Tuesday, August 9, 2016

අම්මටසිරි නන්දසිරි !

ප්‍රහංසන නළු විජය නන්දසිරි මියගොසින්ය.ඔහු පතමින් සිටි තැනකට යන්නට ලැබේවා!


නන්දසිරියන්ගේ සම්භාව්‍ය ගනයේ රඟපෑම් දැක ඇත්තේ ඉතාම අඩු වශයෙනි.මා මනමේ නාට්‍ය හෝ නරඹා නොමැත.එහෙත් මා සොයාගත් කරුණු කාරනාවලට අනුව විජය නන්දසිරි කළාවට පිවිස ඇත්තේ ප්‍රහංසන නළුවෙකු ලෙස නොවේ.ඔහු පසුකාලීනව ප්‍රහංසන කෙරෙහි යොමු විය.


මේ වනවිට නන්දසිරි මහතා පිළිබඳව ඕනෑතරම් ආටිකල් ලියැවී ඇත.ඒ නිසා ඔහු ගැන ලිවීම නිඵලය.එහෙත් ඔහුවිසින් පෝෂනය කරන ලද ප්‍රේක්ෂකාගාරය පිළිබඳව විමසා බැලීම වැදගත්ය.


අපි නන්දසිරිව පොඩ්ඩක් පැත්තකට කරල ජෝ අබේවික්‍රමව අරගෙන බලමු.ජෝ තිරයට එන්නේ විකට නළුවෙකු ලෙසය,ඔහු පසුකාලීනව සම්භව්‍ය රංගන කටයුතු වල නිරත විය.


හරි මම දැං පොඩි ප්‍රශ්නයක් අහනව.මියයන විට වැඩිම ප්‍රසිද්දියක් ලබාසිටි හා ලබාගත් නළුවා කව්ද?පිළිතුර විජය නන්දසිරියි.,


එසේනම් අපට පැහැදිලි නිගමනයකට එලැඹිය හැකිය.ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ කොමඩිය.ඉල්ලුම සැපයූමෙන් ප්‍රසිද්දියට පත්විය හැකිය.!


සම්භාව්‍ය කෘති වලට ආරාධනා ලැබූ නළුවාට පසුව ප්‍රහංසන වල ආරාධනා ආවේ ඇයිද?ඔහුට එසේ ආරාධනා අවේ ගැලරියේ ඉල්ලීමටය.එසේ නම් ප්‍රේක්ෂකයාට අවශ්‍ය විහිලුය.ඒ විහිලුව ක්ෂණික සංතෘෂ්ඨියයි.මිනිසා කාර්යය බහුලය එහෙයින් ඔහු සොයන්නේ ඉක්මන් රසවිඳනයක්ය.එයට හොඳම උදාහරනය ඇගේ ඇසග ට වැඩිය , සින්ඩරෙල්ලා හිට්වීමය.ඇගේ ඇස දිහා බලාගෙන කියවන්නට ඔවුන්ට වේලාවක් නැත.එහෙත් සින්ඩරෙල්ලාගේ පුලුල් උකුලත් පිරිපුන් ළැමත් දැක ක්ෂණික සංතෘෂ්ඨියක් ලබා රසවින්දනය ලොප්කර නැවත තරඟයට පිවිසීමට ඔවුන්ට උවමනාය.


නන්දසිරි තැනට ඇණේ ගැසුවේය!




මට මතක විදිහට ඔහු මුලින්ම ප්‍රහංසන වලට එකතු වන්නේ සිරස නාලිකාව තුලිනි.ඉන්පසු ඔහු දිගින් දිගිටම ප්‍රහංසන වලට එකතු විය.නන්දසිරිගේ සම්භාව්‍ය දිරෙව්වේ නැති පිරිස පවා ඔහුට උඩ පණිමින් අත්පුඩි ගැසුවේය.ඔහු ප්‍රහංසන තුල පට්ට ඩෑල් එක විය.ප්‍රහංසන තුල ඔහු පජාත නොවුනේ එක් හේතුවක් නිසාවෙනි.,එය නම් ඔහුගේ භාව්‍යම රංගන හැකියාවය.


ලංකාවේ එකදිගට ආ ප්‍රහංසන රැල්ල හේතුවෙන් අර ක්ෂණික තෘප්තිය සෙවූවෝ සිනමාහල් තුලට ඇදෙන්නට විය.එහෙත් කල්යත්ම එකාකාරී විහිලුවත් බංදුලාගේ , ටෙනීලාගේ ගොන් ජෝක් සෙට් එකත් නිසා නැවත ගැලරිය හිස්වන්නට විය.එහෙත් නන්දසිරිගේ ගැලරිය හිස්වූ ගතියක් දක්නට ලැබුනේ නැත.ඒ හෙයින් ක්ෂනිකයෝද සම්භාව්‍ය ඉල්ලූ පේක්ෂකයෝද කරට අතදමාගෙන චිත්‍රපට නැරඹීය.ඒ දැනෙන්නට විහිලු කළනිසාය.


හුළං හමන අතට පාවී යාමට නන්දසිරි කටයුතු කළේය.ඔහු ගැලරිය දිනුවේය.මනමේට වඩා සුහද කොකා හිණිපෙත්තට පැමිණියේය.ප්‍රේක්ෂකයාට උව්මනාව දී ඔවුන් තමා වටා බැඳගත්තේය.වාණිජ ලෝකයේ ඉල්ලුමට සැපයුම සැලසුවේය...


අම්මටසිරි නන්දසිරි ,ඔයා මාරයි...!


ඒත් නන්දසිරිගෙන් මීට වඩා වැඩක් ගන්නට තිබුනි.

12 comments:

  1. Replies
    1. මොකක් හරි ඇහැව්වද?

      Delete
    2. "නන්දසිරිනම් මාරයි" ඒත් රසිකයාත් මාර වෙයිද?

      ජයවේවා!!!

      Delete
    3. හැක් හැක්....:P

      Delete
  2. එක දරුවෙක් ඇමෙරිකාවේ සහ අනිත් දරුවා ඕස්ට්‍රේලියාවේ යවා උසස් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා ඔහු පියෙකු වශයෙන් තමන්ට හැකි උපරිමයෙන්, තමන්ගේ හැකියාව පාවිච්චි කළා...ලාංකික කලාකරුවාගේ ඉරණම තමයි මෙතැනින් පැහැදිලි වෙන්නේ...ඔහුගේ සම්භාව්‍ය රංගන හැකියාව මුදල් කල හැකි රටක ඔහු ඉපදුනා නම්, සමහර විට ඔහු කවදාවත් ප්‍රහසන නළුවෙක් නොවෙන්න ඉඩ තිබුනා...

    "සල්ලි...මල්ලී...සල්ලි"...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකයි මම නන්දසිරිට කැමතිම තැන.....ඔය විදිහට වියයුත්ත හඳුනාගෙන තමන් පච නොවී වැඩ කරන්ඩ හැමෝටම බෑ......ඔතන ඉන්න තව කෙනෙක් තමයි කුමාර තිරිමාදුර...

      Delete
  3. kunu harupa... minihekuta podi mohothak hari prashna walin middenna ida salasenawa me wage kala karuwangen. eka eka pisso ewata eka eka artha kathana denawa ...

    ReplyDelete
    Replies
    1. මම නම් කියල නෑ...ප්‍රහසන රඟ පෑව එක වැරදී කියල...මම කීවෙ තැනේ හැටියට ඇණේ!

      Delete
  4. //ඒත් නන්දසිරිගෙන් මීට වඩා වැඩක් ගන්නට තිබුනි.//
    ඔබ හරි..

    ReplyDelete
  5. තාත්තෙක් මලේ ඒ. අහම්බෙන් මට ඊයෙ ඔහුගෙ අවමංගල්‍යට සුසාන බිමේ සුදානම දැකගන්න ලැබුණ දෙහිවලදි. ඇවිත් හිටිය මහ සෙනඟනම් කිව්වෙ ඔහුට තිබුනු ආදරේ.
    විභාග ඉවරද...? සාර්ථකයිනෙ.? සුබ පැතුම්

    ReplyDelete