Monday, August 15, 2016

ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?



ලිංගිකත්වය ලොව සෑම  මිනිසෙකුටම වැදගත් වන්නා වූ දෙයකි.ඔවුනොවුන් දෙපිරිසක්, තුන් පිරිසක් ලෙස බෙදා වෙන්කරන්නේ මේ සාධකය මතය.මෙසේ බෙදා වෙන්වන ලිංගිකයෝ නැතහොත් මිනිසුන් විරුද්ධ හෝ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වෙති.සිය අවශ්‍යතා සපුරා ගනිති.ඒවා අකිනෙකාගෙන් එකිනෙකාට බොහෝකොට වෙනස් මුහුණුවරක් ගනී.මිනිසා තෘප්තිමත් නොවන අවශ්‍යතා අතුරින් ලිංගික අවශ්‍යතාවය යනු බොහෝ විට මුල්තැනක් ගන්නා බව මාගේ විශ්වාසයයි.සිය ලිංගික අවශ්‍යතාවය සපුරා ගැණීමට මිනිසා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගනී.


ලිංගික අවශ්‍යතාවය මිනිසා තුල බුරබුරා නැගෙත්ම ඔහුගේ තෘප්තියේ සීමාවක් නොවීය.ගැහැණියද පිරිමියාද වෙනසක් නොවීය.ඔවුන් සෑම විටම සොයන්නේ නවමු අත්දැකීමය.මිනිසා යනු එක් රාමුවක් තුල විසීමට අකමැති සත්වයෙකි.ඒ හෙයින් ඔවුනොවුන් නවමු අත්දැකීම් කරා යොමුවෙති.මෙසේ අවශ්‍යතාවය උග්‍රවත්ම මිනිසා ඒ සඳහා විවිද පිළියම් ක්‍රියාත්මක කළේය.


මිනිසා ඈත අතීතයේ සිටම විවිධ ඇදහිලි හා විශ්වාස මත ජීවත් විය.ඒවා තුල බොහෝකොට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත අවශ්‍යතාවයන් සාකච්චා කෙරිනි.මේ කියන්නා වූ බහුවිධ අවශ්‍යතාවයන් හා තෘප්තිමත් රමණයක් සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ඉටුකළහ.ඉස්ලාම් ආගමේ බහුභාර්යයා සේවනය,බුද්ධාගම හා හිංදු වැනි ආගම්වල ශික්ෂාපද , නීතිරීතීන්  පැනවීම දක්නට ලැබිණි.එහෙත් ඒවායේ විශාල දුර්වලතා හා සුලු  ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත.

මේ ලිංගික ක්‍රියාවලිය සිදුවන්නේ අනෝන්‍ය ආකර්ශනය තුලිනි.ඒහෙයින් මෙයට එකිනෙකාගේ ආකර්ශනයක් තිබිය යුතුමය.එසේම ශාරීරික ආබාධ වැනි විවිද අපහසුතා හේතුවෙන් ඇතැම් අයවලුන්ට මේ ආකර්ශනය ලබා ගැනීමට නොහැකි වෙයි.මෙසේ වන්නන්ගේ අවශ්‍යතාවන් ඉටුකරලීමට ගණිකාවන් නොහොත් මුදලට සිරුර අලෙවිකරන්නන් පෙලගැසී සිටී.එහෙත් අප සමාජය තුල මේ ගණිකාවන්ට සිය අනන්‍යතාව විදහා දැක්වීමට නොහැකිය.සාරදර්ම,සංස්කෘතිය,ආගම් හා හැදියාවන් යන නිශ්ඵල ධර්මතා වලින් මේ අලෙවිකරු වසා සිටී .මෙය මූලිකම හේතුව ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සිදුවීම් වසා සිටීමය,බැහැර කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් එය තහනම් ක්‍රියාවක් හා වචනයක් කොට සැලකීමය.මහා පාපකාරී,අශුද්ධ ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමය.සමාජයට අනුව මෙය සාපයකි නැතහොත් පාපයකි.

මිනිසුන් මුදල් වෙනුවෙන් බොහෝ දේවල් ඉටුකරති.මිනීමරති,තමාව විකුණති.තමාව විකුණන ආකාර අනුව ශ්‍රමය,බුද්ධිය ප්‍රධාන තැනක් ගනී.එහෙත් ඒ තුල තමාව ප්‍රතික්ශේප නොකරති.ගණිකාව තමාතුල ඇති දේ ප්‍රකාශ කරති,චලනයෙන් කියවති.ගණිකාව පිළිබඳව කිසිවෙකුට ගැටලුවක් නැත...ඇත්තේ කුහකකමති,ඊර්ශියාවකි,ඒ තමාට ලබාගැනීමට නොහැකිවීම පිළිබඳවය.


ලංකාවේ ගණිකාසේවය තහනම් කිරීම තුලින් සිදුවී ඇති කිසිඳු යහපතක් මා දකින්නේ නැත.ස්ත්‍රී දූශන , ලමා දූෂණ දිනෙන්දින වැඩිවනවා මිසක් අඩුවීමක් නැත.මෙසේ දිනෙන් දින පීඩනය සහිත මිනිසුන් ප්‍රමානය ඉහල යන්නේ ඔවුන්ගේ පීඩනය,අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

දැඩි පීඩනයත් , අවශ්‍යතාවයත් හමුවේ බිලිගන්නේ අහිංසක ජීවිතය.බොහෝ විට මෙයට යොදා ගන්නේ යමක් කමක් නොතෝරෙන මල්කැකුළුවන් කුඩා දරුවන්ය.පීඩිතයාගේ හිංසන , මිනීමැරුම් , වලට ගැලපෙන ලෙස ලිංගික ශ්‍රම බකායක් ඇතිවිය යුතුය.ගණිකා වෘර්තිය යනු සේවාවකි ,අවශ්‍යතාවයකි...



ඉතින් ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

21 comments:

  1. නීතිගත් නොකලට ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ... නැත්නම් කොහොමෙයි ටෙලි නාට්ටි දෙක තුනක රඟපාලා සුපිරි වාහනවල යන්නේ..

    ReplyDelete
  2. වැරදියි කිව්වත් දඩුවම් තිබුණත් අවසන් නොවන තවත් රැකියාවක්. මෙහි වරදක් පෙනෙන්නට නැත.

    ජයවේවා!!!

    ReplyDelete
  3. නීතිගත කළොත් ළමා අපචාර , බලහත්කාරකම් අඩුවෙයි කියලයි මම හිතන්නේ...

    ReplyDelete
  4. බොහෝ දුරට තව අවුරුදු 50 වත් යන්න කලින් නීති ගත වෙවී. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මම හිතනව තව අවු.10 හෝ 15 කින් කියල....

      Delete
  5. මුලින්ම කියන්නම්.. මේක මගේ අදහසක් පමණයි. ඔබ කොපමණ දුරකට බුදු දහම විශ්වාස කරනවාද මන් දන්නේ නෑ. පොඩ්ඩක් සොයා බැලුවොත් ඔබට එහි පල විපාක ගැන දැනගැනීමට හැකි වෙනු ඇත. තව දුරටත් ඔබෙන් යමක් අසන්නම්.. ඔබේ සහායිකාව වෙනත් පුරුෂයෙක් සමග යාම පිළිබද ඔබ සතුටුද? එකත් අවුලක් නෑ කියමුකෝ. වෙන මිනිසෙක් ඔබේ මව වෙත ආකර්ෂණය උනොත් ඔබේ ප්‍රත්චාරය මොකද්ද? එසේ නොමැති නම් ඔබේ මව එසේ වුවහොත්? පියා පිළිබදවද මෙසේමයි. ඔබට කේන්ති යා හැක. නමුත් ඔබ කියන ගැහැණු සහ පිරිමි යන කොටසට ඔබේ මව පියා දෙදෙනාද අයත්.
    තව දුරටත් කියනවම් මන් විශ්වාස කරන හැටියට සමාජයේ විෂමාචාර වැඩි වීමට මිනිසුන්ගේ අසහනයට අමතරව බලපාන ගොඩක් දේවල් තියෙනව. ඔබ හිතනවද ලංකාවේ ගණිකා වුර්තිය නිත්‍යානුකුල නෑ කියල. ඇත්තම කිව්වොට් නෑ තමයි, එත් දේශපාලන හස්ත වලින් හැම දේම වැළකිලා. ඒ කියන්නේ ඒවා අවශ්‍ය කෙනෙක්ට ලබා ගන්න පසුබිම තියෙනවා. එහෙම තත්වයක් මත නීතිගත කිරීමෙන් මීට වැඩ අපචාර අඩු වීමක් ඇති වෙයිද? අනික කුඩා දැරියන් දුෂණය වෙනවා. එතකොට ඒ වයසේ ලමයිවත් මේවට යොදවන්න ඕන නේද? මොකද එහම විකුර්ති ආසාවන් තියෙන අයගේ ආසාවල් සංසිදෙන්නේ ඒ විදිහට. ලිංගික ආකර්ෂණයක් තිබු පමණින් දකින දකින හෝ ඇති වන ඇති වන ආසාවල් පසුපස හබා යාමෙන් උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අප අතරත් සුනකයන් අතරත් වෙනසක් තිබේද? යමෙක් කල යුත්තේ තම හික්මීම ස්වෝත්සාහයෙන් හදා ගැනීමයි. නැතිව ඇතිවන සියලු ආසාවන් පසුපස හබා යාඅ නොවේ. මදකට සිතන්න මෙලෙසටම යමෙක්ට කාවහරි මැරීමට අවශ්‍ය උනොට්? එයත් සාදාරනීකරණය කල හැකි නේද?
    නැවතත් කියනව... මට ඔබ හා වාද කිරීමට අවශ්‍ය නැත. මේ මගේ පුද්ගලික අදහස පමණි.

    ReplyDelete
    Replies
    1. මගේ මවට වෙනත් පුරුෂයෙකු හෝ මගේ පියාට වෙනත් ගැහැණියක් ආකර්ශනය උවහොත් මට කිසිවක් කළ නොහැක.ඔව්නොවුන් සිය කැමැත්තෙන් එය සිදුවේ නම් මට එයට බලපෑමක් සිදුකිරීමේ අයිතියක් නැත.

      ඔබතුමා තව දුරටත් මෙය තේරුම ගත යුතුය.සියල්ලන්ටම සුභ සිද්දිය සැලකිය නොහැකිය.හැක්කේ පිරිසෙන් බහුතරයකට පමණි.ලෝක සෞක්‍ය සංවිධානය මත්කුඩු පාලනය මිස නැතිකිරීම කරන්නේ නැත,හේතුව සියල්ලන්ම එයින් මිදවිය නොහැකි බැවිනි.එසේම සියල්ලන්ම ලමා දූශනයෙන් වැලැක්විය නොහැකිය.එහෙත් සැලකිය යුතු පිරිසක් නැවැත්විය හැකිය.කටයුතුකලයුත්තේ එයයි.

      සිත පාලනය කරගෙන ආශාවන් පාලනය කරගත හැක්කේ සිත දියුනු කල අයෙකුට පමනක්ය.එහෙත් සිත දියුනු නොකල අයෙකු එසේ කලහොත් ඔහු මානසික රෝගියෙකු වී අවසන ලෙඩෙකු වෙයි.

      Delete
  6. ගැහැණු ගැන විතරක් ඇයි , ඇයි පිරිමි ගණිකා වෘර්තිය

    ReplyDelete
    Replies
    1. ඔව්...දෙකම ගැන කීවෙ...දෙගොල්ලන්ගෙම ෆොටෝස් දැම්මෙ ඒකයි:D

      Delete
  7. ඔබ සමාජය නොදකින දෙයක් ගැන හොඳ විචාරයක් කරල තියෙනව. බොහෙ දේ කෙටියෙන් කියා තිබීමත අගෙයි. මටනම් තියෙන්නේ මේ වගේ අදහසක්. ගණිකා වුර්තිය වැරදිමයි කියල මමත් කියන්නේ නෑ. ඒත් ලිංගිකත්වයේ තියෙන පීඩනයන් ඉලක්ක කර මුදල් ඉපයීමේ මාර්ගයක් හදාගන්නවට වඩා ලිංගික අසහනයන් තුරන් කිරීමට කැශුවල් සෙක්ස් ආරක්ෂිත ක්‍රම වලට ඉතා හොඳ අවබෝධයකින් කරන්න පුළුවන් වටපිටාවක් හැදෙනවනම් ඒක ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතන්නේ. ගණිකා වුර්තිය නීතිගත උනත් සල්ලි මිලමුදල් යහමින් ඇති අයට ඒකත් අසාධාරන විදිහට බෙදිලා යමක් කමක් නැති සමාජයේ මිනිස්සුන්ට මොකවත් නැති වෙන්න ඉඩකුත් තියෙනවා. එහෙම උනොත් එතන ලිංගිකත්වය අතින් යහපතක් දකින්න නෑ. ඔබේ විචාරය සමග මමත් එකඟ වෙනවා කරුනු වශයෙන්. මගේ අදහස මුදල් මත සියල්ල තීන්දු වන සමාජයේ වෙනසක් වෙන්නත් ඕනේ කියන එක.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මම දැකපු විදිහට සල්ලි තියන මිනිහටයි සල්ලි නැති මිනිහටයි දෙගොල්ලන්ටම ගණිකාවො බාවිතා කිරීමේ හැකියාව තියනව....මොකද හැම නගරෙකම රු.500 ඉඳන් මේ ලිංගික ශ්‍රමිකයො ඉන්නව... මම හිතන විදිහට අවශ්‍ය නීතියෙන් අවසර ලැබීම පමණයි.

      Delete
  8. මම මෙතැනදී අදහසක් පල කරන්න හිතුවේ බුදු දහම පාදක කරගෙන මේ ඇනෝ සහෝදරයා මතයක් පවසා ඇති නිසා යි.
    අපි බුද්ධ කාලීන සමාජය සලකා බැලුවහොත් එහි නගර ශෝබනියන්ට, වෙසඟනන්ට ඉතා ඔහල පිළිගැනීමක් තිබුනා එසේම ඇතැම් වෙසඟනන් බුදු හිමියන් පාමුල පැවිද්ද අයැද සිටියා. උන් වෙසඟනන් වීම නිසා කිසිදු අවස්ථාවක බුදු හිමියන් උන් ප්‍රතික්ශේප කල බවක් ඉතිහාසයේ කියැවෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් වෙසඟනන් උතුම් බුද්ධ භූමියට පැමිණ මහරහත් භාවයට පත්ව මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලැබුවා.
    එසේම මිනිසුන් සදාචාර කිරීම වස් ගනිකාවන් පිටුදකින ලෙස බුදු හිමියන් කිසිදු රජෙකුට (බිම්බිසාර, අජාසත්ත, පසේනදී කෝසල වැනි ) උපදෙස් දුන් වගක් සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට් බුදු හිමියන් කලේ දේශනා හරහා මිනිසුන් අවබෝධයට පත් කරමින් උන් දුසිරිතෙන් වලකා ලීමයි. සැබෑ දැක්මකින් බුදුන් සරණ ගිය උන් ගනිකා වෘත්තියේ යෙදීම හෝ ගනිකා ඇසුර කරන්නේ නැහැ.
    ඉතින් සැබෑ දැක්මකින් බුදුන් සරණ ගිය උන් හා උප්පැන්න සහතික බෞද්ධයන් සැසඳීම වැරදියි.
    මිනිසුන්ට ඕනෑම දෙයකට නිදහස තිබිය යුතුයි අන්න එවිටයි උන් සැබෑ නිසරු බව වටහා ගන්නේ. යදම් වලින් බැඳදමා ඇතිවිට සොයනුයේම නිදහසයි. අත්දැක නැති නිදහසයි.
    ආශාවන් දමනය කිරීමේ ශක්තිය නැති මිනිසුන් සැම විටම තව තවත් අන් ඇසුර සෙවීම සොභාවයයි. ලිංගිකත්වය වැනි අති සංකීර්න ආශාවන් කෙරෙහි සිත දමනය කර ගැනීමේ හැකියාව ඇත්තේ ඉතාම අල්ප වූ මිනිසුන් කොටසකට පමණයි. එසේ ආශාවන් පහල නොවන උන් ඉන් පරිභාහිරයි.
    මා මෙසේ කීමෙන් ලංකාවේ එය නීති ගත කල යුතුයි කියා හෝ නොකල යුතුයි කියා මතයක් පල කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බුදු දහම ගැන සඳහන් කිරීම හොඳයි,.ඒත් මම හිතන්නෙ ආගමක් මත නීති සම්පාදනය නොවිය යුතුයි කියල.

      ඇත්තෙන්ම නමට බෞද්දයෝ හැමතැනම:D

      Delete
    2. සත්තකින්ම රසික, රටක නීති සම්පාදනය විය යුත්තේ පොදු ජනයාගේ කැමැත්ත මතයි. ආගම කියන එක තනිකරම පෞද්ගලික දෙයක මට්ටමින් එහාට යා යුතු නැහැ.
      බෞද්ධ කම කියා ආගමික නීති සකසා ඒ මගින් මිනිසුන් හික්මවන්න තත් දරණවානම්, තලේබාන් වරුන්ගේ ආගම්ක ඇදහීම හා බෞද්ධ අපේ ආගමික ඇදහීම අතර වෙනසක් නැහැ කියන එකයි මගේ මතය.
      එහෙමනම් මොකටද උන් එකකුයි අපි තව එකකුයි ඔක්කොම එකක්ම ඇදහුවා නම් ඉවරයිනේ.

      Delete
    3. එකඟයි.........සමහර තෙලෙයිබාන් වරුන්ගෙයි බෞද්ධ අන්තවාදීන්ගෙයි වෙනසක් නෑ....

      Delete
  9. Yes yes I also tell this thing too here. Postution must leegal accept I also tell. That no wrong more. All towns must there have postute house. That my opeenian. All can enjoy and happy live. This very good and hapen very near futcher too. Garment mantane postute houses there must remane cuntry. We can tax pay and no isuse.

    ReplyDelete