Sunday, February 21, 2016

ආයාචනාව

හරිත පැහැදැන් පලා ගොස්    ඇත
සිටුන් වැනි ගස් නිවස්ත්‍රව         ඇත
පොලෝ තලයම ඉරි  තැලී        ඇත
මහා දිය තිබු වැව් කුසය තුල මඩට බිලිවූ දිය පොදක්                                      ඇත


ස්වාමීනී ඇයි තවත්             නිහඩව
නුඹේ අඹුවට කදුලු              උවමන
දසත පැතිරුනු නුඹේ          හදවත
උනු නොවන්නේ නැතිද       සෝකව


මෑණියන් මත සිටින                දරුවන්
ඇදුම් නොමැතිව සොවින්     ලතැවෙයි
එකෙකු දෙන්නෙකු ඉවස     නොහැකිව
කුසය සිරකොට මෑණි            සිපගයි


ස්වාමීනී,ස්වාමීනී අසනු මැන මේ ශෝක      ගීතය
කුසය නැති මුත් පොත්ත තිබෙනා නරපනුන් ගයනා                                      ගීතය
නුඹේ අබුවට කලත්                    වින්නැහි
දෙන්න මොවුනට නුබේ             ප්‍රේමය


හඩනු මැන මහ සයුර                 කළඹා
හඩනු මැන මහ පොළොව        සනහා
හඩනු මැන සිය දරු                     රැකුමට
හඩනු මැන මේ නරුන්               රැකුමට


අනේ දෙවියනි මේ                         බලාපන්
වතුර නැහැ දැන් මේ                     බලාපන්
ගගන තලයත්                      නොසැලකූවත්
අනේ දෙවියනි මේ                         බලාපන්


රනින් කරවූ පිලිම                        දෙන්ඤයි
මැණික් එබවූ කරඩු                      දෙන්ඤයි
කසී සලුවෙන් වස්ත්‍ර                    දෙන්ඤයි
අපට සලකා වතුර                       දෙන්ඤයි


නරපනුවො හැම යකා              නැටුවට
ගගන තලයම සොවින්              කම්පව
අනේ දෙවියනි නුඹත්                සන්තොස
වසන්තයෙ ඉගි දෙන්න             අපහට

12 comments:

  1. ගොඩක් ලස්සන නිර්මාන ටිකක්නේ...
    අපේ සිංඩියටත් ඇඩ් කරගත්තා.
    http://karakoppuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. මචන් google ෆලෝවරයත් පැත්තකින් එල්ල ගනින්...

      Delete
    2. බොහොම ස්තූති මචන්...

      Delete
  2. Replies
    1. ෆලොවු බට්ටොං එක දාගනින්කෝ බ්ලොග් එකට මචං (තිතක්)

      Delete
    2. බොහොම ස්තූතියි සහෝ...

      Delete
    3. මේ මොකද බන් මේ කොරලා තියෙන්නේ තිබ්බ විදිය කොච්චර හොදද???

      Delete
    4. මචං මේ විදිහට පොස්ට් දාන්ඩ ලේසියි බන්...මම පාවිච්චි කරන්නෙ Microsoft phone එකක්...එකෙ Google එකවුන්ට් එච්චර ශපෝට් නෑ බන්

      Delete
  3. සුපිරි මචෝ දිගටම ලියමු. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ස්තූතියි..

      Delete
  4. මේ කවි බොහොම ලස්සනයි රසික .සිංහගෙ දැනුවත් කිරීමෙන් ආවෙ

    ReplyDelete
  5. ටැංකූ සහෝදරිය...

    ReplyDelete