පුංචි උනත් දොල හරි අපූරුයි...කුඹුරු වලට වතුර දෙන ගමන්ම පහල වැවටත් වතුර දෙනව.හැබැයි ඉතින් කුඹුරු වලට දීල ඉතුරු උනොත් විතරයි.
බඩ පිරෙන්ඩ කන්ඩ නැති වුනු දවසට මායි නගයි දොල ලඟට එනව.වතුර බීල බඩ පුරවගන්ඩ නෙවෙයි..වතුර බලල හිත පුරව ගන්ඩ...හරි අමුතුයි නේද?..ඔව් අපේ ජීවිත හරි අමුතුයි..ඔය කොලඹ ජීවිත වගේ නෙවෙයි....................කවද හරි දිවුල් කොච්චි එක්ක තලල කාල තියනවද..නෑ නේද??..හරි රහයි...හබරල කොල..බාග වෙලාවට කාල ඇති..කොට බිම්මල්...පිදුරු බිම්මල්...ඔය කඩෙන් ගේන ඒව වගේ නෙවෙයි...හරි රහයි...කොහොම හරි මම ආසම හත්මාළුවට හැමදාම නෑ...අවුරුදු කාලෙට විතරයි...ඒක එක්ක බත් හැලියක් උනත් ගිල්ලැහැකි..කජු,තම්ම්පලා,වට්ටක්කා,බටු,අලු කෙහෙල්,කොස් ඇට,මෑ...ඕව තමයි හත් මාලුවට ගන්නෙ..දන්නවද හදන විදිහ?......ඉස්සල්ලම කජුයි කොස් ඇටයි තැම්බෙන්ඩ අරිනව.....ඊට පස්සෙ එලවලු කපල ඒකට දානව...ඒකටම මිරිස් තුනපහ දාල තැම්බෙද්දි මිටි කිරිත් දාල බාගන්නව.....හොද උකුවට එනව.හත්මාලුව හදන දවසට බඩ පිරින්ඩ කන්ඩ තියනව...මොකද අවුරුදුනෙ...
ඒ දවස් වලට සරමකුයි බැනියමකුයි හම්බෙනව.නගත් ලස්සන ගවුමක් අදිනව..එදාට අපි ඉස්සල්ලම බලන්ඩ යන්නෙ පුංචි දොල...දොලත් හරි ලස්සනයි...අලුත් අඳුම් ඇදල..හැම තැනම රුක් අත්ත්න මල් දොලටත් අවුරුදු අපිටත් අවුරුදු..
එදාට නගා දොලට කකුල දාන්නෙවත් ඉවුරෙ ඉද ගන්නෙවත් නෑ...මල් පෙති පොඩි වෙයි කියල නෙවෙයි....ගවුම කිලිටි වෙයි කියල බයට...අවුරුද්දට අපිට තෑගි දෙන්නෙ දොලෙන්...නගා ඉහල ඉවුරෙ රුක් අත්ත්න ගස් වලින් මල් මාලයක් ගොතන් එනව...,මම කවදාවත් දැකල නෑ ගොතන හැටි....මම එතකන් දොලෙන් ලස්සන පුංචි ගල් හොයනව...නගාට දෙන්ඩ.වතුර එක්ක හැප්පිල හැප්පිල රවුම් වෙච්චි ගල්....කලු පාටයි දුඹුරු පාටයි....හරි අමුතු ගල්...නගා හරි ආසයි ඒවට...නගාගෙ මල් මාලෙ දොලේ පා කරල නගාට රවුම් ගලක් දෙනව....හරි අපූරුයි...දැන් හරි අමුතුයි....ඔය සිරිත අපි ගොඩක් කල් කරා ,නගා ගෙට වෙනකන්.....ඊට පස්සෙ නගා මාත් එක්ක කරක් ගහන්ඩ ආවෙ නෑ...යන යන තැන ගියේ මම තනියම...අන්තිමට සිරිතත් මග ඇරිල ගියා....
දොල......පුංචි දොල අපි එනකන් බලන් ඇති.......හැමදාම.........විශේෂයෙන් අවුරුද්දට......පුංචි දොල....
උඹේ ලියැවිල්ලේ උඹේ ම ආරක් හැදෙනවා කියලයි දැනෙන්නේ... ඒකට ඉඩ දෙන්න.... මචං හැකිනං අකුරු ටිකක් ලොකු කරලා පරතරය පොඩ්ඩක් තියලා... කියවන්නාට පහසු කරන්න......
ReplyDeleteජයවේවා
බොහොම ස්තූතියි කුරුටු...හෙට උදේට අනිවාරයෙන්ම.....
Deleteහබරල කොල.. තොට වට පයිත්තියංද.. හබරල කෑවොත් කට කහල කහල වණ වෙලා මඟුලක් වෙයි..
ReplyDeleteඒවට කියන්නෙ පුතේ කිරි අල නැත්තං දේසාල. තව ජාතියක් තියෙයි වෙල් අය්නෙ දොළ අයිනෙ හැදෙන ඒ කොල උඩට වතුර වැටුණට රදන්නෙ නෑ. (නම අමතකයි) ඒ කොල නං කනව. හබරල කෑවොත් උඹ ඉවරයි..
අැයි බං අර සිංදුවක් තියෙන්නෙ
හැදිගෑවිල තැම්බිල යන්නට
කන්ට දෙන්නෝන කිරි හබරල කියල
(මුල මතක නෑ... )
බොලා වෙල් අලකොල...කිරි අලකොල වගේම......හබරල කොලත් ඊවැහැකි.....හරියටම ක්‍රමේ මතක නෑ...ඒක ගැටගහල මොකක්ද සුකුරුත්තමක් කොරනව.....කොහොමහරි ඇඹුලක් වගේ තමා හදන්නෙ...
Deleteබොලා කියන්නෙ අල දළු කොල.එව්ව දොල අයිනෙ හැදෙන්නෙ...
Deleteඑවුව කඩල දවස් 2-3ක් මෑලි වෙන්ඩ ඇරල මිරිසට උයල තෙල් ටිකක් දාල අරන් ඉඳිආප්පත් එක්ක කන්ඩ මරැ.හැබැයි ගිණියමයි...
අපි හබරල කියන එවුවට නෙමෙයිද මූ හබරල කියන්නෙ...හබරල අර වැස්සට ඉහලං යන්ඩ පුළුවන් ලොකු කොල..එව්ව කහනව
හරි බං...වැස්සට ඉහලන හබරල කොල තමා මමත් කියන්නෙ...පොඩ්ඩක් හිටුකො හදන හැටි අහල කියන්නන්......තව මචං නියගල අලත් කන්ඩ පුලුවන් විශ නැතිවෙන්ඩ ඊවැහැකිලු...ඒකනන් කාල නෑ....අර ලොකූ වැස්සට ඉහලන කොල තමා හබරල...
Deleteමගෙත් ගමේ දොලක් තියනව, අවුරුදු හතරකට කලිං යද්දි ගැඹුර ටිකක් අඩුවෙලා. අැහුවම එක්කෙනෙක් කිව්ව එ් ලඟ වැලි ගොඩදානවලු!
ReplyDeleteපුංචි කාලෙට ආයෙ යන්ඩ හිතෙනව..පට්ට ලියවිල්ල මල්ලී
Delete@අලී එහෙනන් බං දැන් දොලකුත් නැතුව ඇති..
Deleteටැන්කූ...ඩබ්.කේ
Deleteපුන්චි දොල හැමදාමත් අපි එනකන් බලන් ඉන්නවා. ගැටලුව වෙන්නේ අපිට වෙලවක් නැති එකයි.
ReplyDeleteඔව් අයියෙ.......අපි හැමෝටම
Deleteහිතට ගොඩක් තදිින්ම දැනුණා රසික. බොහොම සුන්දරව අකුරු කරලා තියෙනවා . මමත් එතන ජීවත් වෙනවා වගෙයි දැනුණෙ . චිත්ත රෑප මැවෙන විදිහට කදිමට ගෙත්තම් කරලා තියෙනවා රසිකයාගෙ මෙතෙක් කියවපු ලිපි අතරින් මං කැමතිම මේ ලිපියට. කොයිතරම් කියෙව්වත් එපා වෙන්නෙ නෑ....
ReplyDelete"පුංචි දොලින් මතුවූ රසිකයාගෙ සැබෑ රසවත්කම"
Deleteටැන්කූ ටැන්කූ බං අක්කෙ..
Delete