එදා උදේ මමයි "දුමී" බ්ලොග් එක කරන දුමින්ද අයියයි කතාකරකර හිටියෙ කොහොමද අපි මේ අපේ සමාජයේ අපේම මිනිසුන්ට උපකාර කරන්නෙ කියල......අපි දෙන්නගෙ පොඩි අදහසක් තියනව සමාජසේවා සංවිදානයක් පවත්වාගෙන යන්ඩ....ඒ ගැන තමා එදා දවසම අපි කතා කරේ...පල්ලෙහෙයි කමෙන්ට් කරද්දි දුමින්ද අයිය ඒක සනාත කරයි...
අරණායක නාය යාම කොයි කවුරුත් දන්නවනෙ...ඒදා මම ගෙදර එද්දි ඔය විස්තරේ දන්නෙ නෑ .. කාල බීල ටීවී එක ඉස්සරහින් ඉඳගද්දි අම්ම කීව කෑගල්ල පැත්තෙ නාය ගිය කථාවක්...හැබැයි මට ඒගැන එච්චර සැලකිල්ලක් තිබ්බෙ නෑ...ඒත් ප්‍රවෘත්ති වලින් ඒගැන ප්‍රචාරය වෙද්දි දැනුනු හැගීම විස්තර කරන්ඩ ඇත්තටම අමාරුයි.
මට එතකොටම මතක් උනේ දුමින්ද අයියව...එයාටත් කතා කරල මේ වැඩේ කරන්ඩ වැඩ කටයුතු සැලසුම් කරා.... එවලේ ඉදන් මම දන්න හැමෝටම කථාකරල විස්තරේ කීව....ඒ අතරින් මගේ මිත්‍ර "ළහිරු" ක්ෂනිකවම ප්‍රතිචාර දැක්වීම ඇත්තටම හයියක් උනා....ඔහු මාත් එක්ක පැය ගනනක් මේ ගැන කථිකා කරා..කොහොම හරි අපෙ සංවාදය නිමා උනේ ඔහු කොහොම හරි මේකට මේකට සම්භන්ද වෙනව කියන පොරොන්දුව මත....
ඊට පස්සෙ මම අපේ සහෝදර බ්ලොග් කරුවන් ටික දෙනෙකුට විතරක් මේ විස්තරේ කීව මොකද....අනිත් අයට මාත් එක්ක සම්භන්ද වෙන්ඩ බැරිතරම් දුරක මම හිටපු නිසා....
අපේ මහේෂ් අයිය උදේම කථා කරා කතා...එයා ඒ වෙනකොට හිටියෙ පොළොන්නරුවෙ...(මතක විදිහට) මළගෙදරකට සහභාගි වෙලා...අජිත් අයියත්...සුමිත් (කමිය) ප්‍රතිචාර දැක් වුවා...ශ්‍රී ප්‍රභා (ලේ පාට හීන) අක්කත් කොළඹ හිරවෙලා ඉඳල දැකපු ගමන් ප්‍රතිචාර දැක්වූව...ඔයාල හැමෝටම ස්තූතියි....
කොහොම හරි දුමින්ද අයිය ගොඩක් වෙහෙස වෙලා ආධාර එකතු කරා....ගමේ ගොඩක් දෙනෙකුත් ආධාර කරා...චමින්ද අයිය....එඩ්න ඇන්ටිගෙ හස්බන්ඩ් අංකල්...ගොඩාක් අය උදව් කරා...ඒ අතරෙම මතක් කරන්ඩ ඕනෙ "චාරුක" සහ ඔහුගේ "පියාණන්ව" ඔවුන් තමයි ප්‍රවාහන අධාර දුන්නෙ....අපේ පියත් සහභාගි උනා....වාහනයේ රියදුරු ලෙස....ටැන්කූ වේවා ......
අපි අපේ ප්‍රථම ආධාර බෙදීම ආරම්භ කරල ආව....එහිදී දැනගත්ත වැදගත් දෙයක් උනේ
ඔවුන්ට කාන්තා යට ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අවශ්‍යතාවක් තිබෙන
බවයි....අපි එහි ගෙන ගිය සනීපාරක්ෂක තුවා එකසිය විසි ගනන හැරුනු විට වෙනත්
ඒවා තිබ්බෙ නෑ.....ඒ ගැන අජිත් අයියට කිව්වහම ඔහු මුදල් ආධාර දෙන්ඩ එවලේම
ඉදිරිපත් උණා....ප්‍රභා අක්කත් ද්‍රව්‍යමය ආධාර දෙන්ඩ ඉදිරිපත් උනා...බොහොම
ස්තූතියි.....
ඒත් පසුව කඳවුරට කතාකරහම දැනගත්ත ආධාර ද්‍රව්‍ය ඕනෑවටත් වැඩියෙන් ඇති
බව....ඉතින් මම අජිත් අයියට දැනුම් දුන්න මේ ගැන...ඔහුගේ ආධාරය වෙනත්
ස්ථානයකට ලබාදෙන ලෙස....ඒත් ප්‍රභා අක්ක කතා කරනකන් ඒ ගැන ඇයට දැනුම් දෙන්ඩ
බැරි උනා සොරි වෙන්ඩ ඕනෙ අක්කෙ...
කියන්ඩ අමතක උනා....සොරි වෙන්ඩ ඕනෙ....අපේ දුමින්ද අයිය යන්ඩ කලින් දවසෙ දර
පලන්ඩ ගිහින් පොරොව ඔලුවෙ වැදිල....ඒ හින්ද ඔහුට සහබාගි වෙන්ඩ
බැරිඋනා...ඒත් ඔහු හැමවෙලේම මට කතාකරල අවශ්‍ය උපදෙස් දීල දිරිමත් කලා බොහොම
ස්තූතියි අයියෙ......ඒ වගේම විශාල ආධාර ප්‍රමානයක් එකතු කරල
දුන්න..දුමින්ද අයියගෙ උපදෙසක් මත පොඩි අයට සෙල්ලම් බඩු වගයකුයි බැලුම්
වගයකුයි අරන් ගියා ගියා..තව ඉතුරු උන සල්ලි වගේකින්(අම්ම දුන්න) ටොෆී වගයක්
අරන් ගියා...මේ හැම එකක්ම බෙදල දෙද්දි පොඩි එවුන්ගෙ මූනු වල ඇතිවුනු සතුට
වචනෙන් විස්තර කරන්ඩ බෑ..
කොහොම හරි මගේ බලාපොරොත්තුවක් තියනව විභාගය ඉවර උනහම ආය ඒ පැත්තෙ ගිහිල්ල ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලන්න...සහ සමාජසේවා සංවිදානයක් පටන් ගන්ඩ..
සුදු පාට අත් කොට එකක් ඇදන් ඉන්නෙ "ළහිරු" සුදු අත් දිග "රුවින්ද" රතු අත්කොට "චාරුක" අනෙක "මම" අනෙත් කෙනා අපෙ අප්පච්චි..
රසිකයා.
රසික සැබෑ ලෙසම වෙසක් සමරලා තියෙනවා . රසිකටත්, උදව් කරපු හැම කෙනෙක්ටමත් හිස නවා ආචාරය පුද කරනවා. එකතු වෙන්න බැරි වුණාට දුකයි!
ReplyDeleteබොහොම ස්තූතියි......අපි ආය වැඩකට සෙට් වෙමු....
Deleteමතක විදියට කියන්නෙ මම මළ ගෙදර තමා මලේ හිටියෙ. අපේ බාප්ප(පිය තුමාගේ මල්ලි) මිය ගියා. ඔයාගෙ මැසෙජ් එක දැක්ක වෙලාවෙ මයි කතා කලේ.වචනෙකින් මිසක් වෙන අයුරකින් සම්බන්ධ වෙන්න බැරි වුණ එක ගැන කණගාටුයි. සියල්ල හැකි අයුරකින් සහ උපරිමයෙන් ඉතාම හොදට සිද්ධ වෙලා තියෙනව දකිනකොට සන්තෝසයි..
ReplyDeleteජයෙන් ජය මලේ
පොළොන්නරුවෙද ත්‍රිකුණාමලේද ඉන්නව කීවෙ බං.....මට ඔය දෙක පැටලෙනවනෙ....හැක්..හැක්....ඒකයි මතක විදිහට කීවෙ.......ටැන්කූ වේවා මහේෂ් අයිය...
Deleteහොඳ වැඩක් රසික මල්ලි. වෙසක් වල ඇත්ත තේරුම තමා මේ.
ReplyDeleteබොහොම ස්තූතියි අක්ක......ඔයාගෙ ආධාරත් වෙනත් තැනකට යොමු කරන්ඩ ඇති කියල හිතනව...
Deleteනියමයි පුතා, ලංකාවේ හිටියනම් අනිවා මමත් එනවා...
ReplyDeleteබොහොම ස්තූතියි.....
Deleteඔව්, රසික මල්ලි. ඇත්තටම එදා එන්න බැරිවීම ගැන කනගාටු වෙනවා. ඒත් රසික ඒ වැඩ ටික හොදින් කරලා තිබ්බා. අන්තිමේට අපි හිතපු දේ කොහොම හරි කරා කියලා පොඩි සතුටක් දැනෙනවා. රසික කිව්වා වගේම උදව්කරපු හැමෝටම පින්.
ReplyDeleteජයවේවා !!!
සාර්ථකත්වයට හේතුව ඔබගේ මග පෙන්වීම...
Deleteඔවැනි හැගීම් ඇති අයයි අඩු. එඩිතර හැගුම්.. ජය
ReplyDeleteබොහොම ස්තූතියි දේශෙ...
Deleteමමත් ගංවතුරට යට වෙලා හිටියේ, රාජකාරිමය වශයෙන් මටත් හැකි උනා ඒ කොළඹ ප්‍රදේශයේ අවතැන් වූ අයට සහයෝගය දෙන්න. මල්ලිගේ උත්සාහය අගය කරනවා. ඉස්සරහටත් මෙවනි දෑ කරන්න හැකියාව ලැබෙන්න ඕනා.
ReplyDeleteබොහොම ස්තූතියි අයිය...
Deleteමනුස්සකම පිරුණු හිත් වලට වරදින් නැ මේ පින ඇත්ති විබාගේ ගොඩයන්න
ReplyDeleteතෙරුවන් සරණයි..!!