Wednesday, November 11, 2015

ඈ..

නගන කිංකිනි සිනහ නුබ මට
රගන රංගන ලැමකි තාලෙට
නැවුම් නාදල් තොල් පෙත්ත මත
වැතිර ගන්නට මටද අවසර

නීල පැහැ දිගු වරලසේ
සුලගෙ එතෙමින් පැද්දෙතේ
බමන මත්වන සුලං දාරා
මගේ සියොලගෙ දැවටෙතේ

සිහිං හැඩ ඇති උකුල දැකුමින්
තාලයට පා තබන රැගුමින්
නිසල දිය ඇති ගැබුරු විල්තෙර
නගයි දිය රැලි කුසුම් පිපෙමින්

ශේවේත පැහැගත් හංස යුවලක්
නා දල්ල මත වැතිරෙතේ
සිනහ තලමින් මුකුලු රාවෙන්
නිසල දිය මත කිමිදෙතේ

No comments:

Post a Comment