එල්ලෙන්ඩ හිතයි මට
ඔබ සිහිවන තෙක්
ඇවිදින්ඩ හිතයි මට
ඔබ හමුවන තෙක්
වැලපෙන්න හිතයි මට
ඔබ හිනැහෙන තෙක්
සමුගන්ඩ හිතයි මට
ඔබ බහ දෙන තෙක්.........
නටාලියා ඔබ..
රෝස කුසුමේ..
පූර්නිමා ඔබ..
සුදු පිච්ච කුසුමේ....
ඉතින්..
සින්ඩරෙලා විය නොහැකිද..
ඉගිලෙන්ට හිතයි මට
ඔබ පිහිනන තෙක්
දිව යන්ඩ හිතයි මට
ඔබ ඇවිදින තෙක්
සිප ගන්ඩ හිතයි මට
ඔබ නලියන තෙක්...
ඒත් මට...
මොකුත් නෑ....
අනින්න හිතයි මට
ReplyDeleteහිස හිල්වෙන තෙක්
කොනිත්තන්න හිතයි මට
කන ගැලවෙන තෙක්
සමුගන්නේ නැතිව ඉක්මනින්ම එයාගෙන් "බහ" ගන්න උත්සාහ කරන්න.
හැබැයි එක්කෙනයි හොදද !
ජය වේවා !
එයා තාම දැකලවත් නෑ...හැක්..හැක්...
Deleteඑත් මට මුකුත් නෑ ... මරු
ReplyDeleteඔව් ඔව් මොකුත් නෑ.....ටැන්කූ වේවා
Deleteඒත් මට...මොකුත් නෑ....?????????
ReplyDeleteඅප්පොච්චියේ රසිකයො...මට තේරෙන්නෑ. කටුස්සයි මෙයයි දෙකම එකයි. කියල දාන්ටකො අප්ප.
හැක්....හැක්..
Deleteඅරුණැල්ල ලෙසින්
ReplyDeleteතුරු කුසුම් පුබුදී
ගඟුලැල්ල ලෙසින්
සිහිලසින් සුවදී
හිත ඇල්ම දෙමින්
නුඹ වෙතට නතුවී
පවනැල්ල ලෙසින්
හොරැහින්ම දැවටී...
මෙන්න රසිකයත් පෙම් කවි ලියනෝ....
අපූරුයි මලේ...
ටැන්කූ වේවා........(ලැජ්ජාවෙ බෑ...):P
Delete////සිප ගන්ඩ හිතයි මට
ReplyDeleteඔබ නලියන තෙක්.../////////
නලියන තෙක් සිපගන්න කවුද බං ආස නැත්තේ :
'ඩ'යන්නෙන් ක්‍රියාවක් අවසන් කිරීම රසිකගේ හුරුවද? නැත්නම් ඒ ස්ටයිල් එකද...සමහර තැන්වල 'ට' යන්නෙනුත් ඉවරකරනවා. ඩ යන්න ට යන්නට වඩා න යන්න තමයි මට නම් හුරු.
ආසයි බං...හිටපු එකත් නෑ..එකක් හොයන ගමන්...හැක් හැක්...
Deleteමම හිතන්නෙ හුරුව....උඹ කියනකන් මාත් ඒවගක් දැනන් හිටියෙ නෑ බං...