Saturday, April 30, 2016
කහ රෙදිකාරයෝ
සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතුය.එම මාර්ගය අනුගමනය කල යුතුය.ගමේ ගොඩේ කථාවට අනුව තාත්ත වගේ නැති වුන්ට තාත්තගේ දරුවන් යැයි කියනු නොලැබේ.ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ.ඉදින් ඔවුන්ට කිව හැක්කේ කහ රෙද්දක් පොරොවා ගත්ත වුන් කියාය.රෙද්දක් පොරොවා ගන්නවාට වඩා ඔබට එයින් කලිසමක් හා කමිසයක් මසා ඇඳ ගැනීම වඩාත් පහසු වනු ඇත..වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?බැදී සිටින්නේ ඇලී සිටින්නේ ලෞකික වස්තූන්ට නොවේද?බුදුන් වහන්සේ භික්ෂූන්ට මුදල් භාවිතය අකටයුත්තක් යැයි දේශනා කර ඇති බව නොදන්නේද?නැති නම් බුද්ධ දේශනාව ගනන් ගන්නේ නැතිද?කාමසුකල්ලි කානු යෝගය බැහැර කල බව නොදන්නේද?උගෙන නැතිද?අන්‍යාගමිකයන් හදන්නේ කුමකටද?ඔවුන්ට ගරහන්නේ කුමකටද?උන්ට පාඩුවේ ඉන්ට දෙන්නෑ නැතිද?බුදු රජානන් වහන්සේ එසේ කල එක අවස්තාවක් පෙන්වන්න.බුද්ධ දර්ශනය විනාශ කරන්නෑ ඔබලාය.කරන්න යැයි අනුදැන වදාල දේ නොකරති....නොකරන්නයැයි අනුදැන වදාල දේ කරති...බුද්ධ දේශනා පඩේකටවත් ගනන් නොගන්නේ නුඹලාය.මහණ වෙන්ඩ පටන් ගත් තැන සිටම.නිකාය ලෙස භෙද වන්නේ නුඹලාය.දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නොව හාමුදුරු වේශයෙන් සිටින කහරෙදි කාරයෝය.මෙය ලීවේ බොග දමන්න්ට පැමිනි ඔබ වැනි කහ රෙදි කාරයන්ටය.ලෞකික සතුට සොයන ඔබට හැකිනම් පිළිතුරු දෙන්න නැතිනම් පලා යන්න....
Thursday, April 28, 2016
මොකක්ද එකක්
එල්ලෙන්ඩ හිතයි මට
ඔබ සිහිවන තෙක්
ඇවිදින්ඩ හිතයි මට
ඔබ හමුවන තෙක්
වැලපෙන්න හිතයි මට
ඔබ හිනැහෙන තෙක්
සමුගන්ඩ හිතයි මට
ඔබ බහ දෙන තෙක්.........
නටාලියා ඔබ..
රෝස කුසුමේ..
පූර්නිමා ඔබ..
සුදු පිච්ච කුසුමේ....
ඉතින්..
සින්ඩරෙලා විය නොහැකිද..
ඉගිලෙන්ට හිතයි මට
ඔබ පිහිනන තෙක්
දිව යන්ඩ හිතයි මට
ඔබ ඇවිදින තෙක්
සිප ගන්ඩ හිතයි මට
ඔබ නලියන තෙක්...
ඒත් මට...
මොකුත් නෑ....
ඔබ සිහිවන තෙක්
ඇවිදින්ඩ හිතයි මට
ඔබ හමුවන තෙක්
වැලපෙන්න හිතයි මට
ඔබ හිනැහෙන තෙක්
සමුගන්ඩ හිතයි මට
ඔබ බහ දෙන තෙක්.........
නටාලියා ඔබ..
රෝස කුසුමේ..
පූර්නිමා ඔබ..
සුදු පිච්ච කුසුමේ....
ඉතින්..
සින්ඩරෙලා විය නොහැකිද..
ඉගිලෙන්ට හිතයි මට
ඔබ පිහිනන තෙක්
දිව යන්ඩ හිතයි මට
ඔබ ඇවිදින තෙක්
සිප ගන්ඩ හිතයි මට
ඔබ නලියන තෙක්...
ඒත් මට...
මොකුත් නෑ....
Sunday, April 24, 2016
පෙට්ටිය කැඩිලද?
රටක් ලෙස ඉදිරියට යාමටත්,සංස්කෘතික හර පද්දතිය රැක ගැනීමටත්,සභ්‍යත්වය හා සදාචාරය පලුදු නොවීමටත් අප පෙට්ටිය රැක ගත යුතුය..
වසර දෙදහස් පන්සීයකටත් එපිට ඉතිහාසයකට උරුමකම් කියන අප එදා සිට අද දක්වාම පෙට්ටිය රැකගත වූවෝ වෙති..කිසිඳු පලුද්දක්,බ්ඳීමක් හෝ වීමට නොදී අප එය රැක ගත්තේ දිවි හිමියෙනි...පර දේශක්කාර ආක්‍රමනිකයින් විටින් විට පැමින අපේ පෙට්ටිය කැඩීමට බොහෝ අවස්තාවල උත්සහ ගත්තේය...එහෙත් අප රටේ සිංහල ජාතියේ තිබූඅභීත භාවය හා නිවහල්භාවය නිසා ඒවා වැලකී ගියේය..ජාතීන් අතර සමගිය වර්දනය කිරීමෙහිලා පෙට්ටිය සිදු කරන්නේ අමිල මෙහෙවරකි....සිංහල,දෙමළ,බර්ගර්,
බලන්ඩ අපේ හාංදුරුවනේ..දැන් මේ පාලන ක්‍රමය හා ජත්‍යන්තර අත පෙවීම් හින්ද පෙට්ටියට කොච්චර අකටයුතුකම් සිදුවෙනවද කියල..පලුදුවීම්...ඒ එක්කම මේ විනාශ වීමෙක්ක ජාත්‍යන්තර කුමන්ත්‍රන...මේ හැම දෙයක්ම සිද්ද වෙනව...අපේ අවුරුදු දෙදාස් පන්සීයක් පැරනි මේ පෙට්ටියට සිද්ද වෙන මේ අකටයුතුකම් අපි කොහොමද ඉවසන්නෙ හාංදුරුවනේ...මේව තමා සැබෑ ජාත්‍යන්තර කුමන්ත්‍රන.....අපේ කාලෙනන් මේ වගේ උනෙ නෑ.....ඔබ සැමට සුභ අනාගතයක්!
ඔව් මේ හැමදෙයක්ම වෙන්නෙ සහෝදරවරුනි ධනවාදය තුල මේ පෙට්ටිය ආරක්ෂා කරගන්ඩ ඕනෙනන් අපි කල යුත්තෙ රටක් ලෙස සමාජවාදයට පිවිසීම.. වංචා දූශන නැති කරල..හොරුන් හිරේයවල නව ක්‍රමයකින්...අලුත් පාලකයන්ගෙන් මේ රට නැවත ආරම්බ කරන්ඩ ඕනෙ..සහෝදරවරුනි අපි අපේ හෘදශාක්ශියට අනුව කටයුතු කරන්ඩ ඕනෙ..නැත්තන් අපිට පෙට්ටිය ආරක්ශා කරගන්ඩ වෙන්නෑ...පසුගිය පවුල් පලනය අපේ මේ පෙට්ටිය කෑව....ඒක සමූහ දූෂණය කරා....අපි රටක් විදිහට,ජාතියක් විදිහට නැවත මේ පවුල්පාලනය නැවත හිස එසවීම නවත්වන්ඩ ඕනෙ...නැත්තන් සිද්ද වෙන්නෙ පසුගිය වසරවල වගේම නැවත නැවත පෙට්ටිය කැඩීම...
මම...මේ..ගිය රජයෙන් පිටතට ආවෙ පෙට්ටියට සිද්ද වෙච්ච පලුදුවීම් ඉවසගන්ඩ බැරුව...ඔවුන් පෙට්ටිය අසීමිතව විනාශකරා...ඒක හින්ද මම හිටං ම තීරනය කරා රජයෙන් ඉවත්වෙන්ඩ...නැතුව මම අයින්වුනෙ අගමැතිකම නැති නිසාවත් වෙනමුකුත් හින්ද නෙවේ...පෙට්ටිය කැඩෙන හින්ද.....ඒව මට වාවන්නැති හිංද හිටං....මම මේ ලඟදි පත්තරේ දැක්ක කවුද එකෙක් ඇගිල්ල ගහල හිටං පෙට්ටිය කඩන්ඩ හදල කියල..ඔය වගේ උන්ට තලන්ඩ ඕනෙ මඩු වලිගෙන් හිටං..අපි රජයක් ලෙස මිත්‍රවරුනි පෙට්ටිය රැකගන්ඩ ඔබ තමුන්නාසේලා ඉස්සරහ පොරොන්දු වෙනව....ඒ වගේම මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනව පහුගිය පාලන සමයේ පෙට්ටියට වැරදි සිද්ද කරපු සියල්ලන්න්ටම හිටංම නීතීය ක්‍රිරියාත්මක කරනව කියල..තෙරුවන් සරණයි!
දැන් මට කියන්ඩ කොයි රටේ පෙට්ටියටද හානිවෙලා නැත්තෙ කියල.....ගිය සුමානෙ ඇමරිකාවෙ පෙට්ටියක් කැඩූන්න....ඊට ඉස්සල්ල එන්ගලන්තෙ පෙට්ටියක් කැඩුන....ඕව ප්‍රශ්නද.......මේ රටේ මාධ්‍ය වලට වෙන මුකුත් නැද්ද කතා කරන්ඩ....පහුගිය රජයෙන් කොච්චරනන් පෙට්ටියට ඇගිලි ගැහුවද...ඒ කාලේ ඔය මාධ්‍ය කොහෙද හිටියෙ කියල අහන්ඩ මම කැමතියි....කොහොම උනත් මම මෙතන ප්‍රකාශ කරන්ඩ කැමතී පහුගිය රෙජීමය කරපු විනාශ වලට ඔඋන්ට අනිවාරෙන් නීතිය ක්‍රියාත්මක වෙනව කියල..
යේක හරියනෑ..දෙමළ ජනතාවට වෙනම පෙට්ටියක් ඕනෙ..අපිට නිදහසේ යැගිලි ගහන්ඩ පුලුවන් එක්කක්..අනිත් යෙක උතුරු ගනතාවගෙ කානු දෙක සුද්ද කරල දෙන්ඩ ඕනෙ....නැතීනම් අප ජාතිඅන්තරයට යන්පෙට්ටි වලට රජයෙන් විවිද කරදර පැමිනෙනව...අපේ පෙට්ටිය රැක ගන්ඩ සියලුම දෙමළ ජනතාව පෙලගැසී ඉන්නව...අනිත් යෙක මේ ඉන්න යමුදාව දෙපැත්තෙ ඩ සූදානම්
මේකට ශරියා ලෝ එක ඕනෙ...එහෙම නැතුව බොක්ස් එක ආරක්ශා කොරන්ඩ බෑ...එක එක අන්තගාමී සංවිධාන විවිද කතා කියනව...කවුරු කොහොම කීවත් අල්ලා දෙවියන්ගෙ දහම පෙට්ටිය ගැන කියල තියනව...කවුරු හරි කියනවන්න් මුස්ලිම් ජනයා පෙට්ටි කඩනව කියල මම ලැස්තියි එයාට මම අභියෝග...මාත් එක්ක විවාදෙකට එන්ඩ කියල..
අපි හැමෝම රවුම් කරන
කියන්ඩ බැරි කඩන්ඩ බය
පෙට්ටිය
Monday, April 18, 2016
පුංචි දොල....
පුංචි දොළේ හීතල වතුර, ගල් කැට අස්සෙන් පීනල යද්දි හරි අපූරුවට සද්දකරනව,ඒ එක්කම චූටි චූටි පෙණ කැටි තැනින් තැන මතු කරන්නෙ දොළ බලන්ඩ එන අපිත් එක්ක හාදකම් පාන්ඩ,...පුංචි නගා කැමතිම දොළේ ඉවුරෙ ඉදන් කකුල් දෙකෙන් ඒ පෙණ බිංදු වලට කිතිකවන්ඩ.පුංචි පෙණ බිංදු නගාගෙ පුංචි කකුල් එක්ක හාදකම්පාද්දි අපූරුයි.
පුංචි උනත් දොල හරි අපූරුයි...කුඹුරු වලට වතුර දෙන ගමන්ම පහල වැවටත් වතුර දෙනව.හැබැයි ඉතින් කුඹුරු වලට දීල ඉතුරු උනොත් විතරයි.
බඩ පිරෙන්ඩ කන්ඩ නැති වුනු දවසට මායි නගයි දොල ලඟට එනව.වතුර බීල බඩ පුරවගන්ඩ නෙවෙයි..වතුර බලල හිත පුරව ගන්ඩ...හරි අමුතුයි නේද?..ඔව් අපේ ජීවිත හරි අමුතුයි..ඔය කොලඹ ජීවිත වගේ නෙවෙයි....................කවද හරි දිවුල් කොච්චි එක්ක තලල කාල තියනවද..නෑ නේද??..හරි රහයි...හබරල කොල..බාග වෙලාවට කාල ඇති..කොට බිම්මල්...පිදුරු බිම්මල්...ඔය කඩෙන් ගේන ඒව වගේ නෙවෙයි...හරි රහයි...කොහොම හරි මම ආසම හත්මාළුවට හැමදාම නෑ...අවුරුදු කාලෙට විතරයි...ඒක එක්ක බත් හැලියක් උනත් ගිල්ලැහැකි..කජු,තම්ම්පලා,වට්ටක්කා,බටු,අලු කෙහෙල්,කොස් ඇට,මෑ...ඕව තමයි හත් මාලුවට ගන්නෙ..දන්නවද හදන විදිහ?......ඉස්සල්ලම කජුයි කොස් ඇටයි තැම්බෙන්ඩ අරිනව.....ඊට පස්සෙ එලවලු කපල ඒකට දානව...ඒකටම මිරිස් තුනපහ දාල තැම්බෙද්දි මිටි කිරිත් දාල බාගන්නව.....හොද උකුවට එනව.හත්මාලුව හදන දවසට බඩ පිරින්ඩ කන්ඩ තියනව...මොකද අවුරුදුනෙ...
ඒ දවස් වලට සරමකුයි බැනියමකුයි හම්බෙනව.නගත් ලස්සන ගවුමක් අදිනව..එදාට අපි ඉස්සල්ලම බලන්ඩ යන්නෙ පුංචි දොල...දොලත් හරි ලස්සනයි...අලුත් අඳුම් ඇදල..හැම තැනම රුක් අත්ත්න මල් දොලටත් අවුරුදු අපිටත් අවුරුදු..
එදාට නගා දොලට කකුල දාන්නෙවත් ඉවුරෙ ඉද ගන්නෙවත් නෑ...මල් පෙති පොඩි වෙයි කියල නෙවෙයි....ගවුම කිලිටි වෙයි කියල බයට...අවුරුද්දට අපිට තෑගි දෙන්නෙ දොලෙන්...නගා ඉහල ඉවුරෙ රුක් අත්ත්න ගස් වලින් මල් මාලයක් ගොතන් එනව...,මම කවදාවත් දැකල නෑ ගොතන හැටි....මම එතකන් දොලෙන් ලස්සන පුංචි ගල් හොයනව...නගාට දෙන්ඩ.වතුර එක්ක හැප්පිල හැප්පිල රවුම් වෙච්චි ගල්....කලු පාටයි දුඹුරු පාටයි....හරි අමුතු ගල්...නගා හරි ආසයි ඒවට...නගාගෙ මල් මාලෙ දොලේ පා කරල නගාට රවුම් ගලක් දෙනව....හරි අපූරුයි...දැන් හරි අමුතුයි....ඔය සිරිත අපි ගොඩක් කල් කරා ,නගා ගෙට වෙනකන්.....ඊට පස්සෙ නගා මාත් එක්ක කරක් ගහන්ඩ ආවෙ නෑ...යන යන තැන ගියේ මම තනියම...අන්තිමට සිරිතත් මග ඇරිල ගියා....
දොල......පුංචි දොල අපි එනකන් බලන් ඇති.......හැමදාම.........විශේෂයෙන් අවුරුද්දට......පුංචි දොල....

Subscribe to:
Posts (Atom)