නොවිදිමි සුවක් ඒ වැතිරෙන ඇසිල්ලේ
නොපතමි තවත් මෙය කරනට නිදැල්ලේ
සැමියා දමාගොස් දරුවන් තනිවන්නේ
ඇග මස් පුදාලයි දරුවන් මම රැක ගන්නේ
රුපියල් වලට මා මගෙ වත විකුනන්නේ
වයසත් අඩු නිසා ඉල්ලුම මට වැඩිවන්නේ
කාමය වරදවා මාමේ හැසිරෙන්නේ
පුංචි මගේ දරුවන් මෙය නෑ දන්නේ
මසකට වරක් පෝයට පංසල් යන්නේ
බුදු හිමි ලග වැද වැටිලා දුක පවසන්නේ
මසක් කරපු පවු ටික මා සෝදන්නේ
ඊලග පෝය තෙක් නැවතත් වැතිරෙන්නේ
කාකි නිල ඇදුම විත් මා වටලන්නේ
බැල්ලෙකු මෙන් පාරේ ඇදගෙන යන්නේ
අදුරු සිරකුටියෙ මා දැන් සිරවන්නේ
දරුවන් කෙසේදෝ රැ තනියම නිදියන්නේ
Tuesday, December 1, 2015
Sunday, November 15, 2015
එන්න අරගෙන අතීතේ..
සිහින සුපුරුදු දකින්නම් මම
තනි රකින්නට එනවනම් නුඹ
දූලි තැවරුනු අතීතය ගෙන
ගසා පොලෙවේ දමා විසි කර
සුමුදු සුසිනිදු අතී තේ
සීත තැවරුනු සමී පේ
සිතට දුක නැති නිමේ ශේ
එන්න අරගෙන අතී තේ
නීල පැහැදිගු කෙහෙරැ ලී
දල්ල නා මෙන් තොල් පෙ තී
හැඩට පද්දන උකුලෙ නී
බැන්ද පෙම තවමත් ඇ තී
හිතේ ලස්සන සිතිවි ලී
එකල තිබුනා මට දු නී
රැක්ක මුත් මා හොද හැ ටී
දෙන්න නැවතත් පෙම මෙ නී
ඇදෙන සිහිලැති සුලංදා රා
මගේ සියොලග විඩා කරව යි
ඔබේ සෙනෙහේ උනුසුමෙ න්
මගේ පෙම් සිත නිවී සනහ යි
එන්න නැවතත් පෙරදි මෙ න්
රැගෙන යන්නම් සන්තොසි න්
අසම්මතයේ පිහිටෙමි න්
ඉදිනු නැවතත් ප්‍රේමයෙ න්
Thursday, November 12, 2015
පෙති නැති මල
සිහිල නොමැති මගෙ වත්තේ
පිපුනි නෙලුම් මලක් සොදින
පොහොර තිබිනි වැස්ස ලැබිනි
නොමැති වුවත් නිල් ජල කද
සුවද ගොසින් සතර අතේ
බඹරු ඇදුනි සුවද දිගේ
මලක් නිසා සුවද සදන
පෙති මොලොක්ය සිනිදු සොදින
මල් බඹරුන් පියබාවිත්
මලේ පෙත්ත මත රැදෙත්ම
කෘතිම සුවද මලක් මවා
පැන්වූවෙමි උන් සැම දෙන
පෙති කන්නට මලේ නෙලුම්
ගොලුබෙල්ලෙකු ඈත සිටන්
එනවා මම නොදුටූවෙමි
මල් බඹරුන් සෙවූ හෙයින්
ඒ බෙල්ලා සෙමින් සෙමින්
මලේ නියම තැනට ඇවිත්
පෙති සිදලා වනසාලා
මලත් කැමති නිසා සොදින්
පෙති නැති දා මල් කුමටද
නටුවෙ සුවද නොමැති බැවින්
වට කරලා තැබුවත් මා
ගොලුබෙල්ලා පැමින ගොසින්
පෙති සිදලූ නමුත් මලේ
සුවද එලෙස තාම දැනේ.................
පිපුනි නෙලුම් මලක් සොදින
පොහොර තිබිනි වැස්ස ලැබිනි
නොමැති වුවත් නිල් ජල කද
සුවද ගොසින් සතර අතේ
බඹරු ඇදුනි සුවද දිගේ
මලක් නිසා සුවද සදන
පෙති මොලොක්ය සිනිදු සොදින
මල් බඹරුන් පියබාවිත්
මලේ පෙත්ත මත රැදෙත්ම
කෘතිම සුවද මලක් මවා
පැන්වූවෙමි උන් සැම දෙන
පෙති කන්නට මලේ නෙලුම්
ගොලුබෙල්ලෙකු ඈත සිටන්
එනවා මම නොදුටූවෙමි
මල් බඹරුන් සෙවූ හෙයින්
ඒ බෙල්ලා සෙමින් සෙමින්
මලේ නියම තැනට ඇවිත්
පෙති සිදලා වනසාලා
මලත් කැමති නිසා සොදින්
පෙති නැති දා මල් කුමටද
නටුවෙ සුවද නොමැති බැවින්
වට කරලා තැබුවත් මා
ගොලුබෙල්ලා පැමින ගොසින්
පෙති සිදලූ නමුත් මලේ
සුවද එලෙස තාම දැනේ.................
Wednesday, November 11, 2015
ඈ..
නගන කිංකිනි සිනහ නුබ මට
රගන රංගන ලැමකි තාලෙට
නැවුම් නාදල් තොල් පෙත්ත මත
වැතිර ගන්නට මටද අවසර
නීල පැහැ දිගු වරලසේ
සුලගෙ එතෙමින් පැද්දෙතේ
බමන මත්වන සුලං දාරා
මගේ සියොලගෙ දැවටෙතේ
සිහිං හැඩ ඇති උකුල දැකුමින්
තාලයට පා තබන රැගුමින්
නිසල දිය ඇති ගැබුරු විල්තෙර
නගයි දිය රැලි කුසුම් පිපෙමින්
ශේවේත පැහැගත් හංස යුවලක්
නා දල්ල මත වැතිරෙතේ
සිනහ තලමින් මුකුලු රාවෙන්
නිසල දිය මත කිමිදෙතේ
රගන රංගන ලැමකි තාලෙට
නැවුම් නාදල් තොල් පෙත්ත මත
වැතිර ගන්නට මටද අවසර
නීල පැහැ දිගු වරලසේ
සුලගෙ එතෙමින් පැද්දෙතේ
බමන මත්වන සුලං දාරා
මගේ සියොලගෙ දැවටෙතේ
සිහිං හැඩ ඇති උකුල දැකුමින්
තාලයට පා තබන රැගුමින්
නිසල දිය ඇති ගැබුරු විල්තෙර
නගයි දිය රැලි කුසුම් පිපෙමින්
ශේවේත පැහැගත් හංස යුවලක්
නා දල්ල මත වැතිරෙතේ
සිනහ තලමින් මුකුලු රාවෙන්
නිසල දිය මත කිමිදෙතේ
Tuesday, October 27, 2015
තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි
මෙය අප සමාජයේ කතාව නොවේ ද?....
එකෙකු මුලාකර තවෙකුගේ නැගිටීම,"සුමනසිරි පන්නිලහෙට්ටි" කවියා එය මනාව ගෙන හැර පායි...
එහෙත් දෙවනි කොටස බලන්න,නිරහංකාර ආයාචනයකි,අහිංසක ඉල්ලීමකි.එහෙත් නූතනයන් වන ඔබ මා උත්සහ වන්ත වෙනුයේ වෙනෙකෙකුගේ එල්ලී ඔහුව රවටා ඔහුගෙන් කඩා වඩා ගෙන පලා යමය..
එමෙන්ම පිරිමින් රවටා එල්ලෙන ගැහැනුද ගැහැනුන් රවටා එල්ලෙන පිරිමිද තුත්තිරි මල් ලෙස අප අතර සිටී
තුත්තිරි මල් සැබැවින්ම අගනේය...!!!
නෙලන කිසිවෙකු
නැති නිසා
මුලාකර
එල්ලෙමි ඇගේ
අනාත වූ මා
මගට ඇදදා
නොයන්
පින්වත් කුමරුනේ
තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි
එකෙකු මුලාකර තවෙකුගේ නැගිටීම,"සුමනසිරි පන්නිලහෙට්ටි" කවියා එය මනාව ගෙන හැර පායි...
එහෙත් දෙවනි කොටස බලන්න,නිරහංකාර ආයාචනයකි,අහිංසක ඉල්ලීමකි.එහෙත් නූතනයන් වන ඔබ මා උත්සහ වන්ත වෙනුයේ වෙනෙකෙකුගේ එල්ලී ඔහුව රවටා ඔහුගෙන් කඩා වඩා ගෙන පලා යමය..
එමෙන්ම පිරිමින් රවටා එල්ලෙන ගැහැනුද ගැහැනුන් රවටා එල්ලෙන පිරිමිද තුත්තිරි මල් ලෙස අප අතර සිටී
තුත්තිරි මල් සැබැවින්ම අගනේය...!!!
නෙලන කිසිවෙකු
නැති නිසා
මුලාකර
එල්ලෙමි ඇගේ
අනාත වූ මා
මගට ඇදදා
නොයන්
පින්වත් කුමරුනේ
තුත්තිරි මල- සුමනසිරි පන්නිලහෙට්ටි
සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ...නැවත අලුත් කියවීම ...sudu nenda ai gedora wehuwe
නොකලෙමි පිටු පෑමක්
කිමද මෙසේ වූ වෙනසක්
නොපෙනේ ඇගේ ඉකි බිදුම කිමද
අදහා ගන්නත් නොහැකිය
හදුනන මා නොහදුනෙන්නෙකු සේ
ඔබෙ පැලේ දොර වැසුනි මට
හදුනන්නෙකු පවා නොබයි අද මදෙස
මගේ සිතෙත් ඔබේ පැලෙත් මල් අද පර වීලා
කිමද මෙසේ වූ වෙනසක්
නොපෙනේ ඇගේ ඉකි බිදුම කිමද
අදහා ගන්නත් නොහැකිය
හදුනන මා නොහදුනෙන්නෙකු සේ
ඔබෙ පැලේ දොර වැසුනි මට
හදුනන්නෙකු පවා නොබයි අද මදෙස
මගේ සිතෙත් ඔබේ පැලෙත් මල් අද පර වීලා
Subscribe to:
Posts (Atom)