හරිත පැහැදැන් පලා ගොස් ඇත
සිටුන් වැනි ගස් නිවස්ත්‍රව ඇත
පොලෝ තලයම ඉරි තැලී ඇත
මහා දිය තිබු වැව් කුසය තුල මඩට බිලිවූ දිය පොදක් ඇත
ස්වාමීනී ඇයි තවත් නිහඩව
නුඹේ අඹුවට කදුලු උවමන
දසත පැතිරුනු නුඹේ හදවත
උනු නොවන්නේ නැතිද සෝකව
මෑණියන් මත සිටින දරුවන්
ඇදුම් නොමැතිව සොවින් ලතැවෙයි
එකෙකු දෙන්නෙකු ඉවස නොහැකිව
කුසය සිරකොට මෑණි සිපගයි
ස්වාමීනී,ස්වාමීනී අසනු මැන මේ ශෝක ගීතය
කුසය නැති මුත් පොත්ත තිබෙනා නරපනුන් ගයනා ගීතය
නුඹේ අබුවට කලත් වින්නැහි
දෙන්න මොවුනට නුබේ ප්‍රේමය
හඩනු මැන මහ සයුර කළඹා
හඩනු මැන මහ පොළොව සනහා
හඩනු මැන සිය දරු රැකුමට
හඩනු මැන මේ නරුන් රැකුමට
අනේ දෙවියනි මේ බලාපන්
වතුර නැහැ දැන් මේ බලාපන්
ගගන තලයත් නොසැලකූවත්
අනේ දෙවියනි මේ බලාපන්
රනින් කරවූ පිලිම දෙන්ඤයි
මැණික් එබවූ කරඩු දෙන්ඤයි
කසී සලුවෙන් වස්ත්‍ර දෙන්ඤයි
අපට සලකා වතුර දෙන්ඤයි
නරපනුවො හැම යකා නැටුවට
ගගන තලයම සොවින් කම්පව
අනේ දෙවියනි නුඹත් සන්තොස
වසන්තයෙ ඉගි දෙන්න අපහට
ගොඩක් ලස්සන නිර්මාන ටිකක්නේ...
ReplyDeleteඅපේ සිංඩියටත් ඇඩ් කරගත්තා.
http://karakoppuwa.blogspot.com
මචන් google ෆලෝවරයත් පැත්තකින් එල්ල ගනින්...
Deleteබොහොම ස්තූති මචන්...
Deleteනියමයි (තිතක්)
ReplyDeleteෆලොවු බට්ටොං එක දාගනින්කෝ බ්ලොග් එකට මචං (තිතක්)
Deleteබොහොම ස්තූතියි සහෝ...
Deleteමේ මොකද බන් මේ කොරලා තියෙන්නේ තිබ්බ විදිය කොච්චර හොදද???
Deleteමචං මේ විදිහට පොස්ට් දාන්ඩ ලේසියි බන්...මම පාවිච්චි කරන්නෙ Microsoft phone එකක්...එකෙ Google එකවුන්ට් එච්චර ශපෝට් නෑ බන්
Deleteසුපිරි මචෝ දිගටම ලියමු. ජය වේවා.
ReplyDeleteදිරිගැන්වීමට ස්තූතියි..
Deleteමේ කවි බොහොම ලස්සනයි රසික .සිංහගෙ දැනුවත් කිරීමෙන් ආවෙ
ReplyDeleteටැංකූ සහෝදරිය...
ReplyDelete