය.ඉතින් මොහුටත් එවැනි ආරක්ශාවක් ලැබිය යුතු නොවේද?ඊටත් වඩා හොඳින් මොහුව බලාගත යුතු නොවේද?...

"මම කාගෙන්වත් කීයක්වත් ඉල්ලුවෙ නෑ මහත්තයො බනී කියල බයට...."

                       "කවද්ද කුරුණෑගල ආවෙ"

                               "අද මහත්තයො..."

                  "ඇයි කොළඹ ඉදන් මෙහෙ ආවෙ..."

"අක්කල ගෙදර ආවෙ...උදේ ඉඳන් ගේ ලඟ හිටිය එයාල නෑ....කොහෙ හරි ගිහිල්ල..ඉදල ඉදල බැරිම තැන යන්ඩ කියල ආවෙ...."

"මොකද ඔය ඇහැට උනේ..."

"මේ තැඹිලි කපන්ඩ ගිහිල්ල......තැඹිලි ගහෙන් වැටුන මහත්තයො....දවස් හයක් සිහිය නැතුව හිටිය...කොන්දටත් මොකක්ද වෙලා ඇවිද ගන්ඩ බෑ......ඇහේ ලීයක් ඇනිල..මේ ඇහැ ආය පේන්නෑ....මම හරි අසරණයි මහත්තයො...."

ඔහුගේ අනෙක් ඇසින් කඳුලු වැටෙන්නට ඇත!!ඇඳ සිටි වැරහිලි සරමෙන් ඔහු ඒ ඇස පිස දැමුවේය.....

ගෙදර යා ගැනීමට සල්ලි නැති වූ අවස්තා වලට මාද මුහුන දී ඇත....එවලෙහි මට දැනුනු අසරන කමට වඩා සිය දහස් ගුනයක අසරන කමක් මොහුට දැනෙනවා නොඅනුමානය...

                                    "ළමයි නැද්ද?..."

                        "නෑ මහත්තයො මම බැඳල නෑ..."

මේ ලෝකේ තමන්ට තමන්වත් නැති වූ අයෙක්....එවැනි හැගීමක් ඔබට ඇතිවී තියේද?...සිතන්න...මෙවැනි කරදරයකට ඔබ මුහුන දුන්නා කියා.....තමන්ට තමන්වත් නැතිව....දැනෙන අසරණභාවය කෙතරම් කුරිරුද?...

                               "කාලද ඉන්නෙ....."

"නෑ මහත්තයො......කාගෙන්වත් ඉල්ලන්ඩ බෑ...බනී කියල බයයි....එක මහත්තයෙක්ගෙන් ඉල්ලුවහම අම්මටත් එක්ක බැන්න මහත්තයො.....මං ගාව පොඩි වතුර බෝතලයක් තියනව ඒක බිබී හිටිය....."

ඔහු අතේ තිබූ සුදු පැහැති කවරය පෙන්වූවේය...එහි තුල සුදු පැහැති කමිසයකුත්....ලා නිල් පැහැයට හුරු සරමකුත්....කුඩා වතුර බෝතලයකුත් විය...

           බඩගින්න වතුරෙන් සංසිඳුවා ගැනීම...!!

ඔහුට එහා පසින් සිටියේ මැදිවියේ පමන වූ යුවලකි....ඔවුන් දෙදෙනා ඔහුට වඩෙයක් ලබාදුනි....ඔහු බැරි බැරි ගාතේ ශීට් එකෙන් නැගිටින්නට විය.
""..බුදු වෙනව මහත්තයො.....මම උදේ ඊදන් කාල නෑ!! බුදු වෙනව මහත්තයො!!..."

ඔහු ලැබුනු ආහාරය ඉතාමත් වේගයෙන් බුක්ති විදින්නට විය...ඒ අතර කොන්දොස්තර මහතාද පිටුපසට පැමිනියේය...මා ඔහුට මා ලඟ තිබූ එක් පනහේ කොලයක් දී ටිකට් ලබා ගත්තෙමි...මුදල රුලියල් හතලිස් හතරක් වූවත් ඉතුරු රුපියල් කිහිපය ගැන ආසාව අත් හැරීම හොඳය...මොකද රාත්‍රී කාලයේ ඉතුරු මුදල් නොලැබෙන බව මා අත්දැකීමෙන් දනී.....

තවත් මා ලඟ රුපියල් පණහේ කොලයත් තිබෙන බව මා හොඳා කාරවම දනී...ඒ මාගේ සුපුරුදු ඩේටා කාඩ් එක මිලදී ගැනීමටය...ඩේට වගේද මනුස්සකම.....පස්සෙ කීයක් හරි හොයාගෙන ඩේට දාගන්න එක වෙන වැඩක්....දැන් මේ මනුස්සයට කීයක් හරි දුන්නොත් ඒක තමයි වටින්නෙ...එහෙත් දීමට පුලුවන....වැදුම් ලබා ගැනීමට මා අකමැතිය...

මා ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා නිරීක්ශනය කලේය.හිසෙහි කොන්ඩය මනාව කපා ඇත.රොදය තියා පීරා ඇතත් එය මදක් අවුල් වී ඇත....පොල්තෙල් හෝ එවැනි යමක් ගල්වා ඇති බවට විදුලි එලියට දිලිසෙන කොන්ඩය සාක්ශි දැරීය.

වම් ඇස ගෝස් දමා ආවරනය කර ඇත..එය මුහුනේ විශාල වපසරියක පැතිර ඇත.රැවුල මනාව කපා තිබූ බවක් පෙනෙන්න්ට ඇත...එහෙත් තැනින් තැන වැවුනු රැවුල් කොට මුහුනට එක් කළේ අපිලිවෙලකි.කමිසය සුදු පැහැයත් අලු පැහැයත් අතරමැදි පැහැයකින් යුක්ත වූවකි.එහි කමිසයේ පාටටම ආසන්න පාටකින් පහලට ඉරි ඇත.සරම එවැනිම පැහැයකට හුරුව තිබූ බව මතකය...කමිසයේ අත් දෙකම වැලමිට හරියෙන් කපා දමා ඇත...බාග විට එය පෙරදි අත්දිග ශර්ට් එකක් විය යුතුය.කෙසේ වෙතත් ඇඳුම් දෙකම දැඩිව අපිරිසිදුවී තිබිනි.අතේ වූ කවරය රෝල් කර ඔඩොක්කුවේ තබා ගෙන සිටී...පයට පාවහන් නැත...

ඔහුගේ අතේ මිට මොළොවා ගත් සුදු පැහැති කඩදාසියකි...ඒ ඔහුට ලැබුනු වඩේ කෑල්ලය..එයින් බාගයක් කා අනෙක් බාගය අතේ මිටි මොලවාගෙන සිටී..

මොහු මාගේ පියාගේ පමන වසක විය යුතුව...මා බෑගය තුලට අතදමා එය පීරුවෙමි...එය තුලින් මුලින්ම හමු වූයේ රුපියලේ කාසි දෙකකි එය පසු පස සක්කුවට දැමිවේය...ඉන්පසු තවත් කාල් ගෑවේව...මෙවර පහේ කාසි දෙකක්...එයද පසුපස සාක්කුවටය...තවත් කාල් ගෑවේව...එවරද පහේ කාසියකි..තව දුරටත් සෙවූ විට රුපියල් විස්සේ කොලයක්ද කොහෙදෝ සිට මතු විය....අවසානයේ පණහේ කොලය මතු විය....රුපියල් අසූ හතක් පසු පස සාක්කුවේය.මෙතරම් මුදලක් මා සතුව තිබූ බව නොදනිමි.මෙය මොහුට දිය යුතුය එහෙත් වැඳුම් ලබා ගැනීමටද නොහැකිය.තවත් තත්පර කිහිපයකින් මා බසයෙන් බැස යායුතුය...මා බෑග විවුත්ත කොට තවත් රුපියල්ක් වත් ඇත්දැයි සෙව්වෙමි...එහෙත් තවත් සතයක් වත් නැත.මා සීනිව නාද කොට පා පුවරුවට බැස්සෙමි.බස් රථය නැත්වීමට තිරිංග යෙදීය...මා පිටුපස සාක්කුවෙන් ඇදගත් සියලුම මුදල් ඔහු අත තැබීමෙ...ඔහු හිස හරවා මා දෙස බැලීය....


                               "බුදු මහත්තයෝ.."

මම බසයෙන් බැසීමි....බැසීමකට වඩා එය පැනීමක්.....දුර ගමන් සේවා බස් රථවල අතර මැද නැවතුමකින් බැසීම පැනීමක් කියා ඒවායේ ගමන් ගන්නා වුන් හොදාකාරවම දනී.

බස් රථයේ බිම තහඩුව මතට කාසි වැටෙන හඬ ඇසුනි...බසට ඉදිරියට ගියේය...

මා සුපුරුදු පරිදි ගමන් ගතීමි....ඉදිරියෙන් ඇත්තේ මා හැමදාම ගොඩවී යන ලස්සන අක්කලා සිටින ෆාර්මසියයි...මා එයද පසුකර ගියෙමි..

"ඇයි උඹ අද කාඩ් ගන්නැද්ද?"

"නෑ බං අද සල්ලි නෑ.."

Monday, May 30, 2016

පුංචි ඇස් දෙක



"ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?"

පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ.

"අහ්..යනව යනව....කවුරු හරි එනකල් හිටියෙ..."

නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක හිනාවුනු කල්ප එහෙම කීව.

වෙනදට යාලුවො ටික එනකන් කඩේ ගාව හිටියත් අද කඩේ වහල හිංද පංතිය ලඟට ආව.

"එහෙනන් යං ඉතින්"

නිමේෂට බෑ කියන්ඩත් බෑ පංති යන්ඩත් බෑ.
...
 කල්ප පංතිය පැත්තට හැරුනට එන්නෙ නෑ කියල නිමේෂ දැක්ක.

"ඇයි?"

"නෑ මට අද සල්ලි ගේන්ඩ බැරි උනානෙ....ඔයා යන්ඩ.."

"අයියෝ මැට්ටො අද මාසෙ පලවෙනිද අද සල්ලි ඕනෙ නෑ..."

අන්තිම තුරුම්පුවත් සුං...

දොරෙන් ඇතුලු වෙලා නිමේෂ දකුණු පැත්තෙ ඉස්සරහින් ඉඳ ගද්දි කල්ප මැද හරියෙන් ඉඳ ගත්ත.පැය ගානක් පාඩම අහගෙන හිටියත් කල්පට දෙයක් තේරුනෙ නෑ..හරියටම කීවොත් තේරුම් ගන්ඩ උනන්දුවක් තිබ්බෙ නෑ.කොහොම හරි අන්තිමට පංතියෙ ඉන්ටවල් එකත් ලැබුන.ඒ එක්කම කල්ප බෑග් එක එල්ල ගත්තෙ පතියෙන් යන්ඩ.

ඉස්සරහින් ගියොත් යන්ඩ වෙන්නෙ සර්ගෙ කාමරේ ඉස්සරහිං ඒක හින්ද යන්ඩ හොඳම තැන කැන්ටිම පැත්තෙන්..

"කොහෙද ඔය යන්නෙ බෑග් එකකුත් එල්ලගෙන"

"මම මේ...... කෑම එක කන්ඩ යනව..."

"ඔහෙ කොහෙද යන්නෙ....."

"අර එහා පැත්තෙ හෝල් එකට..."

"එහා පැත්තෙ.....?""එහා පැත්තෙ කොහෙද හෝල් එකක් තියෙන්නෙ....."අර අරකට යනව....ඒකෙ එච්චර කට්ටිය නෑ...."................."හැබැ

යි බලාගෙන ඈ.."

"ඒ මොකද.."

.."ප්‍රේම වන්තියො දිහා බලාගෙන ඉඳල  දිව හැපෙයි...."

"යනව යන්ඩ.."


තරහෙන් පුපුර පුපුර ගියපු කල්ප පංතියෙන් වාඩි උනා.

"ෂික්...මටත් පිස්සු...මම මොකටද ඒකි කියන කියන ඒව අහගෙන ඉන්නෙ.."
...................................................................................

අන්තිම පැය දෙකත් ගෙවිල ගියා.පංතිය ඉවර වෙලා එලියට එද්දි නිමේෂ එලියට වෙලා බලාගෙන ඉන්නව.කල්ප නිමේෂව දැක්කත් දැක්කෙ නැති ගානට අහක බලාගෙන ගියා.

"කල්ප...කල්ප"

නිමේෂ පිටිපස්සෙන් ඇවිත් කතාකරා.

"මේ....ඔයා ගිය සතියෙ පංති ආවද?.."

"නෑ....මම ගිය සතියෙයි..ඊට ඉස්සල සතියෙයි පංති ආවෙ නෑ..."

"අයියෝ..කල්ප...මට ගිය සතියෙ නෝට් එක ලියාගන්ඩ බැරි උනානෙ..."

"එහෙනන් කාගෙන් හරි ඉල්ලල ලියා ගන්ඩ..."

අඩි කිහිපයක් කල්ප ඉස්සරහට ගියත් නිමේෂ කල්ප එක්කම ආව.

"මේ......ඔයා කොහොමද නෝට් එක නැතුව ලබන සතියෙ exam එක ලියන්නෙ.."

"මොන exam ද මම ලබන සතියෙ පංති එනවයැ..."එහෙම කියන්ඩ හිතුනනත් කල්ප කට වහගෙන හිටිය.

"ආ.....ඒක තමා මාත් මේ කල්පනා කරේ.."

"එහෙනන් මම යාලුවෙක්ගෙන් පොතක් ඉල්ලගෙන නෝට් එක ලියා ගන්නන්..."

"හ්ම්..."

"මේ...ඕනෙනන් මම ඔයාගෙ නෝට් එකත් ලියල දෙන්ඩද?"

"මේ මොන මළ ඉලව්වක්ද.."සිතිවිලි කල්පහෙ හිතේ පුපුරු ගහනව.

"හ්ම්.."
......................................................................................................

"මේ ඔයා සීසන්ද?"

"නෑ...නෑ...මම මේ සැරේ ගත්තෙ නෑ..."

සීසන් එක ලඟ තිබ්බත් කල්ප එහෙම කීවෙ නිමේෂ ලඟ සීසන් තියන හිංද ...එතකොට නිමේෂව මඟ ඇරල යන්ඩ පුලුවන්නෙ.

"අයියෝ...මටත් මේ සැරේ සීසන් ගන්ඩ බැරි උනානෙ..."එපා වෙනව අප්ප සීසන් ගත්තනන් හරි ලේසයි.."

දැන් ඉතින් බස් එකේ යනකල් කනක් ඇහිල යන්ඩ වෙන්නෙ නෑ..

"ආ..මේ මම අරකෙ යනව..මට පරක්කු වෙනව.."

"පොඩ්ඩක් ඉන්ඩ මාත් එනව.."

කල්ප යමින් තිබුන බස් එකට දුවගෙන ගිහිල්ල එල්ලුන..කල්ප එල්ලුන ගමන් බස් එක නතර කරා..ඒ එක්කම නිමේෂත් ඇවිල්ල බස් එකට නැග්ග.

"කල්ප පොඩ්ඩක් ඉන්ඩ මට උඩට යන්ඩ"නිමේෂ කල්පව පල්ලෙහ පඩියට දාල උඩට ගොඩ උනා.

"ආපෝ මේකෙ හරි සෙනඟ නේද?"

"හ්ම්.."

"අද යාලුවෙක්වත් හම්බුනෙ නෑ...මේ කොහෙවත් යන කෙල්ල හිංද.."

කල්ප පල්ලෙහ පඩියට වෙලා නිමේෂට හිතින් දොස් කියනව.

"මල්ලි පොඩ්ඩක් උඩට ගොඩවෙන්ඩ"

ඉස්සරහ දොරෙන් දුවගෙන ආපු කොන්දොස්තර පිටිපස්සෙ දොරේ එල්ලෙන ගමන් කීව.කල්ප එක පඩියක් උඩට නැග්ග.නිමේෂ කල්පගෙ මූනෙ ගෑවෙන තරන් ලංවෙලා.

"පොඩ්ඩක් උඩට යනවකො"කල්ප නිමේෂගෙ මූනදිහා බලමින් කීව.

"ඇවිල්ල බලනවකො ඉඩ තියනවද කියල"..නිමේෂ පුංචි ගෙරවිල්ලක් දැම්ම.

"ඔය නැගපු අය ටිකට් ගන්ඩ...!"

"අනේ කල්ප මටත් එක්ක ගන්ඩකො!...පර්ස් එක බෑග් එකේ"

"ඈ........ ඔයාටත් නැගලද!!!......"

"ඈ....මොකක්ද?....??...හයියෙන් කියනවකො...ඇහෙන්නෑ..."

"නෑ නෑ...හරි.."

"මොකක්ද?"

"හරි බං හරි...ගන්නන් ගන්නන්!!.."

උඩටවත් ගොඩවෙන්ඩ ඉඩ නොතිබ්බ බස් එකේ ටිකකින් සෙනග හොඳටම අඩු උනා.නිමේෂ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා හිටපු තැන ලඟින්ම කල්පත් වාඩි උනා.

"මේ ලබන සතියෙ එද්දි පේපර් ටිකක් කරල එන්ඩ...මේ සැරේ පාඩම් හතර පහකින් පේපර් එක හදනව කීව.."
           
"හ්ම්.."

"කෝ පොත..."

.....................................................................................................................................................

"කෝ මේකෙ තියෙන්නෙ අද නෝට් එක විතරයිනෙ.."

"ඔව්...ඔය අලුත් පොතක්..."

නිමේෂගෙ නිල් පාට ඇස් පොත පුරා පීනද්දි හරි අපූරුයි.සුදු පාට චූටි ඇඟිලි පොතේ පිටු පුරා හරි කඩිසරව ඇවිදිනව.කැරලි ගැහුනු කාල වර්ණ කොන්ඩය විටින් විට ඇයට බාදා කරත් ඇය ඒවා ආදරයෙන් පිටුපසට කරන්නෙ වැරැද්දක් කරහම ලමයිට අවවාද කරන අම්ම කෙනෙක් වගේ.

නිල් පාට බ්ලව්ස් එක.,නිල් පාට නිය ආලේපන,නිල් පාට ඔරලෝසුව.,නිල් පාට සෙරෙප්පු.,නිල් පාට බෑග් එක.හරිම පිළිවෙලයි.හරිම චාම්.

ජනෙල්ලෙන් හමාගෙන එන සුල්ං රැලි කැරලි ගැහුනු කොන්ඩෙ අරගෙන යන්ඩ හදන්නෙ හරි ආදරෙන්.කොන්ඩෙ ඔක්කොම එකට එකතු කරල ගහල තියන නිල්පාට කොන්ඩ කට්ට සුලඟ එක්ක ඔච්චම් කරනව.හරි ප්‍රිය මනාප පෙනුමක් තියන නිමේෂව මේ කැරලි කොන්ඩෙ තවත් ප්‍රිය මනාප කරනව.
 "හරි මම ලියල ගෙනත් දෙන්නන්.."

"ආ....මේ....ඔයා ඉස්සල සති දෙකේම ආවෙ නෑ කීව නේද?මේ පේපර් එක ෆොටෝ කොපි කරගන්ඩ...,මතක ඇතුව ඕක ලබන සතියෙ ගේන්ඩ ඈ.."

පොත්ටික බෑග් එකට දාගත්ත නිමේෂ නැගිටල බෙල් එක ගැහුව...

"මම යනව ඈ...බායි!..."

"හරි...."

බස් එකෙන් බැහැපු ගමන් නිමේෂ දුවගෙන ගියෙ ෆාමසිය ඇතුලට.
...................................................................................................
 "කෝ පුතා පොත්.."

"ළමයෙක් ඉල්ල ගත්ත නෝට් එක ලියා ගන්ඩ.."

"ඔයාගෙ පොත......"

"ඔව්..."

"හ්ම්........""හ්ම්........"

වෙනදා පොත අතේ අරන් නිවසට ගොඩවෙන කල්ප අත්දෙක වන වන එන හැටි දැකපු අම්ම පොත් ගැන ඇහුව.

වෙනදාට වඩා කලියෙන් ඇදට ගියෙන් නින්ද ඔහුගේ අසලකටවත් නොපැමිනේ.උඩු බැලිව වැතිරුනු කල්ප කල්පනා කරන්නට විය.

"නිමේෂ මොකද මට පංතියෙන් යන්ඩ නොදුන්නෙ..."
"පංතිය ඉවර වෙලා මම එනකන් හිටියෙ මොකද"
"මගෙන්න නෝට් එක ඉල්ලුවෙ මොකද"
"මට ටිකට් ගන්ඩත් කීව"
 නිමක් නැති සිතුවිලි වලාවක් ඇතුලෙම කල්පට නින්ද ගිහිල්ල තිබුන.
..........................................................................................................
 "පාඩන් කරන්නැද්ද...ඊයෙත් පංති ගිහින් ආපු ගමන්ම නිදාගත්ත...දැන්වත් ඇහැරෙන්ඩ ලමයො..."
                              

"උදේම ඇහැරල වැඩ කරන එක හොඳයි...නැගිටින්ඩ ඉතින්...!!.....මම තේ ඒකක් හදන්ඩද?

සීතල වතුරෙන් මූන හෝදගෙන තේ එකත් බීල වාඩි උනේ පාඩම් කරන්ඩ.

මේසෙ ඉස්සරහ ජනෙල්ලෙ ඇරියහම වෙල් යාය මැදින් ඈත පේනව....වෙල්යායෙ කොනෙන්ම තිබෙන පාරෙ පාන්දරට වාහන ඇදිල යද්දි හරි ලස්සනයි.ත්‍රී වීල්,බයික්,කාර්,වෑන් අඳුර ගන්නෙ ඒවගෙ ලයිට් වල උස අනුව්.ඝන අන්ධකාරය මැදින් ලයිට් එලි ඇඳිල යද්දි අපූරු සිතුවමක් වගේ.
                              
      පිණි බිංදුත් එක්ක හුරතල් වෙලා එන සීතල සුළඟ සීතලයි වගේම හරි තෙත්.අළුයම හිංද තාම හිරු නැඟිල නෑ.ඒ අවසරයෙන් හඳ එළිය එක්ක පිණි බිංඳු තාමත් සෙල්ලං කරනව.
..................................................................................................
 සතියක් ගෙවිල ගියේ හරිම හෙමිහිට.වෙනදටත් කලියෙන් ලෑස්ති උනු කල්ප පංතිය ලඟට ගියා.ඒත් ඇත්තටම මොකටද පංති ආවෙ කියල කල්පට තේරුමක් නෑ.ටික වෙලාවකින් නිමේෂත් පංතියට ආව.කල්ප එක්ක පොඩි හිනාවකින් කතා කරපු ඇය පංතියට ගිහින් ඉඳ ගත්ත.පංතිය ඉවර වෙනකන් ඇගිලි ගනිමින් හිටපු කල්පට පංතිය තිබුනු පැය තුන ඉතා වෙහෙස කර උණා...

"අද කලින් ඇරිය නේද?"

"හ්ම්..."

"අනේ සොරි!....මම එද්දි පරක්කු උනා....ඔයා මොකේද නෝට් එක ලියා ගත්තෙ...."

"ආ.....හරි හරි....මම කොලේක ලියා ගත්ත....මම පස්සෙ පොතේ ලියා ගන්නන්..."

"ආ..ඔක්කොම ලීව ඇ..."
.......................................................................................................
 ..........."අයියෝ වහිනව......"...."ඔයා ලඟ කුඩයක් නැද්ද....."..."මොකක්ද අනේ කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ එපෑ....."......
                              

......."අර....අර..අතෙන්ට යන්..."

"මම එන්නන් ඔයා යන්ඩ ඔයා ලඟ කුඩයක් තියනවනෙ...."

"..මේ අර පේපර් එකල් ලීවද"...

"ඔව්....."...ඇයි.... කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ ඕනෙ..?."

"ආපෝ...ඒක දන්නැද්ද?...."

"දන්නවනන් අහනවද?...."

"ඇයි වැස්සෙ කෙල්ලෙක්වත් සෙට් උනොත් කුඩේ දාගෙන යන්ඩ...."

"ආ....එහෙනන් මෙයා කුඩ ගේන්නෙ වැස්සෙ යන කොල්ලො දාගෙන යන්ඩ...."

"ඔව්....පව්නෙ...වැස්සට තෙමිල ලෙඩ උනොත්....."

"අනේ මෙයාගෙ අනුකම්පාව......"
...............................................................................................
 "අයියෝ...මේ වැස්ස ඉවර වෙන්නෙත් නෑ..."

"ඇයි මොකද හදිස්සිය....."

"හවස පංති අනේ..."

"එහෙනන් ඔයා යන්ඩ...."

"මේ වැස්සෙ ගියොත් තෙමෙන්ඩ වෙන්නෙ..."
"ඇයි ඔය කුඩයක් තියෙන්නෙ...."

"කුඩේ එක අතකින් ඉහල ගත්තහම පොත් බෑග් එක තෙමෙනව.....බෑග් එක ඉස්සරහට කරල අල්ල ගන්ඩත් ඕනෙනෙ..."

"එහෙනන් වැස්ස ඉවර වෙනකන් ඉන්ඩ වෙනව..."

"පරක්කු වෙනව අනේ...."

"මේ ඔයාට බැරිද කුඩේ ඉහලගෙන එන්ඩ..."

"එතකොට අපි දෙන්නටම තෙමෙන්ඩ වෙනවනෙ....."

"කමක් නෑ...පොත් ටික තෙමෙන් නැතුව තියෙයිනෙ...."

"එතකොට මගෙ පොත් ටික...."

"කෝ දෙන්ඩ මම බෑග් එකට දා ගන්නන්..."

"මාකට් එක පැත්තෙන් යන්ද....?රවුමෙන් ගියොත් තව තෙමෙනව..."

"අද වහලද දන්නෑ...ඉරිදනෙ...."

"නෑ...පොඩි ගේට්ටුව ඇරල තියෙන්නෙ..."
.............................................................................................................

"අයියෝ වැස්සත් වැඩි කරා....තෙමෙනව අනේ!..."

ඔවුන් මාර්ගය දෙසට හැරෙත්ම වැස්ස තවත් වැඩිකලේය.තනිව යාහැකි කුඩයක් වූ එය දෙදෙනෙකුට යාමට ප්‍රමානවත් නොවීය.

"එහෙනන් මෙතන නැවතිලා යමු..."

"බෑ......පරක්කු වෙනව..."

ගමන නැවැත්වීමට නිමේශාගේ කැමැත්තක් නොවීය...කතාවක් බහක් නොමැතිව දෙදෙනා ඉදිරියට පිය මැන්නේය.

කල්පගේ දකුණු අත නිමේෂාගේ උරසට උඩින් යැව්නි.නිමේශා කල්ප දෙසට තුරුලු විය.අනෝරා වර්ෂාව නොනවත්වා ඇද හැලෙයි.නිමේෂාගේ තුරුලේ කල්පටත් කල්පගේ තුරුලේ නිමේෂාටත් උණුසුමක් දැනුනි.

නිමේෂාගේ කිචි කිචියට නැවතීමේ තිත තබලාය.කල්පද ගොලුවත රකී.කුඩය හා වැහි බිඳු ගැගෙන හඬත් දෙදෙනාගේම කකුල් වලින් පොළොව තෙරපෙම හඬත් ඇරුනු විට වෙනත් ශබ්දයක් නොනැගේ.


 මතු සබැදේ....