පාන්දරකදි පාර අයිනෙදි
හමුවුනා මට හිතවතෙක්
බැබලුනා ඔහු මට පෙනෙන්නට
විසිරි අදුරට රිදවමින්
එකෙකු දෙන්නෙකු ඔහුව පසුකර
ඉගිල ගියවද නොසැලෙමින්
තව සිටී ඔහු විරජමානව
විසිරි අදුරට රිදවමින්
කොහොම නම් නුඹ ඔතන ඉන්නෙද
මහා සීතත් පරයමින්
මම ඇසූවිට සිනැහුනා ඔහු
විසිරි අදුරට රිදවමින්
මගේ ගමනට පියමැන්න මම
ඔහුව එතැනම සිටියදින්
නැවත එනවිට එතැන නැහැ ඔහු
පලා ගොස් ඔහු සිටි තැනින්
සිනහ විය මට හිරු කුමරුවන්
මා ඔහුගෙ දෙස බැලු හෙයින්
එකෙකු එන්නේ තවෙකු තැලුමට
මනු සමාජය සිහි ගන්වමින්
ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තූතියි..ලලිතෝ....
Deleteඅපි දකින සමහරු ගැන අපිට හිතෙන්නෙ මූ හෙන රළුයි පරළුයි කියල ඒත් බැලුවම උංගෙ හිත් නිකං වෙඬරු වගේ හෙන මෙලෙක්... ඒත් ඒක පෙන්නන්නෙ නෑ
ReplyDeleteසමහරුන්ට ඒක ලැජ්ජාවක් සමහරු එහෙම පෙන්නන්න දන්නෙ නෑ
නිකං තුන් තිස් පැයේ මොනම හරි දේකට හොටු පෙරන උංට වඩා ඒ අය සංවේදී
අගෙයි මචං අපූරුවට ගෙත්තං කරපු කවි පෙළක්
ජයවේවා
හොටු පෙර පෙර ඉන්න එවුන්ට වඩා රළුව ඉන්න එවුන්ගෙ සංවේදීකම හරි ශක්තිමත්.....
Deleteබොහොම ස්තූති මචෝ..
ෆලොවර් ගැජට් එක එල්ලහන්කො (තිතක්)
ReplyDelete