Tuesday, April 12, 2016

උත්පත්ති කථාව(18 ට වැඩිනම් හොඳයි..)

ගැඹුරින් කෙරෙන සිපගැනීම්, වැළඳගැනීම් හා වාත සිසිලනයේ හඬ ඇරුනුවිට කාමර තුලින් වෙනත් ශබ්ධයක් නොනැගේ.තිරය වැසුනු ජනේලයෙන් පෙරී එන හිරු එළිය කිවනොහැකි තරමේ සුන්දරත්වයක් ටීපෝව මත ඇති රෝස පොකුර හා එක්ව කාමරයට මුසු කරයි..විශේෂයෙන් කිවයුතු තරමේ බඩු බාහිරාදිය කිසිවක් මෙහි නොමැති වුවත් හඬ නොනැගෙන ලෙස ක්‍රියාත්මක කළ රූපවාහිනියේ නානාප්‍රකාර රූප මායවන් චලනය වෙයි.කාමර පුරාම සිහිලසක් පැවතියත් මට දැනෙන්නේ උණුසුමකි.මේ මහා විශාල සයනය කාමරයෙන් මේසාඉඩක් අත්කරගෙන සිටීම නොහොබිනා යැයි මට සිතෙයි.කාමරය පුරා විසිරි ඇති රෝස මල් සවඳට අමතරව , සුවඳක් හෝ ගඳක් ලෙස වෙන්කර ගත නොහැකි ඝන්ධයක් පැමිනෙයි.මුලින් නොදුටුව බීර බෝතල් දෙක තිබුනේ මට පිටුපසින්ය.     
                       මා පැමින බොහෝවේලාවක් ගත වුවත් තාමත් පිටතට යාමට අවස්ථාවක් නැත.මා ඇය හමුවීමට කෙතරම් බලා පොරොත්තු දල්වා සිටිනවාදැයි දන්නේ මා  පමනි.මොවුන් දෙදෙනාට ඒ පිලිබඳව කිසිදු තැකීමක් නැත.තවමත් සිපගැනීම් හා වැළඳගැනීම්ය.විකල්පයක් නොමැත, බලා සිටිනවා හැර.                                                
                            කෙහෙල් දල්ලේ පැහැයගත් බ්ලව්සයට අල්ලා තිබෙන්නේ ඒ පැහැයෙන්න්ම යුත් අපූරු බොත්තම් පෙලකි.ඒවා තරමක් විශාල වන අතර රවුම් හැඩයක් ගනී.බොත්තම් මධ්‍යයේ ඇති මලක හැඩ ගත් අපූරු කැටයම බොත්තමට ගෙනෙනුයේ නව ආලෝකයකි.දෑස් වසා සිටින මැය පෙරදී පානය කල බීර උගුරු කිහිපයට බමන මත්ව සිටී.උරස දෙපසින් කඩා හැලෙන කෙස් කලඹ ඇයගේ සුන්දරත්වය තීවෘර කරයි.                                                                      
             සිසිලනයෙක් ගලන වායුධාරා පිළිබඳව කුකුසක් ඇතිවන තරමටම මට දැනෙන්නේ උණුසුමකි.දා බිඳු නොනැගුනත් උණුසුමක් දැනේ..                  
                                                                 නිල් පැහැති ස්ක(ර්)ටය පෘෂ්ටිමත් කලවා දක්වාම ඈ නිරාවරනය කර සිටී.ඒ මැදින් අල්ලා ඇති දුඹුරු පැහැ බොත්තම් පෙළ එයට එකතු කරන්නේ නොගැලපෙන බවකි.පාදයෙන් මිදුනා වූ පාවහන් යුවල දෙපසකට වී සිටින්නේ කලක පටන් විරසක වී සිටින සේය.ඇයගේ අත් බෑගය නම් පෙනෙන දුරක නොමැත. බාග වෙලාවට ඈ අත් බෑගයක් නොගෙනාවා විය හැක.                
                         එක් විටම පසෙකින් නාද වන්නට වූයේ ජංගම දුරකථනයකි.සිපගැනීම් හා වැලඳගැනීම් මොහොතකට නතර විය.ටීපෝව මත නද දෙන දුරකථනය දෙසට ඇදුනේ යට ඇදුමකින් පමනක් සැරසුනු පිරිමි රුවකි.හේ කඩවසම්ය,පෘෂ්ටිමත් ශරීරයකට උරුමකම් කියයි.තරමක් කොන්ඩය වවා තිබූ හෙයින් වඩාත් කඩවසම්ව පෙනුනි.දුරකථනය පිලිතුරු දුන් අතර පෙරලාද පිලිතුරු ලැබිනි.ඒවා සියල්ලක්ම පාහේ නොපැහැදිලි දෙබස්ය.බාග විට මා ඒවාට සැලකිල්ලක් නොදක්වන නිසා නෑසෙනවා විය හැක.    
             දුරකථන විසන්දි කල ඔහු නැවත සයනයට පෙරලා පැමිනියේ ක්ෂණයකිනි.ඒවන විට එහි සිටියේ අඩක් නිරුවත් වූ කලවා සම්පූර්නයෙන්ම නිරුවත්,උඩුකය හි ළැම දෙපසට කඩා හැලුනු ඇයයි..දෙදෙනාගේම මුහුණු වල ඇදී තිබුනු සංතුෂ්ඨි රේඛා වචන වලට හැර වීම නිශ්ඵලය.මක්නිසාද යත් වචන වලින් හැගීම් විග්‍රහ කල නොහැකි බැවිනි.                                                                      
                 ජනෙල් කවුලුව අතරින් පෙරී ආ හිරු එළිය මේ වනවිට දක්නට නොමැත.එහෙත් ටීපෝව මත තිබූ රෝස පොකුර ඒ ආකාරයෙන්ම තවමත් ඇත.රූපවාහිනියේ විකාර රූප වලද අවසානයක් නැත.බීර බෝතල් දෙකද දැඩි වෙහෙසට පත්ව සිය අස්න මත දහඩිය හෙලා ඇත.                                                 
                             එහෙත් මොවුන් දෙදෙනාගේ විකාර රූපී හැසිරීම දකින විට මට ඇති වන්නේ කනගාටුවකි.මා ඇය වෙත යන්නේ කෙසේද?                                                       
                                                ඔහු කුඩා දරුවෙකු සේය.සිය මවගෙන් කිරි උරා බොන කුඩා දරුවෙකු සේය.ඇයගේ ළැම මත කුසගිණි වූ දරුවෙකු තැබුවා සේය.එහෙත් වෑස්සෙන කිරි බිඳුවක් නැත.ඛේටයෙන් තනය තෙත් වනවා හැර!.                                                                          
            අනර්ඝතම අවස්ථාව උදාවෙමින් පවතී.එක්වීම,ගැහැණියකගේ හා පිරිමියකුගේ....වායු සිසිලනය දැන්නම් ක්‍රියා විරහිතවී ඇති සේය.මහා උණුසුමක් දැනේ.තොල තෙමා ගැනීමට බීර බෝතල් දෙසට යා නොහැක මොවුන් ඉස්සර උනොත් මා නිකරුනේ බලා සිටියා වෙයි.කෙසේ හෝ පිපාසය හා ඌෂ්නය ඉවසාගෙන සිටි තැනම සිටිය යුතුය.                                                              
                          බොහෝ වේලාවකට පසුව හංස යුවල ඔහුව නිදහස් කර ඇත.බාග වෙලාවට බඩගිණි නිව්නා විය යුතුය.දැන් ඔවුන් සිටින්නේ නියම තැනය.යෝනිය,යෝනි ගෙල පාමුලය...පෘෂ්ටිමත් වූ නිමිත්ත යෝනිය තුලට කිඳා බැසීමට මාන බලයි.කෙමින් කෙමින් දෙදෙනා වැලඳ ගනී.වේලාව උදාවී ඇත..පිටව යාමට කාලයයි.මෙයයි සංසර්ගය.......                                                          
                                                    පිටවුනි,යෝනි ගෙල තුලටම ඩිම්බයක් සොයා...මාගේ ප්‍රේමය සොයා,ගර්භාශය දක්වා,ඇය සිටී මග බලාන...මා එනතෙක්...අවට පරිසරයම නිහඬය පසෙකින් ඇසෙන්නේ වායු සිසිලනයේ හඬයි....ඇය හා මා එක්වුනි..ලෝකයේ අලංකාරතම එක්වීම!....ලෝකයේ පැවැත්ම,පරම සංතුෂ්ඨිය,ඩිම්බයක් හා ශුක්ක්‍රානුවක් එක්වීම.මා බලා සිටි ඇය...ඇය බලා සිටි මා.....හමුවුනි....නැවත වෙන්නොවන ලෙසටම....ලොවම නිහඬ මුත් පිටතින් දෙදෙනෙකු හතිලනු ඇසෙයි.....එක්වූවෙමු,යුක්තානුවකට..........ජීවියෙකුට.........තවත් ශුක්ක්‍රානුවකට හෝ ඩිම්බයකට.....

17 comments:

  1. හපොයි ඔළුව උඩු කුරිඥ්ඥං උනා...අන්තිමටනොවැ ලියපු එක තේරුනේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.....කුරිඥ්ඥං කිරීමට හැකිවීම ගැන සතුට....හැක්...
      ස්තූතියි අක්කෙ

      Delete
  2. එක මරු මලයෝ,හැමදාම වගේ වෙනස් ආරක් ගත් කතාවක්,ඇත්තටම මට සයිමන් නවත්තේගම මහත්තයාගේ කිඹුල් වලප මතක් වුනා,සුපිරි කතාව,

    ReplyDelete
  3. නෙදකිං කුනු හබ්බ ලියල බ්ලොග් කනවා

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ කුණු හම්බ ලීව එකා...ඕකට මම.........







      Delete
  4. හීනෙකින්වත් නොහිතූ අචසානයක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.....ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට.....

      Delete
  5. පට්ට පට පට ....සිරාවටම නියමයි...

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ ලලිතෝ....

      Delete
  6. කවුරු මොනා කිව්වත් ඇත්ත ඒක තමයි. නිර්මානශීලී කතාව මරු මල්ලියේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද අයියෙ.....

      Delete
  7. සුපිරියි............... අර එළියෙන් හතිලන එවුන් දෙන්නා තමා දැන් කරදරේ නේද බං......

    ReplyDelete
    Replies
    1. ටැන්කූ කුරුටු.....
      ඔව් බං..හැක් හැක්...

      Delete
  8. අන්තිමට නේ කතාවෙ මොකද්ද වෙන්නෙ කියලා තේරුණේ...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කීව මේ පැත්තට..

      Delete
  9. මටත් අන්තිමට තමා වැඩේ මීටර් වුනේ

    ReplyDelete