Thursday, October 13, 2016

මෝටර් බයිසිකලෙන් ශමීර කියන්නේ මොකක්ද?


සූර් වෙච්ච එවුන්, රික්වෙස්ට් එක ප්ලේ කරන්ඩ බැරි සංගීත කාරයෝ,මිනී මැරුමක්,සල්ලි නොදී පැනල යන හයර් එකක්.අසංතුලිත ක්‍රියාවලියක් සංතුලනය පවතින්නෙ ඒවා ක්‍රියා කරවීම මත නෙවෙයි.ඒවා ක්‍රියාත්මක වීම මතයි.

දුවල දුවල හැති වැටුනහම වතුර උගුරක් බොන්ඩත් ටික වෙලාවක් ඉන්ඩ ඕනෙ.වාණිජමය පමණක් ඉලක්ක කරගත්තු චිත්‍රපට බලල බලල නැවත කියවීමකට එන්ඩ ටික දවසක් ඉන්ඩ වෙනව.ඒ හිඳීම බොහෝ අවස්තාවන් උත්පාදනය කරනව.මෝටර් බයිසිකලුත් එහෙම උත්පාදනය වූවක් ද?

මුඩුක්කුවක කොල්ලෙක්ගෙ ආදර කතාවක් මෙච්චර කොල්ලො බලන්නෙ මොකද?මොකක් පිරිමහ ගන්ඩද?මොකක් ලබා ගන්ඩද?ඇත්තටම මුඩුක්කුවක ජීවත්වෙන එදාවේල හොයා ගන්න සංගීත කාරයෙක්ගෙන් ඉගෙන ගන්ඩ ලබාගන්ඩ විඳින්ඩ දෙයක් වර්ථමාන තාරුණ්‍යය තියනවද?.,බලන හැම එකාටම මේක තමන්ගෙ කතාවක් වෙනව ඒ කතාවෙ උවමනාවෙන් හරි බැරිවීමකින් හරි මඟ හැරුනු දේ හෝල් එකට ඇවිල්ල හොයනව.මේ කථාව ඒ තාරුණයේ කථාව ද?.ඉතින් ඇයි මේ තාරුණය තමන්ගේ කථාව මෙය ලෙස ප්‍රකාශ කරන්නේ.එසේ නම් මෙය හතර පැත්තකින් වට කරපු සමාජයේ තාරුණයට අහිමි කරවූවේ හරස්කඩක්ද?

එහෙත් සහතිකවම කිව හැකි කාරනාව නම් මේ කතාව ගතානු ගතික වැඩිහිටියන්ගේ චොයිස් එක නොවන බවයි.කපල් ලව් කරනව දැක්කහම නහුතෙට තදවෙන මහා සංස්කෘතික ජීවීන්ගේ කතාව නොවන බවයි,ශමීර සිය කතාව පුරාවටම පහර එල්ල කරන්නේ ඉහත සඳහන් පුද්ගලයන්ටය.

ආදරයේ ප්‍රකාශන මාධ්‍යන් බහුල නැත.විරලය.හැබෑටම විරලය,නැති නම් ප්‍රකාශන මාධ්‍ය ආදරය පමණක්මය.ආදරයේ ප්‍රකාශන මාධ්‍ය "වන් ඇන්ඩ් ඔන්ලි" ය.චුම්බනය,සංසර්ඝය,කෝපය,ඝට්ටනය ආදරයේ ප්‍රකාශන නොවෙත්.ඒවා ආමර්ථයේ ප්‍රකාශනයන් ය.චුම්බනය හා සංසර්ඝය තමා පිනවීමටය.කෝපය හා ඝට්ටනය තමා සමඟ රඳවා තබා ගැනීමටය.ඉතින් ආදරයෙන් තොර ආදරයක් ඇත්තේම නැත.අප සමාජයේ ආදර පරිත්‍යාගශීලීන් විරලය,ආමාර්තකාමීන් බහුලය.ඒ හෙයින් මෝටර් බයිසිකලයේද ආදර පරිත්‍යාගශීලීන් විරලය.ආමාර්ථකාමීන් බහුලය.සමාජයේ මෙන්ම ශමීරගේ කථාවේද සැබෑවටම ආදරය කරන්නේ මව පුතාටත් පුතා මවටත් පමණි.ප්‍රේමවන්තයෝද,ප්‍රේමවන්තියෝද,යහලුවෝද ඇතුලු අනෙකුත් සෑම දෙනාම කරන්නේ ආමාර්ථ ප්‍රකාශනයන්ය.ඉතින් ශමීර මෝටර් බයිසිකලයෙන් කළේ සමාජය විලිවසාගෙන සිටින රෙද්ද ඔසවා නිරුවත පෙන්වීමය.

පෙම්වතා මුඩුක්කුවේ අයෙකු වෙද්දී පෙම්වතිය මධ්‍යම පාන්තික ජීවියෙකු වෙයි.ඉතින් මුඩුක්කුවා ජීවියාට ආදරය කරයි.ජීවියා මුඩුක්කුවාට පෙරලා ආදරය කරයි.අර මුලින් කියපු කතාව උන්ට නොවන සෙට් එකට අනුව ඔහු විසින් ඇය රවටාගෙන සිටී.ඒ සමජාතීය ආමාර්ථය මත සිටගෙනය,කරපින්නාගෙනය.ඇය ගෙදරට බොරු කියා ඔහු හමුවීමට පැමිනෙයි.මවට හොරෙන් ඔහුට දුරකථන ඇමතුම් දෙයි.ඉතින් මේවා දකිද්දී ගතානු-ගතික වැඩිහිටියන්ට ඩෝප් ය.හිරිඔතප් බිඳීම කතාවය.කපල් එක ෆිල්ම් එකක් බැලීමට යයි,පාර්ක් එකට යයි.බත් කවයි.රූම් යයි.මේවා දකිද්දී මහා සංකෘතික ජීවීන්ට ඩෝප්ය.රූම් එකට ගිහින් බොත්තමින් බොත්තම ගලවා තන් දෙකවත් මිරිකපු නැති එකට අර පෙර කී බහුතර පිරිමියාටත් සුලුතර ගැහැණියටත් ඩෝප් ය.එ වුන් ආදරයේ ප්‍රකාශන මාධ්‍යක් ලෙස සංසර්ඝය තෝරා ගන්නා බැවිනි.ඔහෙත් ඔවුන් දන්නා නොපිළිගන්නා කථාවක් වෙයි.මේ තමාගේ හා අනෙකාගේ ක්‍රියාවලිය බවයි.ඔහු බොත්තම ගලවා නැවත බොත්තම දමන්නේ ඇයි ? ඒය නම් ආමාර්ථකාමී ප්‍රකාශන තුල ආදරේ පුංචි ශිලක් තිබෙන බැවිනි.මේ සියල්ලන්ටම මෝට බයිසිකල් කතාවක් කියයි "යකෝ තොපි ලව් කරන්ඩ දෙන්නැති හින්දනෙ රූම් යන්නෙ."පාර් එකේ කතාකරන්ඩ නොලැබෙන තැන,ප්‍රේම කරන්ඩ නොලැබෙන තැන,චුම්බනයකට බාධා පැමිනෙන තැන ඔවුහු කතා කරන්ඩ යන්නේ රූම් එකටය..එහෙත් එහි කතා කරන්ඩ අවස්තාවක් ඇත්තේ නැත.අවස්තාව ඇත්තේ වැතිරෙන්නටය.

ඉතින් අපි ආමාර්තකාමී ආදරයකට වැතිරෙමු.

බහුජන ආමාර්ථය තුලින් කථාව අරබන හා කතාව අවසාන කරන මෝට බයිසිකල් අපූරු සමාජ පැතිකඩකි

Friday, August 19, 2016

මිනිසා හා ආගාධය

9ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

මිනිසා සිටින්නේ ආගාධ තුලය.ඒ ආගාධ බහුවිධ ආකාර ගනී.ඒ ආකාරයන් තීරනය වන්නේ පුද්ගලයාගේ සාමාජීය බලපෑම මතය.එසේ නම් සාමාජීය බලපෑමක් එල්ල නොවන පුද්ගලයින් සිටිය යුතුය.ඔව්,ඔවුන් වීදුරු සේය,වීදුරු හරහා එලිය නොරැඳී ගමන් කරනවා සේ ඒ පුද්ගලයන් තුල සමාජීය බලපෑම් නොරැඳී ගමන් කරයි.
එවිට ඔවුන් තුල කිසිවක් නැද්දැයි ප්‍රශ්නයක් පැන නැගේ.ඒ අපිට පෙනෙන හැටිය,හිතන හැටිය.ඒත් බලන්ඩ වීදුරුව ස්ථරයෙන් ස්ථරය ගැලවුවහොත් අවසාන ස්ථරය දක්වා වීදුරු එකිනෙක ඇලී පවතී.එහෙනන් ඇයි අපේ ඇස් වලට ඒ පිරීම නොපෙනෙන්නේ,.අපේ දැකීම ඕනෑවට වඩා ගැම්ඹුරුය.එහෙත් ඒ ගැඹුර භෞතිකය.ඕනෙවට වඩා දේවල් දකින ඇස් අපිට හිමිය.එසේ නම් අප ඕනෑවට වඩා දෙවල් දකින්නේ ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තුවන නිසාය.

මිනිසෙකුගේ දැකීම නිපදවන්නේ ඔහුගේ ආගම හෝ දර්ශනය හෝ සාමාජීය බලපෑම හෝ සංස්කෘතිය හෝ සදාචාරාය වේ.ඒ කියන්නා වූ විවිධ සංවිධාන හා මිනිසෙකු ඒ ඒ රාමු තුල ඇඳ-බැඳ තබා ගනී.එය ඔවුන්ගේ අදහස් ,සිතුම් පැතුම් වැනි අව්‍යාජ ක්‍රියාවලීන් බැහැරකර විශ්වාසය හා ගෞරවය යන ව්‍යාජ ක්‍රියාවලීන්ට බඳුන්කරනු ලබයි.

කාන්තාරය ගැන නොදන්නා මිනිසෙකු කාන්තාරය කෙලවර කකුළට දම් වැලක් දමා බැඳ ඔහුට පවසන්න "මෙය කාන්තාරයක් , මෙහි කෑම බීමට යමක් නෑ මිනිසෙකුට කිසිසේත්ම මෙහි ජීවත් විය නොහැකියි" කියා.ඔහු ඔබව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත.ඔහු යදමින් ගලවා කන්න්තාරය පුරා ඇවිද එය සියැසින් දකිනතුරු එය විශ්වාස නොකරනු ඇත. එහෙත් ඔබ ඔහුට ආහාර ජලය ලබා දී ඔබ පෙර පරිදිම පවසන්න ඔහු ඔබව හිස් මුදුනින් පිළිගනු ඇත.ඒ ඔහුට සිය කුතුහලයට වඩා ආශාව ඉහල බැවිනි.ඔබට ගෞරව කරනු ඇත.ඔබට වඳිනු ඇත.ඔහුට තමා බැඳ දමා ඇති බවක් මතකයට නො එනු ඇත.මිනිසෙකුට අවශ්‍යතාවයන් ලැබෙන විට ඔහු සියලු කුතුහලයන් යටපත් කරගනු ඇත.ඒ මිනිසාගේ ස්භාවය වේ. සියලුම ආගම් විසින් සිදුකරන්නේ මෙයය.ඔබ අමතක නොකළ යුතු තවත් කරුනක් ඇත.එය නම්, කාන්තාරක ක්ෂේමභූමි පවතින බවයි.

මුලින්ම කළ යුත්තේ මේ ආගම් ඉවත්කර දැමීමයි.එසේ කළා කියා මිනිසා අයාලේ යන්නේ නැත.මේ ලෝකයේ තිබිය හැක්ක්කේ එක් සත්‍යක් පමණි.එහෙත් අසත්‍යන් බොහෝ ගනනක් තිබිය හැකිය.මිනිසා මුදාහැරීම,විඳීම,ලබාගැනීම තුල ඔහුට සැබෑ සත්‍ය අවබෝධ වේ.මක්නිසාද යත් සියල්ල අසන දකින විඳින මිනිසා සියල්ල තුල පරතෙරටම යාමේ හැකියාව ලැබෙන බැවිනි.සෑම ආගමකම අවසානයක් ඇත.එය විමසා බලා හදෑරීම නිදහස් මිනිසාට කළ හැක්කකි.

සංස්කෘතිය,සදාචාරය හා හැදියාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය යුතුය.ඔබේ සංස්කෘතිය මගේ සංස්කෘතිය නොවිය යුතුය.ඔබේ හැදියාව මගේ හැදියාව නොවිය යුතුය.ඒ හෙයින් ඔබේ ආකල්ප මා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.හුදෙක් ඔබ මා නොවිය යුතුය මා ඔබ නොවිය යුතුය.ඔබේ සිතුම් පැතුම් ඔබේ දරුවා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.ඔබේ සදාචාරය සංස්කෘතිය හා හැදියාව ඔබ තුල පමණ තබාගත යුතුය හා ඔබ තුලින් පමනක් ක්‍රියාත්මක වනු බලාපොරොත්තු විය යුතුය.

මගේ සදාචාරය හෙලුවෙන් යෑම නම්,ඔබේ සදාචාරය ඇඳුම් ඇඳගෙන යෑම නම්.මට හෙලුවෙන් යෑමට ඔබ ඉඩ දිය යුතුය,ඔබට ඇඳුම් ඇඳන් යෑමට මම ඉඩ දිය යුතුය.මම ඔබට හෙලුවෙන් යන ලෙස බලපෑම් නොකල යුතුය,ඔබ මට ඇඳුම් ඇඳගෙන යන ලෙස බලපෑම් නොකල යුතුය.එසේ නම් මිනිසා ජීවත්විය යුත්තේ තමා තුල මිසක් අනෙකා තුල නොවේ.

ඔබ අනෙකා තුල ජීවත් වීමට යාමෙන් ඔබ ආගාධයට වැටේ,ඔබ ඔහුගේ අච්චුවක් බවට පත්වේ.මෙහිදී අනෙකා යනු ආගම,දර්ශනය,සංස්කෘතිය හා හැදියාව ලෙස සලකන්නේ නම් මැනවි.


මේ ආගාධ තුලින් පිටතට පැමිණ ජීවිතය විඳීම සැබැවින්ම ආශ්වාදජනක වියහැකිය.

Monday, August 15, 2016

ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?



ලිංගිකත්වය ලොව සෑම  මිනිසෙකුටම වැදගත් වන්නා වූ දෙයකි.ඔවුනොවුන් දෙපිරිසක්, තුන් පිරිසක් ලෙස බෙදා වෙන්කරන්නේ මේ සාධකය මතය.මෙසේ බෙදා වෙන්වන ලිංගිකයෝ නැතහොත් මිනිසුන් විරුද්ධ හෝ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වෙති.සිය අවශ්‍යතා සපුරා ගනිති.ඒවා අකිනෙකාගෙන් එකිනෙකාට බොහෝකොට වෙනස් මුහුණුවරක් ගනී.මිනිසා තෘප්තිමත් නොවන අවශ්‍යතා අතුරින් ලිංගික අවශ්‍යතාවය යනු බොහෝ විට මුල්තැනක් ගන්නා බව මාගේ විශ්වාසයයි.සිය ලිංගික අවශ්‍යතාවය සපුරා ගැණීමට මිනිසා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගනී.


ලිංගික අවශ්‍යතාවය මිනිසා තුල බුරබුරා නැගෙත්ම ඔහුගේ තෘප්තියේ සීමාවක් නොවීය.ගැහැණියද පිරිමියාද වෙනසක් නොවීය.ඔවුන් සෑම විටම සොයන්නේ නවමු අත්දැකීමය.මිනිසා යනු එක් රාමුවක් තුල විසීමට අකමැති සත්වයෙකි.ඒ හෙයින් ඔවුනොවුන් නවමු අත්දැකීම් කරා යොමුවෙති.මෙසේ අවශ්‍යතාවය උග්‍රවත්ම මිනිසා ඒ සඳහා විවිද පිළියම් ක්‍රියාත්මක කළේය.


මිනිසා ඈත අතීතයේ සිටම විවිධ ඇදහිලි හා විශ්වාස මත ජීවත් විය.ඒවා තුල බොහෝකොට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත අවශ්‍යතාවයන් සාකච්චා කෙරිනි.මේ කියන්නා වූ බහුවිධ අවශ්‍යතාවයන් හා තෘප්තිමත් රමණයක් සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ඉටුකළහ.ඉස්ලාම් ආගමේ බහුභාර්යයා සේවනය,බුද්ධාගම හා හිංදු වැනි ආගම්වල ශික්ෂාපද , නීතිරීතීන්  පැනවීම දක්නට ලැබිණි.එහෙත් ඒවායේ විශාල දුර්වලතා හා සුලු  ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත.

මේ ලිංගික ක්‍රියාවලිය සිදුවන්නේ අනෝන්‍ය ආකර්ශනය තුලිනි.ඒහෙයින් මෙයට එකිනෙකාගේ ආකර්ශනයක් තිබිය යුතුමය.එසේම ශාරීරික ආබාධ වැනි විවිද අපහසුතා හේතුවෙන් ඇතැම් අයවලුන්ට මේ ආකර්ශනය ලබා ගැනීමට නොහැකි වෙයි.මෙසේ වන්නන්ගේ අවශ්‍යතාවන් ඉටුකරලීමට ගණිකාවන් නොහොත් මුදලට සිරුර අලෙවිකරන්නන් පෙලගැසී සිටී.එහෙත් අප සමාජය තුල මේ ගණිකාවන්ට සිය අනන්‍යතාව විදහා දැක්වීමට නොහැකිය.සාරදර්ම,සංස්කෘතිය,ආගම් හා හැදියාවන් යන නිශ්ඵල ධර්මතා වලින් මේ අලෙවිකරු වසා සිටී .මෙය මූලිකම හේතුව ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සිදුවීම් වසා සිටීමය,බැහැර කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් එය තහනම් ක්‍රියාවක් හා වචනයක් කොට සැලකීමය.මහා පාපකාරී,අශුද්ධ ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමය.සමාජයට අනුව මෙය සාපයකි නැතහොත් පාපයකි.

මිනිසුන් මුදල් වෙනුවෙන් බොහෝ දේවල් ඉටුකරති.මිනීමරති,තමාව විකුණති.තමාව විකුණන ආකාර අනුව ශ්‍රමය,බුද්ධිය ප්‍රධාන තැනක් ගනී.එහෙත් ඒ තුල තමාව ප්‍රතික්ශේප නොකරති.ගණිකාව තමාතුල ඇති දේ ප්‍රකාශ කරති,චලනයෙන් කියවති.ගණිකාව පිළිබඳව කිසිවෙකුට ගැටලුවක් නැත...ඇත්තේ කුහකකමති,ඊර්ශියාවකි,ඒ තමාට ලබාගැනීමට නොහැකිවීම පිළිබඳවය.


ලංකාවේ ගණිකාසේවය තහනම් කිරීම තුලින් සිදුවී ඇති කිසිඳු යහපතක් මා දකින්නේ නැත.ස්ත්‍රී දූශන , ලමා දූෂණ දිනෙන්දින වැඩිවනවා මිසක් අඩුවීමක් නැත.මෙසේ දිනෙන් දින පීඩනය සහිත මිනිසුන් ප්‍රමානය ඉහල යන්නේ ඔවුන්ගේ පීඩනය,අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

දැඩි පීඩනයත් , අවශ්‍යතාවයත් හමුවේ බිලිගන්නේ අහිංසක ජීවිතය.බොහෝ විට මෙයට යොදා ගන්නේ යමක් කමක් නොතෝරෙන මල්කැකුළුවන් කුඩා දරුවන්ය.පීඩිතයාගේ හිංසන , මිනීමැරුම් , වලට ගැලපෙන ලෙස ලිංගික ශ්‍රම බකායක් ඇතිවිය යුතුය.ගණිකා වෘර්තිය යනු සේවාවකි ,අවශ්‍යතාවයකි...



ඉතින් ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

Tuesday, August 9, 2016

අම්මටසිරි නන්දසිරි !

ප්‍රහංසන නළු විජය නන්දසිරි මියගොසින්ය.ඔහු පතමින් සිටි තැනකට යන්නට ලැබේවා!


නන්දසිරියන්ගේ සම්භාව්‍ය ගනයේ රඟපෑම් දැක ඇත්තේ ඉතාම අඩු වශයෙනි.මා මනමේ නාට්‍ය හෝ නරඹා නොමැත.එහෙත් මා සොයාගත් කරුණු කාරනාවලට අනුව විජය නන්දසිරි කළාවට පිවිස ඇත්තේ ප්‍රහංසන නළුවෙකු ලෙස නොවේ.ඔහු පසුකාලීනව ප්‍රහංසන කෙරෙහි යොමු විය.


මේ වනවිට නන්දසිරි මහතා පිළිබඳව ඕනෑතරම් ආටිකල් ලියැවී ඇත.ඒ නිසා ඔහු ගැන ලිවීම නිඵලය.එහෙත් ඔහුවිසින් පෝෂනය කරන ලද ප්‍රේක්ෂකාගාරය පිළිබඳව විමසා බැලීම වැදගත්ය.


අපි නන්දසිරිව පොඩ්ඩක් පැත්තකට කරල ජෝ අබේවික්‍රමව අරගෙන බලමු.ජෝ තිරයට එන්නේ විකට නළුවෙකු ලෙසය,ඔහු පසුකාලීනව සම්භව්‍ය රංගන කටයුතු වල නිරත විය.


හරි මම දැං පොඩි ප්‍රශ්නයක් අහනව.මියයන විට වැඩිම ප්‍රසිද්දියක් ලබාසිටි හා ලබාගත් නළුවා කව්ද?පිළිතුර විජය නන්දසිරියි.,


එසේනම් අපට පැහැදිලි නිගමනයකට එලැඹිය හැකිය.ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ කොමඩිය.ඉල්ලුම සැපයූමෙන් ප්‍රසිද්දියට පත්විය හැකිය.!


සම්භාව්‍ය කෘති වලට ආරාධනා ලැබූ නළුවාට පසුව ප්‍රහංසන වල ආරාධනා ආවේ ඇයිද?ඔහුට එසේ ආරාධනා අවේ ගැලරියේ ඉල්ලීමටය.එසේ නම් ප්‍රේක්ෂකයාට අවශ්‍ය විහිලුය.ඒ විහිලුව ක්ෂණික සංතෘෂ්ඨියයි.මිනිසා කාර්යය බහුලය එහෙයින් ඔහු සොයන්නේ ඉක්මන් රසවිඳනයක්ය.එයට හොඳම උදාහරනය ඇගේ ඇසග ට වැඩිය , සින්ඩරෙල්ලා හිට්වීමය.ඇගේ ඇස දිහා බලාගෙන කියවන්නට ඔවුන්ට වේලාවක් නැත.එහෙත් සින්ඩරෙල්ලාගේ පුලුල් උකුලත් පිරිපුන් ළැමත් දැක ක්ෂණික සංතෘෂ්ඨියක් ලබා රසවින්දනය ලොප්කර නැවත තරඟයට පිවිසීමට ඔවුන්ට උවමනාය.


නන්දසිරි තැනට ඇණේ ගැසුවේය!




මට මතක විදිහට ඔහු මුලින්ම ප්‍රහංසන වලට එකතු වන්නේ සිරස නාලිකාව තුලිනි.ඉන්පසු ඔහු දිගින් දිගිටම ප්‍රහංසන වලට එකතු විය.නන්දසිරිගේ සම්භාව්‍ය දිරෙව්වේ නැති පිරිස පවා ඔහුට උඩ පණිමින් අත්පුඩි ගැසුවේය.ඔහු ප්‍රහංසන තුල පට්ට ඩෑල් එක විය.ප්‍රහංසන තුල ඔහු පජාත නොවුනේ එක් හේතුවක් නිසාවෙනි.,එය නම් ඔහුගේ භාව්‍යම රංගන හැකියාවය.


ලංකාවේ එකදිගට ආ ප්‍රහංසන රැල්ල හේතුවෙන් අර ක්ෂණික තෘප්තිය සෙවූවෝ සිනමාහල් තුලට ඇදෙන්නට විය.එහෙත් කල්යත්ම එකාකාරී විහිලුවත් බංදුලාගේ , ටෙනීලාගේ ගොන් ජෝක් සෙට් එකත් නිසා නැවත ගැලරිය හිස්වන්නට විය.එහෙත් නන්දසිරිගේ ගැලරිය හිස්වූ ගතියක් දක්නට ලැබුනේ නැත.ඒ හෙයින් ක්ෂනිකයෝද සම්භාව්‍ය ඉල්ලූ පේක්ෂකයෝද කරට අතදමාගෙන චිත්‍රපට නැරඹීය.ඒ දැනෙන්නට විහිලු කළනිසාය.


හුළං හමන අතට පාවී යාමට නන්දසිරි කටයුතු කළේය.ඔහු ගැලරිය දිනුවේය.මනමේට වඩා සුහද කොකා හිණිපෙත්තට පැමිණියේය.ප්‍රේක්ෂකයාට උව්මනාව දී ඔවුන් තමා වටා බැඳගත්තේය.වාණිජ ලෝකයේ ඉල්ලුමට සැපයුම සැලසුවේය...


අම්මටසිරි නන්දසිරි ,ඔයා මාරයි...!


ඒත් නන්දසිරිගෙන් මීට වඩා වැඩක් ගන්නට තිබුනි.