Saturday, March 12, 2016

හිමිදිරි මිතුරා

පාන්දරකදි පාර අයිනෙදි
හමුවුනා මට හිතවතෙක්
බැබලුනා ඔහු මට පෙනෙන්නට
විසිරි අදුරට රිදවමින්
                                                                                     
එකෙකු දෙන්නෙකු ඔහුව පසුකර
ඉගිල ගියවද නොසැලෙමින්
තව සිටී ඔහු විරජමානව
විසිරි අදුරට රිදවමින්
                                                                                     
කොහොම නම් නුඹ ඔතන ඉන්නෙද
මහා සීතත් පරයමින්
මම ඇසූවිට සිනැහුනා ඔහු
විසිරි අදුරට රිදවමින්
                                                                                       
මගේ ගමනට පියමැන්න මම
ඔහුව එතැනම සිටියදින්
නැවත එනවිට එතැන නැහැ ඔහු
පලා ගොස් ඔහු සිටි තැනින්
                                                                                      
සිනහ විය මට හිරු කුමරුවන්
මා ඔහුගෙ දෙස බැලු හෙයින්
එකෙකු එන්නේ තවෙකු තැලුමට
මනු සමාජය සිහි ගන්වමින්

5 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි..ලලිතෝ....

      Delete
  2. අපි දකින සමහරු ගැන අපිට හිතෙන්නෙ මූ හෙන රළුයි පරළුයි කියල ඒත් බැලුවම උංගෙ හිත් නිකං වෙඬරු වගේ හෙන මෙලෙක්... ඒත් ඒක පෙන්නන්නෙ නෑ
    සමහරුන්ට ඒක ලැජ්ජාවක් සමහරු එහෙම පෙන්නන්න දන්නෙ නෑ
    නිකං තුන් තිස් පැයේ මොනම හරි දේකට හොටු පෙරන උංට වඩා ඒ අය සංවේදී
    අගෙයි මචං අපූරුවට ගෙත්තං කරපු කවි පෙළක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හොටු පෙර පෙර ඉන්න එවුන්ට වඩා රළුව ඉන්න එවුන්ගෙ සංවේදීකම හරි ශක්තිමත්.....
      බොහොම ස්තූති මචෝ..

      Delete
  3. ෆලොවර් ගැජට් එක එල්ලහන්කො (තිතක්)

    ReplyDelete