ආදරේ රැයෙ සීතලේ මේ
ආදරේ සුව මට දැනේ
ඒනිසා තොල සිප ගැනේ
රණ හංස යුවලක ආදරේ
ඇති අමිල සුව
මට තව දැනේ
කරුවලේ නුඹ යන වෙලේ
තනිය නැහැ
නෙත් නුඹ වෙතේ
ප්‍රේමයේ කදුලැලි ඇතේ
රාගයෙත් අග දුක ඇතේ
හදවතේ මගෙ නුඹ ඇතේ
ජීවිතේ ඇති සැනසුමේ
සැනසුමක් දෙන මඳු විතේ
නැගෙන බිඳු සේ නුඹ මැවේ
හ්ම් සුන්දරයි.........
ReplyDeleteබොහොම ස්තූතියි..
Deleteහොදයි කයන්න ටිකක් අමාරුයි මචං. ඒත් උත්සාහය හොදයි.. වටින්නෙ ඒකයි..
ReplyDeleteටිකක් වාර්තාකරණයක හැඩ සොබාව තියෙයි. පොඩ්ඩක් විතර උපමා භාවිතා වෙලා තිබුණත් ව්‍යංගාර්ථයෙන් යමක් පැවසීම ඒ කියන්නෙ කියන දේ පොල්ලෙන් ගහන්නා වගේ නොපැවසීම තමා කවියක අන්‍ය ලක්ෂණය වෙන්නෙ..
මං මෙහෙම කීවට අවුලක් නෑ කියල හිතනව..
හැමදාම ලියහං කවි කියවහං.. මේ ගතිය නැති වෙලා කවියක හැඩහුරුකම එන්න ගනී...
ජයවේවා
බොහොම ස්තූතියි මචන්.....අගය කිරීමකටත් වැඩිය මට ගොඩක් වටිනව වැරදි පෙන්නල දෙන එක....මොකද අපිට ඉස්සරහට යන්ඩ ඕනෙනන් වැරදි හදාගන්ඩම වෙනව...එහෙම වැරදි හදාගන්ඩනම් කවුරු හරි වැරදි පෙන්නන්ඩ ඕනෙ...ආයෙත්,.... ස්තූති මචෝ
ReplyDeleteදිගටම ලියන්න..
ReplyDeleteඅනිවාරයෙන්
Deleteනුඹ මැවේ යළි බිඳ වැටේ
ReplyDeleteනෙතු අයන් මා බලා ඉමි
මැවෙන තුරු ඔබ මී විතේ
ජීවිතේ මංසලේ
හමුව වෙන්වී ගියා
යළිදු එනුදැයි කියා
මග බලා මම වෙහෙසිලා
සමුගන්න අවසරද
මා පෙළෙන මී විතින්?
හමුවේද නෙත් ගැටෙන
නේක පිළිඹිබු මතින්
බොහොම ලස්සන පිළිතුරු කවියක්....ස්තූතියි අක්කෙ
Deleteහෑ ..... අර පොඩි පාන් බට්ටෙක් වගේ හිටිය රසිකද මේ වගේ කවි ලියන්නෙ :P හරි ඔහොම යං දිගටම කවි ගොතන්නෝ ... ෆලෝ කරා දැන් දිගටම කවි කියවන්න එන්නම්කෝ :)
ReplyDeleteටැංකූ ටැංකූ හංසි අක්කෙ....වෙල්කම් කීව ඕන්..:)
DeleteThanks for a great read
ReplyDelete