උතුමානෙනි,
මරණයේ වේදනා හඩ,
පුපුරු ගසන වෙඩි හඩ,
හුරුව තිබුනි මට
බොහෝ කල් සිට
එගොඩත් මෙගොඩත්
දැනුනි ලේ උනුසුම
එකම ලෙස
නොවෙනස්ව
උතුමානෙනි,
පැතිරුනා මහ මූසල
බවක්
වෙනදාටත් වැඩියෙන්
එදා
මෙගොඩ පිරිස අඩු වෙද්දි
එගොඩ පිරිස වැඩි වෙද්දි
ඇසුනා බියෙන් ගැහෙනා
හදක්
පදුරකට මුවාවී
කවුරුන්දැයි ඒ.. ,
බලන්නට
සිතුනත් හිස ඔසවා
නිසලව සිටියෙමි මම
වෙඩි හඩට බියවීල
එක්විටම මහා නිහැඩියාවක්
වාතය කපා ඇසුනා හඩක්
ගිණි බටයෙන් නිකුත්වූ
මූණිස්සමක්....
දැනුනා මහ බරක්
ඇසුනි ජය ගෝශා හඩක්
දැනුනා මට තුඡ්ච
ලේ රසක්....
කට මදක් විවරව
මුහුනෙන් අඩක් ගැලවී
තිබුනත් විරූපී ලෙස
දුටුවෙමි
මහා රුදුරු
නොමිනි හිසක්
පණ නොමැති
සිරුරක
(නන්දිකඩාල්,
පාපෝචාරණය)
පොඩි රවුමක් ගැහුවා බ්ලොග වටේ.අපූරුයි.දිගටම ලියාගන පලයන්.බ්ලොග ගැන කියන්න දෙයක් තියනවා.මේකට මේල්ලුවක් එවපන්.
ReplyDeletedimuthusomnas8@gmail.com
ජයවේවා....
බොහොම ස්තූති මගේ බ්ලොග් එක පැත්තෙ ආවටයි...දිරිමත් කිරීමටයි...👊
ReplyDeleteරසික අදයි මේ පැත්තට ආවේ.... බ්ලොගය හරිම අගෙයි..... අපේ බ්ලොගයට ආපු පාර දිගෙයි ආවේ....... අපේ සින්ඩියටත් දා ගත්තා... අනික් සින්ඩි වලටත් යන්න...ඒක අනික් අයටත් මෙහෙට එන්නට සහයක් වේවි..... ජයවේවා...
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
බොහොම ස්තූති කුරූට්ටා....
ReplyDeleteGreat reading this
ReplyDelete