Sunday, April 10, 2016

අනේ සාදු


1.කන්ට බොන්ට
   යෙහෙන් ඉන්ට
   කිතුල් පිතිත් පොල් කරටිත්
   දුන්නා නොවෙද
   අනේ සාදු !
                                                                                     
   කැළේ ඉද්දි අම්ම නැතුව
   දුක හිතිලා කවුරුන් හෝ
   පංසල් වත්තට ගෙනැවිත්
   දැම්ම නේද
   අනේ සාදු !
                                                                                     
   පින් පාටට බැබලෙන ඔය
   පිංවත් ඔබ ලඟට වෙලා
   අම්ම වගේ දැනේ කියා
   පැටිය සිටිය
   අනේ සාදු !
                                                                                   
   කූඩු කරල හදාගන්න
   දෙහිවලටත් දෙන්න ගිහින්
   දුක හිතිලා හිත බිඳිලා
   අනේ සාදු !
                                                                                    
2.මහා රුවැති යෙහෙන් බරැත්
   රන් ඇල්ලූ මහ විශාල
   පුටුවක් නොව ආසනයකි
   අනේ සාදු !
                                                                                     
   පියවර තුන පහුකරලා
   අරිහත් බව නුඹ ලබලා
   පිංවන්තයි සිරියාවයි
   අනේ සාදු !
                                                                                     
   රන් පිගානෙ බත් කන්නට
   රටේ සල්ලි කා දමන්ට
   නොහැකි අයෙක් නොවෙති රජ
   එහෙම නේද
   අනේ සාදු !
                                                                                     
   මහා දාන අරමට දුන්
   නැසිලා ගිය දානපතී
   අරමේ සිටි උපාසිකා
   තව්තිසාවෙ
   එහෙම නේද
   අනේ සාදු !
                                                                                   
3.++++++++++++++__
                                                                                      
                                                                                              
දඹදිවදී වදල දහමෙ
නිව් වර්ෂන් එක ඇවිල්ල
ලගදි ආය අප්ඩේත් වී
එහෙම නෙවෙයි
නේද සාදු !
                                                                                     

14 comments:

  1. දැන් නම් තියෙන්නේ නිව් වර්ෂන් එකක් වගේ තමා ....... අනේ සාදු !

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...සාදු සාදු

      Delete
  2. ඒක මරු,උඹේ අදහස් වලට මං පට්ට කැමති මලයෝ,ලියලා තියෙන විදිහත් ලස්සනයි,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් දිරිමත් කරනව...ටැන්කූවේවා..

      Delete
  3. රසිකත් කරටියම කඩලා වගේ .
    අනේ සාදු !

    ReplyDelete