Sunday, April 3, 2016

සාධු සාධු...


බුදු දහමක් නොව ඇත්තේ දර්ශනයකි...දර්ශනයක අදහන්නන් නැත,සිටින්නේ අනුගමනය කරන්නන්ය...හුදෙක් අනුගමනය කරන්නන් තවත් අනුගාමිකයෙකු නිසා කුපිත නොවේ...අනුගාමිකයාට කුපිත වීමට අවශ්‍යතාවයක් නැත...ඔහු අනුගාමිකයෙකු ලෙස දර්ශනය තුල ජීවත් වනවා විනා...දර්ශනයේ කුපිතයන් පසුපස නොයයි....එහෙත් අදහන්නෙකු මේ අතින් සෑහෙන වෙනස් පුද්ගලයෙකි...ඔහු ආගමක් අදහයි.....ඔහුට දර්ශනයක් නැත...විචාරශීලී වීමට උවමනා නැත..විමසීමට උවමනා නැත..ඔහුට ඇති එකම කාර්යය නම් ආගම රැකීම හා ඒ අනුව ජීවත් වීමයි....ඉතින් අනුගාමිකයා අදහන්නාගෙන් වෙනස් වේ...
පුද්ගලයා උපදිනුයේ ආගමක් මූලික කගෙනය...ඔහු දර්ශනයක් හා ආගමක් ලෙස වෙන් වන්නේ පසු කාලීනව සමාජයට පිවිසීමේදීය.
ඉතින් ඒ පිවිසීම නිවැරදි නොවූ හෝ නොපිවිසි පුද්ගලයන් සිටිය හැක....ඉතින් ඔවුන් සිතා සිටින්නේ ආගමක් දර්ශනක් සේම හා සමාන කියාය...එහෙයින් දර්ශනවාදී චින්තනීය දහමක...හෝ දර්ශනයක විකුර්ථි භාවයට මේ පුද්ගලයන් හේතුවේ....ඉතින් ඔවුන් සිතා සිටින්නේ ඔවුන් දර්ශනයේ කෙල පැමිනියන් කියාය...දර්ශනයට මෙය සාදාරනී කරනය නොවුනත් ආගමකට මෙය සාදාරනී කරනය නොවේ යැයි මා     පවසන්නේ නැත....
බුදු දහම සිය ආගමයැයි හදුන්වන බොහෝ දෙනෙකු තුල සිය ආගමට බිය පක්ෂපාතී කමක් නැත....ආගමක් අදහන්නෙක් තුල බිය හා පක්ෂ පාතීත්වය තිබිය යුතුය..එසේ නොමැතිනම් ඔහු ආගමක් අදහන්නෙකු නොවේ....
ආගමිකා පූජකයන් යනු ආගමේ නායකයා හා බැතිමතා අතර සම්බන්දතාවය පවත්වන්නා වේ..එහෙත් දර්ශනයක් පූජකයන් නැත සිටින්නේ අනුගාමිකයන්ය ඔවුන් විවිද ලෙස කොටස් වලට වෙන්වී තිබිය හැක...එහෙත් ඔවුන් පූජකයන් මෙන් මහා පිලිවෙත් පිරීම අවශ්‍ය නොවේ...දර්ශනය තුල ඉගැන්වෙන හික්මීමක හා ප්‍රතිපත්ති තුල පිහිටීම ප්‍රමානවත්ය..
එහෙත් මා දකින ආකාරයට මෙරට ඇති එකම ආගමික දර්ශනය වන බුදු දහමේ සැදැහැවතුන් බලා පොරොත්තු වන්නේ පූජකයන්ය...ඉතින් ඔවුන් පූජකයන් වෙති...වැරැද්දක් නැත...එහෙත් දර්ශනය තුල පූජක ඉගැන්වීම් නැත...ඉතින් ඔවුන්ට පූජක චර්යාවන් නැත....කරවන්නා වූ හික්මීමක් නැත...ඉතින් කෑ ගසති...හූ කියති...අමුතු මුද්‍රා පෙන්වති...වෛරය ක්‍රෝදය පතුරුවති...ආගම අදහන්නා එවාට උඩ ගෙඩි දෙති..සාධු කියති...කමෙන් වලින් මහ හයියෙන් සාධු කියති..සාධු කියා ඔන් ලයින්ම නිවන් දකිති...ලෙවල් 5 රහත්භාවයක් ලබති...ඉතින් සාධු සාධු..

10 comments:

  1. මිනිස්සුන්ට අවශ්‍ය වුණාට තවත් පිරිසක් ඔය දර්ශනයට හරි බයයි බං....

    ReplyDelete
    Replies
    1. බයනන් ෆලෝ නොකර ඉන්ඩ පුලුවන්...

      Delete
  2. පට්ටය....ඉතිං සාදු...සාදු...

    ReplyDelete
  3. බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? කියන ප්‍රශ්නෙට උත්තරයක් වල්පොල රාහුල හාමුදුරුවෝ උන්වහන්සේගේ "බුදුන් වදාල ධර්මය" නම් පොතේ ආරම්භයේදිම කියලාතිබුනා කවියකින්.මතකා විදිහටනම් කවිය මර්සිලීන් ජයකොඩි පියතුමාගේ.

    නමෙහි ඇත්තේ කිම
    අප රෝසයයි කියන මල
    සෙසු කවර නමකින් ගත
    මිහිරි සුවඳම පතුරවයි...

    ReplyDelete
    Replies
    1. ස්තූති කටුසු දැනුවත් කිරීමට...ඉක්මන්ටම පොත හොයාගන්ඩ ඕනෙ...

      Delete
  4. කලකින් ආවෙමි. මට මෙහෙම දෙයකුත් හිතෙනවා. ඔය අනුගාමිකයා සහ අදහන්නා කියන දෙන්නම අපි හැමෝම ඇතුළෙ අඩු වැඩි වශයෙන් ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. අනුගාමිකයා හා අදහන්නා අඩු වැඩි වශයෙන් සිටීම නොව..එක් අයෙකු පමනක් සිටියානම්,සිටී නම් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත...

      Delete
  5. මේ සටහන මුණු පොතේ දැක්ක වෙලාවේ ඉඳන්ම මට මතක් උනේ මේ දවස් වල මුහුනුපොතේ හැමතැනම පලවෙච්ච අර හාමුදුරුවන්ගෙ පින්තුරෙ ..හ්ම්ම් මල්ලිටත් මේක ලියන්නත් හිතුනේ ඒ පින්තුරෙ නිසාම වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි අක්කෙ ඒකත් එක නිමිත්තක්.....

      Delete