Thursday, March 10, 2016

උනා දෙයක් මේවගේ

හීං සීරුවට නිදිමත ඇවිදින් ඇස්දෙක පියවෙනවා
ඒ අතරෙම නුඹ නොකියා ඇවිදින් සිත මත වැතිරෙනවා
 කංපෙති අස්සේ හීන් කෙදිරියට සිත මගෙ කකියනවා
ආදර ගගුලේ පිහිනන්නට නුඹ ඇරයුම් ගෙන එනවා


ඔබෙ අත පටලා මල් පිරි මල්ගොමු පසුකර මා යනවා
මාදැක පරවුනු පිපුනු නෙලුම් මල් නුබ දැක හිනැහෙනවා
මල්පැණි සොයනා චූටි කුරුල්ලන් බැණ බැණ ලතැවෙනවා
නොදන්න ගානට හිනැහි හිනැහි නුඹ පෙම්බස් මුමුණනවා


නෙක නෙක මල් පිපි සීතල දිය ඇති නිපැහැ නිසල විලයි
නෙක නෙක හැඩ ඇති කිතුල් රැහැන වැනි ලස්සන නුඹෙ වරලයි
ආදර බස් ඇති නාදල් පැහැ ඇති පොපියන ඔබෙ දෙතොලයි
මල්ගොමු මැද්දේ පිපුණු හොදම මල නුඹ වග මට පවසයි


හිරිගඩු පිපෙනා සීතල රෑකදි නුඹ මට හමුවූවා
උණුහුම රැදි තිබු ලස්සන ඔය වත සුරලොව පැවසූවා
ජීවන ගමනේ නොමැකෙන මතකය නුඹ, කරගන්නට සිත් වූවා
සුන්දර නුඹ සිටි මා දුටු සිහිනය රැයෙහිම නිම වූවා



                                            

6 comments:

  1. සුන්දර සිහිනයක්.. :D
    අනිත් පැත්ත හැරිලා ආයෙ නිදියපන් තව එකක් පෙනෙයි සමහරවිට..

    ReplyDelete
  2. ට්‍රයි කරා බ:P....බැරිම තැන ඕක කෙටුවෙ..

    ReplyDelete
  3. කවදහරි ට්‍රයි කරල තියේද හීනයක් බල බල ඉද්දි මැදිං නින්ද කැඩුනම ආයෙ ඒකෙ ඉතුරු ටික බලන්ට
    හිහි...
    දැක්ක හීනෙ කවියට නගල තියෙන හැටි නම් අපූරුයි.. බලං ගියාම කාලීන ලිපි ලියන්ට වගේම කවියටත් රසික දස්සයි නෙව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අන්න කතාව...පොඩි ට්‍රයි එකක් දාල බලන්ඩ ඕනෙ.....බොහොම ස්තූති සහෝ දිරිගැන්වීමට...

      Delete
  4. පෝස්ට් එකක් දැම්මහම අඩුමගානේ දවස් 2ක්වත් තියපන්.මේක පෝස්ට් වලින් පිරවෙයි හිමිහිට කියවන, කතිකාවතක් ඇතිවන පිරිසක් එක්ක.එතකම් හිමින් ගමන යමු.එච්චර කට්ටියක් නොකියවපු පෝස්ට් ගොඩකින් බ්ලොග් එක පිරුනට වැඩක්වෙන්නේ නෑ පුතේ.ලියන එක ගොඩක් දෙනා අතරට යන්නයි ඕනේ.අනික තමයි අපි වගේ වයසක උන්දැලට මේ අකුරු පොඩි වැඩියි.ඒ නිසා අකුරු ලොකු කරපන්.

    දැන් ඉතින් ඉතිපිසෝ ගාතාව කියලා නිදාගනින්.එතකොට ඔයවගේ බයහිතෙන හීන පේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අහ්..කටුසු අලුත් වෙලා..ලස්සනයි ඈ...

      හිතට එන හැම දෙයක්ම ඒ වෙලාම බ්ලොග් එකේ කොටනව...හෙටම පොතක් අරන්....එකෙ ලියනව ....ලියල හිමීට දානව...

      අකුරු ලොකු කොරන්ඩ කොම්පීටරයක් හම්බෙනකන් ඉන්ඩ ඕනෙ ආතෙ...මේ Microsoft phone මගුලෙන් ඔච්චරයි කොරන්ඩ පුලුවන්...කැපේ එකක් පැත්තටවත් යන්ඩ ඕනෙ..

      බොහොම ස්තූති අදහස් වලට....උපදෙස් වලට.....ඉතිපිසෝ භගවා අරහං.......

      Delete