Sunday, April 24, 2016

පෙට්ටිය කැඩිලද?


රටක් ලෙස ඉදිරියට යාමටත්,සංස්කෘතික හර පද්දතිය රැක ගැනීමටත්,සභ්‍යත්වය හා සදාචාරය පලුදු නොවීමටත් අප පෙට්ටිය රැක ගත යුතුය..
වසර දෙදහස් පන්සීයකටත් එපිට ඉතිහාසයකට උරුමකම් කියන අප එදා සිට අද දක්වාම පෙට්ටිය රැකගත වූවෝ වෙති..කිසිඳු පලුද්දක්,බ්ඳීමක් හෝ වීමට නොදී අප එය රැක ගත්තේ දිවි හිමියෙනි...පර දේශක්කාර ආක්‍රමනිකයින් විටින් විට පැමින අපේ පෙට්ටිය කැඩීමට බොහෝ අවස්තාවල උත්සහ ගත්තේය...එහෙත් අප රටේ සිංහල ජාතියේ තිබූඅභීත භාවය හා නිවහල්භාවය නිසා ඒවා වැලකී ගියේය..ජාතීන් අතර සමගිය වර්දනය කිරීමෙහිලා පෙට්ටිය සිදු කරන්නේ අමිල මෙහෙවරකි....සිංහල,දෙමළ,බර්ගර්,

මුස්ලිම් මේ හැම දෙනාම පෙට්ටිය ආරක්ශා කරන්නෝ වෙති..එය අප නැවත නැවත මතක්කරනුයේ මහා අභිමානයකිනි..එසේම මෙරට පැවති තිස් වසරක් යුද්ධය පෙට්ටියට කලේ විශාල බල පෑමකි....එහෙත් අප ජාතියක් ලෙස නොසැලුනෙමු....දිවි පරදුවට තබා හෝ පෙට්ටිය රැක ගැනීමටප අප උත්සුක වීමි..කෙසේ වෙතත් මේ පෙට්ටිය දෙස බලා සිටිය නොහැකි කුහකයන් එල්ල කරන පහරවල් සුලුපටු නොවේ...කෙසේ නමුත් ඒවා පුස් වෙඩිල්ලක් වන බව අපට සක්සුදක් සේ පැහැදිලිය....එසේම අසල් වැසි රාජ්‍ය වලින්ද පෙට්ටියට එල්ලවම බලපෑම් සුලුවෙන් තැකිය නොහැක...විටින් විට සම්බාධක පනවමින් හා බොහෝ නාප්‍රකාර බලපෑම් කරමින් පෙට්ටිය පලුදු කිරීමට ඔවුන් උත්සහ ගත්හ.ඒ සදහා වර්තමානයේද උත්සහ ගනී.ස්වදේශික ජනයාම ඔවුන් ඒ සදහා යොදාගනිති...පරිස්සම් සහගත වන්න...ඔවුන් මුලින්ම මාන බලන්නේ ඔබේපෙට්ටියට ඇගිල්ල ගැසීමටය...

බලන්ඩ අපේ හාංදුරුවනේ..දැන් මේ පාලන ක්‍රමය හා ජත්‍යන්තර අත පෙවීම් හින්ද පෙට්ටියට කොච්චර අකටයුතුකම් සිදුවෙනවද කියල..පලුදුවීම්...ඒ එක්කම මේ විනාශ වීමෙක්ක ජාත්‍යන්තර කුමන්ත්‍රන...මේ හැම දෙයක්ම සිද්ද වෙනව...අපේ අවුරුදු දෙදාස් පන්සීයක් පැරනි මේ පෙට්ටියට සිද්ද වෙන මේ අකටයුතුකම් අපි කොහොමද ඉවසන්නෙ හාංදුරුවනේ...මේව තමා සැබෑ ජාත්‍යන්තර කුමන්ත්‍රන.....අපේ කාලෙනන් මේ වගේ උනෙ නෑ.....ඔබ සැමට සුභ අනාගතයක්!
                              
                                                       
ඔව් මේ හැමදෙයක්ම වෙන්නෙ සහෝදරවරුනි ධනවාදය තුල මේ පෙට්ටිය ආරක්ෂා කරගන්ඩ ඕනෙනන් අපි කල යුත්තෙ රටක් ලෙස සමාජවාදයට පිවිසීම.. වංචා දූශන නැති කරල..හොරුන් හිරේයවල නව ක්‍රමයකින්...අලුත් පාලකයන්ගෙන් මේ රට නැවත ආරම්බ කරන්ඩ ඕනෙ..සහෝදරවරුනි අපි අපේ හෘදශාක්ශියට අනුව කටයුතු කරන්ඩ ඕනෙ..නැත්තන් අපිට පෙට්ටිය ආරක්ශා කරගන්ඩ වෙන්නෑ...පසුගිය පවුල් පලනය අපේ මේ පෙට්ටිය කෑව....ඒක සමූහ දූෂණය කරා....අපි රටක් විදිහට,ජාතියක් විදිහට නැවත මේ පවුල්පාලනය නැවත හිස එසවීම නවත්වන්ඩ ඕනෙ...නැත්තන් සිද්ද වෙන්නෙ පසුගිය වසරවල වගේම නැවත නැවත පෙට්ටිය කැඩීම...
                              
                                                        
මම...මේ..ගිය රජයෙන් පිටතට ආවෙ පෙට්ටියට සිද්ද වෙච්ච පලුදුවීම් ඉවසගන්ඩ බැරුව...ඔවුන් පෙට්ටිය අසීමිතව විනාශකරා...ඒක හින්ද මම හිටං ම තීරනය කරා රජයෙන් ඉවත්වෙන්ඩ...නැතුව මම අයින්වුනෙ අගමැතිකම නැති නිසාවත් වෙනමුකුත් හින්ද නෙවේ...පෙට්ටිය කැඩෙන හින්ද.....ඒව මට වාවන්නැති හිංද හිටං....මම මේ ලඟදි පත්තරේ දැක්ක කවුද එකෙක් ඇගිල්ල ගහල හිටං පෙට්ටිය කඩන්ඩ හදල කියල..ඔය වගේ උන්ට තලන්ඩ ඕනෙ මඩු වලිගෙන් හිටං..අපි රජයක් ලෙස මිත්‍රවරුනි පෙට්ටිය රැකගන්ඩ ඔබ තමුන්නාසේලා ඉස්සරහ පොරොන්දු වෙනව....ඒ වගේම මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනව පහුගිය පාලන සමයේ පෙට්ටියට වැරදි සිද්ද කරපු සියල්ලන්න්ටම හිටංම නීතීය ක්‍රිරියාත්මක කරනව කියල..තෙරුවන් සරණයි!
                              
                                         
දැන් මට කියන්ඩ කොයි රටේ පෙට්ටියටද හානිවෙලා නැත්තෙ කියල.....ගිය සුමානෙ ඇමරිකාවෙ පෙට්ටියක් කැඩූන්න....ඊට ඉස්සල්ල එන්ගලන්තෙ පෙට්ටියක් කැඩුන....ඕව ප්‍රශ්නද.......මේ රටේ මාධ්‍ය වලට වෙන මුකුත් නැද්ද කතා කරන්ඩ....පහුගිය රජයෙන් කොච්චරනන් පෙට්ටියට ඇගිලි ගැහුවද...ඒ කාලේ ඔය මාධ්‍ය කොහෙද හිටියෙ කියල අහන්ඩ මම කැමතියි....කොහොම උනත් මම මෙතන ප්‍රකාශ කරන්ඩ කැමතී පහුගිය රෙජීමය කරපු විනාශ වලට ඔඋන්ට අනිවාරෙන් නීතිය ක්‍රියාත්මක වෙනව කියල..
                              
                                                       
යේක හරියනෑ..දෙමළ ජනතාවට වෙනම පෙට්ටියක් ඕනෙ..අපිට නිදහසේ යැගිලි ගහන්ඩ පුලුවන් එක්කක්..අනිත් යෙක උතුරු ගනතාවගෙ කානු දෙක සුද්ද කරල දෙන්ඩ ඕනෙ....නැතීනම් අප ජාතිඅන්තරයට යන්
පෙට්ටි වලට රජයෙන් විවිද කරදර පැමිනෙනව...අපේ පෙට්ටිය රැක ගන්ඩ සියලුම දෙමළ ජනතාව පෙලගැසී ඉන්නව...අනිත් යෙක මේ ඉන්න යමුදාව දෙපැත්තෙ ඩ සූදානම්
                              
                                                      
මේකට ශරියා ලෝ එක ඕනෙ...එහෙම නැතුව බොක්ස් එක ආරක්ශා කොරන්ඩ බෑ...එක එක අන්තගාමී සංවිධාන විවිද කතා කියනව...කවුරු කොහොම කීවත් අල්ලා දෙවියන්ගෙ දහම පෙට්ටිය ගැන කියල තියනව...කවුරු හරි කියනවන්න් මුස්ලිම් ජනයා පෙට්ටි කඩනව කියල මම ලැස්තියි එයාට මම අභියෝග...මාත් එක්ක විවාදෙකට එන්ඩ කියල..
                              
                                                     
                              
                                                    
                              
                                                       
                                          අපි හැමෝම රවුම් කරන
                                          කියන්ඩ බැරි කඩන්ඩ බය
                                                    පෙට්ටිය

21 comments:

  1. හික්ස් එකෙන්ම මරු,වචන ගොඩකින් පැහැදිලි කරන්නේ නැ සුපිරි,

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කරන්ඩ එපා...පෙට්ටියක්නෙ..

      Delete
  2. උඹ සුපිරි ම සුපිරි කතාවක් සුපිරිම සුපිරි විදිහකට කියලා තියෙනවා..... පෙට්ටිය කඩා ගන්නැතුව අදාළ ගමන යන්නට අපේ රටේ සියලු උත්තසමයන්ට මොළය පෑදේවා කියලා අපි සුභ පතනවා.....

    ආ.......... ඒ ගමන් ම පෝස්ටුව අන්තිමට හයිකුවක් කුරුටු ගාමු කියලා අපි කරපු යෝජනාව පළවෙනියට ම පිළිගත්තු උඹට අපේ උත්තමාචාරය....... ඒ හයිකුවෙන් උඹ ලොකු කතාවක් කියලා තියෙනවා...... ජයවේවා......

    ReplyDelete
    Replies
    1. ජාතික සමගිය......

      සෙල්ලමට ද මන්දා උන් හපාගන්නවා
      පැටව් තුන්දෙනා කලු අලු අනිකාගේ ඇගේ වයිරං
      මහ පූසිනං තනි කලු........

      Delete
    2. බොහොම ස්තූතියි කුරුටු......කුරුටුල කියපු දෙයක් අහක දාල තියනවැයි......හැක් හැක්...

      Delete
  3. කෙලින්ම නොකිය මේ ලියන විදිහත් මරු :)

    ReplyDelete
    Replies
    1. ටෑන්කූ හංසි අක්ක...

      Delete
  4. වෙනදා වගේම ආයෙ කියලා වැඩක් නෑ. ඈ බං මලේ මේක නම් ආරස්සා කරන්ට වටින ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ටැංකූ අක්කෙ......one drive හින්ඩ ඔක්කොම සදහටම තියෙයි...හැක් හැක්..

      Delete
  5. ඔක්කොටම මුල මේ එක එක ජාතියේ පෙට්ටි තමා බං. පෙට්ටි තහනම් කරව් !

    ReplyDelete
    Replies
    1. 1.පෙට්ටි තහනම් කරව්...කරව්....

      2.නැත්නම් නොකැඩී ඇති පෙට්ටි කඩන්ඩ දියව්...හැක්...හැක්...

      Delete
  6. කට්ටිය එක් වෙලා මේ ලෙස වැඩ කෙරුවොතින්
    පෙට්ටිය රැක ගන්න හැකිවනු ඇත නිතැතින්

    ReplyDelete
    Replies
    1. පෙට්ටිය රැකගෙන මක්කෙට.....ඔක්කොම කඩපියව්....

      Delete
  7. හැක්... හිටංමද දැං මේක ලිව්වෙ? දැන්වත් ඉඳගන්න.. සුපිරි කතාවක්, සුපිරියටම කියල.

    ReplyDelete
  8. ඔය පෙට්ටියට පියනක් තියෙනවාද? නැත්නම් කස්ටියට එක්කහු වෙලා පියනක් හදන්නවත් බැරියැයි. එතකොට කවුරුත් පෙට්ටි කඩන්න, ඇඟිලි ගහන්න එන එකක් නැහැ,

    පියනක් නැති පෙට්ටියක් නිසාද මන්දා හැම එකාම ඔබන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. පියනක් හැදුවොත් එබිල්ල ටිකක් විතර අඩුවෙයි...පියන ඇරලම එබුවොත් හෙම...

      Delete
  9. දවසක් අපේ ඉංග්‍රීසි සර් පන්තියෙ ෆ්‍රස්ට් ඒඩ් බොක්ස් එක කැඩුවා..
    මං කෑගැහුව සර් තේජ මැඩම්ගෙ (පන්තිභාර මැඩම්) පෙට්ටිය කැඩුවා කියලා
    කරුමෙට ඒ වෙලාවෙම එතැනින් සෙක්ෂන් හෙඩ් ගිහිං පොරට ඇහුණනෙ
    හිතාගන්න පුළුවංනෙ ඉතිරි ටික

    ReplyDelete
    Replies
    1. අප්පට උගුඩුස්.....සෑහෙන පෝරියක් එකක් කන්ඩ ඇති....හැක් හැක්....

      Delete
  10. එල එල එකෙන්ම මලයා...ඔයි සේරම පෙට්ටි ටික කඩල ඒ කාඩ්බෝඩ් ටිකෙන් එක පෙට්ටියක් හදන්ඩ ට්‍රයි කලොත් නරකද

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ පෙට්ටිය...

      Delete