Thursday, April 7, 2016
වෙඬරු
ඔලුව කරවෙන අව්වයි...රස්නියයි දැන්නන් ඒහැට දැනෙන්නෙ නෑ....වැස්ස හින්ද නෙවෙයි...පුරුදුවෙලා හින්ද..වැස්ස, වැස්සනන් මහ එපා කරපු දෙයක්...මේ ටිකේම හවස් වරුවෙ වැස්ස.. ඉතින් බකානිලාගෙන ඉන්ඩ තමා තියෙන්නෙ....එහෙම හිටියහම පඩි නෑ...ගිය මාසෙනන් අවුලක් නෑ...මොකද මාසෙම පෑව්වනෙ...මේ මාසෙ පටන්ගත්ත විතරයි වැස්ස වැස්ස ඉවරයක් නෑ...අනික මේ අවුරුදු මාසෙ සල්ලි කීයක් හරි අතේ තියෙන්ඩ ඕනෙ මාසෙ...මෙහෙම වැස්සොත්නන් මෙදා අවුරුද්දටත් පොලී සල්ලි වලින් තමා කන්ඩ වෙන්නෙ....ගිය සැරේ පොලී සල්ලි දීල ඉවර වෙලා කී මාසයද ගියෙ......වැඩකරල කරල හම්බෙන සොච්චම පොලී මුදලාලිට දෙනව.....මතක ඇති කාලෙකවත් පොඩි එවුනට කටට රහට මොකුත් ගිහින් දීල නෑ...ඒවුනාට උන් හොදයි...කවදාවත් අනන්මනන් ඉල්ලල කරදර කරන්නෑ....හැබැයි ඉතින් කොහොම කොහොම හරි රෙදිකෑලි ටිකක් අරන් දුන්නහම අපේ උන්දැ ඇදුන් දෙක තුනක් මහ දෙනව උන්දැ ඒවට හරි සූරය.....මාත් ඉතින් මාස දෙක තුනකට සැරයක් රෙදි කෑලි ටිකක් ගිහිල්ල දෙනව..
අහස උසට දිවුනු ගොඩනැගිලි අතරින් හමාගෙන එන හුළඟ සිහිලසක් නොගෙනාවට කිවනොහැකි තරමේ සනීප්පයක්....සැනසිල්ලක් ගේනව.....පහලින් දිවෙන ප්‍රදාන මාර්ගය අගුරු කෑල්ලකින් ඇන්ද රේඛාවක් වගේ...ඇවිදින මිනිස්සු කූඹි පැටව් වගේ.
ආං අර පහලම තියන බැම්ම පේනව නේද...ඒ බැම්මටම අල්ලල තියන කොන්ක්‍රීට් සැල්බ් එක..ඕක උඩට තමයි ප්‍රියරත්න වැටුනෙ..එතකොට මෙච්චර උසට මේක හදල තිබ්බෙ නෑ..තට්ටු තුනයි...ප්‍රියරත්නය හොද මනුස්සය....මොකක් වෙලාද වැටුනෙ කියන එක කවුරුත් දන්නෙ නෑ..ලේ ගොඩක් උඩ වැටිල ඉන්නව ඉස්සල්ලම දැකල තියෙන්නෙ සුනිල...ඉස්පිරිතාලෙට ගිනියනකොටත් මැරිල...ප්‍රියරත්නට ගෑනු ලමයිම තුන්දෙනයි....ගෑණිගෙ අම්මයි තාත්තයි දෙන්නත් බලා ගත්තෙ ඌ .......අරව දෙනව මේව දෙනව කීවට ඒහැටි දෙයක් හම්බුනෙ නෑ.....වන්දියක් කියල රුපියල් විසිදාහක්ද කොහෙද දුන්න....එතකොටයි අපි දන්නෙ අපිට රක්ෂණයක්වත් නෑ කියල...ඒකාලේ විතරක් නෙවෙයි දැනටත් නෑ...මොනව හරි උනොත් එහෙම ඉවරම තමයි...
කොන්ක්‍රීට් සැබ් එකේ තැනින් තැන වැටිච්ච වැලිකැට කකුලෙන් පොඩි කරද්දි ඒව පොඩි නොවුනත් අමුතු හැගීමක් එනව...හමගිය කකුල දකිද්දි පොඩි ලැජ්ජාවක් එනව...කකුලෙ දූවිලි බැදිල තියෙද්දි ඒ ලැජ්ජාව වැඩි වෙනව...ආය සැරයක් කකුල පුටුව අස්සට ගත්තෙ ඒ හින්ද.
වැලි තාච්චි අටයි සිමෙන්ති තාච්චියයි..හැබැයි අනුමත පහට එක...ඉතුරුව මොනව වෙනවද දන්නෑ...කොහොම හරි වැඩේ වෙනව ඇදයක් නැතුව..අපි වෙන විදිහකට බලන් ඉන්නව...වැස්ස දවස් වලට....අනිත් දවස් වලට බලන් ඉන්ඩ විදිහක් නෑ මොකද වැඩනෙ...
හීනියට කංස ටිකක් හම්බෙන දවස් අඩු හින්ද බීඩියක් තමයි ගන්නෙ...ගොර්ලිෆ් හරි ගනන් දැන්....කොහොම උනත් දවල්ට කාල එකම එක ගොර්ලිෆ් එකක් බොනව...ඒ පුරුදු උන විදිහ....ඒ කාලෙ ඉදන්....හැබැයි අපේ ගෑනිනන් මගෙ පුරුදු වලට ඒහැටි කැමත් නැති උනත් මොකුත් කියන්නෙ නෑ....හරි හොද ගෑණි..ඒ හින්දම මං ඒකිට ආදරෙයි...ඒකිත් මට ආදරේ විත්තිය මම දන්නව..නිවාඩුවට ගෙදර යන දවසට ඒකි ඉන්නෙ පේ වෙලා.හොදට නාල අලුත් ඇඳුමක් ඇදගෙන ,ගිණි කිකිළි වගේ...එදා රත්තිරියට ඒකි මං එක්කමයි...මං මේ වෙහෙසෙන්නෙ ඒකියි පොඩි එවුනුයි වෙනුවෙන්...ඒ හින්ද හිතට මහන්සියක් නෑ...
අර එහා පැත්තෙ ඈතින් පේන ගොඩනැගිල්ල හදන්නෙ වෙඩිසිංහ ..එයා අපේ පංතියෙ හිටියෙ..අනුරාධපුර මහා විද්‍යාලය...තාත්ත නෑ අම්ම විතරයි හිටියෙ..ඒකාලෙ ඉදන් හරි උත්සහවන්තය...
බිතිය බැද නොමැති පැත්තේ හිරු එළිය වැටෙනවාට බැඳ ඇති බොර බොර ගා සුළඟ සමඟ සටනකට එලැබ තිබේ.ටෙන්ට් රෙද්ද ඉරී යාවියැයි බියෙන්දෝ අයෙකු පැමිණ ටෙන්ට් රෙද්ද ගලවා පසෙකින් තබයි..හවස් යාමය බැවින් සැලකිය යුතු තරමේ හිරු එළියක් ගොඩනැගිල්ල තුලට නොවැටේ...
එච් එස් සී ත් කරා ...පවුලෙන් ලැබුනු මුදල් යොදවල ඔය කරුමාන්තෙ පටන්ගත්ත...ටික කාලෙකින් සෑහෙන දියුනුවක් ලැබුව...ඉඳල හිටල හම්බෙනව...වැඩි බජනයක් නෑ...
ඉස්සර අපිට හම්බුනෙ දවස් පඩි දැන් හම්බෙන්නෙ මාස්පඩි.....දවස් පඩි වලට වැඩිය මාස්පඩි හොදයි...ඉතිරිය හොදයි...දවස් පඩිය හම්බෙද්දි ඊලඟ දවසෙ පඩිය ලැබෙන හින්ද අත දිග ඇරල වියදම් කරනව....ගෙදර යනකොට හුලං තමයි....ඉතුරු දාහයි එහෙම නැත්තන් දෙදාහයි..
කොන්ක්‍රීට් එක්ක ඔට්ටු උනාට අපේ හිත් වෙඬරු වගේ,මේ රස්නෙට දිය වෙලා වැක්කෙරෙනව..
ඉමක් නොපෙනන ඈත බලාගෙන ඔහු කථාකරනව...ඒ ආදරෙන්ද,පසුතැවිල්ලෙන්ද,බලාපොරොත්තුවෙන්ද කියන්ඩ දන්නෙ නෑ.........හැබැයි අහන් ඉන්ඩ හිතෙනව...
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම හොඳ ලිවීමක්
ReplyDeleteබොහොම ස්තූතියි තරිදු අයිය......
Deleteසුපිරි කතාවක්
ReplyDeleteටැන්කූ ටැන්කූ අලී.....
Deleteහරිම රසවත් . අපිත් එක්ක කරපු සංවාදයක් වගේ . කතාව ගලාගෙන යන විදිහත් අවසානයත් සිතුවිලි විනිවිදිනවා.
ReplyDeleteබොහොම ස්තූත්යි මෙතුවො....අලුත් විදිහකට ලියන්ඩ හිතුන වැඩේ සාර්තකයි වගේ....
Deleteසමහරු ලියන ඒවා කියවද්දි මොකක්දෝ හැඟීමක් එනවා. පේළියෙන් පේළිය.. කියවන් යද්දි කියවන්න තියෙන ආසාව තවත් වැඩි වෙනව. මොකක්දෝ අමුතු හැඟීමක් එනව. කියවල ඉවර වුනාම වෙනස් මනුස්සයෙක්ගේ ඇස් දෙකෙන් ලෝකය දිහා බැලුව වගේ දැනෙන්නෙ.
ReplyDeleteලියමන කියවලා ඉවර වුනයින් පස්සෙ එන හැඟීම විස්තර කරන්න විදියක් තේරෙන්නෙ නෑ. "නියමයි, සුපිරි, පට්ට" වගේ වචනයක් කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් තේරෙන්නේ නෑ.
මම ඔය කියපු හැඟීම හොඳටම එන්නෙ අර 'හැන්දෑව' ලියපු එකා, මගෙ අතිජාත මිත්‍රයා මාලන් ගෙ ලිවිලි කියවද්දි. ඌ තමයි ගෝර්ඩ් ෆාදර් ඒ අතින්
මෙච්චර වර්ණනාවක් කරන්නෙ ඇයි කියල උඹ බලනව ඇති. මට උඹේ මේ සටහනින් මාලන් ගෙ ලිවිලි කියවද්දි එන ඒ අමුතු හැඟීම යන්තන් වගේ ආවා. ඒ තරමටම නැති වුනත්, මම ආසයි උඹෙ ලිවිල්ලට.
ලස්සනයි ඕයි. මේවා තමයි ලිවිලි කියන්නේ.
තියෙන අඩුපාඩු හදාගනින්. සටහනක් ලියල ඉවර වුනයින් පස්සෙ පෝස්ට් කරන්න කලින් ආයෙ ආයෙ කියවහන්. උඹ හරියට ගියොත්, හොඳ ගමනක් යන්න පුළුවන් බ්ලොග් ලිවිල්ලෙ.
දිගටම ලියහන් පුතෝ.. උඹට ජය ! බොක්කෙන්ම
බොහොමත්ම ස්තූතියි....ඔය අදහස මට ගොඩක් වටිනව....නිර්මාණයක් කරද්දි ඒකට ලැබෙන අදහස් මත ඊලඟ නිර්මාණය ගොඩක් ඔපවත් වෙනව...වැරදි පෙන්නුවට සිරාවටම ස්තූතියි...හේතු කියන්ඩ මට ඕනෙ නෑ...හේතුව කොච්චර සාදාරන උනත් වැඩක් නෑ...වැරැද්ද වෙලා ඉවරයි...අනිවාරෙන් ඒව හදා ගන්නව මචං....100'/. වෙන්ඩම ට්‍රයි කරනව...එතකොට 70'/. වත් එයිනෙ මචං....
Deleteඅකුරු ටික ලොකු කරන්න , ඇත්තටම සයිට් වල ජීවිටැහැ ගොඩක් මේ වගේ තමා , සයිට් වල මිනිස්සුන්ට කතාව්ව කියන්න කිව්වනම් මේ වගේ කතා ලියවෙයි , මේ කතාව හරිම සජීවියි . නියමයි රසිකයා
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන් අයිය...අකුරු ටික හෙට හදන්නන්....
Deleteසුපිරි මලයෝ මං කලිනුත් කියලා තියෙනවා උඹේ වචන හරඹයට මං මාර මනාපයි කියලා,ඇත්තට කතාව ගලාගෙන යාම ගොඩක් ලස්සනයි,
ReplyDeleteජයෙන් ජය මලයෝ,
ටැක්කූ ටැන්කූ රස්ති....
Deleteලියවිල්ල අගෙයි මල්ලි දිගටම ලියන්න.මේ ලියන විදිහට ඉදිරියේදී තව රහ නිර්මාණ බිහිවෙයි කියල මට විශ්වාසයි.ජයවේවා :)
ReplyDeleteබොහොම ස්තූතියි හංසි අක්ක..
Delete