Sunday, April 10, 2016
අනේ සාදු
1.කන්ට බොන්ට
යෙහෙන් ඉන්ට
කිතුල් පිතිත් පොල් කරටිත්
දුන්නා නොවෙද
අනේ සාදු !
කැළේ ඉද්දි අම්ම නැතුව
දුක හිතිලා කවුරුන් හෝ
පංසල් වත්තට ගෙනැවිත්
දැම්ම නේද
අනේ සාදු !
පින් පාටට බැබලෙන ඔය
පිංවත් ඔබ ලඟට වෙලා
අම්ම වගේ දැනේ කියා
පැටිය සිටිය
අනේ සාදු !
කූඩු කරල හදාගන්න
දෙහිවලටත් දෙන්න ගිහින්
දුක හිතිලා හිත බිඳිලා
අනේ සාදු !
2.මහා රුවැති යෙහෙන් බරැත්
රන් ඇල්ලූ මහ විශාල
පුටුවක් නොව ආසනයකි
අනේ සාදු !
පියවර තුන පහුකරලා
අරිහත් බව නුඹ ලබලා
පිංවන්තයි සිරියාවයි
අනේ සාදු !
රන් පිගානෙ බත් කන්නට
රටේ සල්ලි කා දමන්ට
නොහැකි අයෙක් නොවෙති රජ
එහෙම නේද
අනේ සාදු !
මහා දාන අරමට දුන්
නැසිලා ගිය දානපතී
අරමේ සිටි උපාසිකා
තව්තිසාවෙ
එහෙම නේද
අනේ සාදු !
3.++++++++++++++__
දඹදිවදී වදල දහමෙ
නිව් වර්ෂන් එක ඇවිල්ල
ලගදි ආය අප්ඩේත් වී
එහෙම නෙවෙයි
නේද සාදු !
Subscribe to:
Post Comments (Atom)
Very Good Bro.
ReplyDeleteThanks dumi ayiya.....1
DeleteVery Good bro.
ReplyDeleteThanks dumi ayiya...2:D
Deleteදැන් නම් තියෙන්නේ නිව් වර්ෂන් එකක් වගේ තමා ....... අනේ සාදු !
ReplyDeleteහැක් හැක්...සාදු සාදු
Deleteඒක මරු,උඹේ අදහස් වලට මං පට්ට කැමති මලයෝ,ලියලා තියෙන විදිහත් ලස්සනයි,
ReplyDeleteජයෙන් ජය,
හැමදාම ඇවිත් දිරිමත් කරනව...ටැන්කූවේවා..
Deleteරසිකත් කරටියම කඩලා වගේ .
ReplyDeleteඅනේ සාදු !
සාදු සාදු...
Delete++++++++++++++++++++++++++++=
ReplyDelete----------------
Deleteනියමයි...
ReplyDeleteටැන්කූ ලලිතෝ....
Delete