Monday, February 29, 2016
නරලොව උසාවිය
පෙරදි පල කරලත් ඩිලීට් වීම හේතුවෙන් නැවත පල කරමි
...........
උතුමානෙනි,
කැරකිලා සතර අත
විපලිතව සිහිසුන්ව
ඇද වැටුනි මඩ ගොඩක
පිට කරල මගෙ හුස්ම
ඇහෙයි දැන් ලග ලගම
බූට් බිම වදින හඩ
පාව ගොස් නැරබීමි
පණ නොමැති මගේ කය
ජාතියේ මුර දේවතාවෙකු
මගේ හිස අද්දරින්
පටලවා හිසකේ ඔහු අතේ
ඇදන් යයි බිමදිගේ
ඔහු දෑත තැවරුනු
මගේ රත් ලේ පාර
පිසදමා රෙදි කඩින්
විසිකලා ඔහු ඉවතකට
උතුමානෙනි,
වියරු වූ තවත් එක්
උසස් එක් නිල දරුවෙක්
පාදයක් ඔසවාල
පහරදුනි මල කදට
දෑස් බැද තවත් එක්
මා වැනිම තරුණයෙකු
විප්ලවය කල වරදට
සිටවූවා මාසිටි තැනම
අහෝ!! ඒ කැදවුම්කරු නොවෙද?
සරසවියෙ අපි එකට අකුරු කල....
පෙර ලෙසම උණ්ඩයක්
රක්ත ලේ දවටගෙන
ඔලුකට්ට කුඩු කලා
ප්‍රාණයද බිදදමා
(1972 දිනක.....)
Subscribe to:
Post Comments (Atom)
ම්හ් දැන්නම් හොදයි මචන් කොමෙන්ට් කරන්නත් පහසුයි.
ReplyDeleteෆලෝවර් බටන් එකත් පැත්තකින් එල්ල ගනින්.. මචෝ.
ReplyDeleteස්තූතී මචෝ....උබ හින්ද තමා හැම දේම..
ReplyDelete