Tuesday, October 27, 2015

තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි

මෙය අප සමාජයේ කතාව නොවේ ද?....
එකෙකු මුලාකර තවෙකුගේ නැගිටීම,"සුමනසිරි පන්නිලහෙට්ටි" කවියා එය මනාව ගෙන හැර පායි...
එහෙත් දෙවනි කොටස බලන්න,නිරහංකාර ආයාචනයකි,අහිංසක ඉල්ලීමකි.එහෙත් නූතනයන් වන ඔබ මා උත්සහ වන්ත වෙනුයේ වෙනෙකෙකුගේ එල්ලී ඔහුව රවටා ඔහුගෙන් කඩා වඩා ගෙන පලා යමය..
එමෙන්ම පිරිමින් රවටා එල්ලෙන ගැහැනුද ගැහැනුන් රවටා එල්ලෙන පිරිමිද තුත්තිරි මල් ලෙස  අප අතර සිටී
තුත්තිරි මල් සැබැවින්ම අගනේය...!!!

නෙලන කිසිවෙකු
නැති නිසා
මුලාකර
එල්ලෙමි ඇගේ
අනාත වූ මා
මගට ඇදදා
නොයන්
පින්වත් කුමරුනේ

          තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි

No comments:

Post a Comment