Friday, December 6, 2019

ක්ෂුද්‍ර මූල්‍ය උගුලට බිලිගත් වැලිඔයේ ජීවිත


රසික ගුණවර්ධන

පිළලයකින් ගසක් විනාශ කරන්නේ යම් සේද, එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළලයක් වී ගම්මාන විනාශ කරමින් සිටින්නේය. එහෙත් මේ වන තෙක් කිසිඳු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු මේ පිළලය විනාශ කොට ගම්මාන වල ජීවිත රැක ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඒ හෙයින් මේ පිළලය ගම් නියම්ගම් පුරා පැතිර යමින් සරුවට වැඩෙමින් පවතී.

Saturday, November 30, 2019

විකල්පය ජාජබයට බිලිවූයේද?


ජනතා විමුක්ති පෙරමුණ විසින් විකල්පයේ අපේක්ෂාව වසර ගණනකට නැවත පැළ නොවෙන ලෙසට කාබාසිනියා කර දමා අවසන්ය. දැන් මේ පොළොවේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් පැළවීමට තරම් තෙතමනයක් නැත. තිබූ තෙතමනය අනුර කුමාර දිසානායක උරා බීවේය.

Monday, March 12, 2018

රාජාංගනයේ අරගලය

පසුගියදා තඹුත්තේගම නගරයේදී පැවති ගොවි උද්ඝෝෂණයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පනස් නවදෙනා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. මොවුන්ගෙන් නවදෙනකු දින කිහිපයකට පෙර ද ඉතිරි පනස් දෙනා පස්වනදා ද මෙසේ ඇප ලබා සිටිති.

මෙසේ ගොවීන් අත්අඩංගුවට ගනු ලබන්නේ උසාවි නියෝගය කඩකරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලීසියට පහරදීම යන ප‍්‍රධාන චෝදනා ද්විත්වය යටතේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධව වීඩියෝ පට නරඹන විට පොලීසිය කි‍්‍රයාකරන ස්වරූපයේ අශීලාචාර ස්වාභාවයක් ගම්‍යවේ.
මේ සියල්ල පිළිබදව සොයා බැලීම සදහා අප රාජාංගනයට පියමන් කළෙමු. මේ ඒ රාජාංගනයේ කථාවයි.

Monday, March 5, 2018

කිරි ගොවියාගේ අර්බුධය


කිරි, බහුතරයකගේ උදෑසන ආහාර වේලේ ප්රධානතම අංගය යි.එහෙත් කිරි වීදුරුව නැවුම් එළකිරි වීදුරුවක් වන්නේ අතිශය කළාතුරකින් . නැවුම් කිරි සපයා ගැනීමේ අපහසුව,පිටි කිරි සෑදීමේ පහසුව වැනි කාරනා මෙසේ බහුතරය නැවුම් කිරි පරිභෝජනය අතහැර දැමීමට හේතු වී තිබේ.ලෝකයේ කිරි පිටි පරිභෝජනය කරන රටවල් සංඛ්යාව පළොවකි. රටවල් පහළොව අතුරින් ශ්රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේ . මේ ආකාරයෙන් ජනතාවගෙන් බහුතරය නැවුම් කිරි පරිභෝජනය අඩුකර ඇති විටක එය හරහා වැඩිම හානියකට නිරාවරණය වී තිබෙන්නේ කිරි ගොවියා ය.