Wednesday, February 24, 2016

හැම සැරේම



දෙන්නම් සුර සැප                           නුබට
දෙනවානම් ඔබේ මනාපය              මට
කිසිදා නොකරන්නෙමි            අමතක
සහෝදර සහෝදරිය හිතවත   මිතුර




ගමේ ඉස්කෝලෙ                                  ට
කෝ දැන් විදුලි                                       ය
දෙන්නෙමි නොපමාව                     මම
සහෝදර සහෝදරිය හිතවත  මිතුර




කැඩුනු මේ                                       පාරට
දැම්මේ නැත තවමත්                      තාර
දෙන්නකො අපටත්                        බලය
දමමි තාර පිට                                    තාර




ඇත මෙහි                                     සෙනග
බැහැ ගනින්නට හිස් ගොඩ     මෙතන
බී ඇතැමුන් මදුවිත                           උගුර
හූ කියමින් නටමින්                      මෙකල




බඩගින්න අමතක                               වේ
දරුවන් හාමතින්                       මොරදේ
උයන මුට්ටිය මැස්සෙ               සැතපේ
කන්ඩ නැතිමුත් ඇමති               ජයවේ

No comments:

Post a Comment