රටක් දියුනු වනවානම් ඒ රටෙහි සංවර්ධන ව්‍යාපෘතීන් ඇතිවිය යුතුය.ඒවා රටෙහි ඉදිරි ගමනට වැදගත් වනුයේ එම සංවර්ධන ව්‍යාපෘතීන් කොතෙක් දුරට මහජනතාවට ප්‍රයෝජනවත් වනවාද සහ රටහි ආර්ථිකයට උරදෙනවාද යන කාරණය මතයි.එසේම ඒ හරහා මහජනතාවට පීඩාවක් හා ජීවිත වලට ඛේදවාචකයක් නොවීමට වගබලා ගත යුතුය.එහෙත් දිගින් දිගටම අපට දක්නට ලැබෙන්නේ ජනතාවයේ ජීවිත අනතුරේ හෙලමින් සිදුවන ලබන සංවර්ධන ව්‍යාපෘතීය.පරිසර පනත් උල්ලංගනය කරමින්,රටේ ජීවනාලය බඳු වනාන්තර විනාශ කරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන් හරා සිදුවන හානිය කාලයත් සමඟ උග්‍ර වන ස්වරූපයට ඕනෑවටත් වඩා උදා හරන අප රට තුලින්ම ලබාගත හැකිය.