බ්ලොග්කරනය,එහෙම නැත්තං බ්ලොග් ලිවීම තවමත් ශ්‍රී ලාංකිකයන්ට නවමු දෙයකි..නැතිනම් අලුත් දෙයකි...ඉතින් ඒ හේතුවෙන් බ්ලොග් ජනතාව අතර තවන පැතිර නැතුවා සේම නිසි ඇගයුමක් ඇගයුම් ලැබිය යුතු බ්ලොග් කරුවන්ට ලැබීනැත..රාජ්‍ය සාහිත්‍ය උළෙලවල් පැවැත් වූවද බ්ලොග් කරුවන්ට අවදානයක් නොලැබී යයි..එවන් වූ කාල සීමාවක නෙලුම්යාය නමින් සම්මාන උළෙලක් ආරම්භ කෙරිනි...
කළා කරුවන් ඇගයිය යුතුද?ඒ කුමක් නිසාද?......................කළා කරුවන් යනු සමාජයට රසවත් පණිවිඩ බෙදන්නන් පිරිසකි...නැතහොත් සමාජය හැඩ ගස්සවන්නන් පිරිසකි...ඒ අතරිනුත් බ්ලොග් කරුවන් විශේෂය මක්නිසාද යත් ඔවුනට බ්ලොග්කරනයෙන් වැටුපක් නොලැබේ..හුදෙක් කිසිදු දීමනාවක් හෝ නොලැබේ...එහෙත් ඔවුන් බ්ලොග් ලියයි.....මා වැනි සුලුතරය හැරුනු විට බ්ලොග් ලියන බහුතරය රැකියාවල නිරත වන්නන් වෙයි...ඔවුන් බ්ලොග් ලිවීම කරනුයේ මැදියම් රැයේ හෝ ලැබෙනා සුලු විවේකයේදිය ........ඉඳින් ඔවුන් කරන්නේ කැපවීමක් නොවේද??ඔවුන් සිය ලේඛන හැකියාව හරහා සමාජය අමතයි........කාලීන ප්‍රශ්න සාකච්චාකරයි......විශේෂිතම දෙයනම් ඔවුන් වචනයට සීමා නොවී සැබෑ සමාජ සේවයේ නිරතවෙයි....අගය කලයුත්ත අගය කල යුතුය එසේ නොකරන්නන් කුහකයන්ය...
යමෙක් කුමක් හෝ කාර්යයක නිරත වේ නම් එයට යම් සැලකිල්ලක් ලැබේ නම් ඔහු එය නොකඩවා සිදුකරයි.......එය යහපත් දෙයක් වේවා අයහපත් දෙයක් වේවා................එහෙත් එසේ සැලකිලක් නොලැබේ නම් එය නොකඩවා කරගෙන නොයයි.....බ්ලොග්කරුවන්ටද එය පොදුවූ කාරනාවකි...ඉතින් මෙසේ නෙලුම් යාය නමින් සම්මාන උලෙලක් පැවැත්වීම බ්ලොග්කරුවන්ට සැලකිල්ලක් දැක්වීමකි.....අගය කිරීමකි....ඉඳින් එය අගය කලයුතු නොවේද?
මා දකින පරිදි නෙලුම් යාය කාලීන අවශ්‍යතාවකි....බ්ලොග්කරනය පිලිබද ජනතා අවදානය යොමුවීම අවම වූවත් සිදු කරන්නා වූ මහඟු සමාජසත්කාරයකි.....බ්ලොග්කරුවා දිරිමත් කරන්නකි......කුලෑටි බ්ලොග්කරුවන් අවදිකරන්නකි....
මා ප්‍රසස්ත ගයන්නෙකු නොවේ....හොද පවසනවා සේම වැරදි ඇත්නම් ඒ වැරදි පෙන්වීමද මා යුතුකමක් සේ සලකයි.....ඉඳින් සකස්කරගත යුතුයැයි මා සිතන,පුප්පවා ගතයුතු පොහොට්ටු කිහිපයකි....
1.දේශපාලන සම්භන්ධතාවයන්(උළෙලට දේශපාලඤයින් සම්භන්ද කර ගැනීම) හැකිතරම් අවමකිරීම හෝ හැකිනම් එය නැවැත්වීම.
2.බ්ලොග්ලිවීම නැවැත්වූ පැරණි බ්ලොග්කරුවන් නැවත බ්ලොග්ලිවීමට සම්භන්ද කරගැනීමට වැඩපිලිවෙලක් සකසා ගැනීම.
3.විවේචකයන්ගේ විවේචනයට බදුන්වන කරුනු කාරනා පිලිබඳ සැලකිල්ලක් දක්වා ඒවා සම්භන්දයෙන් ක්‍රියාත්මක වීම.
4.බ්ලොග්කරනය ජනතාව අතරට ගෙනයාමට පලදයී වැඩපිලිවෙලක් ආරම්භ කිරීම.
5.ජයග්‍රාහකයන් හා ජග්‍රහනය ලැබූ නිර්මානවල එකතුවක් එලිදැක්වීම.(මුද්‍රනයක් ලෙස).
මේ කරුනු ඉදිරිපත් කරන්නේ හුදෙක් නෙලුම්යාය දියුණුවම පතන්නෙකු බැවිනි....
ඉතින් අපි පිපෙන්නට ඉඩ හරිමු
නෙලුමට ඔහුට රිසිසේ...
රසික සටහන ගැන සතුටුයි... ඇත්තට ම හොද හා නරක දෙකම ලිවීම ගැන අපිට සතුටුයි. ඒ ගැන සංවිධායකවරුනුත් සතුටු වනවා ෂුවර්...
ReplyDelete(මෙහි නෙලුම්යාය ලෙස සටහන් විය යුතු තැන් කීපයක් ම තියෙනවා.)
බොහොම ස්තූතියි කරුටු........සකස් කලෙමි....
ReplyDeleteඑහෙනං එදාට හම්බෙමු..............
Deleteඅනිවාරයෙන්ම...
Delete.
උඹ මාර ලිවිල්ලක් ලියනව නෙ බං
ReplyDeleteමේක හරියන්නෙ නෑ හිහි...
මට සතියකට එකක් දාගන්න බැරිව දගලනව මූ සතියට දෙක තුනක් අතාරිනව.. ෆුහ්..
නෝට් එක ගැන නං මොනව කියන්නද මංද... එක්කොත් මුකුත් ඕන නෑ බං..
මොකද මට ඔහොම යෝජනා චෝදනා එන්නෙම නෑනෙ ඔව් ඉදගෙන
අනේ බං උඹ කම්මැලි කමටනෙ ලියන්නැතෙ.....උඹේ ලියවිල්ල ගැන මම දන්නවනෙ....අපි හැමදාම දැම්මත් උබ ලියල දාන එකකින් ඒව ඔක්කොම පරාදයි....හිටං හික්......
Deleteබුවා..........බුවාහා...
ස්තූත්යි..මචෝ...හිටං
පොලිටික්කෝ ආවම අවුල්ද? මම නම් කියන්නේ උන්ගෙනුත් වැඩක් කරගන්ඩ කියල
ReplyDeleteඋන් මචං මහජන සේවකයො.....උන්ගෙන් වැඩක් කරගන්නව නෙවෙයි..උන් අතින් වැඩක් සිද්ද විය යුතුයි....බලෙන් වැඩක් කරගන්නෙ අහවල් එකක්ටද???එහෙම කරගන්ඩ යනෑකෙක් නෝන්ජල් වෙන්නෙ අපිම නේද??
Deleteපොලිටික්කෝ ගැනනම් මගෙත් අදහස ඕකම තමයි.. සම්මානයක් ගන්න තරම් වටිනා පොලිටිශියන් කෙනෙක් වර්තමාන දේශපාලනය ඇතුලේ නැහැ කියලයි මගෙත් අදහස.. මම මෙතැනදී නෙලුම්යයේ ක්‍රියාව සුළුකොට තකනවා නෙවෙයි.. නෙලුම්යාය කරන්නේ ලොකු සේවයක්.. ඒ උත්සාහය ප්‍රශංසනීයයි..
ReplyDeleteඒත් මේ උත්සාහය වෙනුවෙන් මේ සම්මාන උළෙල ජාතික තලයට ගෙන එන්න මොකෙක් හරි දේසපාලුවෙක් සම්භන්ධ කරගන්නම වෙනවා.. මාර්කටිං පැත්තෙන් බැලුවාම ඒ ගැන වරදක් කියන්නත් බැහැ..
අනිවාරයෙන් බ්ලොග් සම්මාන උලෙල ජාතික තලයට යායුතුයි.......එය විය යුත්තක්මයි...දේශ-පාලුවන් නැතිව...මාධ්‍ය ප්‍රචාරය හරහා ජනතාව අතරට ගිහින් ජනතාව තුලින් ඉහලට එන්ඩ පුලුවන්...දේශ-පාලුවො සම්බන්ඩ කරගැනීමෙන් වෙන්නෙ අපිටත් දේශපාලන අනන්‍යතාවයක් ලැබීම....එතකොට අපි වක්‍ර ලෙස දේශපාලන හස්ත බවට පත්වෙනව...ජාතික තලයට යන්ඩ කියල දේශපාඋවො සම්භන්ද ක්රගත්තම වෙන්නෙ ඔවුන්ගෙ ඕනෑ එපාකම් වලට අපිව යොදා ගැනීම....අන්තිමට නෙලුම් යාය දේශපාලන වේදිකාවක් වේවි..
Deleteරසික කියන කතාවේ අත්තක් නැත්තේම නැහැ.. ඒත් පවතින රටාව ඇතුලේ යමක් මාර්කට් කරගන්න කරන්න තියන හොඳම විදිහට තමයි ඒ ඒ දේවල් මාර්කට් කල යුත්තේ.. ඒ මාර්කටිං කාර්ය උදෙසා පමණක් දේශපාලනය යොදාගන්න වෙනවා මේ පවතින වර්තමානයේදී. යමක් මාර්කට් කරොත් විතරයි ඒ දේ ජනතාව අතරට අරන් යන්න පුළුවන්. පවතින රටාව ඇතුලේ තියන මාර්කටිං තියරියකින් අපේ බ්ලොග් කරුවන් මාර්කට් නොකර වෙනමම රාමුවක් හදාගෙන ජනතාව අතරට යන්න උත්සහ කරොත් ඒක ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා වගේම ජනතාව අතරට යන්නත් බැරි වෙනවා අනිවාර්යයි...
Deleteමම මේ කියන දේට වර්තමානයේ හොඳම උදාහරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ.. දේශපාලන ප්‍රතිපත්ති විදිහට ගත්තොත් ලංකාවේ තියන අනෙකුත් සියලුම පක්ෂවලට වඩා හොඳ ප්‍රතිපත්ති JVP එක ඇතුලේ තියෙනව. ඒත් කාලෙකට කලින් එයාල එයාලව මාර්කට් කරන්න හදාගත්තු රාමුව සහ ජනතාව අතරට යන්න උත්සහ කරපු විදිහ නිසා තවමත් ජනතාව අතරට යන්න එයාලට බැරිවුනා.. හොරු කියල දැන දැනම මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලයට පත් කරමින් ඉන්නවා. අන්න ඒ නිසා මේ සම්මාන උළලේ වැඩේටත් පවතින තත්වය යටතේ වඩාත්ම සුදුසු මාර්කටිං තියරිය අනුගමනය කරන්න වෙනවා අපිව ජනතාව අතරට ගෙනියන්න නම්..නෙලුම් යාය දේශපාලන වේදිකාවක් උනොත් ඒකට උත්තරේ අනාගතය විසින් සපයාවි.. අපි වපුරන දේ අපිම නෙලාගත යුතුයි. ඒ නිසා මේ සත්කාරය දිහා සුභවාදීව බැලීම පමණයි අපි කල යුත්තේ..
මට තේරෙන්නෑ කොහොමද දේශපාලනය සම්බන්ද කරගෙන මාකටින් කරන්නෙ කියල.....මට දැනෙන අනුවනම් දැන් බහුතර ජනයා දේශපාලනය තුල වැඩි ක්‍රියා කාරිත්වයක් නෑ....
Deleteඋදාහරණයක් ගම්මු අපි එ.ජා.පෙ පොලිටික්කෙක් එකතු කරගන්නව කියල එතකොට එ.ජා.ප පාක්ෂිකයො සතුටුවෙන අතරෙ අනෙක් පාක්ෂිකයො අසතුටු වෙනව....ඕක අයියෙ කොයි පක්ශෙක පොලිටික්කෙක් ආවත් විරුද්ද පක්ශයක පාක්ෂිකයො අසතුටු වෙනව......එතකොට අපිට නිසැකයෙන්ම දේශපාලන ලේබලය යටතේ එක් ජනතා කංඩායමක ප්රතික්ශේපයට හේතුවෙනව....ඒ ප්‍රතික්ශේපය ඇතුලෙ නම් හොද මාකටින් එකක් ලැබෙනව...කොයි පොලිටික්කද උනට වාසියක් නැතුව මොකක් හරි වැඩක් කරේ.....
කොයි දේ උනත් නෙලුම් යාය අගය කලයුතු වැඩක්.....
ජ.වි.පෙ. ගැන කියපු කතාවනම් හරියට හරි.....ලංකාවෙ ජනතාව අතීතයේ සිදුවීම් අප්‍රමානව වර්තමාන නීර්න සදහා යොදා ගන්නව...
ඔය මාර්කටිං තියරිය වෙන්නේ මෙහෙමයි .. මොකෙක් හරි ප්‍රසිද්ද දෙස්පාලුවෙක් ආවාම ඒ වැඩේ ගැන ලැබෙන ප්‍රසිද්දිය වැඩියි.. දෙසපාලුවා අයිති පක්ෂයේ උදවිය ඒ ගැන උදම් අනනවා.. විපක්ෂ එවුන් මඩ ගහනවා.. ඒ අතරේ සම්මාන උළලේ වැඩේ ප්‍රසිද්ද වෙලා ජනතාව අතරට යනව....එතකොට මිනිස්සු එකා දෙන්න හරි හොයල බලනවා මොනාද බොලේ මේ බ්ලොග් කියන්නේ කියල.. ඒක තමයි මාර්කටිං කියන්නේ..
Deleteමුක්ය පරමාර්ථය බ්ලොග්කරණය ජනතාව අතරට ගෙනයාම නම් ලේබලය අවුලක් නැහැ. මොකද බ්ලොග්කරණය ඇතුලේ දේශපාලනය තාම බොහොම අවම මට්ටමක තියන නිසා. ඒත් මාද්යක් විදිහට බ්ලොග් කරනය මිනිස්සු අතරට යාමේදී දේශපාලනය මීට වඩා ප්‍රතිශතයකින් බ්ලොග්කරණය ඇතුලට ඒවි. මාද්යක් උනාම සියලු ජනී ජනයාගේ අවශ්‍යතාවය සපිරෙන දේ තිබිය යුතුයි.
මේ කතාව වෙනස් විදිහකට කියනවනම් වෙළඳ දැන්වීම් වෙනුවෙන් ජනප්‍රිය නළු නිලියන් ගන්නෙත් ඔය දේ ඔය විදිහටම කරගන්න ඕන නිසයි..මාද්යක් විදිහට ජනතාව අතරට යන්නනම් වර්තමානයේ තියන හොඳම සහ නොමිලේම ලැබෙන මාර්කටිං තියරිය තමයි දේශපාලනය බ්ලොග් උළලේ අයිනෙන් වාඩි කරවාගැනීම..
හොදයි මචං දේශපාලුවෙ අයිනකින් වාඩි වෙලා වැඩේ ඉවර වෙනවනම් ගැටලුවක් නෑ....හැබැයි නෙලුම් යාය දේශපාලන ඕනෑ එපාකම් ඉටුකරන වේදිකාවක් උනොත් තමයි ගැටලුව....මාකටින් වලට අනුව වැඩේ හරියටම හරි කියල පිලිගන්නව..
Deleteජයග්‍රාහකයන් හා ජග්‍රහනය ලැබූ නිර්මානවල එකතුවක් එලිදැක්වීම.(මුද්‍රනයක් ලෙස)
Deleteමේක අපි කල්පනා කරගෙන යනවා.
අම්බලන්ගොඩ කතා ඔබේ අදහසට හා වටහා ගැනීමට ස්තූතියි .
Deleteමා කී තත්වය උදාවී ඇත.උන් පැමින උන්වම මහා ඉහලින් වර්නනා කරවාගෙන යන්නට ගියහ.සංවිධායකයින්ද සෑහෙන්ඩ වෙහෙසී ඔවුන් වර්ණනා කිරීමට උත්සහ ගෙන ඇත.(ඔවුන් කීවේ කොලවල ලියූ කතාවක් බව සංවිධායකයෙකුම ප්‍රකාශකර ඇත)..කෙසේ හෝ දේශපාලකයින් ගෙන්වා ගැනීම්න් බලා පොරොත්තු වූ ප්‍රසිද්දිය ලැබී ඇත.ඒත් ජනප්‍රියත්වය..
Delete// (ඔවුන් කීවේ)// යන්න නිවේදකයන් කීවේ ලෙස නිවැරදි විය යුතුය.
Deletehttp://nelumyaya.com/?p=5479
ReplyDelete