Friday, March 11, 2016

තිස්සමහාරාමෙ දාඩිය

මෙය මා ලිවීම ගන්නේ දැඩි කල කිරීමකිනි..මගේ රට.....මගේ ජනයා...මගේ ජාතිය....මගේ ආගම පිලිබද දැඩි පසුතැවීමකිනි..කනගාටුව නම් කුලියාපිටියේ සිද්දිය සිදුවී උනුහුම පහව යන්නටත් පෙර ඊටත් වඩා තුච්ච වැඩක් සිදුවීමයි..දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙයට රිජුවම වගකිව යුත්තන් වන්නේ විදුහල්පති හා ගුරුවරුන්ය....                                                                
   කාරනාවනම් ගදය ශරීරයෙන් හමන්නා වූ දාහය ගදය...නව තැනකින් අසූචි වැගිරෙන මේ කුනු කයේ ගද සාමාන්‍ය කරුනක් බව ඔබද පිලිගන්නවා ඇත..ඉතින් ඒ දාහය ගදට හැකිවේද අහිංසක දරුවන් දෙදෙනෙකුගේ පාසල් ගමන නැවැත් වීමට....    
 එක්කෝ තිස්සමහාරාමෙ අදාල පාසලේ ගුරුවරුන්ට අනෙක් ලමයිට දාඩිය දාන්නැතුව ඇති..මේ අසරනය දෙදෙනා පමනක් මේ ගැටලුවට මුහුන දෙනවා විය හැක....                                                                 
                    අපේ පාසල් කාලයේ ද මුහුන නොසෝදා කබ පිටින් පාසල් පැමිනි ලමුන් නොසිටියා නොවේ..එහෙත් අපෙ ගුරුවරුන් කලේ වතුර කරාමයක් ලගට ඔහුව රැගෙන ගොස් මුහුන සේදීමය....මට අද වාගේ ඒ සිද්දිය මත ඇත...මාගේ ගුරුවරයාට ගෞරවයක් ලෙස එය මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි....පාසල පොල්ගහවෙල බර්නදෙත් ආදර්ශ මහා විද්යාලයයි...මා ඒ වන විට සිටියේ පාසලේ දෙවන ශ්‍රේණියේය....ගුරුතුමිය මැණික්ගේ ගුරුමෑණියන්...උදෑසන ඇය අපගේ ශාරීරික පිරිසිදුතාව නිරීක්ශනය කරයි...නියපොතු කපා තිබීම,දත් මැද තිබීම,මුහුන සෝදා තිබීම..ඇයගේ නිරීක්ශනයට ලක්වේ...නියපොතු නොකපා සිටියෙකු අසු උවහොත් ඇය කරනුයේ සිය අට්බෑගය අතදමා නිය කපනය ගෙන ආදරයෙන් ඔහුගේ නියපොතු කැපීමයි...කෙසේ වෙතත් අපගේ පංතියේ සෑම දෙනාම පිරිසිදුව පැමිනෙති...එක් දිනක් මුහුන සෝදා නැති ලමයෙකු ඇයගේ පරීක්ශා කිරීම් අතර තුර හමුවිය...ඔහුසමග මොනවාදො කතා කල ඇය ඔහුව අතින් අල්ල පංතියෙන් ඉවතට ගියේය.....දැල් ගසා තිබු ජනේලයේ තිර රෙද්ද ඈත් කල මා එදෙස බලවිට දුටුවේ ඒ ලමයාගේ මුහුන සෝදන මගේ ගුරුතුමියයි..
ඉතින් අපට සිටියේ ඒ සා ගුරුවරුන්ය ඇත්තෙන්ම ඔවුන් ගැන නිහත්මානී ආඩම්බරයක් ඇත.                                                  
                     
ඉතින් නැවත සිද්දිය දෙසට යමු...අර අහින්සකයන් දෙන්නා පාසලේ සිටිනුයේ වෙනමම මුල්ලකට දමාය...අනෙක් ලමයින්ගෙන් කොන්කරය..හේතුව කුමක් වේවා කොතරම් අප්‍රසන්න හේතුවක් වේවා ගුරුවරයෙකුට හෝ විදුහල්පතිට මෙසේ ඔවුනට පාසල් නොපැමිනෙන ලෙස පැවසිමට ඇති අයිටිය කුමක්ද?                                                                              
            තිස්සමහාරාමයේ ජනජීවිතයේ කටුකත්වය ඔබ නොදන්නවායැයි මම නොසිතමි..දැඩි ආර්තික දුශ්කරතා ඒ පලාත්වල ඇති ලොකුම ගැටලුවයි...ඉතිම් ඒ ගැටලුවෙන් ගොඩ ආහැකි හොදම විසදුම අධ්‍යාපනය නොවේද?ගුරුවරුන් මෙතරන් නපුරු මක්නිසාද...කුරිරු මක් නිසද...කුහක මක් නිසද...දරුවන් දෙදෙනෙකුගේ අනාගත එලියවන නිසාද???ගුරු ගෞරවය විනාශ කරන්න්නේ නුඹලාය..
                        
මේ දරුවන් දෙදෙනාගේ මව හා පියා කරන්නේ කුලීවැඩ...ඔවුන් සිය ජල අවශ්‍යතාව සපුරා ගනේ අසල කඩේ මහතෑලගෙ ළිදෙනි...එහෙත් ඔවුන් සවසත නාකියා පිරිසිදු වෙති..පිලිවෙලකට සිටිති...ඉතින් තවත් මොන කතාද...ගේ වටේ ලිං තියාගේන දවස් ගනන් නාන්නැතුව සිටිනා අපේම බ්ලොග් කරුවන් කීවක් සිටිත්ද(හික්).ඉතින් මේ දරුවන් කෙතරම් පිරිසිදුද??..                                                                       
                                මේදරුවන් දෙදෙනාගේ වැඩිමහලු සහෝදරයාද මානසික ආබාදයකින් පෙලෙන බව දැන ගන්නට ලැබී ඇත.....දෙමාපිය කෙතරම් පීඩනකින් ජීවත් වනවා ඇත්ද....
                   අනෙක් කරුන මේ දරුවන් දෙදෙනා කොතරම් මානසික ආගාදයකට වැටී සිටිනවා ඇද්ද...මොවුන්ට දැනට පාසල අප්‍රසන්න තැනක් ලෙස පෙනෙනවා සහතිකය.....හිරිමල් වියේ සිටින මේ දරුවන් යෞවනයට එලබෙන මෙවැනි කාල සීමා වලදී ගුරු දෙමාපියාදීන්ගේ වගකීම විය යුත්තේ ඔවුන්ව ආරක්ශාකිරීම විනා බැහැර කිරීම නොවේ....
මේ ගුරුවරුන් මෙතැනට තල්ලු කර දැමුවේ කවුද?අපම නොවේද...අපේ සමාජයමනෙවේද?එහෙත් සිදුවන්නේ කුමක්ද?ඔවුන්ට cඕදනා කිරීමයි...සමාජයක් ලෙස එක්ව ඔවුනට cඕදනා කිරීමයි...සිනහ සීමයි...ඉතින් ඔවුන් හැදෙන්නේ කවදාද...කුලියා පිටියටත් සිදුකලේ මෙයම නොවේද??සිනහ සුනි...සිංහ ලේ කාරයන් බොරුවට ගොරවත්...සිංහල එකෙකු කරදරයක වැටුනහම එක සිංහ ලේ කාරයෙක්වත් නැත...ඉන්නේ සුලුජාතිකයන්ය.....මා හටනම් ආඩම්බර ඔවුන් ගැනය...රටක් ලෙස එකමුතුව ජීවත් වන්නන්ය....
                මේ දරුවන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැත මක්නිසාද යත් අනුකම්පාවෙන් ගද නැතිවන්නේ නැත අවශ්ය වන්නේ ගද දැනෙන නහයවල් වලට තමන්ටද දහඩිය දමන බව මතක් කර දීමයි....
                       ඔය දාඩිය ගදයි ගදයි ගාන උදවිය රතිකෙලියේදී මුගුරන දාඩිය සුවද ඇති..ඇද තෙම්මෙනකන් කොට්ට පෙගෙනකන්...අම්මේ ඉතින් නේද??එවුන්ට උදේට ඉස්කෝලෙට දුවගෙන එද්දි පොඩි ලමයිට දමන දාඩිය උහුලන්න්නට බරිය....හරි ගදය....ඩර්ටිය..මොක්කද උන්න්ට සෙන්ට් නැත...ඇත්තේ ගොවි සුවදයි...නැතිනම් සැබෑ මානව පුසුඹයි..සුකුරුත්තන් නැත ඇත්තේ අවි‍යාජත්වයයි..          
                          
                       අවසානයට මෙසේ කියන්නම්......ආඩම්බරයි නගේ උඹලගෙ දාඩිය සුවද ගැන..                                            
                                                                                  
                                                                                   
                                                                                      
නිමිත්ත මෙයයි...
                     උපුටා ගැනීම
                                     //
පියුමියි, මයුමියි... නිවුන් දරුවෝ. ඉගෙන ගන්නේ තිස්සමහාරාමය ප්රදේශයේ කුඩා පාසලක 8 වසරේ...
පාසලෙන් විදුහල්පති සහ පන්තිභාර ගුරුතුමා කීවලු නැවත පාසල් එන්න එපා කියලා. හේතුව මේ දෙන්නා ලඟ "ගඳයිලු" පිරිසිදු නැහැල්ලු. මේ කතාව අපට කීවේ දරුවන්ගේ අම්මා.
මේ ඡායාරූපය ගත්තේ මම. අද මම මේ ගෙදරට වියළි ආහාර ද්රව්ය අඩංගු පාර්සලයක් පරිත්යාග කලා. මේ අයගේ අයියා මානසික ආබාධයකින් කුඩා කල සිටම පෙළෙන කෙනෙක්.
දරුවෝ දෙන්නත් එච්චරම සමාජශීලී අය නෙවෙයි කියලා මට හිතුනේ. සමහර විට මම දැක්කහම බය වුණාද දන්නෙත් නැහැ. හරි ලස්සන හිනාවක් දෙන්නටම තියෙන්නේ. මටනම් දෙන්නා වෙන් කරලා අඳුරගන්නත් අමාරුයි. දැන් පාසලෙන් කියන කතාව ඇත්තක්ද බලන්න මාත් මෙයාලට ලං වුණා. ඒ දරුවෝ ගාව එහෙම අප්රසන්න දුගඳක් හැමුවේ නැහැ.
මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕන නිසා මම මෙහෙම ඇහුවා අම්මගෙන් කෙලින්ම. "ඇයි එහෙම කියන්නේ කියලා දන්නේ නැතිද, මෙයාලා උදේට ඉස්කෝලේ යනකොට නාන්නේ, මූණ හෝදන්නේ නැතිද?"
"හැමදම ඉස්කෝලෙ ඇරිලා ආවහම නානවා, උදේටනම් නාන්නේ නැහැ. අපිට බොන්න වතුර ටිකක්වත් නැහැ. අර කඩේ මහත්තයලගේ ගෙදරින් තමා උදේට වතුර කෑන් එකක් අරන් එන්නේ, මෙයාලා ලඟ එහෙම ගඳක් එන්නේ නෑ, ඒත් පන්තියේ මේ දෙන්නව අනික් ළමයින්ගෙන් වෙන් කරලා වෙනම මුල්ලකට දාලා තියෙන්නේ, සර්ලා ඉස්කෝලේ එන්න එපා කියලා බනිනවලු. ඉතිං දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා මහත්තයා"//.   
        
//සැ.යු : මෙහි සඳහන් නම් සත්ය නම් නොවන අතර මෙය මේ දරුවන්ගේ මවගේ ප්රකාශයක් පදනම් කරගෙන දමන ලද පෝස්ට් එකක් බවත් නිරවද්යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට මාහට පාසලට ගොස් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොලැබුණ බවද, ඒ සඳහා මාහට නීතිමය අවසරයක් නොමැතිබවද කරුණාවෙන් සළකන්න.
Photo Credit : Danesh Maduranga Edirisooriya (All rights Reserved)
Personally Visited by Danesh Maduranga Edirisooriya (Founder, Managing Director - SamajaSathkara.lk)///.                                          
                   උපුටා ගැනීම අවසන්..
                       https://m.facebook.com/photo.php?fbid=965540020150008&id=100000820578834&set=a.209961979041153.47065.100000820578834&refid=52&_ft_=og_action_id.965540053483338%3Atop_level_post_id.965540046816672%3Atl_objid.965540046816672%3Athid.100000820578834&__tn__=E

16 comments:

  1. මේක මාත් දැක්කා.අපුලක් සිතුනේ අපි ගැනමයි.මේවගේ ජීවිත කීයක්නම් විනාශවෙනවා ඇද්ද මේ විදිහට.ගොඩක් මිනිස්සු කියනවා නගරයට වඩා ගම හොඳයි කියලා.ඒත් ඒක මහා බොරුවක්.මනුස්සකම අතින් ඉදිරියෙන් ඉන්නේ නගරය.ඉපදුන දා ඉදන් නාගරිකව ජීවත්වෙලා රස්සාවට ගමට ආපු මම ඒක හොදින් අත්දැකලා තියනවා.මේවගේ දේවල් සිද්දවෙන්නේ නූගත්කම නිසා කියලා තර්කකරන්න බෑ.විශේෂයෙන්ම පාසලක් තුල." කලේට පිපුණ මලක්" ලියන වත්සලා නංගි එක්ක කතාකරපු දවසක ඇය කියපු කතාවකින් හිත කීරි ගැහුනා.දැරනියගල දුශ්කර පාසලක සේවයකරන ඇය කීවේ "මේ ඉස්කෝලේ පිරිමි ළමයින්ව පරිස්සම්කරන්න අපි විඳින දුකක්....වෙන කාගෙන්වත් නෙමෙයි අයියේ ...ඉස්කෝලේ සර්ලගෙන්මයි...." නාගරික හා නගරාසන්න පාසල්වලට ගිය මම කවදාවත්ම ඒවගේ දෙයක් ගැන පාසලතුල අහලා නෑ.ඒත් වාර්තාවන ඔයවගේ සිද්දීන් බහුතරයක් වාර්තාවන්නේ ගැමිකම, බෞද්ධකම උතුරාගලන ගම ඇතුලෙන්මයි.

    අපේ ගුරුවරු කොච්චරක්නම් අපිව හැදුවද...ආරක්ශාකලාද....9,10,11 වසර තුනේම පන්තිභාරව හිටියේ එකම ගුරුවරියක්.ඒ මිස් අවුරුදු 3ටම නිවාඩු අරගන තිබුනේ දවස් 3යි.ඒ ඇයගේ දියනියගේ විවාහයට. මම හැසිරුන විදිහට ඇයවෙනි ගුරුවරු හිටියේ නැත්තන් අනිවා මේ වෙනකොට මම හිරේ.නැත්තන් කාගෙන්හරි මැරුම්කාලා.ඒත් ඔය ලිපියේ ඉන්න ගුරුවරු....දරුවන්ගේ ජීවිත රකිනවා වෙනුවට ඔවුන් කරන්නේ ඒවා විනාශකරන එකයි.මම දන්නේ නෑ මේවාට කරන්න ඕනේ මොකද්ද කියලා.ආයතනික මට්ටමෙන් කරන පරීක්ශන වලට ප්‍රථමව මුන්ට මනුස්සකම කියලාදීපල්ලා කියලා කියන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අයියෙ පාසලක් වේවා...පංසලක් වේවා...ඒ ඇතුලෙ තියෙන්ඩ ඔනෙ හික්මීම දැන්නන් දකින්ඩ නෑ...අපේ ගමේ පංසල් 4ක් තියනව..පාසල් 3 තියනව..ඉතින් ඔය වගේ රට පුරාම කීයක් ඇද්ද...ඒවයින් සිදුවිය යුතු සමාජ මෙහෙවර හරියට වෙනවනන් දූශකයො...හොරු නැතුව..ලස්සන මිනිස්සු බිහිවෙයි....
      මම දකින්නෙ අපේ මිනිස්සු ලිංගිකත්වය කියන වචනෙ ඇතුලෙ හරියට පීඩාවට පත්වෙලා ඉන්නෙ.. ..සම ලිංගික ඇසුර සමාජයට කාන්ඩුවෙන්නෙ පාසල් හා ආගමික ස්තාන වලින්....පාසලක් ගුරුවරයෙක්...කොච්චර හික්මීමක්ද.....තමන්ගෙ ශිෂ්යා ලිංගික භාන්ඩයක් විදිහට දකින ගුරුවරය කොහොමද දන්නෑ උගන්නන්නෙ(ඒක වෙන්නෙ හරි අඩුවෙන්නෙ..වැඩිපුර අයිස්නෙ)..
      දුකයි කලකිරීමයි..කියනව ඇරෙන්ඩ තව මොනවකියන්ඩද??හරියට හරි අයියෙ ගම හරිම පජාතයි...මිනිස්සුන්ගෙ අදහස්වලින්..මම ඉන්නෙ පොතුහැර මෙහෙ අර්ධ නාගරිකයි වගේම අර්ධ ග්‍රාමීයයි..ඉතින් මම හොදට ද්කිනව ඔවුන්ගෙ සිතුම් පැතුම් ක්‍රියා කලාපයන්...කුහකයි...ඊරිසියයි....තව මනුස්සයෙක් පාගන්ඩ..විනාස කරන්ඩ හරි දක්ෂයි....

      Delete
  2. මේකනම් හිතාගන්නවත් බෑ. මමනම් හිතන්නේ මේ විදුහල්පතිටයි ගුරුතුමාටයි වෙන පෞද්ගලික කාරනයක් තිබුනද දන්නේ නෑ. ඒත් පිරිසිදුකම ගැන ප්‍රශ්නයක් තිබුණනම් ඒ ගැන ගුරුවරු විදුහල්පතිවරු හැටියට ඒ ළමයින්ට වෙනමම කියාදීම හෝ කරන්න තිබුණා මොකද ඒකත් ඉගෙනීමේ කොටසක්. නමුත් මෙතන ගුරුවරයා හා විදුහල්පති හැසිරිලා තියෙන්නේ මනුස්සයෝ විදිහට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියෙ..පාසල් විශය නිදේශයෙම තියනව සෞඛ‍ය පාඩමක්...මානසික වගේම ශාරීරික...ඉතින් මේ අය ගුරුවරුන් විදිහට එතනත් දුර්වලයි නේද??
      කොහොම හරි අයියෙ අපේ රටේ මාසෙකට සැරයක්වත් ඔයවගේ කතාවක් ඇහෙනව...මේව පාලනය කරන්ඩ බැරිද...මනුස්සකමනන් බල්ලට ගිහින් තියෙන්නෙ..

      Delete
    2. දැන් ඉස්සර වගේ නෙවෙයි ගුරුවරු උනත් පාසලේ ඉගැනිවීමෙන් පරිභාහිරව ළමයින්ගේ මානසිකත්වය ගතිපැවතුම් වගේ දේවල් ගැන අවධානය යොමු කරල ඒ ඒ පැතිවල දුර්වලතා හදල සමාජයට එකතු කරන්න හිතන්නේ නෑ. ඒ වගකීම ගන්න කැමතිත් නෑ සමහරු. අද සමහර ගුරුවරු මොනවහරි දෙයක් කරල පඩිය අරන් ඉන්නව මිසක් තමට පැවරෙන භාරධූර සමාජ වගකීම් ගැන හිතන්නේ නෑ. එහෙම අය අර වගේ සිද්ධියකදි ළමයි ලඟ දාඩිය ගඳනම් ඒ අය ගෙදර යවනව ඇරුනහම වෙන කරන්න දෙයක් දන්නේ නෑ.

      Delete
    3. //අද සමහර ගුරුවරු මොනවහරි දෙයක් කරල පඩිය අරන් ඉන්නව මිසක් තමට පැවරෙන භාරධූර සමාජ වගකීම් ගැන හිතන්නේ නෑ. එහෙම අය අර වගේ සිද්ධියකදි ළමයි ලඟ දාඩිය ගඳනම් ඒ අය ගෙදර යවනව ඇරුනහම වෙන කරන්න දෙයක් දන්නේ නෑ.//

      ඔව් අයියෙ දැන් ගුරුවරු හරි හොදට විශය කරුනු දන්නව ඒත් ගුරුවරයෙක් අතින් ඉටුවිය යුතු අනෙක් කාර්යාබාරය දන්නෑ..(හැමදෙනාම නෙවේ)ක්ෂනික තීරන ගන්නව....ප්‍රතිපලය තමන්ට බල්පෑමක් නැත්තන්...එහෙම නැත්තන් තමන්ට අගතියක් වෙන්නැත්තන් ඒක තමා හරිම තීරනය කියල ඔවුන් දකින්නෙ..ගුරු වෘර්තිය දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නෙ..ඒක යුතුකමක් එහෙම නැත්තන් වගකීමක් නෙවේලු..හුදෙක් ව්‍යාපාරික ගණුදෙනුවක්ලු..මගේ සා.පෙළ වාණිජ ගුරුවරය කීවෙ...ඉතින් අපිත් ඒදවස්වල(මම) වැඩිය ගුරු ගෞරවය වගේ දෙවල් ගැනසැලකිල්ලක් දැක්වූවෙ නෑ..මොකද කඩේකින් බඩුවක් අරන් මුදලාලිට වැදල එන්නෙ නැති හින්ද...ඉතින්..පසුකාලීනව හමුවූ නියම ගුරුවරුන් නොහිටින්ඩ මම තාමත් පරන මතයෙමයි.. ඉතින් එවැනි ගුරුවරු ඉන්නකන් දාඩිය ගදට ගෙදර යවයි.....තව දෙයක්...දැන් දෙමාපියො බහුතරය බලා පොරොත්තු වෙන්නෙ විෂය ඉගැන්වීම මිසක් ගුණධර්ම...ලමයින්ගෙ මානසික ශක්තිය....වගේ දෙවල් වර්ධනය නෙවේ.....ඉතින් ඔවුන් ඒ යුතුකම ඉටු කරනව...හුදෙක් සමාජයේ අවශ්‍යතාවය ඉටුකරනව...සුලුතරයට වඩා බහුතර බලවත් වීම හා බහුතරයේ බලාපොරොත්තු ඉටුකිරීම ඔවුන් විසින් ඉටු කරමින් සිටිනව..ඉති අපේ සමාජයට් ඕනෙ දාඩිය ගද නැති..සෙන්ට් සුවද හමන...රොබෝ වරුන් පිරිසක්....

      Delete
  3. ඕක ඉස්කොලයක්ද ?

    පැන මඩ කඩිති යන ගුරුවරු දැන් නෑ

    ReplyDelete
    Replies
    1. :P...හැබෑව..හැබෑව..

      Delete
    2. ඒ කියන්නෙ එහෙම ගුරුවරු(එ වැනි කැපකිරීම්)බලා පොරොත්තු වීම වැරදිද??

      Delete
    3. වැරදි නෑ, හැබැයි එහෙම ගුරුවරු ආපහු කවදාවත් එන්නේ නෑ

      Delete
  4. නෙලුම් යයෙන් පාර අහන් මමත් ආව මේ පැත්තේ.. අකුරු ටිකක් ලොකු කරානම් කියවන්න ලේසියි බන්..ෆලොවර් එක එල්ලහන් එතකොට අපිට ලේසියි උඹේ පොස්ට් බලන්න..

    ReplyDelete
    Replies
    1. ෆලෝවරේ දාල තියෙන්නෙ..

      Delete
  5. බ්ලොගර් ෆලෝවරේ දාන්ඩ , අකුරු ටිකක් ලොකු කරන්ඩ

    ReplyDelete
    Replies
    1. ෆලෝවරේ දාල තියෙන්නෙ..

      Delete
  6. පුදුම ගුරුවරු.....!!!

    ReplyDelete
    Replies
    1. පුදුම ගුරුවරු සහ පුදුම ළමයි!

      Delete