Wednesday, June 29, 2016

බල්ලන් නැවතත් උඩු බුරමින් සිටී..!


කටකලියා දමා තිබූ බලාගේ කටකලියා ගැලවී ඇත..දැන් ඌ උඩු බුරමින් සිටී.මූ නිකම්ම නිකන් බල්ලෙකු නොවේ.පිස්සු බල්ලෙකි.පිස්සු බල්ලන් බයානකය.පොඩ්ඩ ඇත්නම් වටේ සිටින උන්ගේද හපා කා උන්ද මිය පරලොව යැවීමට මොවුන් පසුබට නොවේ.මේ පිස්සු බල්ලගේ හඬ සැරය,රෞද්‍රය,වටේ සිටින නිකම්ම නිකන් බල්ලන්ද පිස්සු වට්ටන සුලුය.විශේෂත්වය නම් ඌ වටා විශාල බල්ලන් පිරිසක් සිටීමයි.පිස්සු බල්ලා කියන ඕනෑම දේකට එහෙයි කියමින් උන්ටික නැට්ට හොල්ල හොල්ලා ඒවා අනුමත කරති.එවිට ඌ මහ හඬින් උඩු බුරති.මූ පිස්සු බල්ලෙකි වඩාත් ප්‍රවේශම් විය යුතුය.කෙළ බිඳුවකින් පවා විෂ පැතිරේ.
ඥානසාර නම්, මේ පිස්සු බල්ලා සිටින්නේ කහ සිවුරක් පොරොවාගෙනය.කසාවත්ට වහන් වී ජාතිවාදය,ත්‍රස්ථවාදය මේ නීචයා විසින් පතුරවමින් සිටී.නීතිය වල් වැදී ඇත.ඒ සිවුරට බියේදැයි,වෙන මොනයම් වූ කරුනක් නිසාදැයි නොදනිමි.එහෙත් මා දන්නා එක් කරුනක් ඇත.ජාතිවාදය,ආගම්වාදය උලුප්පමින් ඡන්දය හිඟාකන මහින්දලා දැන් නැත.ගෝඨලා දැන් නැත,බැසිල්ලා දැන් නැත.එසේ නම් මේ පිස්සු බලු රෑනව ආරක්ශා කරන්නේ කව්ද?දහසක් පොරොන්දු දී බලයට පත් මේ යහපාලන රජය මේවාට උඩගෙඩි දෙනවාද?ඥානලා ආරක්ශා කිරීමට පෙනී සිටිනවාද?

මොවුන් සෑම තැනකම බොහෝකොට අසන ප්‍රශ්නයක් ඇත.
      
"මේ රටේ අයිතිකරුවන් කව්ද?"

සැබෑ පිළිතුර නම් මේ  රටේ අයිතිකරුවන් සිංහල,දමිළ,බර්ගර්,ක්‍රිස්තියානි පුරවැසියන් බවයි.

එහෙත් මොවුන් කියන්නේ මේ රටේ අයිතිකරුවන් සිංහල ජාතිය කියාය.ඉතින් මදක් සිතන්න.මේ බිමේම උපන් මෙහිම හැදී වැඩුනු දමිළයා,මුස්ලිමයා,ක්‍රිස්තියානියා තුල වෛරයේ බීජය නොවැපිරී තිබේද?ඔවුන්ද මෙහිම උපන් මෙහිම හැදී වැඩුනු ශ්‍රී ලාංකිකයන් නොවේද?ත්‍රස්තවාදය වපුරමින් රටපුරා ගමන්කරන මොවුන් උත්සාහ කරන්නේ නැවත්තත් දැන හෝ නොදැන සිවිල් යුද්ධයකට අප රට ඇද දැමීමටය.ජාතීන් අතර අසමගිය ඇතිකරමින් ආගම්වාදය තුලින් ත්‍රස්තවාදයේ බීජය වැපිරීමට නොවේද මොවුන් උත්සුක වන්නේ?
මුස්ලිම් මිනිහාද,සිංහල මිනිහාද,බර්ගර් මිනිහාද,ක්‍රිස්තියානි මිනිහාද තමන්ගේ ජාතියට ආගමට ආදරය කරති.,ප්‍රේම කරති ඒ වෙනුවෙන් වැඩ කරති.මොවුන් කරමින් සිටින්නේ ඒවා අනවශ්‍ය ලෙස භාවිතා කරමින් මිනිසුන් උසිගැන්වීමේ ක්‍රියාවලියයි.අනවශ්‍ය බියක් මිනිසුන්ගේ සිත් තුල ඇති කිරීමයි.නැතිදේවල් උලුප්පා පෙන්වීමයි.මොවුන්ට සැබැවින්ම අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදය අවුස්සා ඒතුලින් බලය ලබාගැනීමටය,සිවිල් සමාජයේ බලය ලබා ගැනීමටය.මොවුන් සිවුරක් පොරොවාගෙන සිටියද කරන්නේ සාටකයක් දමාගත් අයවලුන්ගේම ක්‍රියාවලියය.දෙදෙනාම බලය සොයති.ඔබට මතක නම් හෙළ උරුමයද පැමිනියේ මොවුන්ගේ ආකාරයෙන්මය.සිංහල රාජ්‍යක් හදනවා යැයි ප්‍රකාශ කරමිනි.එහෙත් දැන් බලන්න සිංහල රාජ්‍ය කෙසේ වෙතත් අපූරුවට පවතින රජය හා වැඩ කරති.ඥානල ඒ දවස් වල හෙළ උරුමයේය.දැන් මේ කරන්නේ එදා හෙළ උරුමය කලාක් මෙන් බහුතර අන්තවාදී සිංහල බෞද්ධ ඡන්ද ලබාගෙන බලයට පත්වීමට උත්සාහ කිරීමය.



මේ පිස්සු බලු රෑන ගාල් කලයුතුව තිබුනේ මීට බොහෝ කාලයකට පෙරය.මොවුන් නැගිටින විටමය.එහෙත් ඒ කාලය නීතිය තිබුනේ වල් වැදිලාය.ඒහෙයින් කලයුතුව ඇත්තේ දැන්වත් මේ බල්ලන් රෑන කූඩුකිරීමය.මේ පිස්සු බල්ලා මුකවාඩම් දමා කූඩුකිරීම ඉක්මන් කලයුතුව ඇත.නෝසේනම් ඔවුන් කියනා පරිදිම මේ දිනාගත් සාමය අහිමිවීම වැඩි ඈතක නොවේ.

 මොවුන් මේ කර්තව්‍ය දිගින් දිගටම කරගෙන ගියහොත් මෙය අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන වලට ශ්‍රී ලංකාව බෙල්ල මුලින්ම අල්ලා ගැනීමට හොඳම අවස්තාව වනු ඇත.රටක ජීවත් වන පුරවැසියෙකුට තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් තිබිය යුතුය,තමන්ගේ සංස්කෘතිය හා හර පද්දතීන් අනුගමනයට අවස්තාවක් තිබිය යුතුය....ඕනෑම අයෙකුට ඒවා විවේචනය කල හැකිය එහෙත් ඒවා විනාශ කිරීමට හෝ ඔවුන්ට පහරදීමට,බලපෑම් කිරීමට අයිතියක් නැත.ඥානලා අයිඑස් අයිඑස් ගැන කියමින් මෙහෙ ඩෙඟා නටති ඔව් , උන් වැරදිය.එහෙමයි කියා අනෙක් මුස්ලිම් පිරිස් වැරදි වන්නේ නැත.අනෙක් කරුන නම් බල්ලෙකු සපා කෑවා කිවා ඌව සපාකෑමේ සිරිතක් නැත.එහෙත් බොදු බලසේනා ප්‍රමුක රෑනට ඇත්දැයි නොදනිමි.

දෙමළ අන්තවාදීන්ද,මුස්ලිම් අන්තවාදීන්ද මේ රට තුල සිටින බව සැබෑය.එහෙමයි කියා සිංහල අන්තවාදී සංවිධාන අවශ්‍ය නැත.බෞද්ධ අන්තවාදී කොලනියක් ලංකාවේ බිහිවිය යුතු නැත.ඒ වාගේම කිසිදු ආගමික කොලනියක් ද බිහිවිය යුතු නැත.ඒ හෙයින් අධෙමුඛයට ඇගිල්ල ගහගෙන තප්පුලන්නන් වහාම සිරගත කල යුතුය.


යහපාලනය් කරනවා කියූ මෛත්‍රී හා රනිල් බලයට පත්ව ඇත.පූජිත අලුත් පොලිස් ලොක්ක බවට පත්ව තිබේ.ඔහුට ආරම්භයේදීම මේ ලැබී ඇත්තේ හොඳ  අවස්තාවකි.අතින් ගලවන්ඩ තිබූ පැලය දැන් පොරොවෙන් කැපිය නොහැකි තරමටම විශාල වී ඇත.දැන් ඇත්තේ දන්නා දහන් ගැටයක් දමා මෙය බිම හෙලීමය.ඒසේ බිම හෙලීමේදී වටේ ඇති පුංචි පුංචි පැලද යටවිය හැකිය.ඒසේ යට උනාවේ කියා සිටිනවා හැර කල හැක්කක් නැත.





මූලාශ්‍ර-(www.colombotelegraph.com,www.bbc.com/Sinhala,www.youtube.com,www.vikalpa.org)

ඡායාරූප - www.infosrilankanews.com
                       dilanthe.wordpress.com
                      www.facebook.com/.../බොදු_බලසේනා_හඬ_උඩුනුවර

12 comments:

  1. අන්තවාදීවීම නුසුදුසුය. බෞද්ධයන්ට එය හොදින් හෝ අතපය වීසි කර සංග්‍රහ කිරීමෙන් හෝ පහදාදිය හැකියැයි මා සිතමි. නමුත් ද්‍රවිඩ හෝ මුස්ලිම් අන්තවාදීන් පිළිබදව මට ඇත්තේ අල්ප දැනුමකි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අත පය විසිකිරීමෙන් අන්තවාදීත්වය නොසුදුසු යැයි පහදා දීම තවත් අන්තගාමීත්වයකි.

      Delete
    2. එක් අන්තවාදයක් අන් අන්තවාදයන් පෝෂණය කරයි.
      අන්තවාදීන්ට ඇති ලොකුම වාසිය විරුද්ධ අන්තවාදයක් ඇතිවීමය.
      සියලු අන්තවාදයන් නැතිවීමට කැමති මධ්‍යස්ථ අය පමණි. අන්තවාදීන් කැමති විරුද්ධ අන්තවාදයක් ඇතිවී තම පැවැත්ම සාධාරණීකරණය කිරීමට හැකිවීමය

      Delete
    3. ඔව්.....ඥානලා හා අන්වර්ලාට එකිනෙකාට එකිනෙකා නැතිවම බැරි සාධක දෙකකි.....ටොයිලට් එකයි බෙට්ටයි වගේ...:)

      Delete
  2. ඉහතින් මා සදහන් කළ "බෞද්ධයන්ට" බුරන බල්ලන් අයත් නැතිබව කරුණාවෙන් සලකන්න.

    ජයවේවා!!!

    ReplyDelete
  3. "මල්ලී උඹ දන්නවද...පිටකොටුවේ මේ නොම්බර තියන කඩ නොම්බර......... මගේ...මම මෙහට ආවේ වෙන හේතුවක් හින්දා....ගියපාර බේරුවල සීන් එක ඇදුනනම් මේකේ අද වෙනඑකෙක් නෑ....මහින්ද ආවා...ෆවුසිත් ආවා....මහින්දගෙන් ඇහුවා මගේ මිනිස්සුන්න්ට මොකද වෙන්නේ කියලා.... මහින්ද කිවුවා මෙහේ කොහේද ඉන්නේ හුත්%**$$ උඹේ මිනිස්සු....මෙහේ ඉන්නේ මගේ මිනිස්සූ...ෆවුසි කැලේ මල්ලී....අද උනත් මම ගරුකරන්නේ ඒකයි මල්ලී....ඔය වචනෙට අපි මාර විදිහට ගරු කරනවා මල්ලී.....

    මේ මම දැන් බොනකොට සෙට්වුන එකක්... මම උබේ බ්ලොග් එක හොයාගන ලියන එකක්.මේ වචන ඇහුවට පස්සේ.

    මැරිඋඅන් අපි....

    ReplyDelete
    Replies
    1. ///මහින්දගෙන් ඇහුවා මගේ මිනිස්සුන්න්ට මොකද වෙන්නේ කියලා.... මහින්ද කිවුවා මෙහේ කොහේද ඉන්නේ හුත්%**$$ උඹේ මිනිස්සු....මෙහේ ඉන්නේ මගේ මිනිස්සූ...//

      මගේ මිනිස්සු නොවී අපේ මිනිස්සු උනානන් කොච්චර හොඳද?අපිව සැබෑලෙසම ජීවත් කරවන්නේ මමත්වය නෙවේ.අපි හැමෝම ජාති ආගම් අමතක කරල සහෝදරයො වගේ ඉන්ඩ පුලුවන්කම තියෙද්දි මොකද මේ ගහ මරා ගන්නෙ...ඔව් දේශ පාලකය හිතන්නෙ තමන් ගැන තමන්ගෙ මිනුස්සු ගැන....ඒ වුනාට දේශ පාලකය .අගේ මිනිස්සු කියල නොසිත අපේමිනිස්සු කියල හිතුවනම් අපේ රට අද මෙතන නෙවේ....මෙතනින් ගොඩක් ඉස්සරහ...

      සිංහලය කියනව අරක හම්බ කඩයක් ඒකට යන්ඩ එපා.......මුස්ලිමා කියනව අරක සිංහල කඩයක් ඒකට යන්ඩ එප.....මොකක්ද මේ වෛරය...ඇයි මෙහෙම වෙන්නෙ...මෙහෙම නිකම්ම වෙනව නෙවේ...මෙහෙම කරනව....කව්ද?....පාලකයො....මොකද ඔවුන්ට ඉල්ලුම වැඩිවෙන්නෙ ප්‍රශ්න තියනකොට....ගැටුම් තියනොකට....අපි මේ දේ තූරුම් ගන්ඩ තවමත් පරක්කු නෑ කියල හිතෙනව.....

      Delete
  4. එන්න ටිකක් පරක්කු උනා. අපි ඔක්කොම සමානයි කියල තේරුන් ගන්න කන් අපි පැරදී මල්ලි.

    ReplyDelete
  5. උඹේ මෙව්ව එක ෆලෝ කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගැටලුවම ආවා...පොප් අප් එකක් එනවා..

      Delete