Friday, August 19, 2016

මිනිසා හා ආගාධය

9ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

මිනිසා සිටින්නේ ආගාධ තුලය.ඒ ආගාධ බහුවිධ ආකාර ගනී.ඒ ආකාරයන් තීරනය වන්නේ පුද්ගලයාගේ සාමාජීය බලපෑම මතය.එසේ නම් සාමාජීය බලපෑමක් එල්ල නොවන පුද්ගලයින් සිටිය යුතුය.ඔව්,ඔවුන් වීදුරු සේය,වීදුරු හරහා එලිය නොරැඳී ගමන් කරනවා සේ ඒ පුද්ගලයන් තුල සමාජීය බලපෑම් නොරැඳී ගමන් කරයි.
එවිට ඔවුන් තුල කිසිවක් නැද්දැයි ප්‍රශ්නයක් පැන නැගේ.ඒ අපිට පෙනෙන හැටිය,හිතන හැටිය.ඒත් බලන්ඩ වීදුරුව ස්ථරයෙන් ස්ථරය ගැලවුවහොත් අවසාන ස්ථරය දක්වා වීදුරු එකිනෙක ඇලී පවතී.එහෙනන් ඇයි අපේ ඇස් වලට ඒ පිරීම නොපෙනෙන්නේ,.අපේ දැකීම ඕනෑවට වඩා ගැම්ඹුරුය.එහෙත් ඒ ගැඹුර භෞතිකය.ඕනෙවට වඩා දේවල් දකින ඇස් අපිට හිමිය.එසේ නම් අප ඕනෑවට වඩා දෙවල් දකින්නේ ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තුවන නිසාය.

මිනිසෙකුගේ දැකීම නිපදවන්නේ ඔහුගේ ආගම හෝ දර්ශනය හෝ සාමාජීය බලපෑම හෝ සංස්කෘතිය හෝ සදාචාරාය වේ.ඒ කියන්නා වූ විවිධ සංවිධාන හා මිනිසෙකු ඒ ඒ රාමු තුල ඇඳ-බැඳ තබා ගනී.එය ඔවුන්ගේ අදහස් ,සිතුම් පැතුම් වැනි අව්‍යාජ ක්‍රියාවලීන් බැහැරකර විශ්වාසය හා ගෞරවය යන ව්‍යාජ ක්‍රියාවලීන්ට බඳුන්කරනු ලබයි.

කාන්තාරය ගැන නොදන්නා මිනිසෙකු කාන්තාරය කෙලවර කකුළට දම් වැලක් දමා බැඳ ඔහුට පවසන්න "මෙය කාන්තාරයක් , මෙහි කෑම බීමට යමක් නෑ මිනිසෙකුට කිසිසේත්ම මෙහි ජීවත් විය නොහැකියි" කියා.ඔහු ඔබව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත.ඔහු යදමින් ගලවා කන්න්තාරය පුරා ඇවිද එය සියැසින් දකිනතුරු එය විශ්වාස නොකරනු ඇත. එහෙත් ඔබ ඔහුට ආහාර ජලය ලබා දී ඔබ පෙර පරිදිම පවසන්න ඔහු ඔබව හිස් මුදුනින් පිළිගනු ඇත.ඒ ඔහුට සිය කුතුහලයට වඩා ආශාව ඉහල බැවිනි.ඔබට ගෞරව කරනු ඇත.ඔබට වඳිනු ඇත.ඔහුට තමා බැඳ දමා ඇති බවක් මතකයට නො එනු ඇත.මිනිසෙකුට අවශ්‍යතාවයන් ලැබෙන විට ඔහු සියලු කුතුහලයන් යටපත් කරගනු ඇත.ඒ මිනිසාගේ ස්භාවය වේ. සියලුම ආගම් විසින් සිදුකරන්නේ මෙයය.ඔබ අමතක නොකළ යුතු තවත් කරුනක් ඇත.එය නම්, කාන්තාරක ක්ෂේමභූමි පවතින බවයි.

මුලින්ම කළ යුත්තේ මේ ආගම් ඉවත්කර දැමීමයි.එසේ කළා කියා මිනිසා අයාලේ යන්නේ නැත.මේ ලෝකයේ තිබිය හැක්ක්කේ එක් සත්‍යක් පමණි.එහෙත් අසත්‍යන් බොහෝ ගනනක් තිබිය හැකිය.මිනිසා මුදාහැරීම,විඳීම,ලබාගැනීම තුල ඔහුට සැබෑ සත්‍ය අවබෝධ වේ.මක්නිසාද යත් සියල්ල අසන දකින විඳින මිනිසා සියල්ල තුල පරතෙරටම යාමේ හැකියාව ලැබෙන බැවිනි.සෑම ආගමකම අවසානයක් ඇත.එය විමසා බලා හදෑරීම නිදහස් මිනිසාට කළ හැක්කකි.

සංස්කෘතිය,සදාචාරය හා හැදියාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය යුතුය.ඔබේ සංස්කෘතිය මගේ සංස්කෘතිය නොවිය යුතුය.ඔබේ හැදියාව මගේ හැදියාව නොවිය යුතුය.ඒ හෙයින් ඔබේ ආකල්ප මා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.හුදෙක් ඔබ මා නොවිය යුතුය මා ඔබ නොවිය යුතුය.ඔබේ සිතුම් පැතුම් ඔබේ දරුවා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.ඔබේ සදාචාරය සංස්කෘතිය හා හැදියාව ඔබ තුල පමණ තබාගත යුතුය හා ඔබ තුලින් පමනක් ක්‍රියාත්මක වනු බලාපොරොත්තු විය යුතුය.

මගේ සදාචාරය හෙලුවෙන් යෑම නම්,ඔබේ සදාචාරය ඇඳුම් ඇඳගෙන යෑම නම්.මට හෙලුවෙන් යෑමට ඔබ ඉඩ දිය යුතුය,ඔබට ඇඳුම් ඇඳන් යෑමට මම ඉඩ දිය යුතුය.මම ඔබට හෙලුවෙන් යන ලෙස බලපෑම් නොකල යුතුය,ඔබ මට ඇඳුම් ඇඳගෙන යන ලෙස බලපෑම් නොකල යුතුය.එසේ නම් මිනිසා ජීවත්විය යුත්තේ තමා තුල මිසක් අනෙකා තුල නොවේ.

ඔබ අනෙකා තුල ජීවත් වීමට යාමෙන් ඔබ ආගාධයට වැටේ,ඔබ ඔහුගේ අච්චුවක් බවට පත්වේ.මෙහිදී අනෙකා යනු ආගම,දර්ශනය,සංස්කෘතිය හා හැදියාව ලෙස සලකන්නේ නම් මැනවි.


මේ ආගාධ තුලින් පිටතට පැමිණ ජීවිතය විඳීම සැබැවින්ම ආශ්වාදජනක වියහැකිය.

16 comments:

  1. සංස්කෘතිය හැදියාව සදාචාරය කියන කිසිවක් මේ ලෝකේ වැඩකට නැති දේවල්. ආගම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. මේ සියල්ල පුරුෂාධිපත්‍ය ලෝකයක නිර්මාණ කියන එකත් කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පුරුෂාදිපත්‍ය නැතිකර කාන්තාවට සම තැන ලබා දෙන්නට යනවිට එයට මුලින්ම එරෙහි වන්නේ කාන්තාවමයි...........

      Delete
  2. මුලින්ම තමා, තමාව නිවැරදිව හදුනාගත යුතුය. එවිට ඉහත සඳහන් වූ ආගම, සදාචාරය සහ සංස්කෘතිය අවශ්‍යද නැද්ද යන්න තමාටම තේරුම් යනු ඇත. අපි යමක් කරන්නේ සතුට වෙනුවෙන්නම් කුමටද තවත් දේ.
    ( මාස 3 ගිය බැවින් බ්ලොගියේ ලියන්න කාලේ හරි නේද ? )

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තමා තමාව සොයාගත් විට,තමාට වෙනත් අයෙකු සොයාගත් යමක් අවශ්‍ය නොවේ යැයි මා සිතමි......ඔව්, අප මේ සියල්ල කරනුයේ සතුට වෙනුවෙනි....

      (දන් හරිනෙ,....මේ ලියන්නේ

      Delete
  3. ආගම් පිලිබදව මට තියෙන්නෙත් අමුතු මතයක්. ගොඩක් මිනිසුන් ආගමෙන් අන්ධ වෙලා කියලා මට හිතෙනවා.(හුග කාලෙකින් මාත් මේ ආවේ)

    ReplyDelete
    Replies
    1. අන්ධ කරල තියෙන්නෙ කියන තැන මම ඉන්නෙ...:D

      Delete
    2. ඔව් අන්ධ කරලා. සමහර අය ආයේ පෙනීමේ තත්වයට ගන්න අමාරුයි.

      Delete
    3. හැක් හැක්....උබැහැ හරි බං....

      Delete
  4. මගේ පෞද්ගලික මතය .. ආගමක් හෝ දර්ශනයක් වේවා එහි සඳහන් යම් යම් දේ මේ තාක් ගෙවූ ජීවිත කාලය කුමන හෝ අයුරකින් වැදගත් වූ අවස්ථා එමට ඇත. මිනිසකුගේ හික්මීමට , මානසික සංවර්ධනයට ආගමේ හෝ දර්ශනයේ ඉගැන්වෙන කරුණු ඕනෑතරම් ඇත. මනුස්සයෙකුට ආගමක්, දර්ශනයක් තිබිය යුතුය. නමුත්, කුමන අන්දමක ආගමක හෝ දර්ශනයක එල්බ සිටියත් නොහිටියත් තමා අන්තගාමි නොවිය යුතුය.

    ප. ලි. // ඔබේ ආකල්ප මා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය .............. ;)

    ReplyDelete
    Replies
    1. කෑම එකයි වතුර එකයි ලඟින් ගෙනත් තියපුවහම ඒකෙන් ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙනව....

      ඔව් ඔව්.........හුකෑස්...

      Delete
  5. මිනිහෙකුගේ දැකීමට අත්දැකීම් සහ සමාජය හැදෑරීම බොහෝ සේ උපකාරී වෙනවා...

    මං අනිකුත් ආගම් ගැන නම් කතා කරන්න යන්නේ නැහැ...නමුත් බෞද්ධ දර්ශනය හරියට හැදෑරුවොත් ජිවිතයට ලබා ගන්න බොහෝ දේවල් තියනවා...අන්ධ වීමයි හැදෑරීමයි කියන්නේ දෙකක්...

    ලෝකයේ විවිධ රටවලින් ආපු මිනිස්සු ඇසුරු කර ලබපු අත්දැකීම් වලින් මේ කියන්නේ, විවිධ ජාතින්, විවිධ ආගම් විවිධ සංස්කෘතීන් නිසා මිනිහගේ ඇඳුම පැළඳුම, ආගමික ඇදහීම් සහ අප බාහිරින් දකින චින්තනය වෙනස් වෙන්න පුළුවන්...නමුත් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන සිතිවිලි වල පදනම එක සමානයි...දයාව, කරුණාව, ඉරිසියාව, ක්‍රෝධය මේවයින් තමයි මිනිහ හැදිලා තියෙන්නේ...තමන් ඉපදිලා අහන දකින දේවල් අනුව ඒවා හැම මිනිහෙක් තුලම අඩු වැඩි වශයෙන් තියනව...

    තමන් අනුන් වෙන්න ඕනේ නැහැ...නමුත් තමන් ඉදිරියට එන සියල්ල හැදෑරිය යුතුයි...ඒ හැදෑරීමට බුද්ධිය අවශ්‍යයයි...ඉන් පස්සේ තීරණය කරන්න පුළුවන් හෙළුවෙන් යනවද නැද්ද කියල...

    තමන් තමන් විය යුත්තේ යහපත සඳහායි...නැතුව තමන්ට සහ මුළු ලෝකයටම හිසරදයක් වීමට නෙවේ...අප සමාජ සත්වයින්...අපි කරන හැම ක්‍රියාවකම බලපෑමක් අප වටා ඇති සමාජයට බලපෑමක් වෙනවා...ඒ හන්ද තමන්, තමා හෝ අන් කවරෙකු වූවත්, තමන් තෘප්තිමත් වන යහපත් දෙයක් කිරීම තමයි වඩා වටින්නේ...

    //මිනිසෙකුට අවශ්‍යතාවයන් ලැබෙන විට ඔහු සියලු කුතුහලයන් යටපත් කරගනු ඇත.ඒ මිනිසාගේ ස්භාවය වේ. සියලුම ආගම් විසින් සිදුකරන්නේ මෙයය.//

    ...බුද්ධ දර්ශනය මේ සියලුම ආගම් යන කොටසට අයිති නැහැ...මෙතනින් එහාට මම ඊට වඩා පහදන්න යන්නේ නැහැ...මොකද රසික බුදු දහම ගැන හැදෑරීමක් කරලා නැහැ කියල පේනවා... අනිත් එක මිනිස්සුන්ට අවශ්‍යතාවයන් ලැබෙද්දී කුතුහලය යටපත් වෙන්නේ නැහැ, මිනිස්සු ඊළඟ මට්ටමට යන්න පොර කනවා...බොහෝ මිනිසුන් කවදාවත් එක තැනකින් තෘප්තිමත් වෙලා නවතින්නේ නැහැ...එහෙම ඉන්නවා නම් ඉන්නේ ලෝකය ගැන කිසිම හැදෑරීමක් නොකරන ළිං මැඩියන් පිරිසක් මිසක, ජිවිතේ අරමුණු තියන මිනිස්සු නෙවේ...

    ඔබේ මව සහ පියා මේ විදියට හිතුවා නම් අද මේ සටහන ලියන්නට රසික කෙනෙක් නොඉන්නත් ඉඩ තිබුනා...ඒ වගේම අනිත් අය හිතන විදියට හිතල රසිකත් බ්ලොග් නොලිව්ව නම් අපි මේවා නොකියවන්න තිබුනා...ඒ වගේම මේ බිහි වෙලා ඇති අලුත් සංස්කෘතියේ කොටසක් නොවී, ඔබට පරිගණයක් ලබා නොදුන්නා නම්, ඔබේ මේ අදහස් ඔබේ හිතට පමණක් සීමා වෙන්න ඉඩ තිබුනා...ඔබට දැනෙනවද ඔබත් අඩු වැඩි වශයෙන් අන් අයගේ කොටස් වලින් හැදුන මිනිසෙක් බව...

    :) මම ඔබ නොවෙමි...මේ මගේ අදහසය.... (අර හංසි කිව්වා වගේම ඔන්න මමත් කිව්වා)

    ReplyDelete
    Replies
    1. සෑම මිනිසෙකුම යැපෙන්නේ තවත් මිනිසෙකු මතය යන කාරනාවට මමත් එකඟයි.මම කියන්නෙ ඔබේ සිතුම් පැතුම්,හැසිරීම් අනෙකා නිසා වෙනස් නොවිය වියයුතුයි කියල.ඔබ ඔබව තුල ජීවත්වීමයි වැදගත් (මට හිතෙන විදිහට).

      මම කිසිම දහමක් , දර්ශනයක් මෙතනදි ඉලක්ක කරේ නෑ...බුදුන් වදාලේ ත්‍රිපිටකයවත්,මල් පූජා කරන එකවත් නෙවෙයි...ප්‍රායෝගිය මිනිස් ක්‍රියාවලියකුයි.......මට හමුවූ බුදුන්ගේ දේශනාව නම් "චතුර් ආර්‍යය සත්‍යය " යි.මම ඒක ඇතුලට යන්ඩ කලින් අඩුම ගානෙ හැඩේ හරි බලනව.දැන් අක්කෙ ඔයා බෞද්ධයෙක් හිංද කියනව බුද්දාගම ඇත්ත කියල...ක්‍රිස්තියානුවෙකුත්,මුස්ලිමානුවෙකුත්,ගත්තොත් ඔවුන් කියන්නෙ තමන්ගෙ ආගම් හරි කියල.......මම ඔය එකක්වත් හරි නොකිය,බුදු දහමත් හදාරනව.කිතුදහමත් හදාරනව,මුස්ල්දහමත් හදාරනව...ඔව් අක්කෙ ඔයා කීව කාරනාව හරි..මොකද මම තාමත් බුදු දහම හදාරන ගමන් ඉන්නෙ....ඔබ අක්කෙ බුදු දහම මෙතෙන්න්ට ඇදල ගත්ත හින්දම මම කියන්නම් ලංකාවෙ බහුතර බෞද්ධයො ලිං මැඩියො.......(මම පොඩි ප්‍රොජෙක් එකක් කරනව ඒක ගැටලුවක් නොවී කරගන්ඩ පුලුවන් උනොත් මම ඒ රිසාල්ට් එක ඔයාට එවන්නන් ...ඔයාම බලන්ඩ අක්කෙ ලංකාවෙ බුද්ධාගම ගැන.)

      Delete
    2. ලංකාවේ බහුතරයක් ඉන්නේ නාමික බෞද්ධයෝ...ඒකට 100%ක් එකඟයි...මං කිව්වේ මල්ලි බුදු දහම හරි කියන දේ නෙවේ...ඒ දර්ශනය බොහෝ ගැඹුරුයි කියල...එයින් ජිවිතයට ලැබෙන දේවල් බොහොමයි...ඔව් හදාරන්න ඕනේ සතර සතිපට්ටානය හරහා ගෙනත් දෙන ආර්ය මාර්ගය තමයි...මං දන්නවා රසික එක ආගමක් ඉලක්ක කලේ නෑ කියල, නමුත් අනිකුත් බොහෝ ආගම් ලෞකික ජීවිතය ගැන කියද්දී බුද්ධ දර්ශනයේ මිනිහගේ හිතත් එක්ක ගනුදෙනු කරනවා...ඔබේ ඒ වාක්‍ය බොහොම පටු වැඩියි ආගම කියන දෙයින් මිනිහගේ ජීවිතේට ඇති බලපෑම ගැන කථා කරන්න...බෞද්ධයෝ බහුතරයක් කටයුතු කරන්නේ අමුලිකා ශ්‍රද්ධාව කියන දේ පදනම් කරගෙන...ඔයාගේ ප්‍රොජෙක්ට් එක සාර්ථක වුනොත් ඔයාට ලැබෙන පිළිතුර 90-100% ත් අතර වෙන්න ඕනේ...මොකද සතර සතිපට්ටානය වඩමින් අත්හැරීම කියන දේ පුරුදු කරන බොහොම සුළු තරයක් පමණයි නිර්වාණ අවබෝධය සොයා ගන්නේ...අනිත් අතට ජිවිතේ අනිත්‍ය කියන දේ අවබෝධ කරගෙන ජිවත් වන ගිහි පිරිසත් බොහොම අඩුයි...එහෙත් ඔබ කිතුණුවෙක් හෝ මුසල්මානුවෙක් දිහා බැලුවොත් ඔවුන් තමන්ගේ ආගමික නායකයා උගැන්වූ සියලු දේ බොහෝ වෙලාවට අකුරක් නෑර දන්නවා...ඔවුන්ගේ ධර්මය පදනම් කරගෙන තියෙන්නේ අපේ සාමන්‍ය ජීවිතය පදනම් කරගෙන...ඒ නිසා මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුයි...බුදුදහමේත් තේරුම් ගන්න පහසු උඩින් අතගාපු පුංචි කොටසක් තමයි බෞද්ධයෝ අල්ලාගෙන ඉන්නේ...

      Delete
    3. එකඟයි..!

      මම දැක්කෙ ශාස්තූන්ව ප්‍රශ්න කරන්ඩ හොඳින්ම අවස්තාව දීල තියන එකම දහම බුදුන් වදහල දහමයි....මේ ජීවිතය කියන කාන්තාරෙ ඇවිදින්ඩ අවස්තාව දීල තියෙනව...ඒත් වර්තමානය...?..එතනයි ගැටලුව...බුදුන් පවා දේශනා කරල තියනව,ධර්මගේ හැසිරී දර්මය විමසා බලා හැසිරෙන්ඩ බුදුන් වහන්සේ පවා අනුමැතිය දීල තියනව....ඒත් වර්තමාන භික්ෂුව කරන්නෙ අයිනකට කරල දම්වැලකින් බැඳල තියන එක....

      Delete
  6. "එසේ නම් අප ඕනෑවට වඩා දෙවල් දකින්නේ ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තුවන නිසාය." මේ කතාවට සීයට සීයක් එකඟයි.

    "මුලින්ම කළ යුත්තේ මේ ආගම් ඉවත්කර දැමීමයි." ඒ කතාව ගැන මගේ පුද්ගලික මතය මේකයි. ආගම කියන දෙය ජාතිය වගේ ඉපදුණු ගමන් නළලෙ කොටන්නෙ නැතුව සෑම ආගමක්ම අධ්‍යයනය කරන්න සලස්වලා තමන්ට සත්‍යය වශයෙන්ම හරි යැයි දැනෙන දර්ශනය අනුගමනය කරන්න ඉඩක් තිබුණා නම් කියලා. අනුගමනයයි. අධ්‍යයනයයි දෙකක් . සමහරවිට කෙනෙකුට අධ්‍යයනය සඳහා මුළු ජීවිතේම වැය වේවි . අනුගමනයට කාලයක් නැතුව යාවි. එහෙම බැලුවම ඒක ප්‍රායෝගික නැහැ. ඒත් ආගම් ඉවත් කළ යුතුයි කියන දෙයින් රසික මල්ලි අදහස් කළේ මොනවද කියලා දැනගන්න කැමතියි .

    බුදු දහම ගැන හංසි, පොකුරු වැහි කියලා තියෙන දේවල් එක්ක මාත් එකඟයි. ඒත් සර්පයා නැට්ටෙන් අල්ලගෙන දෂ්ඨ කරවගන්න මිනිස්සු ඉන්න සමාජයක ඒ අනර්ඝත්වය හරියට උකහාගන්නවද කියන එකත් ගැටලුවක් .

    ReplyDelete
    Replies
    1. ආගම් ඉවත් කළ යුතුයැයි මා පැවසීමට මූලික හේතුව නම් ආගම් කරනය තුලින් මිනිසා එකිනෙකා හා ගැටීම් ඇතිකරගනු ලබනව,උදාහරනයක් විදිහට මුස්ලිම් ආගමේ ඉගැන්වීම් එක්ක බෞද්ධාගමිකයා ගැටීම් ඇතිකරගන්නව,බෞද්ධාගමේ ඉගැන්වීම් එක්ක මුස්ලිම් ආගමිකයා ගැටීම් ඇතිකර ගන්නව.ඇයි මෙහෙම වෙන්නෙ මිනිසාට ඉගැන්වීමක් නොකර ඔහුව අච්චුවක් තුලට දාල හැඩගස්වපු නිසා...අන්න ඒ හැඩගැසිවීම තමයි සෑම ආගමකින්ම සිදුකරනු ලබන්නෙ..ඇයි එහෙම කරන්නෙ..,එහෙම කරන්නෙ ආගම් කියන ඒව මිනිසාට සිය මතයන් විචාර ශීලී ලෙස විමසා බලන්ඩ දෙන්නෙ නෑ..එහෙම කරොත් ආගමක් තුල පවතින සිරවීම ඔහු අවභෝද කරගනී යැයි බිය වෙනව..අනිත් දේ තමයි මේ ලෝකෙ සෑම ආගමකම නීතීන් පණවා තිබෙනව..නීතියක් කියන්නෙ මොකක්ද,නීතියක් කියන්නෙ මිනිසෙකු යම්කිසි රාමුවකට කොටුකර තැබීමක්..ඉතින් එහෙම කොටු කරහම කොහොමද ලෞකික හෝ ලෝකෝත්තර සැපයක් ලඟාකරගන්නෙ..ආගම් කරනය තුලින් බිහිවන ජීවිය හුදෙක් යන්ත්‍රයක් පමණයි...ඒත් ඔබ බලන්ඩ දර්ශනයක් තුලින් බිහිවෙන ජීවිය යන්ත්‍රයක් නොවන ආකාරය.ඔහුට ක්‍රියාවලියක් පෙන්වා දීම පමණයි දර්ශනයක් විසින් සිදුකරන්නෙ..ඒ හේතුවෙන් ඔහු නිදහස් හා ස්වාදීන මිනිසෙකු බවට පත්වෙනව...පොඩි උදාහරණයක් දෙන්නම් බුදුන් බුදුවීමට ප්‍රතම ඉන්දියාවේ තිබුනේ බහුවිද ආගම් ක්‍රමයක්..එහෙත් උන්වහන්සේ දර්ශනයක් උපයෝගී කරගැනීම තුලින් බහුතර ප්‍රසාදයක් ලබා ගත්ත

      Delete