රසායනික පොහොර නැතුව වගා කළ නොහැකිද?
වර්ථමානයේ
විවිධ සංවිධාන, විවිධ පුද්ගලයන් සේම පාලකයන්ද ජනතාව කාබණික පොහොර කෙරෙහි නැඹුරු කිරීමට
උත්සහ දරනු ලබයි.එහෙයින් වී ගොවිතැන උදෙසාද කාබණික පොහොර භාවිතා කර වගාකිරීම් සිදුකළහොත්
මෙයට සෑබෑ පිළිතුරක් ලැබෙතැයි ඇතැමෙකුට තර්ක කළ හැකිය එහෙත් එහිදී මතුවන ගැටලුව ප්‍රායෝගිකය.ලංකාවේ
දැනට ගොවීන්ට ලබාදෙන බීජ සුදුසු වන්නේ,එයින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක්
පවතින්නේ රසායනික පොහොර භාවිතා කරමින් වගාවන් සිදු කලොතින් පමනයක්.ඒ පිළිබඳව ගැමුණු
එක්සත් ගොවි සංවිධානයේ ලේකම් ඩී.පී. උපාලි ජයවංශ මහතා මෙසේ පැහැදිලි කළේය."රටේ
කාබණික පොහොර වලට ගැලපෙන පොහොර නිශ්පාදනය කරල නෑ.ගොවියගෙ ප්රධානතම ආදායම් මාර්ගය ගොවිතැන.ඔහු
ඒක හන්ද වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වෙනව.එහෙම වැඩි අස්වැන්නක් ගන්ඩ පුලුවන් කාබණික
බීජ අපි ලඟ නෑ.එතකොට කෘතිම පොහොර වලට හුරුවෙච්ච බීජ වලට කාබණික පොහොර යොදල ලොකු අසවැන්නක්
ගන්ඩ බෑ.එහෙම ගන්ඩනන් දෙමුහුන් බීජ නිශ්පාදනය වෙන්ඩ ඕනෙ.ගොවියට හැමෝම කියන්නෙ කෘතිම
පොහොර අඩුවෙන් පාවිච්චි කරන්ඩ කියල.ඒත් පොහොර අඩුවෙන් ගැහුවහම අස්වැන්නත් අඩුයි.අස්වැන්න
අඩු වෙද්දි ගොවිය ජීවත්වීමේ ප්රශ්නයකට මැදිවෙනව.මොකද ගොවීන් වගා කරන්නෙ ණයට අරන් නැත්තන්
පොළියට අරන්.ගොයන් ගහ කපද්දි ණය කාරයො එතන.ඉතින් ගොවියට ණයයි පොළියයි ගෙවල අතට ගානක්
ඉතුරු කරගන්ඩ වැඩි අස්වැන්නක් ගන්ඩනන් රසායනික පොහොරම පාවිච්චි කරන්ඩ වෙනව"
අනුරාධපුර,පොළොන්නරුව,තඹුත්තේගම,කුරුණෑගල
ආදී ප්‍රදේශවල බොහෝ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වී ගොවිතැන යි.එනිසා වැඩි
ප්‍රතිලාබ ලබා ගැනීමක් උදෙසා ඔවුන් යොමුවීම වැදගත් වේ.එනිස කාබණික පොහොර විකල්පයක්
ලෙස යෝජනා කිරීම සාධාරන වන්නේ නැත.කාබණික පොහොර වලින් වගා කිරීමට නම් ඊට ගැලපෙන බීජ
නිශ්පාදනය විය යුතුය.එකී අවශ්‍යතාවය පූරණය නොවී ගොවියා කාබණික වගාවට යොමුකිරීමේ හැකියාවක්
නැත.
උතුරු මැද
දිස්ත්‍රික්ක වල පළාතේ බහුල ලෙස වකුගඩු රෝග උක්ත ප්‍රදේශවල දැක ගත හැක්කේද කාබණික පොහොර
භාවිතා කිරීමට නොහැකි වීමත්,ඒ නිසාවෙන් රසායනික පොහොර භාවිතා කිරීමත් නිසාය.
පසුගිය අලාභ.

ඒ අනුව
පසුගිය කාල සීමාවට වඩා වගාකරන ලද ගොවීන්ගේ ප්‍රමානය ඉහල ගොස් ඇති බව දැක ගත හැකිය.ඒ
හෙයින් පොහොර නොමැතිව අසරණ වී සිටින ගොවීන්ගේ ප්‍රමානය ඉහළය.
පොරොන්දු.
ගොවීන්
මේ මහ කන්නයේ වැඩ ආරම්භ කිරීමට පොරොත්තුව ඔවුන්ට පොහොර සහ මුදල් ලබාදෙන බව පොරොන්දු
ලබා දී ඇත.ඒ පිළිබඳව ඔවුන් අපට මෙසේ ප්‍රකාශ කළේය.” ගොවි සංවිධාන වල නියෝජිතයො,අදාල නිළධාරීන් පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධියක්ෂක ඔක්කොමල කීවෙ වැඩ කරල සති දෙක යද්දි පොහොර,පොහොර මුදල් දෙනව කියල.හැබැයි වැඩ කරල දැන් මාසෙකටත් වැඩී අද වෙනකන් කිසිම දෙයක් දීල නෑ. හැමදාම කියනව පොහොර ගන්ඩ සල්ලි දාල කියල.බැංකුවලනන් නෑ ඒ ගොල්ලන්ගෙ ගෙවල් වලනන් ඇති.
අපි හරි අසරණ වෙලා ඉන්නෙ.පොහොර ගන්ඩම තැනක් කොහෙවත් නෑ.රජෙන් හැමදාම ටීවී එකේ කියනව පොහොර දෙනව දෙනව ජියල ඒත් අපට දෙන්නෑ.,සල්ලිත් නෑ.”
ඔවුන්
නිළධාරීන් දී ඇති පොරොන්දු මත පදනම්ව වගාවන් ආරම්භ කර ඇත.ඒවා මේ වන විට මාසයක ම ඉක්ම ගොසින්ය,ඇතැම් ඒවාට මාසයකුත් දවස් විස්සද ගෙවී ගොසින්ය. ඇතැම් කුඹුරු වලට එක් වතාවක් පමණක් පොරොර යොදා ඇත.මොවුන් අතරින් වැඩිදෙනා මෙසේ ගොවිතැන් කර ඇත්තේ මුදල් ණයට හෝ පොළියට ලබා ගනිමිනි.ඒ නිසාවෙන් ඔවුන් මේවන විට මුහුණ දී ඇත්තේ දැඩි අසීරුතාවකටය.
අපට අතර
මඟදී හමුවූ ගොවියෙකු ද පොහොර ගැටලුව පිළිබඳ දොඩමලු විය.ඔහු සිටියේ පාපැදියක නැගී.මුදලක්
මිට මොළොවාගෙනය.ඔහු මෙසේ කීවේය.”පොහොර ගන්ඩ
සල්ලි අතේ තියාගෙන ඇවිඳිනව ඔහෙ නෑ. මම දැන් හැතැම්ම දහයකට එහා බයිසිකලේ පැද්ද. පොහොර ටිකක් ගන්ඩ තැනක් නෑ. බැංකුවට සල්ලි ඇවිල්ලත් නෑ.බැංකුවෙන් අහපුවහම සල්ලි නෑ කියනව.දැන් අපි මොකද කරන්නෙ මේකට. මේ සල්ලි වලින් වහ ටිකක් බීල නිදාගන්ඩ තමයි වෙන්නෙ.”
“අද
මගෙ මහත්තයො මේ,වැලිකැටයක් ගානෙ කඹුරනව,මට සල්ලි නෑ,ගෙදර කන්ඩ තිඹුන වී උරේ ගිහින් දීල තමයි කුඹුරට තෙල් ටික ගැහුවෙ.” ඒ හඬමින් අප වෙත ඔවුන්ගේ අවනඬුව කී තවත් ගොවි මහතෙකි. ඔවුන්ව මෙතැනට පත්කර ඇත්තේ වගකීම් විරහිත නිළධාරීන්ගේ පොරොන්දු සහ ක්රියා කලාපයන්ය.
කාළෙ පැනල.

වැඩි මිළට.
එසේම දිනෙන්
දින යෙදවුම් වල මිළ ද ඉහළ යමින් පවතී.ඒ පිළිබඳව ඔවුන් දරන්නේ මෙවැනි අදහසකි.
එක
ගොවියෙක්ට මෙහෙ දීල තියෙන්නෙ අක්කර දෙකයි.අක්කර දෙකට රුපියල් දහදාහයි දෙන්නෙ,ඒ කියන්නෙ පොහොර මිටි හතරයි.ඒත් වැඩි මිළට ගත්තොත් හතරක් ගන්ඩත් බෑ. සමහර කඩ වල පොහොර තියනව,ඒත් අඳුරන අයට විතයි දෙන්නෙ.මොකද වැඩිමිළට විකුණන හින්ද.පංගුවක් කඩවල රුපියල් දෙදාස් හයසීයයි,තසීයයි අටසීයි.ඒත් ඉතින් අඳුරන්නෙ නැත්තන් දෙන්නෙ නෑ. ගොවිජන සේවා එකට පොහොර ඕනෑ තරන් ගේන්නෙ නෑ.පොඩ්ඩක් ගේනව එක දවසින් ඉවරයි. දවසින් දවස මිළ වැඩී.පොහොර
කොට්ටෙ මිළ වැඩී,උඩලු තලේ මිල වැඩී,කෘමිනාශක මිළ වැඩී,වල් නාශක මිළ වැඩී එතකොට කම්කරු කුරී,හාන කුලී ගොවියට දරා ගන්ඩ බෑ
“ගිය
සැරේ නන් කෑ ගහල ගත්ත.මේ සැරේ කෑගැහුවෙ නැති හන්දද කොහෙද පොහොර නෑ. අපි දුන්න ඡන්ද අරගෙන ගිහිල්ල රඟපාන ඔය මිනිස්සුම තමයි අපිව නන්නත්තාර කරල,චාටර කරල ඉවර කරල තියෙන්නෙ.ගිය සැරේ අර අනාත
හාල් දුන්න.ඒ හාල් කනවට වඩා හොඳයි වහ ටිකක් කනව.මොන මාලු ගත්තත් ජිරි ජිරි ගගා හැපෙන්නෙ.ගොයමට ඕනෙ වෙලාවට තෙල් ටික නැත්තන්,ඕනෙ වෙලාවට වතුර ටික නැත්තන්,ඕනෙ වෙලාවට පොහොර ටික නැත්තන් ගොවිතැන් කරල වැඩක් තියනවද.”ඔවුන් සිතෙහි ඇති ආවේගය වචන බවට පෙරලයි.ඒ
අතර ඇතැමෙක්ගේ ඇස් තෙත්වේ.
“කන්න ගානක්
වී ඇටයක් ගත්තෙ නෑ. දැන් වඩකරන්ඩ ගත්තහම පොහොර නෑ.”
අක්කරයක් වගා කිරීම
සඳහා යන පිරි වැය
(දළ වශයෙන්)
v බිම් සැකසීමට රු.10 000
v බිත්තර වී රු
. 5 000
v කෘමිනාශක හා රු.
4 000
වල් නාශක
v පොහොර රු.
5 000
v යාන්ත්රික
(අස්වැනු නෙලීමට ) රු.10 000
v කෑම බීම රු. 7 000
v ශ්රමික පිරිවැය රු. 10 000
එකතුව රු.
මුලු දළ පිරිවැය (පොහොර
සඳහා අක්කරයකට රජය රු. 5 000 ලබාදේ)
රු.51 000- රු.5 000
= රු. 46 000.00
අක්කරයක ආදායම
(දළ වශයෙන්)
අක්කරයකින් ලැබෙන වී කිලෝ ප්රමානය - කි.ග්රෑ.2000
වී කිලෝවක සාමාන්‍ය වෙලඳ පොළ මිළ- රු.42
අක්කරයකින් ලබෙන දළ ආදායම - රු. 42* කිලෝ ග්රෑ. 2000
=රු.84 000.00
ගොවියාට ලැබෙන ශුද්ධ දළ ආදායම රු.84 000 - රු.46 000
=රු.38 000.00
(මේ
දත්ත වාර්ථාව සාදා ඇත්තේ ගොවියන්,ක්ෂේත්‍ර නිළධාරීන්ගෙන් ලබාගත් තොරතුරු මත හා වර්ථමාන වෙළඳපොල වී මිලඳී ගැනීමේ වටිනාකම් සලකමින්
ය.)
(රාවය පුවත්පතට ලියන ලද සංස්කරනය නොකරන ලද ලිපිය )
//ලංකාවේ දැනට ගොවීන්ට ලබාදෙන බීජ සුදුසු වන්නේ,එයින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ රසායනික පොහොර භාවිතා කරමින් වගාවන් සිදු කලොතින් පමනයක්.//
ReplyDeleteමේක තමයි ඇත්ත කතාව දැනට තියන බිජ රසායනික පොහොර නොදමා වගාකිරීම පහසු නෑ නමුත් කාබනික පොහොර සදහා සුදුසු බිජ වලින් නම් දැනට රසායනික පොහොර යොදමින් ලබන අස්වැන්නට සමාන අස්වැන්නක් ලබන්න පුළුවන් රසායනික පොහොර නොදමා.
A very good post
ReplyDelete