මදකට සිතන්න....ඔබ යම් රටක සුලුතරය වී බහුතරයෙන් පීඩා විදිනවා කියා....ඔබ කුමක් කරන්නෑද??....හරි මේක උන්ගේ රට කියා කට වහගෙන සිටිනවද...අයිතීන් දිනා ගැනීමට උත්සහ කරනවාද....අයිතීන් ලබා ගැනීමට උත්සහ කරනවා නොවේද?....ඉතින් දෙමල ජනාද කලේ එයම නොවේද?තමන්ට හිරිහැර පීඩා සිදුවන විට ඔවුන් ඉදිරියට ඒම සිදු නොවේද?....මෙයදුටු දමිල අන්තවාදීන් මොවුන් යුද්ධයක් කරා උසි ගැන්වුවේය...එහෙත් බහුතර දෙමල ජනයාගේ අවශ්‍යතාවය එය නොවීය....ඔවුනට අවශ්‍ය වූයේ ඒ අහිවූව ලබා ගැනීමය.......නායකයන්ට රැවටුනු ඔවුහු යුද්ධ කලහ....මිනිසුන් මැරුවේය...මා මෙහිදී කිසිඳු අවස්තාවක යුද්ධ කිරීම සාදාරනී කරනය හෝ....එල්ටීටීය සාදාරණී කරනය නොකරමි.....ඔවුන් අප මැරුවේය....අප ඔවුන් මැරුවේය....ජඩ වැඩකි..
මේ රජයේ හමුදාවක සේවය කල සහෝදරියකගේ අදහසකි...
""යුද්ධය නිමා විමට පෙර සිට හමුදා සේවයෙ නියුති කෙනෙකු ලෙස මා මේ යුද්ධය ජයග්රාහන කර නොව යුද්ධය නිමාවට පත් කරා ලෙස දකිමි.තවද මේය සැමරැමක් නොව සිහි කිරීමක් ලෙස දකිමි.යුද්ධ සමයේ ඒ බිහිසුනු මරණාසන්න අවස්තාවට ගොස් ඒ මොහොතේ සිතට දැනෙන දේ අත්විදපු කෙනෙකු ලෙස මේ රටට සාමය ගෙනෙන්න මියැදුනු සහෝදර සෙබලුන්ගේ හිත් වල ඒ මොහොතේ තිබු සිතුවිලි මගෙ හදවතට දැනුන අවස්තාවක් මටද ඇත.අපි කිසි දිනක ගරිල්ලා ක්‍රම ඉගෙන ගත්තේ නැ.අපට කිසි විටෙක පුහුණු විම් තුල එල්.ටී.ටි ඊ සංවිධානය පිළිබඳ වෛරය ගෙනෙන වීඩියෝ පටවත් ඔවුන් කෙරෙහි කෙන්ති ඇති කරන දෑ පෙන්නුවේ නැ.හැම විටම මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිස්සුන්ට සිරිමක්වත් නොකර ඔවුන්ව ආරක්ෂා කල යුතු බව සිහි තබා ගත යුතු බව උගන්වන ලදි.එහෙත් අපේ ප්‍රතිවාදීන් ලෙස යුද්ධ කර අය ගේ මනස තුල ඔවුන්ගේ උපදේශකයින් තැබුවේ සිංහලයින් පිළිබඳ වෛරයක් පමණි.වෙනස එතනයි.අද ඔය සංහිදියාවක් ගැන කතා කරන බෙහෝ පිරිස් හිතලා බලන්න.අදටත් ජිවත්ව සිටින ඔවුන් සංහිදියාවේ දෑත් දිගු කරනවා වෙනුවට කතා කරන වචනයක් තුල තිබෙන්නේ වෛරයකු පමණි.""
මෙහි ඇති පැහැදිලිම කරුන නම් යුද්ධයට හේතුව වෛරය බවයි....එහෙනන් කල යුත්තේ වෛරයට බෙහෙත් කිරීම නොවේද.....යුධ සැමරුම් පැවැත්වීමෙන් වෛරයට සහනයක් ලැබේද??
....මෙසේ සිතන්න ඔබේ හිතවතෙකු කවුරුන් හෝ මරා දමා ඔහුවමරා දැමීම වසරක් පාසා සමරනවා කියා....ඔබට කුමක් සිතේද?දැනේද?.....ඔබ තුල පැවති වෛරය සංසිදේද?...ඔවුන් කෙරෙහි ප්‍රමය හටගනීද?..............එසේ හෙයින් යුද්ධය සැමරීමෙන් පලක් තිබේද?
කථිකාව ඇත්තේ යුද්ධය අවසන් වූ පසුවය...අවසන් වූ යුද්ධය සැමරීම ගෝත්‍රික සංකල්පයක් යැයි මාගේ හැගීමයි......මහා ජාතිය ලෙස අප යුද විජයග්රහනය සමරමින් පාටි දානවා නම් පරාජිතයන්ටද එය සැමරීමට අවස්ථාවක් දිය යුතුය...
ඔවුන්ද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ අපද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ...එසේ නම් දෙපිරිසම ඔව්-නොවුන් වෙනුවෙන් සටන් කලහ......එසේ සටනක් නැවත ඇතිවිය යුතු නොවේ....එසේනම් අප කලයුත්තේ කුමක්ද?ඇතිවිය හැකි හේතූන්ට ප්‍රතිකාර කිරීම නොවේද?
[රසිකයා]
[විභාග කටයුතු හේතුවෙන් බ්ලොග් ලෝකයෙන් ඉවත් වීමට තීරනය කළත් එය ලෙහෙසි කර්තව්‍යක් නොවන බව වැටහුනි....ඒ හේතුවෙන් කාලසටහනක් පිළියෙල කොට ගතීමි...එහිදී බ්ලොග් සදහා දෛනිකව යම් කාලයක් වෙන්කර ගැනීමට හැකි විය..]
ReplyDeleteආන්ඩුවට විරෝධී ත්‍රස්ත සංවිධානයක් ඇතිවූවේ සුලු ජාතීන්ට වූ අසාධාරණ නිසාවෙන්ලු. සුලු හෝ මහා හෝ කියා ජාතියක් මින් ඉදිරියට නැතැයි කිව්වාට වැඩ සිදුවන්නේ කනපිටටය. ඉතින් අල්ලපු වැටේ ඉන්න දමිල ජනතාව සමග අපිට සතුටින් සිටිය හැකිනම් රටේම ඉන්න දෙමල ජනතාව සමගත් එසේ සිටියානම් ගැටලු නැත.
ReplyDeleteජයවේවා !!!
ඔබ සඳහන් කරන්නේ පසුගිය එල්ටීටී යුද්ධය පිලිබඳව නම් එය රජයට එරෙහිව නොව ජාතියකට එරෙහිව ඇතිවූවක් බව මාගේ විශ්වාසයයි.
Deleteඅනිවාරයෙන්ම.....අපි හැමදෙනාටම සහෝදර සහෝදරියන් ලෙස කල්ගෙවන්නට හැකිනම්...
මෙහෙම ගියොත් දුටුගැමුණු එළාර යුද්දෙත් සමර සමර ඉන්න එපැයි. තව කොයි කාලයක් මේ ආතල් ගන්න ඕනද..අලුතෙන් පටන්ගන්න අලුතෙන් හිතන්න එපැයි.
ReplyDeleteඅනිවාරයෙන්ම අලුතින්ම පටන්ගත යුතුව ඇත...දුටුගැමුනු ආදර්ශයක් කරගැනීම වටී
Delete//අවසන් වූ යුද්ධය සැමරීම ගෝත්‍රික සංකල්පයක් යැයි මාගේ හැගීමයි..//
ReplyDelete100% එකගයි..
දෙපැත්තේම මැරුණේ මිනිස්සු කියල අපේ සිංහ ලේ බවුද්දයන්ට තේරුම් ගන්ඩ බැරි එකනේ වැඩේ...
බොහෝ අයවලුන්ට මිනිසුන් වන්නේ ඔවුන් සිය ජාතියේ හෝ ආගමේ නම් පමණි...
Deleteආහ් කාලසටහනක් හැදුවානම් අවුලක් නෑ. මොනවා වුණත් හොඳට පාඩම් වැඩ කරන්න .
ReplyDelete//එසේ සටනක් නැවත ඇතිවිය යුතු නොවේ....එසේනම් අප කලයුත්තේ කුමක්ද?ඇතිවිය හැකි හේතූන්ට ප්‍රතිකාර කිරීම නොවේද?//
එකඟයි සීයට සීයක්!
බොහොම ස්තූතියි!!!!
Deleteමේ සටහන රැල්ලට නොයා උඹේ හිතේ අවංකවම ඇතිවුන සටහනක්නම් ,මම උඹට ඔළුව නමනවා.ඒ උඹලගේ පරම්පරාවේ ඉපදුන,යුද්දයේ අවසාන කාලය විතරක් දැකපු එවුන් කියන තකතීරූ කතා අහලා ඇතිවෙලා තිබුන ඔළුවට උඹ සැහැල්ලුවක් ගෙනාපු නිසා. කවුරු මොන විදිහට සාධාරනය කරන්න හැදුවත් යුඩ්දය කියන දේ ජරාවක්. ගූ ගොඩක්.ඒක බදාගන ඉන්න එවුන් ඊටත් වඩා ගඳයි.
ReplyDeleteපුළුවන්නම් "බිඳුණු තල් රුක" -රාජිණි තිරනාගම/ දයාපාල තිරණාගම
පොත කියවපන්.යුද්දයේ මුල්කාලය ගැන උඹේ හිතේ තියන ගොඩක් පැටලලි තැන් වලට උත්තරය හම්බවෙයි.
//උඹලගේ පරම්පරාවේ ඉපදුන,යුද්දයේ අවසාන කාලය විතරක් දැකපු එවුන් කියන තකතීරූ කතා අහලා ඇතිවෙලා තිබුන ඔළුවට උඹ සැහැල්ලුවක් ගෙනාපු නිසා//
Deleteසතුටුයි මචං ඇත්ත්ටම...........
Well said.
ReplyDeleteD.,
Deleteඑකඟයි.
ReplyDelete