Monday, March 12, 2018
රාජාංගනයේ අරගලය
මෙසේ ගොවීන් අත්අඩංගුවට ගනු ලබන්නේ උසාවි නියෝගය කඩකරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලීසියට පහරදීම යන ප්‍රධාන චෝදනා ද්විත්වය යටතේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධව වීඩියෝ පට නරඹන විට පොලීසිය කි‍්‍රයාකරන ස්වරූපයේ අශීලාචාර ස්වාභාවයක් ගම්‍යවේ.
Monday, March 5, 2018
කිරි ගොවියාගේ අර්බුධය
කිරි,
බහුතරයකගේ උදෑසන ආහාර වේලේ ප්‍රධානතම අංගය යි.එහෙත් ඒ කිරි වීදුරුව නැවුම් එළකිරි වීදුරුවක් වන්නේ අතිශය කළාතුරකින් ය. නැවුම් කිරි සපයා ගැනීමේ අපහසුව,පිටි කිරි සෑදීමේ පහසුව වැනි කාරනා මෙසේ බහුතරය නැවුම් කිරි පරිභෝජනය අතහැර දැමීමට හේතු වී තිබේ.ලෝකයේ කිරි පිටි පරිභෝජනය කරන රටවල් සංඛ්‍යාව පළොවකි.ඒ රටවල් පහළොව අතුරින් ශ්‍රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේ ය. මේ ආකාරයෙන් ජනතාවගෙන් බහුතරය නැවුම් කිරි පරිභෝජනය අඩුකර ඇති විටක එය හරහා වැඩිම හානියකට නිරාවරණය වී තිබෙන්නේ කිරි ගොවියා ය.
Monday, February 26, 2018
අපිටත් සවන් දෙන්න
මධ්‍යම අධිවේගී මාර්ගයට දේපළ යටවෙන මිනිසුන්ගේ කතාව
සංවර්ධන ව්‍යාපෘතියකින් ජනතාවට ප්රතිලාභ ලැබිය යුතුය. යම් සංවර්ධන ව්‍යාපෘතියක් තුළින් මහා පරිමාණයෙන් ජනතාව පීඩාවට පත්වෙත් නම් එය සංවර්ධන ව්‍යාපෘතියක් වේදැයි කුරුණෑගල වෙහෙරබැද්ද ගම්වාසීන් ප්‍රශ්න කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඔවුන්ගේ ජීවිත බරපතළ තර්ජනයකට ලක්ව ඇති පසුබිමකය. කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරද්දී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියන්නේ මේ අධිවේගී මාර්ගය දළඳා වඳින්නට යන මාර්ගය නිසා එය තැනීමට විරුද්ධ වීම මහත් පාපයක් බවයි.
Monday, February 19, 2018
මගේ විශ්වවිද්‍යාලය හිරගෙදර
Subscribe to:
Posts (Atom)



